• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආණ්ඩුව ගැන දැන් විශ්වාසය අඩුවේගන යනවා! කන්ටේනර් 300 ගානක් නීති විරෝධීව එළියට ආවා කියලා කතාවෙනවා! රටවල් එක්ක ගහපු ගිවිසුම් රටට හෙළිදරව් කරන්න ඕනෙ! පත්වීම් තුළ දේශපාලනය තියෙන්න හොඳ නෑ! අනෙක් අයගේ අදහස්වලටත් ගරු කරන්න! මහාචාර්ය කොටපිටියේ රාහුල හාමුදුරුවෝ හරිනිගේ මූණ බලාගෙන මෙහෙම කිව්වේ ඇයි? Sri Lanka Latest News

June 14, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
ආණ්ඩුව ගැන දැන් විශ්වාසය අඩුවේගන යනවා! කන්ටේනර් 300 ගානක් නීති විරෝධීව එළියට ආවා කියලා කතාවෙනවා! රටවල් එක්ක ගහපු ගිවිසුම් රටට හෙළිදරව් කරන්න ඕනෙ! පත්වීම් තුළ දේශපාලනය තියෙන්න හොඳ නෑ! අනෙක් අයගේ අදහස්වලටත් ගරු කරන්න! මහාචාර්ය කොටපිටියේ රාහුල හාමුදුරුවෝ හරිනිගේ මූණ බලාගෙන මෙහෙම කිව්වේ ඇයි? Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

විශාල බලාපොරොත්තු තබාගෙන පත්කරගත් රජය ගැන ජනතාවගේ විශ්වාසය පලුදු වෙමින් පවතින බව කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග‍්‍රී ධර්ම මහා සංඝසභාවේ අනුනායක, මහාචාර්ය, පූජ්‍ය කොටපිටියේ රාහුල හිමියෝ සඳහන් කළහ. උන්වහන්සේ මෙම අදහස් පළකරන ලද්දේ දක්ෂිණ ලංකාවේ උප ප්‍රධාන සංඝනායක පදවියෙන් පිදුම් ලැබූ පූජ්‍ය මාපලගම බුද්ධසිරි නාහිමියන් පිළිගැනීමේ මහෝත්සවය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවියගේ සහභාගිත්වයෙන් කොළඹදී පැවැති අවස්ථාවේදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ මෙසේද පැවැසූහ.
Sri Lanka Latest News

‘ඇමෙරිකාවේ විතරක් නෙවෙයි මුළු ලෝකෙම ප්‍රචලිත වෙන සියලු මුදල් නෝට්ටුවල ඒගොල්ලෝ භාවිත කරන්නේ ‘ඉන් ගෝඩ් වී ට්‍රස්ට්’ කියන වැකිය. අපි දෙවියොත් එක්ක ඉන්නවා කියන එක. ඉන්දියාව කියන්නේ ආගම්වල නිජබිමක්. ඒ ආගම් නිජබිමේ සියලු ආගම්වලට සලකනවා. හින්දු ආගමට, බුද්ධාගම ඇතුළු, ඉස්ලාම් ආගම, කතෝලික ඇතුළු සියලු ආගම්වලට සලකනවා. හැබැයි ඒ අයගේ ඉහළම වටිනාකම්වලට තැන දෙන තැනකදී ඒ අය හින්දු දෙවියන්ට තමයි සලකන්නේ. සත්‍යම්, ශිවම්, සුන්දරම්… ශිව දෙවියෝ තමයි ඒගොල්ලන්ගේ ඉහළම වටිනාකම කියලා ඒගොල්ලෝ සලකන්නේ. අපි මැදපෙරදිගට ගියොත් මැදපෙරදිග දැන් දැන් සියලු ආගම්වලට සලකනවා ඩුබායි වගේ රටවල. අනිත් ආගම්වලටත් සලකනවා. හැබැයි ඒ කොහේ ගියත් ඒගොල්ලන්ගේ අංක එකේ සංස්කෘතික දායාදය තමයි ඉස්ලාම් දෙවියන් වහන්සේ. අල්ලා දෙවියන් වහන්සේ. සාමයේ නාමයෙන් අපිට ලැබිලා තියෙන දෙවියන් වහන්සේ තමයි අල්ලා දෙවියෝ කියලා ඒගොල්ලෝ සඳහන් කරන්නේ. ඒ නිසා ඒ ගැන පැහැදිලියි. මුළු ලෝකෙම විවිධ සංස්කෘතීන් තියෙනවා. ඒ සංස්කෘතීන් ඒ ඒ රටවලට ආවේණිකයි. ඒ අයට අනන්‍යතාවක් තියෙනවා. ඒ අනන්‍යතාව රැකගැනීම ඒ අයගේ වගකීමයි. ඒ නිසා මේ රටේ මේ ශ්‍රී ලංකාවේ බෞද්ධ භික්ෂුන් වහන්සේලා එදා ඉඳලා මේ දක්වාම මේ ඉෂ්ට කරන්නේ ඒ අනන්‍යතාව රැකදීමේ වගකීමයි. උන්වහන්සේලා කරන්නේ ඒක. නැතුව මේ අපේ දායක පින්වතුන් රස්තියාදු කරන්නවත්, හාමුදුරුවරු රස්තියාදු කරන්නවත්, අනවශ්‍ය වියදම් කරන්නවත් නෙවෙයි. අපි බලන්නේ මේ නායක හාමුදුරුවෝ වගේ තව හාමුදුරුවරු ගණනාවක් මේ සමාජයට බිහිකරන්න. අනෙකුත් හාමුදුරුවරුන්ට යම්කිසි සිතුවිල්ලක් දෙන්න, මේ වැඩේ කරන මේ නායකත්ව ගත්ත හාමුදුරුවන්ට තව ශක්තියක් ලබාදෙන්න, ප්‍රබෝධයක් ලබාදෙන්න තමයි අපි මේ උනන්දු වෙන්නේ. ඒ නිසා මේ සංස්කෘතිය තුළ අපි මුල් බැසගත්ත මේ සංසිද්ධීන් අපි ජීවිතවලට එකතු කරගෙන ඉන්නේ අපේ බෞද්ධ මූලධර්ම පදනම් කරගෙනයි කියන එක මම කියන්නට ඕනේ.

වර්තමානයේ අපිට පේනවා යම් ප්‍රමාණයකින්, සියල්ලම නෙවෙයි, අපේ සංස්කෘතිය හෑල්ලුවට ලක්වෙමින් පවතිනවා. මම සඳහන් කරන්න කැමැතියි අපේ රටේ මෙතෙක් කල් භාවිත කළා වාගේ මේ රටේ යම් වැදගත් අවස්ථාවක්, වැදගත් උත්සවයක් තියෙනවා නම් ඒ හැම ජාතික මට්ටමේ උත්සවයක්ම, සංස්කෘතික උත්සවයක්ම ඒවා ඉහළින්ම කරන්න ඕනේ. ඒවා වියහියදම් යන දේවල් හැටියට ප්‍රතික්ෂේප කරන්න හොඳ නෑ. ඒ උත්සව කරන කොට අපි අනිවාර්යයෙන්ම පන්සිල් සමාදන් වෙන්නට ඕනේ. වැරැද්දක් නෙවෙයි ඒ කරන්නේ. පන්සිල් දෙනවයි, පන්සිල් ගන්නවයි කියන එක තුළ තියෙන්නේ මේ රට සභ්‍යත්වයට, නීතිගරුක බවට කිට්ටු කරනවා කියන එකයි.
අපේ ජාතික ගීය භාෂා කීපයකින් කියනවා කියන එක නම් මහ විහිළුවක්. පහුගිය කාලේ ජාතික ගීය මෙතෙක් කල් අපි භාවිත කළ භාෂාවෙන් භාවිත කරන එක අපේ වගකීම. නිසි තැනදී ජාතික ගීය භාවිත කරන එක, ගායනා කරන එක අපේ වගකීම. ඒ නිසා මේ කාරණාව මම ඉස්මතු කළේ අපිට පේන්න තියෙනවා අපි මේ දේශපාලනය කතාකරනවා නෙවෙයි. මේ රටේ භික්ෂුන් වහන්සේලා කීප නමක් දේශපාලනය කරනවා වෙන්න පුළුවන්. ඒවායේ විවිධ අය ඉන්නවා වෙන්න පුළුවන්. අගමැතිතුමියනි, අපේ වගකීම මහා සංඝරත්නය හැටියට, ඒක අපේ සංස්කෘතියේ හැටි. යම් දෙයක් කියනවා නම් භික්ෂුන් වහන්සේලා හැටියට එය පැහැදිලි කරලා දීලා ඒ රජය නිවැරැදි තැනට ගැනීම අපේ වගකීමක් සහ අපි විසින් කළ යුතු දෙයක්. ඒ නිසා මම මේක සඳහන් කරන්නේ.

අපි දන්නවා පාලක පාලිත කියන දෙපක්ෂයක් තියෙනවා රටේ. පාලක පක්ෂයක් තියෙනවා. පාලිත පක්ෂය කියන්නේ රටේ ජනතාවක් ඉන්නවා. මේ දෙපක්ෂයම වගකීමෙන් වැඩකරන්නට ඕනේ. මේ වගකීම කරනවා නම් අපේ බෞද්ධ දර්ශනයට අනුව, පළමු කාරණාව තමයි ඔවුනොවුන් අතර ඇතිවිය යුතු විශ්වාසය තහවුරු වෙන්නට ඕනේ.
මේ රජය පත්වෙන්නට කලින් මේ රටේ ගරුතර මහා සංඝරත්නයත්, කවුරුත් හිටියේ අනිත් දේශපාලන පක්ෂවල ඇතැම් ක්‍රියාකාරකම්වල කලකිරිලා. ඒ කලකිරීම කොච්චරද කියනවා නම් ඔබතුමියලට විශාල බලයකින් බලයට පත්වෙන්න අවස්ථාව ලැබුණා. ඒ කලකිරීම නිසා, ඒවායේ හොඳ අයත් හිටියා නරක අයත් හිටියා. ඒවායේ ස්වභාවය අපි මේ රටේ ජනතාවට පැහැදිලි කරන්න අවශ්‍ය නෑ. ඒ නිසා විශ්වාසයක් ඇතුව තමයි මේ රටේ ජනතාව ඔබතුමියලාව බලයට පත් කළේ. බලයට පත්කරගෙන දැන් යම් කාලයක් ගතවෙනවා. දොස් කියලා එළවන්න, ඔබතුමියලාව බැහැර කරන්න, ප්‍රතික්ෂේප කිරීම නෙවෙයි මේ අපි කරන්නේ. අපේ වගකීම තමයි හොඳ නරක පැහැදිලි කරලා දෙන එක. අපි කියන්නේ ජනතා විශ්වාසය පලුදු වෙමින් පවතිනවා මේ රජය ගැන. විශ්වාසය අඩුවෙමින් පවතිනවා මේ රජය ගැන. විශ්වාසය අඩුවෙමින් පවතින්නේ මොනවද? ජනතාවට දීපු පොරොන්දු, ජනතාවගේ බලාපොරොත්තු, ජනතාවගේ අවශ්‍යතා කියපු තරමට තවම ඉෂ්ට වෙමින් යනවා. ඒවා ඉෂ්ට කරන්න ඕනේ. හැබැයි ඔවුනොවුන් අතර විශ්වාසය තහවුරු වෙන විදියට මේ රජය ඉදිරියට යන්න ඕනේ කියන එක අපි කතාකරන්න කැමැතියි. ජනතාව අතර රජය පිළිබඳ අවිශ්වාසයක්, මේක හරියන්නේ නෑ කියන වචනය එළියට නොඑන විදියට රජය පවත්වාගෙන යෑම වගකිව යුත්තන්ගේ ලක්ෂණයක්.

දෙවැනි කාරණාව, රජය නීතිගරුක වෙන්න ඕනේ. රජයක් වුණාම නීතිගරුක වෙන්න ඕනේ. මේ රජය ජනතාවයි අතර විශ්වාසය තහවුරු කරගෙන ඉස්සරහට යන්න නම් නීතිගරුක වෙන්න ඕනේ. ඔබතුමන්ලා, ඔබතුමියලා මේ රටේ බලයට ආවේ නීතිගරුකව නීතිය හරියට ඉෂ්ට කරනවා කියලා. බොහොම හොඳයි. තව අවුරුදු හතරකට වැඩි කාලයක් අපි බලාගෙන ඉන්නවා ඒ වැඩේ හරියටම කරන්න කියලා අපි ගෞරවයෙන් ආරාධනා කරනවා. හැබැයි දැන් දැන්, මේ කෙටි කාලය තුළ මේ නීතියෙන් පිට පැනලා කරන ක්‍රියාදාමයන් ගැන අපිට අහන්න ලැබෙනවා. මම දේශපාලනය නෙවෙයි කතාකරන්නේ. මම දේශපාලනය කරන භික්ෂුවක් නොවන බව ගරුතර මහාසංඝරත්නය ඇතුළු බොහෝ දෙනෙක් දන්නවා. ඒ නිසා මම කියන්න කැමැතියි කන්ටේනර් තුන්සිය ගානක් නීති විරෝධීව එළියට ආවා කියලා කතාකරනවා. රජයේ පාර්ශ්වයෙන් කියන්න පුළුවන් ඒක නීත්‍යනුකූලයි කියලා. හැබැයි මේක නීත්‍යනුකූලයි කියන එක පැහැදිලි කරන්න ඕනේ. රටේ ගිවිසුම් ඇතිකරලා තියෙනවා පහුගිය කාලේ. ඒ ගිවිසුම් නීත්‍යනුකූලයි, මෙන්න මේවා ගිවිසුම් කියලා රටට හෙළිකරන්නට ඕනේ. මේවා තමයි දැන් දේශපාලනයේ සහ අනෙකුත් මාධ්‍යවල තියෙන ප්‍රධාන මාතෘකා.

ඒ වගේම රජයේ කරන පත්වීම්, විශේෂයෙන්ම මම මේ මෑතක් වෙනකල් ලොකු පත්වීමක් කළා. මේ පත්වීම් තුළ දේශපාලනය තියෙන්නට හොඳ නෑ. ඒ දේශපාලනිකව යම් යම් පත්කිරීම් කිරීම කවදත් වෙනවා වුණත්, ඒවා නොවිය යුතු දේවල්. රටක් හැදෙන්න නම් එයින් බැහැර වෙන්නට ඕනේ. ඒ නිසා නීතිගරුක වීම රටක පැවැත්මට අතිශයින්ම බලපාන කාරණාවක්.

තුන්වැනි කාරණාව තමයි අනිත් අයගේ අදහස්වලට ගරු කිරීම. අන් අයගේ අදහස්වලට ගරු කිරීම. මේක වියයුතු දෙයක්. මේ සමාජයේ අපි ජීවත් වෙනකොට පාලනය කරනකොට තමන්ගේ අදහසින්ම පවතින්න යන්න එපා. අනිත් අය කියන හොඳ නරක, විවේචන, අනිත් අයගේ අදහස් අහලා ඒවාටත් කන් දෙන්නට ඕනේ. අපිම හරි කියන තීරණයේ ගියොත් වැඩි කල් යන්න බෑ. හුඟක් ඉක්මනින්ම වැටෙනවා.

අවසාන කාරණාව තමයි බුද්ධිමත් වෙන්නට ඕනේ. බුද්ධිමත් නොවී රටක් ගෙනියන්න බෑ. ඒ නිසා මේ සියල්ල සලකා බලමින් අවශ්‍ය උපදේශකවරුන් තබාගනිමින් මේ රටේ ජනතාවගේ සුබසිද්ධිය පිළිබඳ වර්තමානය මෙන්ම අනාගතය ගැනත් හිතමින් අපේ සංස්කෘතිය ගැනත් හිතමින් කටයුතු කිරීම රජයේ වගකීමයි.

මම ඉතා කනගාටුවෙන් වුණත් කිව්වේ මේ රජයට පහර ගැසීමක් නෙවෙයි. මේවා සමහර විට මාධ්‍යවලින් කොයි විදියට කියයිද දන්නේ නෑ. එහෙම නෙවෙයි. අපේ වගකීම මේක. මම මේ සඳහන් කළේ අපේ බෞද්ධ දර්ශනයේ එන ශ්‍රද්ධ, සීල, ත්‍යාග, ප්‍රඥා කියන සම්බන්ධතාව රැකගැනීම පිළිබඳ බෞද්ධ මූලධර්මයන් පදනම් කරගෙන, ඒ මූලධර්මයේ එන සරල අර්ථයයි මම මේ අවස්ථාවේ ප්‍රකාශ කළේ. ඒ නිසා ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිනවා. මේ කරුණු සලකා බලා අපේ රටත්, අපේ සංස්කෘතියත් රැකගැනීමට උදව් වෙන හැටියට. අගමැතිනිය ඇතුළු සියලු දෙනාටමත්, ගරුතර මහා සංඝරත්නයටත් රත්නත්‍රයේ ආශීර්වාදය ලැබේවා…’

සැකසුම – චානක ලියනගේ

SendShareShare
Previous Post

දේශපාලනයයි රාජ්‍ය සේවයයි එක රැයින් හොල්ලපු අල්ලස් කොමිසමේ අලුත් ලොක්කා කතා කරයි! Sri Lanka Latest News

Next Post

සීයට හැටක් කන්ටේනර් අංජනම් බලෙන් ස්කෑන් කරන ලංකාවෙ අරුම පුදුම රේගුව! Sri Lanka Latest News

MORE NEWS

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

Load More
අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

මහබැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීමට තමා ජනාධිපති ලෙස කටයුතු කරද්දී දැඩි විරෝධය පළකළ බවත්, එවක අගමැති ලෙස කටයුතු කළ...

Read more
දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.