• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කිව්වෙ නම් සමරු ඵලක ගහන්නේ නෑ කියලා! ජනතා බදු මුදල් විනාශ කරන්නේ නෑ කියලා! හැබැයි නලින්ද ජයතිස්ස විවෘත කරපු සමරු ඵලකෙ නලින්දගෙ නමයි හරිනිගෙ නමයි දෙකම තියෙනවා! දැන් ජනතා බදු මුදල් විනාශ වෙන්නෙ නැද්ද? VIDEO I Sri Lanka Latest News

June 9, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
කිව්වෙ නම් සමරු ඵලක ගහන්නේ නෑ කියලා! ජනතා බදු මුදල් විනාශ කරන්නේ නෑ කියලා! හැබැයි නලින්ද ජයතිස්ස විවෘත කරපු සමරු ඵලකෙ නලින්දගෙ නමයි හරිනිගෙ නමයි දෙකම තියෙනවා! දැන් ජනතා බදු මුදල් විනාශ වෙන්නෙ නැද්ද? VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ අද (09) පැවැති මාධ්‍ය හමුවට සහභාගි වු මොරටුව මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීනි නීතිඥ ලිහිනි ප්‍රනාන්දු මහත්මිය.Sri Lanka Latest News

වැඩිදුරටත් අදහස් දැක්වූ එතුමිය මෙසේද සඳහන් කළාය,

‘‘වෙනස් පොහොය දිනයේදී සිරකරුවන් 388 කට ජනාධිපති සමාව ලබාදි තිබුණා. කෙසේ නමුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව සිරකරුවන්ට පොදු සමාවක් ලබාදිමට ජනාධිපතිවරයාට අයිතියක් තිබෙනවා. නමුත් සිරකරුවන් 388 ක ලැයිස්තුවට පරිබාහිරව W.H තිලකරත්න කියන පුද්ගලයාව නිදහස් කරනු ලැබීමක් සිද්ධ වෙලා තිබෙනවා. සිරකරුවන් 388 කගේ නම් ඇතුළත් ලැයිස්තුවේ මෙම පුද්ගලයාගේ නම තිබුණේ නැති බව තමයි වාර්තා වෙන්නේ. ඒ වගේම මෙම සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර බන්ධනාගාරයේ නිලධාරියෙකුත් අත්අඩංගුවට ගැනිමක් සිද්ධ වෙලා තිබෙනවා.

කෙසේ නමුත් සිරකරුන් නිදහස් කිරීමේදී යම් කිසි පටිපාටියක් අනුව තමයි එය සිද්ධ වෙන්නේ. බන්ධනාගාර කොමසාරිස්වරයා විසින් නිදහස් වීමට සිටින සිරකරුවන්ගේ ලැයිස්තුවක් ලබාදෙනවා. ඒ අනුව රටේ විශේෂ දිනවලදිත් සිරකරුවන් නිදහස් කිරිමක් සිදුකරනවා. ඒ අනුව ඇප මුදල් ගෙවා ගැනිමට නොහැකි , වයොවෘද්ධ පුද්ගලයන් සඳහා ජනාධිපති සමාව ලබාදිමක් සිදුකරනවා. ඒ වගේම නිදහස් කළ යුතු සිරකරුවන්ගේ ලැයිස්තුව බන්ධනගාර කොමසාරිස්වරයාගෙන් පසුව එය අධිකරණ අමාත්‍යාංශයට ලැබෙනවා. අධිකරණ අමාත්‍යාංශයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයට ලබාදෙනවා.
ඒ අනුව අධිකරණ අමාත්‍යාංශය නිදහස් කරන සිරකරුවන්ව අධික්ෂණයකට ලක්කරනු ලබනවා. ඉන්පසුව තමයි ජනාධිපතිවරයා එම ලැයිස්තුවට අත්සන් කරන්නේ.

ඒ වගේම සිරකරුවන්ගේ නම් ඇතුළත් ලැයිස්තුවේ නමක් නැති සිරකරුවෙකු නිදහස් වුනේ කෙසේද කියන ප්‍රශ්නය අපිට මතුවෙනවා. ඒ වගේම විධායක ජනාධිපතිවරයාගේ බලතල අභිබවා යම් බලවේගයක් ක්‍රියාත්මක වෙනවාදැයි ප්‍රශ්නයක් මතුවෙනවා. ඒ වගේම ජනාධිපතිවරයාගේ අත්සනින් පිට සිරකරුවෙකුට සමාව ලබාදෙන්නේ කෙසේද? ඒ වගේම අධිකරණ ඇමැතිවරයා බන්ධනාගාර කොමසාරිස් එවන ලද ලැයිස්තුව පරික්ෂාවට භාජනය කළාද? ඒ වගේම පොදු සමාව අනීතික ලෙස භාවිතා කර සිරකරුවන් පිරිසක් නිදහස් කළාද?

ඒ වගේම ජනතාව තමන් කෙරෙහි තබා තිබෙන විශ්වාසය කිසි ලෙසකින්වත් බිද දමන්න කටයුතු කරන්නේ නෑ කියලා ජනාධිපති අනුර දිසානායක මහතා ප්‍රකාශ කරනවා. නමුත් මේ සිදුවන්නේ ජනාධිපතිවරයා ජනතාවගේ විශ්වාසය බිද දැමිමක්ද නැතිනම් රටේ සමස්ත පරිපාලනයේ දුර්වලතාවයක්ද? ඒ වගේම ජාතික ජනබලවේගය බලයට පැමිණි පසු සියලු දේ නිවැරදි ආකාරයෙන් සිදුකරන බව ප්‍රකාශ කළා. එලෙස ප්‍රකාශ කළ ආණ්ඩුවට මෙවැනි වැරදි සිද්ධ වෙන්නේ කෙසේද කියන දේ ප්‍රශ්නයක්. කෙසේ නමුත් මෙවැනි සිද්ධින් හරහා පෙනෙන්නේ වර්තමාන ආණ්ඩුවෙ පරිපාලනමය සහ ආණ්ඩුකරණයේ දුර්වලතාවයයි. ඒ වගේම ජාතික ජනබලවේග ආණ්ඩුවේ පිරිසට අද්දැකිම් , නිපුණතාවය , දක්ෂතාවය තිබෙන බව ප්‍රකාශ කරනවා. එවැනි පිරිසක් ආණ්ඩුවේ සිටිනවානම් විධායක බලයට ඉහළින් බලවේගයක් ක්‍රියාත්මක වෙලාද මෙම සිරකරුවාව නිදහස් කළේ කියලා අපි ආණ්ඩුවෙන් අහන්න කැමැතියි.

ඒ වගේම ඉන්දියානු අගමැතිවරයා ලංකාවට පැමිණියා. එහිදි ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ගිවිසුම් 7 ක් අත්සන් කරනු ලැබුවා. මේ ගිවිසුම් පිලිබඳව පාර්ලිමේන්තුවේදීත් සාකච්ඡාවට බදුන් වුණා. එහිදි මෙම ගිවිසුම් රටට ඉදිරිපත් කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රිවරු ගණනාවක් රජයට යෝජනා කර තිබෙනවා. නමුත් ජනාධිපතිවරයා සහ ආණ්ඩුව මේ සම්බන්ධයෙන් නිහඩ පිලිවෙතක් තමයි අනුගමනය කරන්නේ. එම ගිවිසුම්
වල තිබෙන විස්තර තොරතුරු දැන ගැනිමේ පනත හරහා ඉල්ලා තිබුණත් එම විස්තර මුදා හැරිමට රජට කටයුතු කර තිබුණේ නෑ. ඒ වගේම බලශක්තිය , ඩිජිටල් කරණය , ආරක්ෂක , සෞඛ්‍ය යන ක්ෂේත්‍ර මුලික කරගෙන තමයි මෙම ගිවිසුම් ඇති කරගෙන තිබෙන්නේ. ඒ වගේම විදුලිබලය ආනයනය අපනයනය කිරිම සදහා අධි වෝලිටිය දාරා අන්තර් සබධතා ක්‍රියාත්මක කිරිම , ඩිජිටල් පරිවර්තනය සඳහා ජනතා මට්ටමින් සිදුකරන සාර්ථක ඩිජිටල් විසදුම් ක්‍රියාත්ම කිරිම , ත්‍රිකුණාමලය බලශක්ති මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කිරිමේ කටයුතු කිරිම , ආරක්ෂක සහයෝගිතාව , සෞඛ්‍ය හා ඖෂධ ක්ශ්‍රේත්‍රයේ සහයෝගිතාව , නැගෙනහිර පළාත් බහුවාංශික සහාය යටතේ තමයි මෙම ගිවිසුම් අත්සන් කර තිබෙන්නේ. මේ සම්බන්ධයෙන් රටට හෙළි කිරිමට රජය කටයුතු නොකරන්නේ ඇයි ද කියන කාරණය ප්‍රශ්නයක්. වර්තමාන ආණ්ඩුව විපක්ෂයේ සිටින කාලයේ පැවැති ආණ්ඩු යම් කිසි ගිවිසුවක් ඇති කරගතහොත් ඊට එරෙහිව රට පුරා උද්ඝෝෂණ , වැඩවර්ජන සිදුකළා. එවැනි දේවල් සිදුකළ වර්තාමන රජය දැන් වෙනස් පිලිවෙතක් අනුගමනය කරන්නේ ඇයි කියලා අපි ආණ්ඩුවෙන් අහන්න කැමැතියි. කෙසේ නමුත් මෙම ගිවිසුම් වල අන්තර්ගය රටට හෙලිකරන්නැයි අපි රජයෙන් ඉල්ලා සිටිනවා.

ඒ වගේම සෞඛ්‍ය ඇමැතිවරයා පසුගිය දිනක සමරු ඵලකයක් විවෘත කර තිබුණා. නමුත් ඔවුන් බලය ලබාගැනිමට පෙර ජනතාවට ප්‍රකාශ කළේ සමරු ඵලකවල අවශ්‍යතාවයක් නෑ කියලයි. ජනතාවගේ බදු මුදලින් ඉදි කරන දේවල් සඳහා අයිතිකරුවන් වෙන්න , සමරුඵලකවලට නම් යොදන්න අවශ්‍යතාවයක් නැ කියලා තමයි ජාතික ජනබලවේගයේ පිරිස් ප්‍රකාශ කලේ. නමුත් ජනතාවගේ බදු මුදල් වලින් ඉදිරිකරන ඉදිකිරිම්වල නම් යොදන්න ආණ්ඩුවේ මැති ඇමැතිවරුත් කටයුතු කරනවා. ජාතික ජනබලවේගය බලය ලබාගැනිමට පෙර කිව්වේද දෙයක් නමුත් දැන් සිදුකරන්නේ වෙනත් දෙයක්. මොවුන් බලය ලබාගත්තේ වසර 76 ක සාපය අවසන් කරන බව ජනතාවට පොරුන්දුවක් ලබාදෙමින්. නමුත් වර්තමාන ආණ්ඩුවත් ගමන් කරන්නේ පරණ ක්‍රමය තුළමයි. කෙසේ නමුත් ජාතික ජනබලවේගය බලයට ගෙන ඒමට කටයුතු කළ ආණ්ඩුව එම ජනතාවටම අපහාසයක් මෙවැනි කටයුතු වලින් සිදුකරලා තිබෙනවා. ‘‘

SendShareShare
Previous Post

අවුරුදු 20ක සිර දඬුවමට එරෙහිව මහින්දානන්ද ශ්‍රේෂ්ඨාධිකරණයට යයි! Sri Lanka Latest News

Next Post

රේගුවෙන් පරික්ෂා නොකර පන්නපු කන්ටේනර් 323ට වගකිව යුතු නිලධාරීන් බෙල්ජියමට-ඕස්ට්‍රේලියාවට පනින සූදානමක්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

වහන් හිටපු හෝමුස් ඇරෙයි! අවුලක් නැතිව නැව් යනවා! බොරතෙල් මිලත් 16%කින් බැස්සා! මෙහේ තෙල් මිලත් දැන් තිබ්බ ගාණට අඩු වෙයිද? I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව ගැහුවට පස්සේ ඉරානය හෝමුස් සම්පූර්ණයෙන්ම වසා දමයි! කිසිම නැවකට යන්න දෙන්නේ නෑ! ගියොත් ගහනවා! තෙල් මිල පිම්මේ නගින්න පටන් ගනී! ලංකාවට මොනවා වෙයිද?  I Sri Lanka Latest News

අලුත් බාල්දියකින් පරණ නෑමම පටන් අරන්! අලුත් කැබිනට්ටුවට ගම්මන්පිලගෙන් කනේ පාරක්!
Exclusive

සලේ ගැන ඇමැති ආනන්ද විජේපාල ඇතුළේ කරපු චෝදනාවලට ගම්මන්පිල එළියේ ඉඳන් උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News

යෝෂිත රට ගියේ ‌කොහොමද? අල්ලස් කොමිසමෙන් පරීක්ෂණයක් ආරම්භ කරයි!
Exclusive

අවුරුදු 20කට කලින් යෝෂිත නාවික හමුදා ලුතිනන්වරයකු ලෙස බ්‍රිතාන්‍ය හමුදා පුහුණුවට ගියේ කොහොමද? ප්‍රශ්න කරන්න අල්ලස් කොමිසම යෝෂිතට එන්න කියයි! I Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News
Exclusive

‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදල ගැන විපක්ෂයට වැඩිය කතා කරන්න එපාලු! මිනිස්සු තවම කඳවුරුවල දුක් විඳිද්දී බිලියන ගාණක් තියෙන මේ ගිණුමෙන් සත 5ක්වත් තවම ගෙව්වේ නැත්තේ ඇයි? VIDEO I Sri Lanka Latest News

නාමල් බැසිල්ලා ඔන්න වැඩ පටන් අරන්! රෝහිත-මහින්දානන්දත් වැඩට බැහැලා! (PHOTOS)
Exclusive

ලක්ෂ 78ක කේස් එකක්! බැසිල්ට තවත් වරෙන්තුවක්! I Sri Lanka Latest News

විමල්ගේ සහෝදරයාටත් රට ගමන් යෑම උසාවියෙන් තහනම් කරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විමල්ගේ සහෝදරයාටත් රට ගමන් යෑම උසාවියෙන් තහනම් කරයි! VIDEO I Sri Lanka Latest News

Load More
වහන් හිටපු හෝමුස් ඇරෙයි! අවුලක් නැතිව නැව් යනවා! බොරතෙල් මිලත් 16%කින් බැස්සා! මෙහේ තෙල් මිලත් දැන් තිබ්බ ගාණට අඩු වෙයිද? I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව ගැහුවට පස්සේ ඉරානය හෝමුස් සම්පූර්ණයෙන්ම වසා දමයි! කිසිම නැවකට යන්න දෙන්නේ නෑ! ගියොත් ගහනවා! තෙල් මිල පිම්මේ නගින්න පටන් ගනී! ලංකාවට මොනවා වෙයිද?  I Sri Lanka Latest News

අමෙරිකාව විසින් ඉරානයට එරෙහිව යළිත් දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවක් දියත් කිරීමත් සමඟ ඊට ප්‍රතිචාර වශයෙන් ලෝක බලශක්ති ප්‍රවාහනයේ ප්‍රධානතම මර්මස්ථානයක්...

Read more
අලුත් බාල්දියකින් පරණ නෑමම පටන් අරන්! අලුත් කැබිනට්ටුවට ගම්මන්පිලගෙන් කනේ පාරක්!

සලේ ගැන ඇමැති ආනන්ද විජේපාල ඇතුළේ කරපු චෝදනාවලට ගම්මන්පිල එළියේ ඉඳන් උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News

යෝෂිත රට ගියේ ‌කොහොමද? අල්ලස් කොමිසමෙන් පරීක්ෂණයක් ආරම්භ කරයි!

අවුරුදු 20කට කලින් යෝෂිත නාවික හමුදා ලුතිනන්වරයකු ලෙස බ්‍රිතාන්‍ය හමුදා පුහුණුවට ගියේ කොහොමද? ප්‍රශ්න කරන්න අල්ලස් කොමිසම යෝෂිතට එන්න කියයි! I Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News

‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදල ගැන විපක්ෂයට වැඩිය කතා කරන්න එපාලු! මිනිස්සු තවම කඳවුරුවල දුක් විඳිද්දී බිලියන ගාණක් තියෙන මේ ගිණුමෙන් සත 5ක්වත් තවම ගෙව්වේ නැත්තේ ඇයි? VIDEO I Sri Lanka Latest News

නාමල් බැසිල්ලා ඔන්න වැඩ පටන් අරන්! රෝහිත-මහින්දානන්දත් වැඩට බැහැලා! (PHOTOS)

ලක්ෂ 78ක කේස් එකක්! බැසිල්ට තවත් වරෙන්තුවක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.