ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල පනත සංංශෝධනය කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇති අතර, ඒ අනුව මෙම පනත සංශෝධනයට ලක් කෙරෙනුයේ වසර නවයකට පසුවය. Sri Lanka Latest News
මෙයට වසර 47 කට පෙර ඇතිකළ, එනම් 1978 අංක 16 දරන ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල පනත, මෙයට වසර නවයකට පෙර 1916 අංක 17 යටතේ අවසන් වරට සංශෝධනය කර තිබිණි.
විශ්වවිද්‍යාලවල පරිපාලන කටයුතු වෙනුවෙන් පුද්ගලයන් තෝරාපත්කර ගැනීමට යෑමේදීත්, එවැනි පත්වීම් ලබාදීමට යෑමේදීත්, ඉහත සංශෝධන පනත යටතේද, අපැහැදිලිතා මෙන්ම ගැටලු පැනනැගී තිබීම හේතුවෙන් දැනට පවතින විශ්වවිද්‍යාල පනතද නැවත වරක් සංශෝධනය කිරීම කෙරෙහි අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇති බව එම අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් ‘මව්රට’ට පැවැසීය.
එසේම මෙම පනතේ 49 වැනි වගන්තියේ (01) උප වගන්තිය යටතේ පීඨාධිපති තනතුරට පත්කිරීම සඳහා යෝජිත සුදුසුකම් මෙන්ම 51 වැනි වගන්තියේ (01) උප වගන්තිය යටතේ, අධ්‍යාපන අංශ ප්‍රධානියකු පත්කිරීම සඳහා වන සුදුසුකම් මේ අනුව සංශෝධනය කෙරෙන බවද හෙතෙම කීවේය.
යෝජිත සංශෝධන ඇතුළත් කොට පනත සකස්කිරීම සඳහා අදාළ කෙටුම්පත නීති කෙටුම්පත් සම්පාදකට යොමුකිරීම සඳහා වන යෝජනාව නොබෝදා විෂය භාර අමාත්‍යවරිය වන හරිනි අමරසූරිය අග්‍රාමාත්‍යවරිය ඇමැති මණ්ඩලයට ඉදිරිපත් කළ අතර, ඒ සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇති බවද හෙතෙම වැඩි දුරටත් කීය.
නන්දන ශ්‍රී දොරකුඹුර










