• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සීයට හැටක් කන්ටේනර් අංජනම් බලෙන් ස්කෑන් කරන ලංකාවෙ අරුම පුදුම රේගුව! Sri Lanka Latest News

June 14, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
සීයට හැටක් කන්ටේනර් අංජනම් බලෙන් ස්කෑන් කරන ලංකාවෙ අරුම පුදුම රේගුව! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

නෝනාවරුනි, මහත්වරුනි, අවසරයි. පහුගිය දවසක කවුද මන්දන්නෑ මහත්තයෙක් අපූරු ප්‍රකාශයක් කරනවා අපි දැක්කා. ඒ මහත්තයගේ නම ගම වතගොත අනම් මනම් හෙළිකරලා ඒ මහත්තයගේ තත්ත්වයට හානි කරන්න යන්නේ නෑ. මොකද අපි මේ මොකක්වත් දන්නේ නැති සාමාන්‍ය මිනිස්සු නේ. අපි දන්නේ පතේ පොතේ තැන් තැන්වල සඳහන් වෙලා තියෙන දේවල් ටික කියන්න ලියන්න එක එක්කෙනාට යෝජනා කරන්න චෝදනා කරන්න විතරයි. අපි නිකන් පත්තරකාරයෝ. ඇත්තටම මේ රටේ ආගමන විගමන නීති මොනවද, රේගු නීති මොනවද කියලා අපි දන්නේ නෑ. මේ ලියන්නේ ඇහැට දැකපු පෙනිච්ච ඇහිච්ච දේවල් ටික විතරයි. වරදක් ඇතොත්ත සමාව දෙන්න. කරන්න දෙයක් නෑ, නොදන්නකම කියලා ඉවසන්න. හැබැයි ඇඟ හිරිවැටෙන හින්දයි මේ ලිපිය ලියන්නේ. Sri Lanka Latest News

පහුගිය දවසක අපි දැක්කා ඒ මහත්තයා මොකක්ද මන්දන්නෑ ප්‍රවෘත්ති සාකච්ඡාවකට ඇවිල්ලා ප්‍රසිද්ධියේම කියනවා ලංකාවේ පරීක්ෂා කරන්නේ සාමාන්‍යයෙන් කන්ටේනර්වලින් 40%යි කියලා. ඒ කියන්නේ එතුමා කියන විදියට අපිට තේරුණේ 60%ක් කන්ටේනර් පරීක්ෂා නොකර නිදහස් කරනවා කියලා. ඒකට එතුමා කිව්වා මොකක්ද මන්දන්නෑ නිකන් අභිමතය වගේ අර්ථය දෙන වචනයක්. ඔහු කියන්නේ අපිට ඕනේ නැත්නම් අපිට පුළුවන් මේවා චෙක් නොකර ඉන්න කියලා. සාමාන්‍යයෙන් ලංකාවේ කන්ටේනර්වලින් 40%ලු චෙක් කරන්නේ. ඉතිරි 60% නිදහස් කරලා යවනවලු. ඉතින් මහත්තයෝ ඕවා කියද්දී ඇඟ හිරිවැටෙනවනේ. මොකද ලංකාවට අපි දන්නවනේ කුඩු තොග පිටින් එනවා කියලා. කන්ටේනර් පිටින් එනවා කියලා. සමහර කාලවලදී අපිට තේරෙනවා ලංකාවේ මිනිස්සු කුඩුවලින් රොටී පිච්චුවා නම් ඒත් කුඩු ඉතුරු වෙනවා. ඒ තරමට කුඩු ලංකාවට එනවා. මේ කියන්නේ අහුවෙච්ච ඒවා ටික ගැනනේ.

දැන් මේ මහත්තයා ඔහොම කිව්වට අපිට ඔය පිටරටක ඉඳන් කවුරු හරි නැන්දෙක්, මාමෙක්, බාප්පෙක්, අයියෙක්, අක්කෙක් පෙට්ටියක් එව්වම ඒ පෙට්ටිය මොකක් හරි ආයතනයකින් එළියට යනකොට ඒ ආයතනය ඇතුළෙන් මොකක්ද මේ රේගුවෙන් ඇවිල්ලා පරීක්ෂා කරලා නටන නාඩගම? එතැනත් ඔය 60% කියන අභිමතය තියෙන්න එපායැ. හොඳ ඇතියි කියලා පරීක්ෂා නොකර 60%ක් නිදහස් කරන එක. අනේ මන්දන්නෑ ඇයි දන්නේ නෑ ඒක එතැනට අදාළ නැත්තේ. අපිට ලොකු ප්‍රශ්නයක් ඕක. අපිට තේරෙන්නේ නැති හින්දා අහන්නේ. ඔබතුමාට තේරෙනවා නම් කියන්න. ඇයි ඒවා චෙක් නොකරන්නේ නෝනාවරුනි, මහත්වරුනි. ඒවත් ලොකු ලොකු ප්‍රශ්න රටක් ඇතුළේ තියෙන.

දැන් ඔය වගේම අපි දැක්කා පහුගිය දවස්වල එයාර්පෝට් එකේදී සමහර අම්මලා අඬනවා. ඒ මිනිස්සු බහරේන් හරි, ඩුබායි හරි කොහේ හරි රටකට ගිහින් දුක් විඳලා එන ගමන් පලතුරු ටිකක් අරන් ඇවිල්ලා දරුවට කවන්න. ලංකාවේ තියෙන පලතුරු වහ නිසා කල් ඉකුත් වෙලා, අවුරුදු ගණන් නැව්වල පල්වෙච්ච පලතුරු පොඩි උන්ට කවලා ඒ කරුමෙන් නිදහස් වෙන්න එක වතාවක්වත් හිතේ සන්තෝෂෙන් පොඩි එකාට පලතුරක් දෙන්න හිතාගෙන පලතුරු අරන් ආපු එවුන්ගේ පලතුරු ටික අරගෙන දානවා පෙට්ටිවලට. එතැනින් අයින් කරනවා ලංකාවට ඇතුළු වෙන්න දෙන්නේ නෑ කියලා. අපි අභියෝග කරනවා, ඒවා නීති. ඒක හරි. හැබැයි දැන් ඒවා චෙක් කරද්දී මේ 60% අදාළ නැද්ද? මහත්තයෝ කන්ටේනර් පිළිබඳ ප්‍රශ්නේ ගැන හරිම සංකීර්ණයි දැන් මේ රටේ තියෙන තත්ත්වය. අපි දැක්කා සමහර මහත්තුරු එළියට ඇවිල්ලා විවිධ දේවල් කියනවා. ඒගොල්ලන්ව රහස් පොලිසිවලින් එහෙන් මෙහෙන් ගෙන්නගෙන පැය ගණන්, දවස් ගණන් ප්‍රශ්න කරනවා. එතකොට මේ කන්ටේනර් චෝදනාව එල්ල වෙලා තියෙන්නේ සෙල්ලම් කණ්ඩායමකට නෙවෙයි. මේ රටේ ප්‍රධානම දේශපාලන කාණ්ඩයට. ඒගොල්ලෝ බලයේ ඉන්න කට්ටිය. ඒගොල්ලන්ගේ බලයට තමයි මේ අභියෝග කරලා තිබුණේ. අපි කියන්නේ නෑ කන්ටේනර්වල තිබුණේ මොනවද කියලා. අපි දන්නේ නෑනේ.

උදය ගම්මන්පිල මහත්තයා තැන් තැන්වල ඒ ගැන සඳහන් කරලා තියෙන බව අපි දැක්කා. ඒ ගැන අපි කියන්න යන්නේ නෑ. මොකද උදය ගම්මන්පිල මහත්තයාගේ කැරැට්ටුව ගැනත් අපිට ඒ තරම් පැහැදීමක් නැති නිසා. කොහොම වුණත් මේ ආණ්ඩුව ගැන තියෙන ආදරය ගෞරවය විශ්වාසය නැතිකරන්න හිතාගෙන කවුරු හරි කෙනෙක් බොරු කියනවා නම්, කවුරු හරි කෙනෙක් එහෙම වැරැද්දක් කරනවා නම් අපි කියන්නේ ඒ යක්කුන්ව කටු ඉඹුලේ එල්ලන්න ඕනේ. මොකද මේ තරම් හොඳ ආණ්ඩුවකට එහෙම පද හදන එකට විරුද්ධ වෙන්න ඕනේ. මේක මේ රටේ දේශපාලන පක්ෂ සම්බන්ධ ප්‍රශ්නයක් නෙවෙයි. මේ රටේ බලයේ ඉන්න කණ්ඩායම පිළිබඳ ප්‍රශ්නයක්. බලයේ ඉන්න කණ්ඩායම කියන්නේ රටේ ආණ්ඩුව. ඒක ජේ.වී.පී.ද, මාලිමාවද, පොහොට්ටුවද, අලියද, පුටුවද කියන එක නෙවෙයි වැදගත් වෙන්නේ. ඒ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය. ඒ අය විසින් ගන්නා තීන්දු තීරණයි අපි මේ අභියෝගයට ලක්කරන්නේ.

කන්ටේනර් ටික නිදහස් කළා කියන එක දැන් මේ මහත්තයා ඇවිල්ලා පිළිගත්තා. කන්ටේනර් ටික නිදහස් කළේ එතුමන්ලාට තියෙන අභිමතය පරිදි කියලත් එතුමන් දැන් ව්‍යංගාර්ථයෙන් කිව්වා. අපිට මහත්තයෝ ලංකාවේ රාජ්‍ය සේවය ගැන ලංකාවේ ඉන්න නිලධාරීන් ගැන ලොකු අවිශ්වාසයක් තියෙනවා. ඒක ලියන මට විතරක් නෙවෙයි මේ රටේ සමස්ත මහජනතාවට තියෙනවා කියලා මම හිතනවා. එහෙම නැති අයත් ලංකාවේ ඇති. හැබැයි අපි එහෙම එකක් ඇතිකරගෙන තියෙන්නේ අපේ ගෙවල්වල තියෙන ප්‍රශ්නයක් හින්දාවත්, අපේ පවුලේ කවුරු හරි රාජ්‍ය සේවයේ ඉන්න හින්දාවත් නෙවෙයි. අපි මේ ප්‍රශ්නය ඇතිකරගෙන තියෙන්නේ මෙතෙක් කල් ලංකාවේ රාජ්‍ය සේවකයන්ගේ කැරැට්ටුව ගැන දන්න හින්දා. ඒක රේගුවටත් සාධාරණයි. ඕනේ තරම් රේගුවේ වංචා සම්බන්ධ ප්‍රශ්න ගැන අපි අහලා තියෙනවා. ඒවා බොරුද ඇත්තද කියන්න අපි දන්නේ නෑ. එතකොට මේ වතාවෙත් අපිට කියන්න තියෙන්නේ අපිට දැනෙන්නේ මෙහෙම දේවල් මේ රටේ නොවෙනවා කියලා අපිට කියන්න බැහැ. ඉතින් මහත්තයෝ දැන් මේ විදියට ගත්තොත් එහෙම ඔය 60% ඇතුළට දාගන්න සල්ලි කීයක් හරි වියදම් කළාම, සමහර විට මිනිස්සුන්ට හිතෙන්න පුළුවන් නේ. ඔය අභිමතය කියන එක තීන්දු කරන්නේ කවුද? ඒක තීන්දු කරන්නෙත් මනුස්සයෙක්නේ. ඒ මනුස්සයව අල්ල ගත්තා නම් හරි පහසුයිනේ.

අපි දන්නවා ලංකාවේ මොනවා හරි ක්‍රමවේදයකින් චෙක් නොවී එළියට දාගන්න එක ලේසි නෑ කියලා. ඒකට හේතුව මේක යාන්ත්‍රික ක්‍රියාවලියක්. තාක්ෂණික ක්‍රියාවලියක්. හැමෝම බලාගෙන ඉන්න ක්‍රියාවලියක් හින්දා චෙක් නොවී එළියට දාගන්න එක අමාරුයි කියන එක ගැන අපිට යම් විශ්වාසයක් තියෙනවා. හැබැයි ඔබතුමා කියන විදියට අභිමතය පරිදි කීපයක් එළියට දානවා නම්, ඒ අභිමතය පරිදි එළියට දාගන්න තමයි මම හිතන්නේ බොහෝ අය ට්‍රයි කරනවා ඇත්තේ. අපිට නොතේරෙන හින්දා කියනවද දන්නේ නෑ. ඉතින් ඒ නිසා රේගුව ගැන හරි රේගුවෙන් පන්නපු හරි එළියට ගිය හරි කන්ටේනර් ගැන හරි එක එක්කෙනා තැන් තැන්වල ඇවිල්ලා එක එක කයිකතන්දර කියන්නත් එපා. විපක්ෂයේ දේශපාලකයෝ තමන්ට හිතුණු හිතුණු දේවල් කියලා අවිශ්වාසය ගොඩනගන්නත් එපා. අපිට ඇත්ත කියන්න. අපිට ප්‍රශ්නයක් නෑ කාලයේ. ටිකක් කල් අරගෙන හොඳට හිතලා මතලා, හොඳට කල්පනා කරලා, හොඳට ප්ලෑන් කරලා බොරුවක් කියන්න කියනවා නෙවෙයි අපි මේ. හොඳට හිතලා මතලා, හොඳට කල්පනා කරලා, හොඳට හොයලා බලලා නිශ්චිත නිවැරැදි පැහැදිලි කිරීමක් කරලා මේ ගැන අපිට කියන්න. අපිට පුළුවන් එතකොට ඇත්ත නැත්ත මොකක්ද කියලා හරියට දැනගන්න සහ අවබෝධ කරගන්න.

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

ආණ්ඩුව ගැන දැන් විශ්වාසය අඩුවේගන යනවා! කන්ටේනර් 300 ගානක් නීති විරෝධීව එළියට ආවා කියලා කතාවෙනවා! රටවල් එක්ක ගහපු ගිවිසුම් රටට හෙළිදරව් කරන්න ඕනෙ! පත්වීම් තුළ දේශපාලනය තියෙන්න හොඳ නෑ! අනෙක් අයගේ අදහස්වලටත් ගරු කරන්න! මහාචාර්ය කොටපිටියේ රාහුල හාමුදුරුවෝ හරිනිගේ මූණ බලාගෙන මෙහෙම කිව්වේ ඇයි? Sri Lanka Latest News

Next Post

විවෘත ඡන්ද විමසීමේදී සජබය දිගට හරහට දිනද්දී කොළඹ නගර සභා‌වේදී රහස් ඡන්දයකට යන්න නිලධාරීන්ගේ සැලැස්මක්! ප්‍රජාතන්ත්‍ර විරෝධී වැඩේට එරෙහිව විපක්ෂය දැඩි ක්‍රියාමාර්ගයකට යන්න සූදානම්! Sri Lanka Latest News

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.