• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආණ්ඩුවම නම ඉල්ලා අස්කරගනී! I Sri Lanka Latest News

June 14, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
ටිකට් එක ගන්න තියෙන්නේ තුනට නැවිලා! ඩිස්ප්ලේ බෝඩ් එකක් නෑ! ලංකාවේ ප්‍රධානම දුම්රියපොළ වෙච්ච කොටුවේ තත්ත්වය ඇමැති බිමල්ම කියයි! කාන්තාවක් එවපු ‘වොයිස් මැසේජ්’ එක හැමෝටම ඇහෙන්න සලස්වයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ලෙස පත් කිරීම සදහා ජනපතිවරයා විසින් නම් කර එවූ අභියාචනාධිකරණ විනිසුරු එම්.ටී. මොහමඩ් ලෆාර්ගේ නම අවසාන මොහොතේ දී ඉවත් කරගන්නට සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පියවර ගෙන තිබෙනවා.Sri Lanka Latest News

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු පුරප්පාඩුවක් සඳහා අභියාචනාධිකරණ වැඩබලන සභාපති එම්.ටී. මොහොමඩ් ලෆාර් මහතාගේ නම නිර්දේශ කිරීම සම්බන්ධයෙන් ඡන්ද විමසීමක් සිදුකිරීමට අද රැස්වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව තීරණය කරන ලද බව ආරංචි මාර්ග අනාවරණය කරයි.

එම ඡන්ද විමසීම ආරම්භ කිරීමට සූදානම්වත්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස කටයුතු කරන අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින් ජනාධිපතිවරයා ඉදිරිපත් කරන ලද නම ඉවත් කරගන්නා බව දැනුම් දීමත් සමග ඡන්ද විමසීම සිදු නොකළ බව වාර්තා වෙයි.

අගවිනිසුරුවරිය සිය නිර්දේශය යොමු කිරීමේදී මතු කර තිබූ විරෝධය හේතුවෙන් තමයි මේ තත්ත්වය ඇතිවු බවයි දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ.

මේ අතර, මීට පෙර මාධ්‍ය වාර්තා කළේ, අභියාචනාධිකරණ සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර්, මෙම ජූනි මස 18වැනිදා (එනම් ශ්‍රේෂ්ඨාධිකරණ පුරප්පාඩුව ඇතිවීමට දින දෙකකට පෙර) සිය වයස අවුරුදු 63 සම්පූර්ණ වීම නිසා විශ්‍රාම ලැබීමට නියමිත බවයි.

ජනාධිපතිවරයා ලහි ලහියේ ඔහුගේ නම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට යවා ඇත්තේ, මෙවැනි පසුබිමක යි.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් විශ්‍රාම ගන්නේ වයස අවුරුදු 65 දී වන අතර, එහෙත් මෙවැනි සම්ප්‍රදායක් අධිකරණ ක්ෂේත්‍රයේ මෙතෙක් පැවැත නැතැයි අධිකරණ ආරංචි මාර්ග සදහන් කරනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 (ඇ) ව්‍යවස්ථාවට අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ඉහළ අධිකරණවලට පත්කිරීම් පිලිබඳ සිය තීරණය ගැනීමට පෙර අගවිනිසුරුවරයාගේ / වරියගේ අදහස විමසිය යුතු වනවා.

ඒ නිසා අගවිනිසුරු නිර්දේශය එම විනිසුරුවරයා / වරිය නම් කිරීමට පෙර ලබා ගැනීම සාමාන්‍ය සම්ප්‍රදාය යි.

එහෙත් දැනගන්නට තිබෙන පරිදි ලෆාර් විනිසුරුවරයා සම්බන්ධයෙන් අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දුගේ නිර්දේශය ද මෙතෙක් ලැබී නැතැයි පැවසෙනවා.

මීට පෙර පසුගිය ජනවාරි මාසයේදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ධූර හතරක් සඳහා පුරප්පාඩු ඇතිවූ විට, ඒ සඳහා අගවිනිසුරුවරිය නිර්දේශ කල නම් වලද ජ්‍යෙෂ්ඨ විනිසුරුවරයෙකු වුවත් ලෆාර් මහතාගේ නම නොතිබූ බවද වාර්තා වනවා.

SendShareShare
Previous Post

තව පොඩ්ඩෙන් අද පාතාලේ තුවක්කුවකින් මරදානේ මනුස්සයෙක් මැරෙනවා! තුවක්කුව පත්තු නොවෙච්ච නිසා අනූනවයෙන් බේරුණා! I Sri Lanka Latest News

Next Post

දේශපාලනයයි රාජ්‍ය සේවයයි එක රැයින් හොල්ලපු අල්ලස් කොමිසමේ අලුත් ලොක්කා කතා කරයි! Sri Lanka Latest News

MORE NEWS

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

Load More
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මඟින් සිදුකරනු ලබන විමර්ශනවලට අදාළව සැකකරුවකු ලෙස අත්අඩංගුවට ගෙන රැඳවුම්...

Read more
මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.