රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (09) දිනයේ දී සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.Sri Lanka Latest News
රජයේ පශු වෛද්‍යවරුන් සඳහාම වෙන් වු සේවා ව්‍යවස්ථාවක් සකස් කිරීමට කටයුතු කර තිබියදීත් එය ක්‍රියාත්මක නොකිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් මෙම වර්ජනය අද පෙරවරු 6ට ආරම්භ කර ඇත.
එහි සභාපති වෛද්‍ය උපුල් රංජිත් කුමාර මහතා සඳහන් කළේ, මේ හේතුවෙන් රජයේ සියලුම පශු වෛද්‍ය කාර්යාලවල කටයුතු අඩපණ වනු ඇති බවය.










