ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ 2025 පළාත් පාලන නවක මන්ත්‍රීවරුන් දිවුරුම් දීම අද දින සිදු කෙරිණි. මෙහිදී පළාත් පාලන ආයතනවල මන්ත්‍රීවරුන් සඳහා වැඩමුළුවක්ද පැවැත්විණි.Sri Lanka Latest News
ඒ අවස්ථාව සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්, නීතිඥ සාගර කාරියවසම් මහතා, ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ, මෙහෙයුම් ප්‍රධානී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්‍ටන් ප්‍රනාන්දු මහතා, ජාතික කැදවුම්කරු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක මහතා සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහභාගී විය.













