යුද හමුදා සේවයේ සක්‍රීයව රාජකාරී කිරීමේන් අනතුරුව නීත්‍යානුකුලව ඉවත් වු වයස අවුරුදු 45ට අඩු 10,000ක පිරිසක් පොලිස් සේවයට බඳවා ගැනීමට මහජන ආරක්ෂක අමාත්‍යංශය සැලසුම් කර තිබේ.Sri Lanka Latest News
මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා තඹුත්තේගම පොලිස් අධිකාරී කාර්යාලය විවෘත කිරීම වැඩසටහනට එක්වෙමින් සඳහන් කළේ, එම පිරිස වසර 05ක කාලයක් සඳහා බඳවා ගැනීමට අදාළ කැබිනට් පත්‍රිකාව අද දිනයේ දී අමාත්‍ය මණ්ඩල අනුමැතිය සඳහා ඉදිරිපත් කරන බවය.










