ඉරාන පාර්ලිමේන්තුව විසින් හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට අද (22) ඡන්දය ප්‍රකාශ කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.Sri Lanka Latest News
ඉරානය ඇතුළු මැදපෙරදිග රටවල් තෙල් අපනයනය කරන්නේ මෙම ‘හෝමූස්’ සමුද්‍ර සන්ධිය හරහාය.
ලෝකයේ තෙල් ප්‍රවාහන කටයුතුවලින් වැඩි ප්‍රමාණයක් සිදුවන්නේ මෙම සමුද්‍ර සන්ධිය හරහා බැවින් මෙය ලොව ප්‍රධාන පෙළේ තෙල් ප්‍රවාහන මාර්ගයක් ලෙස සැලකෙයි.
කෙසේ වෙතත් මෙම තීරණය ක්‍රියාවට නැංවීමේ අවසන් තීරණය ඇත්තේ ඉරානයේ උත්තරීතර කවුන්සිලයය.
එම තීරණය ඉරාන රාජ්‍ය ප්‍රවෘත්ති සේවය අද රාත්‍රිය වනවිට ගනු ඇති බව වාර්තා වේ.
ඉරාන පාර්ලිමේන්තුව නිල වශයෙන් හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට අනුමැතිය ලබා දී ඇති අතර එමඟින් තෙල් මාර්ගවලට ප්‍රවේශය අවහිර වනු ඇත.
ප්‍රධාන රටවල් සහ හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන ඔවුන්ගේ තෙල් ප්‍රතිශතය:
✓ජපානය – 80%
✓ඉන්දියාව – 60%
✓චීනය – 40%










