2011 ලෝක කුසලාන අවසාන මහ තරගය පාවා දුන් බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයට අදාලව ප්‍රකාශයක් ලබා ගැනීම සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක සහ 2011 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහ තරගයේදී ශතකයක් වාර්තා කළ මහේල ජයවර්ධනද ක්‍රීඩා අමාත්‍යාංශයේ විශේෂ විමර්ශන ඒකකය වෙත හෙට පෙරවරු 9.00 ට කැඳවා ඇත.
මෙම විමර්ශනයට අදාලව මේ වන විට හිටපු තේරීම් කමිටු සභාපති අරවින්ද ද සිල්වා, උපුල් තරංග, කුමාර් සංගක්කාර ගෙන් විශේෂ විමර්ශන කොමිසම ප්‍රකාශ සටහන් කර ගනු ලැබූ අතර සංගක්කාර අද දින පැය 9ක් සාක්ෂි දෙනු ලැබීය.










