පළාත් පාලන ආයතන රැසක විවෘත ඡන්ද විමසීම හරහා බලය අත්පත් කරගැනීමට සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය කටයුතු කර තිබියදී ඉදිරි ඡන්දවලදී සිය පක්ෂයේ මන්ත්‍රීවරුන්ට ඡන්දය දීමෙන් වැළකී සිටින ලෙසට සර්වජන බලයේ නායක දිලිත් ජයවීර මහතා විසින් සිය පක්ෂයේ මන්ත්‍රීවරුන්ට නියෝගයක් නිකුත් කොට ඇත.Sri Lanka Latest News
ඊයේ දින පළාත් පාලන ආයතන 6ක බලය අත්පත් කරගැනීමට සජබය ප්‍රමුඛ විපක්ෂය කටයුතු කිරීමත් සමග මෙම නියෝගය නිකුත් වී ඇති බව වාර්තා වේ.
කෙසේවෙතත් කොළඹ නගර සභාවේ තනතුරු සදහා පුද්ගලයන් තෝරා ගැනීමට පැවැති ඡන්ද විමසීමට පෙර ප්‍රසිද්ධ නිවේදනයක් නිකුත් කරමින් දිලිත් ජයවීර මහතා සදහන් කොට සිටියේ විපක්ෂයේ අපේක්ෂකයන්ට සහාය ලබා දීමට පක්ෂය තීන්දු කොට ඇති බවකි.
නමුත් ඡන්දයෙන් අනතුරුව සජබ අපේක්ෂක රීසා සරූක් මහතා අනාවරණ කොට සිටියේ තමන්ට සර්ව ජන බලවේගයේ මන්ත්‍රීවරුන් දෙදෙනා ඡන්දය භාවිත නොකළ බවත්, මාලිමා අපේක්ෂිකාවට ඔවුන්ගේ ඡන්දය භාවිත කළ බවත්ය.
එමෙන්ම පසුගිය දින කිහිපයේ පැවැති දේශපාලන සාකච්ඡාවලදී පවා කියවුණේ දිලිත් ජයවීර මහතා හොරරහසේ මාලිමා ආණ්ඩුවට සහාය දක්වමින් විපක්ෂය දුර්වල කිරීමේ රහසිගත වැඩපිළිවෙළක සිටින බවය.










