• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කොළඹ අපරාධ කොට්ඨාසයේ ASP නෙවිල් ද සිල්වා මට කිව්වා ස්පෙෂල් ටීම් එකක් අරන් වැලිගමට ගිහින් W15 හෝටලයට වෙඩි තියන්න! ඒක නීත්‍යනුකූල රාජකාරියක් නෙවෙයි! අලුත් වාහනයක් ස්ටිකර් ගහලා වෙනස් කළා! නම්බර් ප්ලේ මාරු කරලා හොර එකක් ගැහුවා! T56 දෙකක් ගත්තා! පිස්තෝල 2ක් තිබුණා! හෝටලයට වෙඩි තිබ්බේ IP මදුරංග. ඊට පස්සේ STF එකෙන් අපිට වෙඩි තිබ්බා! මෙහෙයුමට කලින් පොලිසිය දැනුවත් කරනවා කිවවත් නෙවිල් සිල්වා අපිට බොරු කියලා තිබ්බේ! සිද්ධියෙන් පස්සේ නෙවිල් සිල්වා අපිට කිව්වා තුන්වැනි පාර්ශ්වයක් වෙඩි තිබ්බා කියලා පොලිසියටයි උසාවියටයි කියමු කියලා! දේශබන්දුගේ විමර්ශනයේදී CCD එකේ OIC ඇන්ස්ලම් කතාව මුල සිට හෙළිකරයි! කට්ටිය බෙල්ල මුලටම හිරවෙන ලකුණු! Sri Lanka Latest News

June 15, 2025
in Exclusive
Reading Time: 6 mins read
A A

Share on WhatsAppShare on Facebook

වැඩ තහනමට ලක්ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පසුගිය 11 වැනිදා 5 වැනි දිනටත් පාර්ලිමේන්තු පරීක්ෂණ කමිටුව හමුවේ පෙනීසිටියා. අනතුරුව 24 වැනි සාක්ෂිකරු ලෙස නම්කර ඇති වැඩතහනමට ලක්ව සිටින කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ඇන්ස්ලම් ද සිල්වා මහතාගෙන් සාක්ෂි ලබාගැනීම සහ හරස් ප්‍රශ්න විමසීම ආරම්භ කළා. එහිදී දිලීප පීරිස් මහතා ඇන්ස්ලම් ද සිල්වා මහතාගෙන් විමසා සිටියේ හරක් කටා ගැන කිසියම් විශේෂ විමර්ශනයක් කිරීමට තමන්ට උපදෙස් ලැබුණාද යන්නයි. ඇන්ස්ලම් ද සිල්වා ඊට පිළිතුරු ලබාදුන්නා. Sri Lanka Latest News

‘ඔව් ස්වාමිනි, 30 වැනිදා මට එන්න කිව්වා නිලධාරීන් කණ්ඩායමක් එක්ක වැලිගමට යන්න…’

එහිදී දිලීප පීරිස් මහතා විමසා සිටියේ එලෙස ප්‍රකාශ කළේ කවුරුන්ද යන්නයි.
‘ස්වාමිනි, කොළඹ අපරාධ කොට්ඨාසයේ වැඩ බලන අධ්‍යක්ෂ නෙවිල් ද සිල්වා 31 වැනිදා කිව්වා වැලිගම ඩබ්ලිව් 15 හෝටලයේ පාතාලයට සම්බන්ධ සාදයක් යනවා කියලා. ඒ නිසා එහෙ ගිහිල්ලා වැලිගම මේ හෝටලයේ තාප්පයට සහ බෝඩ් එකට වෙඩිතියලා එන්න කියලා කිව්වා…’

එම කණ්ඩායමට නායකත්වය ලබාදුන්නේ කවුරුන්ද යනුවෙන් දිලීප පීරිස් මහතා විමසා සිටි අතර, තමන් ඊට නායකත්වය ලබාදුන් බවයි ඇන්ස්ලම් ද සිල්වා මහතා ප්‍රකාශ කළේ. එය ඔබ වෙත පැවරුණු නීත්‍යනුකූල රාජකාරියක්දැයි දිලීප පීරිස් මහතා එහිදී පෙරළා ප්‍රශ්න කර සිටියා. එහිදී ඔහු ප්‍රකාශ කළේ එය නීත්‍යනුකූල රාජකාරියක් නොවන බවයි.

ඉන් පසු දිලීප පීරිස් මහතා ප්‍රශ්න කර සිටියේ අදාළ ගමන සඳහා පොලිස් දෙපාර්තමේන්තුවට අලුතෙන් ගෙන ආ වාහනයක් වෙනස් කළේද යන්නයි. ඊට ඇන්ස්ලම් ද සිල්වා මහතා මෙලෙස පිළිතුරු ලබා දුන්නා.

‘ඔව් ස්වාමිනි, වාහනය වෙනස් කළා. සුදු වාහනයට නිල් වගේ පාට ස්ටිකර් එකක් ඇලෙව්වා. හඳුනාගන්නේ නැති විදියට.’

ඉන් පසු ප්‍රීති පද්මන් සූරසේන මහතා විමසා සිටියේ එය පොලිස් වාහනයක් බවට හඳුනාගත නොහැකි බවට වෙනස් කළේද යන්නයි. එහිදී ඔහු ‘ඔව්’ යනුවෙන් පිළිතුරු ලබාදුන්නා.

අනතුරුව දිලීප පීරිස් මහතා විමසා සිටියේ අදාළ වාහනයේ තිබූ ආයුධ මොනවාද යන්නයි. ටී. 56 ගිනි අවි 2ක් සහ පිස්තෝල 2ක් තිබූ බව එහිදී ඔහු ප්‍රකාශ කළා. එමෙන්ම හොර ගමනක් යන නිසා හොර අංකයක් ඒ සඳහා යොදාගත් බවත්, වාහනය තුළ හෙල්මට් 2ක් තිබූ බවත් ඔහු ප්‍රකාශ කළා.

ප්‍රීති පද්මන් සූරසේන මහතා එහිදී විමසා සිටියේ හෙල්මට් 2ක් රැගෙන යෑමට හේතුව කුමක්ද යන්නයි.
‘මම ඒ ගැන ඇහුවේ නෑ. මම හිතුවා පෞද්ගලික හෙල්මට් කියලා. පසුව තමයි දැනගත්තේ වෙඩි තියද්දී අඳුනගන්න බැරිවෙන්න ඒ හෙල්මට් දෙක අරගෙන ඇවිල්ලා තියෙනවා කියලා…’

හෝටලය ළඟට ගොස් සිදුකළේ කුමක්දැයි අනතුරුව දිලීප පීරිස් මහතා විමසා සිටියා.
ඇන්ස්ලම් ද සිල්වා මහතා ඊට පිළිතුරු ලබාදුන්නා.

‘ස්වාමිනි, හෝටලය ළඟට ගිහින් අපි වෙඩිතිබ්බා. මදුරංග නමැත්තා හෝටලය පැත්තට වෙඩි තිබ්බා. වාහනේ ඔටෝ දොරක් තිබුණේ. හෙමින් ඇරුණා. ඊට පස්සේ තමයි වෙඩි තිබ්බේ. හෝටලයේ බිත්තිය සහ බෝඩ් එක ඉලක්ක කරගෙන තමයි වෙඩි තිබ්බේ…’

වෙඩිතැබීම සඳහා මදුරංග නමැත්තාව තෝරාගත්තේ කවුරුන්දැයි දිලීප පීරිස් මහතා විමසා සිටි අතර, ඊට පිළිතුරු දෙමින් ඇන්ස්ලම් ද සිල්වා මහතා ප්‍රකාශ කර සිටියේ නෙවිල් ද සිල්වා සමග සිදුකළ සාකච්ඡාවකදී මදුරංග නමැත්තා, තමන් වෙඩිතැබීම සිදුකරන්නම් ලෙස ප්‍රකාශ කළ බවයි. අදාළ වෙඩිතැබීමේදී වෙඩිතැබීම් 10ක් පමණ සිදුකළ බවත්, වෙඩිතැබීම සිදුවූ අවස්ථාවේ අධික ශබ්දයක් පිටවූ බවත්, තමන් ඔළුව නවාගෙන, කන්දෙක වසාගෙන වාහනය තුළ සිටි බවත් ඔහු ප්‍රකාශ කළා. අනතුරුව ඇන්ස්ලම් ද සිල්වා මහතා වැඩිදුරටත් කරුණු දැක්වූවා.

‘ස්වාමිනි, අපි වෙඩිතියලා පොඩ්ඩක් ඉස්සරහට එද්දී එක පාරම තවත් වෙඩි සද්දයක් ඇහුණා. මම කිව්වා ඉක්මනට යන්න කියලා. ඒ වෙලාවේ තමයි උපුල් නිලධාරියාට වෙඩි වැදුණේ…’

එහිදී දිලීප පීරිස් මහතා විමසා සිටියේ වැලිගම පොලිසියේ ජීප් රථයකින් අදාළ වෙඩිතැබීම සිදුකළ බවට තමන් දැන සිටියාද යන්නයි. ඇන්ස්ලම් ද සිල්වා මහතා එහිදී ප්‍රකාශ කළේ වෙඩිවැදීම සිදුවීමෙන් අනතුරුව තමන් ඒ බව දැනගත් බවයි.

‘ස්වාමිනි, දෙන්නටම තුවාල වෙලා හිටියේ. අපි ඉක්මනට එම ස්ථානයෙන් පිටව ගියා. වාහනේ ඒ වෙද්දී තිබුණේ හොර අංකයක්. ඒ හොර අංකය ගලවලා අපි හරි අංකය දාගත්තා. වාහනේ පිටිපස්සේ කණ්ණාඩිය කැඩිලා තිබුණේ. ඒ වෙඩිවැදීමෙන්. අපි වේගයෙන් එද්දී ඒ වේගයට වාහනේ කණ්ණාඩි බිම වැටුණා. අපි ඉමදූවෙන් නැවැත්තුවා. අපි කිව්වා ලෙඩ්ඩු දෙන්නෙක් ඉන්නවා කියලා. ඊට පස්සේ අපි එතැන ඉඳලා ලෙඩ්ඩු දෙන්නව රෝහල්ගත කළා. නෙවිල් ද සිල්වා අපිට කිව්වා මේ ඩබ්ලිව් 15 හෝටලයට අපි සිදුකරන්න යන වෙඩිතැබීම ගැන අදාළ ප්‍රදේශයේ ආරක්ෂක අංශ නිලධාරීන් දැනුවත් කර ඇති බව. නමුත් ස්වාමිනි ඔහු එවැනි දැනුවත් කිරීමක් කර නැහැ. ඔහු අපිට බොරු කියලා තියෙන්නේ. අදාළ සිදුවීම වෙනකොට එතැන එස්.ටී.එෆ්. එකේ 20ක් විතර ඉඳලා තියෙනවා බස් එකක. ඔවුන්ගේ බස් එක ස්ටාර්ට් වෙන්න පරක්කු වෙලා. ඒක අපේ හොඳ වෙලාව. මොකද ඒ බස් එක හරි වෙලාවට ස්ටාර්ට් වුණා නම් අද සාක්ෂි දෙන්න අපිවත් මෙතැන නෑ…’

අනතුරුව දිලීප පීරිස් මහතා විමසා සිටියේ අදාළ සිදුවීම සම්බන්ධයෙන් දේශබන්දු තෙන්නකෝන් තමන්ගෙන් විමසීමක් කළාද යන්නයි. ඊට ‘නැත’ යනුවෙන් ඔහු පිළිතුරු ලබාදුන්නා.

අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා එහිදී ඔහුගෙන් යළිත් ප්‍රශ්න කළා.

‘වැලිගම පොලිසියට මේ පිළිබඳ ප්‍රකාශ ලබාදෙද්දී තුන්වැනි පාර්ශ්වයක් විසින් ඔබ ඇතුළු කණ්ඩායමට වෙඩි තැබුවා කියලා කතාව නිර්මාණය කළේ කවුද?’

‘ස්වාමිනි, අදාළ සිදුවීමෙන් පසු නෙවිල් ද සිල්වා ආවා. ඇවිල්ලා කිව්වා අපි මේක තුන්වැනි පාර්ශ්වයක් විසින් කළා කියලා එකම විදියට ප්‍රකාශ දෙමු, එතකොට අවුලක් වෙන්නේ නැති වෙයි කියලා. ඒ අනුව ස්වාමිනි, වැලිගම පොලිසියට අපි ඒ පිළිබඳ දැනුවත් කළා. ඒ වගේම මාතර මහෙස්ත්‍රාත් අධිකරණයටත් ඒ විදියටම කිව්වා…’

තමන් අදාළ සිදුවීමෙන් පසු මරණ පරීක්ෂණයේදී සහ මහෙස්ත්‍රාත් අධිකරණයේදී මෙන්ම පළමු වරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගිය අවස්ථාවේදීත් අසත්‍ය තොරතුරු ප්‍රකාශ කළ බවයි ඇන්ස්ලම් ද සිල්වා මහතා කමිටුව හමුවේ ප්‍රකාශ කළේ. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ඉහළ නිලධාරීන් තමන්ට ලබාදුන් උපදෙස් ක්‍රියාත්මක කිරීමට යෑම නිසා තමන් මේ වනවිට වැඩ තහනමකට ලක්ව විශ්‍රාම වැටුපක්වත් ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බවයි.

‘මේක අනිත් අයටත් හොඳ ආදාර්ශයක්. ඉහළ නිලධාරීන්ගේ නියෝග ක්‍රියාත්මක කරන්න බැරි නම් අදාළ තැනින් ස්ථාන මාරුවක් අරගෙන යන එක හොඳයි කියලා දැන් තමයි මට හිතෙන්නේ…’

අනතුරුව දේශබන්දු තෙන්නකෝන් මහතා වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරයා සාක්ෂිකරු වෙත දිගින් දිගටම ප්‍රශ්න යොමු කළ අතර, එහිදී සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රකාශ කර සිටියේ සාක්ෂිකරුවන්ට උත්තර ලබාදීමට අවස්ථාවක් ලබාදෙන ලෙසයි.

මෙම නඩුවට අදාළව තමන් අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් 8 දෙනෙක් එක්වී අභියාචනාධිකරණයට රිට් ආඥාවක් යොමුකිරීමේදී ඇන්ස්ලම් ද සිල්වා අදාළ රිට් ආඥාවට එම 7 දෙනා වෙනුවෙන්ම අස්සන් කළේදැයි වීරවික්‍රම මහතා විමසා සිටි අතර, ඊට ඔහු, ‘ඔව්’ යනුවෙන් පිළිතුරු ලබාදුන්නා.

අභියාචනාධිකරණයට ප්‍රකාශ කළේ ඇත්තක්ද බොරුවක්ද යන්න දේශබන්දු තෙන්නකෝන් මහතා වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරයා එහිදී විමසා සිටියා. එහිදී ඇන්ස්ලම් ද සිල්වා මහතා ප්‍රකාශ කළේ තමන් සාමූහිකව එකතු වී එම ප්‍රකාශය සිදුකළ අතර, නෙවිල් ද සිල්වා ඊට මූලිකත්වය ගත් බවයි.

නීති විරෝධී නියෝගයක් ලබාදුන් පසු එය සම්බන්ධයෙන් ඉහළ නිලධාරීන් දැනුවත් කළේදැයි වීරවික්‍රම මහතා නැවත ප්‍රශ්න කළා. ඊටද ‘නැත’ යනුවෙන් ඇන්ස්ලම් ද සිල්වා මහතා පිළිතුරු ලබාදුන්නා.

Hiru News ෆේස්බුක් පිටුවෙනි

SendShareShare
Previous Post

රජෙක් වුණත් හොරෙක් වුණොත්! Sri Lanka Latest News

Next Post

සියලු මන්ත්‍රීවරුන් විවෘත ඡන්ද ඉල්ලීමක් කළ යුතුයි! තනතුරු තෝරාගැනීමේදී පක්ෂයෙන් නිර්දේශිත අයට ඡන්දය භාවිත කළ යුතුයි! උපදෙස් කඩකරන සියලු මන්ත්‍රීවරුන්ට විනය ක්‍රියාමාර්ග ගන්නවා! සජබ කෘත්‍යාධිකාරී මණ්ඩල තීන්දුව මහලේකම් මද්දුමබණ්ඩාර නිවේදනය කරයි! I Sri Lanka Latest News

MORE NEWS

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News
Exclusive

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News
Exclusive

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News
Exclusive

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

ප්‍රේමකීර්ති මරා දැම්මේ අද වගේ දවසක රෑ 8.30ට! I Sri Lanka Latest News
Exclusive

තරු පොකුරකට එළිය දුන් අවුරුදු 42දී නිවා දැමූ තනි තරුව! Sri Lanka Latest News

Exclusive

එක එක රස සිගරට් හදපු CTC සමාගමට අභියාචනාධිකරණයෙන් තහනමක්! Sri Lanka Latest News

Load More
බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

රැඳවුම් නියෝග මත රඳවා සිටින සිටින හිටපු බුද්ධි ප්‍රධානි සුරේෂ් සලේ මහතා මාරාන්තික උපවාසයක් ආරම්භ කර ඇති බව පිවිතුරු හෙළ...

Read more
සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

එක එක රස සිගරට් හදපු CTC සමාගමට අභියාචනාධිකරණයෙන් තහනමක්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.