ඊශ්‍රායලය අද (13) අලුයම් කාලයේ ඉරානයට දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කිරීම හමුවේ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිලට දැඩි බලපෑමක් එල්ලවී තිබේ.Sri Lanka Latest News
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ අද දිනයේ එහි මිල 9%ක අගයකින් ඉහළගොස් ඇති අතර එය පසුගිය මාස 5තුළ වාර්තාවූ ඉහළම අගය බවය.
ඒ අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් අ.ඩො 6.29කින් ඉහළ ගොස් ඇති අතර එහි නවතම මිල අ.ඩො. 75.65ක අගයක් ගෙන තිබේ.
පසුගිය ජනවාරි 27 වනදා බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 78.50ක අගයක් ගත් අතර ඉන් පසු වාර්තාවූ ඉහළම මිල මෙය වෙයි.
මෙම කලාපයේ පවතින නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ ගෝලීය වෙළෙඳාමටද දැඩි බලපෑමක් එල්ලකර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.










