රේගු පරීක්ෂාවකින් තොරව කොළඹ වරායෙන් බහාලුම් 323 ක් පිට කිරීමට සම්බන්ධයෙන් වගකිව යුතු නිලධාරීන් පිරිසක් රටින් පලායාමට සූදානමක් ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.Sri Lanka Latest News
ඔවුන් බෙල්ජියමට සහ ඕස්ට්‍රේලියාවට එසේ පලා යාමයට සැලසුම් කර ඇති බවද පැවසූ ඔහු ඒ හේතුවෙන් ඔවුනට එරෙහිව විදෙස් ගමන් තහනමක් ලබාගන්නා ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටීමට බලාපොරොත්තු වන බවත් පැවසුවේය.
අද පෙරවරුවේ කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණි අවස්ථාවේ ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.
රේගු පරීක්ෂාවකින් තොරව පිටකරන ලද බභාලුම් තොගයක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයා සිදු කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් ප‍්‍රශ්ණ කිරීමට ඔහු අද දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ඇත.










