• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඒකාබද්ධ විපක්ෂය අනුරට අභියෝගයක් වෙයිද? Sri Lanka Latest News

June 15, 2025
in Exclusive
Reading Time: 9 mins read
A A
පාර්ලිමේන්තුවේ නොගැළපෙන ඇඳුම් නිසා වෙච්ච අලකලංචි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

2001 වර්ෂයේ දෙසැම්බර් 05 වැනිදා පවත්වන ලද පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් ජයග්‍රහණය කරනු ලබන්නේ එක්සත් ජාතික පක්ෂයයි. රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා වශයෙන් දිවුරුම් දුන් අතර, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ඒ වනවිට මේ රටේ සිවුවැනි විධායක ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියාය. Sri Lanka Latest News

චන්ද්‍රිකා බලයට පත්වන්නේ 1994 වර්ෂයේදීය. 17 වසරක එජාප පාලනය වෙනස් කිරීම සඳහා මුල්වන්නේ 1993 වර්ෂයේදී පැවැති දකුණු පළාත් සභා මැතිවරණයයි. ඒ මැතිවරණයේදී පොදුජන එක්සත් පෙරමුණ ලෙස පොදු විපක්ෂය එක්වී කටයුතු කරමින් 17 වසරක එජාප පාලනය අවසන් කිරීමට මූලික පියවර තබන්නේය.

රණසිංහ ප්‍රේමදාස පාලනයට එරෙහිව 1988 වර්ෂයේ සිට ක්‍රමයෙන් විරුද්ධ පක්ෂය ගොඩනැගී උපරිම ක්‍රියාකාරීත්වයට පැමිණෙන්නේ 1990 මුල් කාලයේදීය.
කොළඹ සිට කතරගමට යන පාද යාත්‍රාව, ජනඝෝෂා, මිනිස් දම්වැල ඇතුළු විරුද්ධ පක්ෂය එක්ව ක්‍රියාත්මක කරනු ලබන විරෝධතා සාර්ථක වෙමින් ක්‍රමයෙන් විරුද්ධ පක්ෂයේ ශක්තිය ගොඩනැගෙන්නට විය.

මෙහිදී මූලිකත්වය ගන්නේ එවක විපක්ෂයේ ක්‍රියාකාරී දේශපාලනඥයකු වූ මහින්ද රාජපක්ෂයි.
මහින්ද රාජපක්ෂ, වාසුදේව නානායක්කාර, දිනේෂ් ගුණවර්ධන, රිචඩ් පතිරණ, අමරසිරි දොඩංගොඩ, දි.මු. ජයරත්න, අලෙවි මව්ලානා, මංගල සමරවීර, එස්.බී. දිසානායක ඇතුළු විපක්ෂයේ ක්‍රියාකාරීන් රැසක් එක්ව ප්‍රේමදාස රජයට එරෙහිව පාරට බැසීම විශේෂත්වයකි.

මීට සමගාමීව එක්සත් ජාතික පක්ෂය තුළම අභ්‍යන්තර කැරැල්ලක් ඇතිවී ලලිත් ඇතුලත්මුදලි, ගාමිණී දිසානායක, ජී.එම්. ප්‍රේමචන්ද්‍ර ඇතුළු පිරිසක් ප්‍රේමදාස ජනාධිපතිවරයාට එරෙහිව පාර්ලිමේන්තුවට දෝෂාභියෝගයක් ඉදිරිපත් කරන්නේය.

මේ තත්ත්වයත් සමග එහි වාසිය ඒකාබද්ධ විපක්ෂය ලබාගන්නා අතර, එජාපයේ බෙදීමද විපක්ෂයට ගෙන දුන්නේ ප්‍රබල වාසියකි.
සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය විපක්ෂ නායිකාව වශයෙන් කටයුතු කරන අතර, මැතිනියගේ ආශීර්වාදය මත ඒකාබද්ධ විපක්ෂය එකතු කිරීමේ කාර්යය පැවරෙන්නේ මහින්ද රාජපක්ෂටය.

ප්‍රේමදාස විරෝධී බලවේග සියල්ල එක තැනකට රැගෙන ඒම සඳහා මහින්ද රාජපක්ෂ කටයුතු කරන්නේ ප්‍රේමදාස පාලනයෙන් එල්ල වන අභියෝග රැසකට මුහුණ දෙමිනි.
1993 වර්ෂයේදී දකුණු පළාත් සභාව පොදුජන එක්සත් පෙරමුණ විසින් දිනාගැනීමත්, ඉන් පසුව 1994 බස්නාහිර පළාත දිනාගෙන චන්ද්‍රිකා මහ ඇමැතිනිය වී ජනාධිපතිවරණයත්, පාර්ලමේන්තු මහ මැතිවරණයත් දිනාගැනීමට කටයුතු කරයි.

චන්ද්‍රිකා ප්‍රමුඛ පොදුජන එක්සත් පෙරමුණ ලබන ජයග්‍රහණයේදී වැදගත්ම කාර්යය වූයේ විපක්ෂය ඒකාබද්ධ ලෙස ගොඩනගමින් පොදුජන එක්සත් පෙරමුණ ශක්තිමත් කිරීමයි.
මහින්ද රාජපක්ෂ, දි.මු. ජයරත්න, දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානායක්කාර, ඩිව් ගුණසේකර, රිචඩ් පතිරණ, අමරසිරි දොඩංගොඩ ඇතුළු විරුද්ධ පක්ෂයේ ක්‍රියාකාරීන් සහ ලලිත්, ගාමිණී, ප්‍රේමචන්ද්‍ර ඇතුළු පිරිස සමග ඇතිකරගත් එකඟතාද මෙහිදී ඉතා වැදගත් වේ.

ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසය තුළ ප්‍රබල ප්‍රේමදාස ආණ්ඩුවට එරෙහිව ප්‍රබල විපක්ෂයක් ඒකාබද්ධ ලෙස ගොඩනැගූ සිදුවීමක් වශයෙන් මෙය හැඳින්වීමට පුළුවන.
විපක්ෂයේ මෙම ඒකාබද්ධ කිරීම සිදුවූ ආකාරය ගැන යම් සටහනක් මෙවර ‘ගැලරියේ සිට ලියමි’ තීරු ලිපියට ඇතුළත් කළේ ඇයිදැයි යන කාරණය ගැන කෙනකුට යම් පැනයක් මතුවිය හැකිය.

පසුගිය 12 වැනිදා ඒකාබද්ධ විපක්ෂය විසින් ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවීමට කටයුතු කර තිබිණි.
සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක, එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් තලතා අතුකෝරාල, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් සහ පොදුජන එක්සත් පෙරමුණේ ලසන්ත අලගියවන්න මෙම ඒකාබද්ධ වීම හදිසියේ සිදුවුණාද, එසේත් නැත්නම් ක්‍රමානුකූලව සාකච්ඡා කර ඇත්ත අවශ්‍යතාවක් වෙනුවෙන් සිදුවුණාද?

පළාත් පාලන මැතිවරණය පවත්වා අවසන් වුවද තාමත් පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම මේ දිනවල සිදුකෙරෙමින් පවතී.
මේ වනවිටත් පළාත් පාලන ආයතන කිහිපයකම බලය පිහිටුවීමට ජාතික ජන බලවේගය නොහොත් මාලිමාවට හැකිවී ඇති අතර, ඒකාබද්ධ විපක්ෂය ලෙස එක්වී පළාත් පාලන ආයතන කිහිපයකම බලය පිහිටුවා ගැනීමට විපක්ෂයද සමත්ව තිබේ.

කොළඹ ඇතුළු සභා 100ක බලය විපක්ෂය පිහිටුවන බව ඒකාබද්ධ විපක්ෂය මෙම මාධ්‍ය හමුවේදී කියා සිටියේය.
සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මෙහිදී කියා සිටියේ ආණ්ඩුවට බහුතරයක් අහිමි පළාත් පාලන ආයතනවල බලය පිහිටුවා ගැනීම සඳහා කොන්දේසි විරහිතව එජාපය, සජබය, පොහොට්ටුව, පොදුජන එක්සත් පෙරමුණ එක්වන බවයි.

පළාත් පාලන ඡන්ද ප්‍රතිඵල අනුව විපක්ෂයට විශාල ඡන්ද ප්‍රමාණයක් ලැබී තිබෙන බවත්, එම ජනමතය අනුව කටයුතු කිරීම විපක්ෂයේ වගකීම බවත් තිස්ස අත්තනායක සඳහන් කළේය.

ආණ්ඩුවට එරෙහිව ගොඩනගන විපක්ෂයේ බලවේගයේ මෙය ආරම්භය පමණක් බවත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්, නීතිඥ සාගර කාරියවසම් පැවැසීය.
පළාත් පාලන ආයතන තුළ විපක්ෂයේ ගැටුමක් නැතිව සාමූහිකව කටයුතු කරන බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් තලතා අතුකෝරාල කියා සිටියාය.
පළාත් පාලන ආයතනවල වගකීම් සාර්ථකව කරගැනීම සඳහා දිස්ත්‍රික් මට්ටමින් කමිටු ඇතිකරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික ලසන්ත අලගියවන්න ප්‍රකාශ කළේය.

මෙම මාධ්‍ය හමුවේදී එක් මාධ්‍යවේදියකු අපූරු ප්‍රශ්නයක් පොහොට්ටුවේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් වෙත යොමුකරන්නේය.
‘විපක්ෂයේ කිසිම සමගියක් තිබුණේ නැහැනේ. පසුගිය ඡන්ද වෙලාවලදීත් එකතු වුණේ නැහැනේ. මේ නයයි මුගටියයි ගංවතුරට ගහගෙන යනකොට බේරෙන්න එකම කොටයක දෙන්නම එල්ලිලා ඉන්නවා වගේ දෙයක් නේද දැන් මේ වෙලා තියෙන්නේ…?’ යනුවෙන් එම මාධ්‍යවේදියා විමසා සිටියේය.

‘මේ එකතු වෙලා ඉන්නේ නයයි මුගටියයි ගංවතුරට ගහගෙන යනකොට එක කොටයේ ඉන්නවා වගේ නෙවෙයි. නයි මුගටි කතාවයි මේ එකතු වීමයි සන්සන්දනය කරන්න බැහැ. නයයි මුගටියයි දෙන්නම ඉන්නේ මේ ආණ්ඩුව ඇතුළෙමයි. ජේ.වී.පී. එකයි එන්.පී.පී. එකයි තමයි නයයි මුගටියයි’ යනුවෙන් සාගර කාරියවසම් පෙන්වා දෙන ලදී.
එම මාධ්‍යවේදියා පොහොට්ටුවේ මහලේකම්වරයාගෙන් අසන ලද ප්‍රශ්නය එක් පැත්තකින් සාධාරණ වාගේම එම ප්‍රශ්නය තුළ විශාල ගැඹුරක්ද ඇත.
එම ප්‍රශ්නය එම ස්ථානයේම සිටි තලතා අතුකෝරාලට යොමුකළා නම් ඉතා හොඳ පිළිතුරක් ලබාගැනීමට ඉඩ තිබිණි.

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එක් නොවුණොත් එහි වාසිය අනිවාර්යයෙන්ම මාලිමාවට යන බවත්, එවිට මෙම සියලු දෙනාට අනිවාර්යයෙන්ම පසුතැවීමට සිදුවන බවත් තලතා අතුකෝරාල ප්‍රකාශ කළේ පසුගිය ජනාධිපතිවරණයට පෙර පාර්ලිමේන්තුවේදීමය.

‘මේ දේශපාලන පක්ෂ දෙකේම නායකයන්ට මම කියන්නේ මේ එකතු වීම නොවුණොත් එය රටේත් ඛේදවාචකයක් වෙනවා. ඒක නිසා දැන්වත් මේ දේශපාලන පක්ෂ දෙක එකතු වෙන්න. නැත්නම් ඒකේ විපාක අපිට විතරක් නෙවෙයි මුළු රටටම විඳීමට සිදුවෙනවා’ යනුවෙන් තලතා අතුකෝරාල එදින පාර්ලිමේන්තුවේදී දීර්ඝ කතාවක් කළාය. එම කතාව අවසානයේදී තමා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන බවද තලතා ප්‍රකාශ කරන ලදී.

තලතා අතුකෝරාලගේ එම ප්‍රකාශය අනුව ජනාධිපතිවරණයට පෙර එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එක්වුණා නම් ජනාධිපතිවරණයේ ප්‍රතිඵල මීට වඩා වෙනස් වීමට ඉඩ තිබිණි.

2024 වසරේ සැප්තැම්බර් මස 21 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් ජය ලබන්නේ ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායකයි.
ඔහු ලබාගන්නා ලද ඡන්ද සංඛ්‍යාව 56,34,915කි. දෙවැනි ස්ථානයට පත්වන සජිත් ප්‍රේමදාස ලබාගන්නේ ඡන්ද 43,63,035කි. තෙවැනි ස්ථානයට පත්වූ රනිල් වික්‍රමසිංහ ලබාගන්නේ ඡන්ද 22,99,767කි. සිවුවැනි ස්ථානයට පත්වූ නාමල් රාජපක්ෂ ඡන්ද 3,42,781ක් ලබාගත්තේය.

එම ඡන්ද ප්‍රතිඵල අනුව රනිල්, සජිත් ලබාගත් ප්‍රතිඵල එකතු කළ විට ඡන්ද ලක්ෂ 65කි. එය අනුරට වඩා ලක්ෂ 9ක ඡන්ද වැඩිවීමකි. නාමල්ගේ ඡන්ද ලක්ෂ 3ත්, රනිල්-සජිත් ගොඩට එකතු කළ විට එම ඡන්ද ප්‍රමාණය ලක්ෂ 68 දක්වා වැඩිවේ. එම ඡන්ද සංඛ්‍යාව අනුරට වඩා ඡන්ද ලක්ෂ 12ක වැඩිවීමකි.

මෙසේ ගණන් බැලුවද සජිත්, රනිල් හෝ රනිල් සජිත්, නාමල් එකතු වුණා නම් අනුර පහසුවෙන් පරාජය කළ හැකිද යන තර්කය දෙස අවධානයෙන් යොමු කිරීමේදී කාරණා දෙකක් ගැන අවබෝධ වේ.

මේ ආකාරයට රනිල් – සජිත් හෝ රනිල් – සජිත් – නාමල් එකතු වූවා නම් අනුරට වඩා ඡන්ද ලබාගැනීමේ හැකියාවක් තිබුණාය යන එක් කාරණයක් ගැන අවධානය යොමුකළ හැකිය.

අනෙක් කාරණය වන්නේ එසේ වූවා නම් අනුර තම මැතිවරණ ව්‍යාපාරයට වෙනස් කරමින් ප්‍රකාශ කරන්නේ හොරු රැළ එක මිටට එකතු වෙලා යනුවෙනි. එහිදී මෙම ප්‍රතිඵලවලට වඩා වැඩි වාසියක් අනුර කුමාරට හිමිවේවි කියන කාරණය දෙසද අවධානය යොමුකළ හැකිය.

කෙසේ නමුත් දැන් ඡන්ද ප්‍රතිඵල අනුව මේ රටේ බහුතර ජනතා කැමැත්ත අනුව රටේ ජනාධිපති අනුර කුමාර දිසානායක, ජාතික ජනබලවේගය නොහොත් මාලිමා ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ 3/2ක් ඇත. ඔවුන්ට හිමි මන්ත්‍රී ධුර සංඛ්‍යාව 159කි. එම නිසා විධායක ජනාධිපති කෙනකු හා ශක්තිමත් ආණ්ඩුවක් මාලිමාව සතුය.

මේ තත්ත්වය මත ඒකාබද්ධ වීම හැර විපක්ෂයට අන් මගක් නැත. නමුත් විපක්ෂයේ සැනසීමට තිබෙන එකම කාරණය වන්නේ පසුගිය පළාත් පාලන මැතිවරණයේදී මාලිමා ආණ්ඩුවට ඡන්ද ලක්ෂ 23ක් අඩුවීමයි. මෙම ඡන්ද අඩුවීම ගැන ආණ්ඩුවද දැඩි අවධානයක් යොමුකර තිබෙන අතර, විපක්ෂයේ ඒකාබද්ධ වීමට ප්‍රධානතම කාරණය වී තිබෙන්නේද මාලිමා ආණ්ඩුවේ මෙම ඡන්ද ප්‍රමාණය අඩුවීමයි.

විපක්ෂයේ ඒකාබද්ධ වීම නිවැරැදිව සිදුවී තිබෙනවාදැයි තවම හරිහැටි කිව නොහැක. විපක්ෂයේ හිටපු මැති ඇමැතිවරුන්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බන්ධනාගාරගත වන විට විපක්ෂයේ ඇතැම් දේශපාලනඥයන් යළිත් සුපුරුදු පරිදි එකිනෙකාට චෝදනා කරගන්නා ආකාරයක් දක්නට ලැබිණි.

මහින්දානන්ද අලුත්ගමගේ, නලින් ප්‍රනාන්දු හිටපු අමාත්‍යවරුන් සිරගත වූ පසුව එය යහපාලන ආණ්ඩු කාලයේදී දාපු නඩුවක් බව කියමින් සමගි ජන බලවේගයේ ඇතැම් මන්ත්‍රීවරු කතාකරන්නට වූහ.

ඊට අමතරව විපක්ෂයේ දේශපාලනඥයන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් එක් මතයකට පැමිණීමට ඒකාබද්ධ විපක්ෂයට තවම හැකිවී නොමැත. විපක්ෂයේ දේශපාලනඥයන්ට නීති උපදෙස් හෝ නීති ආධාර ලබාදීම සඳහා තවම ඒකාබද්ධ විපක්ෂය කටයුතු කර නොමැත. ඒ අනුව විපක්ෂයේ පුළුල් සන්ධානයක් ගැන කීවත් තවම පෙන්නුම් කරනුයේ පළාත් පාලන ආයතනවල බලය ලබාගැනීම සඳහා එක්වී කටයුතු කරන බවක් පමණි.

විපක්ෂයේ බෙදීම් ගැන ඉතා හොඳින් දන්නා අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ප්‍රමුඛ මාලිමා ආණ්ඩුව විපක්ෂයට ඒකාබද්ධ නොවීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ සකසනවා නොඅනුමානය. ඊට මුහුණ දීම සඳහා විපක්ෂයේ තිබෙන සූදානම අනුව විපක්ෂයේ අනාගතය තීරණය කෙරෙනු ඇත. නමුත් ආණ්ඩුවට අභියෝගයක් වන ආකාරයෙන් කටයුතු කිරීමට විපක්ෂය තවමත් අසමත්ව සිටී.

ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් කළ හැකි කරුණු කිහිපයක්ම තිබියදී විපක්ෂය තාමත් සිටින්නේ සන්ධානගතව නොවේ. මේ අවස්ථාවේදී අනුර කුමාර දිසානායක විපක්ෂයේ සිටියේ නම් කියා වර්තමාන විපක්ෂයට තවම කල්පනා වී නොමැත.

සජිත්, දයාසිරි, මුජිබර් චාමර සම්පත්, හර්ෂ ද සිල්වා අජිත් පී. පෙරේරා, නාමල්, ඩී.වී. චානක, දිලිත් ඇතුළු විපක්ෂයේ කථිකයන් එකිනෙකාට හුදෙකලා සටන්වල නිරත වන බවක් පෙනේ. සංවිධානය ඒකාබද්ධ වීමක් තවමත් දක්නට නොලැබේ.

එදා මහින්ද කළ කාර්යයට අද තලතා අත ගසා තිබේ. අභියෝග රැසක් මධ්‍යයේ මහින්ද විපක්ෂය ඒකාබද්ධ කරගෙන ගිය වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යෑමට වර්තමානයේ තලතාට හැකියාව ලැබේද? තලතා වෙනුවට වෙනත් ආදේශකයක් තිබේද? පළාත් සභා මැතිවරණයේදීත් විපක්ෂය වෙන වෙනම තරග කළහොත් ප්‍රතිඵලය මෙයම වේද? විපක්ෂයේ කාර්යභාරය වර්තමානයේ නිවැරැදිව ඉටුවෙනවාද? අපි බලා සිටිමු.

ඩබ්ලිව්.කේ. ප්‍රසාද් මංජු

SendShareShare
Previous Post

ජනාධිපති පත්වෙලා මාස 7ක්! ආණ්ඩුවට මාස 6ක්! වගකීම බාරගන්නෙ නැතිව නිලධාරීන් ගෙදර යවන එක හපන්කමක් නෙමෙයි! ජනාධිපතිත් නොදැන ජනාධිපති සමාව දීලා සිරකරුවන් ගෙදර යවපු එක ගැන මුලින්ම පාර්ලිමේන්තුවේ කතා කරපු අජිත්ගෙන් ජනාධිපතිට තවත් ලොකු චෝදනාවක්! VIDEO I Sri Lanka Latest News

Next Post

ගංගානාත් සර්ගේ පැණි වළලු හා නිවේදිකාවගේ කකුල්! Sri Lanka Latest News

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.