බස් රථවල ගමන් ගන්නා මගීන් වෙත ප්‍රවේශ පත්‍රයක් ලබාදීම අනිවාර්ය කිරීමට රජය තීන්දු කර ඇති අතර, මෙම නීතිය ක්‍රියාවට නංවන්නෙ නැති අයවලුන් වෙත තදින් නීතිය ක්‍රියාත්මක කිරීමටද පියවර ගැනේ. Sri Lanka Latest News
ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා, මෙම තීන්දුව ගනු ලැබූ බව එම අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් ‘මව්රට’ට පැවැසීය.
ලංගම සහ පෞද්ගලික බස් රථ සේවයද, ඒකාබද්ධ වැඩපිළිවෙළක් යටතේ ක්‍රියාත්මක කිරීම කෙරෙහිද අමාත්‍යාංශයේ අවධානය යොමුව ඇතැයිද එම ප්‍රකාශකයා කීවේය.
එසේම යෝජිත වැඩපිළිවෙළට අනුව බස් මගී ජනතාවගේද, බස් රථ සේවකයන්ගේද සුබසාධන කටයුතු වෙනුවෙන් කඩිනම් වැඩපිළිවෙළක් සකස් කෙරෙන බවද, මෙම අයවලුන් වෙනුවෙන් මෙම මස 30 වැනි දින සිට මගීන්ගේ ආරක්ෂාවට මෙන්ම බස් රථවල සේවකයන්ගේ සුරක්ෂිතතාව වෙනුවෙන් රක්ෂණ යෝජනාවලියක්ද, බස් රියැදුරු සහ කොන්දොස්තර දෙදෙනාට අවුරුදු 55 සම්පූර්ණ වන විට විශ්‍රාම වැටුපක් ලබාදීම කෙරෙහිද අමාත්‍යාංශයේ අවධානය යොමුව ඇතැයි ද හෙතෙම කීය.
නන්දන ශ්‍රී දොරකුඹුර










