• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

15 වැනිදායින් පසු සියලු දෙනා පරිස්සම් වෙන්න! Sri Lanka Latest News

June 7, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
15 වැනිදායින් පසු සියලු දෙනා පරිස්සම් වෙන්න! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

උදා වූ ජුනි මාසයේදී ශ්‍රී ලංකාවට ස්වභාවික විපත් රැසකට මුහුණ දීමට සිදුවනු ඇති බවට වන පුරෝකථනයක්, ප්‍රවීණ ජ්‍යොතිෂවේදී කේ.සී.ජේ. රත්නායක මහතා ඉදිරිපත් කර තිබෙනවා. තාරකා කාලගුණ විද්‍යාවට අනුව ඒ මහතා සිදුකරනු ලබන පුරෝකථනය, ‘විශ්ව දිනපොත’ යූටියුබ් නාලිකාවෙන් උපුටාගෙන ‘මව්රට’ පාඨක ඔබ වෙනුවෙන් මෙලෙස ඉදිරිපත් කරමු. Sri Lanka Latest News

මම අද උත්සාහ කරන්නේ තරමක් බැරෑරුම් තත්ත්වයක් පිළිබඳ පුරෝකථනයක් ඉදිරිපත් කරන්න. ඒ තමයි 2025 ජුනි මාසය පෙන්නුම් කරන ආකාරයට අපේ කාලගුණ ස්වභාවයට සාමාන්‍ය ජන ජීවිතයට සෑහෙන මට්ටමේ තර්ජනකාරී අවස්ථාවක් හැටියටයි දකින්න ලැබෙන්නේ. මම ඒ ගැන ඔබට කෙටියෙන් විස්තර කරලා දෙන්නම්.
ජුනි මාසේ 01 වැනිදා සිට ජුනි මාසේ 06 වැනිදා දක්වා ඔබට දකින්න ලැබේවි මහා පරිමාණ සහ මධ්‍ය පරිමාණ වශයෙන් වැසි රටාවක්. මේ වැස්ස එන දිශාව නිරිත, බස්නාහිර, දකුණ ආශ්‍රිතවයි ගමන් කරන්නේ. ලංකාව ඇතුළට සිසිල් සුළං ධාරාවල් වලාකුළු කැඳවාගෙන එන්නේ නිරිත දිශාවෙන්. වැඩි බලපෑමක් ඇතිවෙන ප්‍රදේශ තමයි ලංකාව හැටියට ගත්තොත් දකුණු පළාත, බස්නාහිර පළාත, සබරගමුව සහ මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම. මොකද මේ සුළං ප්‍රවාහය එන්නේ නිරිත දිශාවෙන්. එතකොට බටහිර පැත්තෙන් මධ්‍යම කඳුකරයේ වැදිලා එතැනින් එහාට ඒක යන්නේ නෑ. එතකොට මධ්‍යම පළාතත්, සබරගමුව පළාතත්, දකුණු පළාතත්, බස්නාහිර පළාතත් ප්‍රමුඛ වශයෙන් මේ වැසි රටාවට ගොදුරු වන බව පුරෝකථනය කරනවා. එතකොට මේකෙදී අපිට ඒ තරම්ම තද සැර වැසි දකින්න ලැබෙයි කඩින්කඩ වැසි ලෙස. මේක පුරෝකථනයක්. මේක නිල කාලගුණ පුරෝකථනයක් නෙවෙයි. මේ තාරකා කාලගුණ තාරකා කාලගුණය ඇසුරින් පුරවැසියන් හැටියට අපි කරන සාකච්ඡාවක්. මේකෙන් ඔබේ ජීවිතයට ගන්න පුළුවන් ප්‍රයෝජන රැසක් තියෙනවා.

ජනවාරි 06 දක්වා මෙහෙම මධ්‍ය පරිමාණයේ සහ මහා පරිමාණය වැසි රටාවල් ඇදහැලිලා ඊළඟට ජුනි 07 වැනිදා ඉඳලා ඉතා සුළු වැසි අපේක්ෂා කරන්න පුළුවන්. පරිසරයේ සෞම්‍ය කාලගුණයක් තියෙනවා. තරමක උණුසුමකුත් තියෙනවා. සුළු වැසි තියෙනවා. ඊළඟට ජුනි 09, 10, 11, 12, 13, 14 කියන කාලය අපි හඳුන්වන්නේ මෝසම් වර්ෂා සමයේ තියෙන නිවාඩු කාලය, විරාම කාලය හැටියට. ඒකෙදී තද පෑවිල්ලක් තියෙනවා. ඉඳහිට සුළු වැසි වැටෙනවා. ඒ අතරේ යම් තැනකට තද වැස්සක් වැටෙන්න පුළුවන්. හැබැයි ඒක එක දිගටම පවතින්නේ නැහැ. ජුනි මාසේ 07 වැනිදා සිට 14 වැනිදා දක්වා අපිට විරාම කාලයක් දකින්න ලැබේවි සුළු වැසි සමග උණුසුම් කාලගුණයක්. විශාලම ප්‍රශ්නය මතුවෙන්නේ ජුනි 15 ඉඳන්. වයඹ දිශාවත් දැන් මේකට එකතු වෙනවා. ඌවත් එකතු වෙනවා. එතකොට දකුණ, මධ්‍යම, බස්නාහිර, වයඹ, සබරගමුව, ඌව පළාත් පුරාම මහා පරිමාණයේ වැසි අපේක්ෂා කරන්න පුළුවන්. ජුනි 15 පටන්ගන්න මේ වර්ෂා රටාව 16, 17, 18, 19, 20, 21, 22, 23, 24, 25 කියන දින දක්වා එනවා. ඔය එක රටාවක්. එක පොකුරක්. නැවත ජුනි 26 වැනිදා ඉඳලා ලබන්නේ විරාමයක්. එතකොට සුළු වැසි, උණුසුම් සෞම්‍ය කාලගුණ තත්ත්වයක් ජුනි 26 වැනිදා සිට ජුනි 30 දක්වා බලාපොරොත්තු වෙන්න පුළුවන්. ජුනි 30 සිට නැවත ප්‍රබල වැසි සුළං අපේක්ෂා කරන්න පුළුවන්. එතකොට ජුනි 30 ආරම්භ වෙන වැසි රටාව සම්බන්ධ වෙන්නේ ජූලි මාසේ මුලට. මැයි මාසේ අග පටන්ගත්ත ඒ වැහි පොකුර ජුනි මාසේ මුලට ගිහින් සම්බන්ධ වෙනවා. මොකද මේ කාලය ජනවාරි පෙබරවාරි මාර්තු කියලා වෙන්කර ගත්තේ මිනිස්සු. ඒක ස්වභාවධර්මයේ වෙන් කිරීමක් නෙවෙයි. ඒ අනුව ජුනි මාසේ අග පටන්ගන්නා ඒ වැහි පොකුර ජූලි මාසය දක්වා යනවා.

අපි බලමු මේ වැසි රටාවෙන් මොන වගේ බලපෑමක්ද ජන ජීවිතයට ඇතිවෙන්න පුළුවන් කියලා. ප්‍රධාන වශයෙන්ම අපිට පේනවා විරාම කාල 2ක්. තද වැසි සමයන් 2ක්. ඒ කියන්නේ ජුනි මාසයේදී ලංකාවේ දකුණට, බටහිරට, මධ්‍යම පළාතේ බටහිර බෑවුම ආශ්‍රිත ප්‍රදේශයන්ට, සබරගමුවට, ඌවට සහ වයඹට සැලකිය යුතු මට්ටමේ වර්ෂාපතනයක් පැවැතීමට නියමිතයි. මේ ඔක්කොම ළඟ ළඟ දිනවලයි සිදුවෙන්නේ. කිසියම් ආකාරයේ සුළු ගංවතුර තත්ත්වයන් ඇතිවීමේ අවදානමක් තියෙනවා. එතකොට මධ්‍යම කඳුකරය ආශ්‍රිතව නායයන ස්ථානවල අනතුරු ඇඟවීම් ඊට අදාළ බලධාරීන් විසින් සිදුකරයි. මේ කාලයේ පුරවැසියෝ හැටියට අපේ අවධානය තියෙන්න ඕනේ අපි එළිමහනේ කරන කටයුතුවලදී, එළිමහනේ උත්සව සංවිධාන කිරීම්වලදී ආදියේදී යම් සොයාබැලීමක්, විමසිලිමත්භාවයකින් යුතුව ඒ කටයුතු කරන එක වැදගත්. එතකොට අපේ ජන ජීවිතවලට ඇතිවන අසීරුතාවන් පාලනය කරගන්න පුළුවන්.

බවභෝග සම්පත් සම්බන්ධයෙන් කටයුතු කරන අය බොහොම උනන්දුයි මේ කාලගුණ පුරෝකථනවලට. ඔවුන් කැමැතියි වර්ෂාව ගැන දැනගන්න. වර්ෂාව අවශ්‍ය අයට ඒක ආශීර්වාදයක් වේවි. ඉදිකිරීම් ක්ෂේත්‍රයට සම්බන්ධ අය කොහොමත් මේ ගැන සැලකිලිමත් වෙන එක හොඳයි. මොකද මේ කලාපයට නිරන්තරයෙන් වැසි ඇදහැලෙන නිසා එවැනි තත්ත්වයන් ගැන වගබලා ගන්න එක හොඳයි. ඉතින් අපි බලමු මේ පුරෝකථනයන්ට අනුව ඉදිරියේදී මොන විදියේ වෙනස්කම් සිදුවේවිද කියලා.

Wishwa Dinapotha යූටියුබ් නාලිකාවෙනි

SendShareShare
Previous Post

Tingo Cup Cake දන්සල පොසොන් පොහෝ දා මාතරදී! I Sri Lanka Latest News

Next Post

කුම්බලා මාළු කෑවා නම් විඳවාපන් බළලෝ! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

MORE NEWS

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලර් රටින් පැන්නීමේ මහා ජාවාරමක තොරතුරු එළියට! පටන් අරන් තියෙන්නේ රනිල්ගේ කාලයේ! ඩොලර් බිලියනයක කළු සල්ලි හොරෙන්ම පිටකරලා! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News
Exclusive

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News
Exclusive

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

Exclusive

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News
Exclusive

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

Load More
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලර් රටින් පැන්නීමේ මහා ජාවාරමක තොරතුරු එළියට! පටන් අරන් තියෙන්නේ රනිල්ගේ කාලයේ! ඩොලර් බිලියනයක කළු සල්ලි හොරෙන්ම පිටකරලා! I Sri Lanka Latest News

2023 වසරේ සිට මේ දක්වා ඇමරිකානු ඩොලර් බිලියනයකට ආසන්න මුදලක් නීති විරෝධී ලෙස රටින් පිටකර ඇතැයි, ජනාධිපති අනුර කුමාර දිසානායක...

Read more
කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.