පසුගිය දා පැවැති පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල අනුව විපක්ෂයට වැඩි බහුතරයක් හිමි කුරුණෑගල පන්නල ප්‍රාදේශීය සභාවේ බලය තහවුරු කිරීමටත් එහි සභාපති ධුරය ලබා ගැනීමටත් සමගි ජන බලවේගයට අද (18) හැකි විය.Sri Lanka Latest News
ඒ අනුව කුරුණෑගල පන්නල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තෝරාපත් කර ගැනීමේ ඡන්ද විමසීම පැවැත්වූ අවස්ථාවේ දී බහුතර බලය ලබා ගත් සමගි ජන බලවේගයේ අපේක්ෂකයා වූ නන්දසිරි පරාක්‍රම මහතා කුරුණෑගල පන්නල ප්‍රාදේශීය සභාවේ අභිනව සභාපතිවරයා ලෙස අද තෝරා පත් කර ගන්නා ලදී.










