• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මේ මිනිහා කිව්ව දේ ඇහුවා නම් මහින්දානන්දයි නලිනුයි අද එළියේ! හරි දේ කියන්න ගිහින් අලුත්ගමගේ පන්න පන්න ගහපු ඇන්ටන් පෙරේරා එළියට එයි! Sri Lanka Latest News

June 7, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
මේ මිනිහා කිව්ව දේ ඇහුවා නම් මහින්දානන්දයි නලිනුයි අද එළියේ! හරි දේ කියන්න ගිහින් අලුත්ගමගේ පන්න පන්න ගහපු ඇන්ටන් පෙරේරා එළියට එයි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සිදුකළ දූෂිත ගනුදෙනු සම්බන්ධයෙන්, ග්‍රාමීය ආර්ථික අමාත්‍යාංශයේ හිටපු ප්‍රධාන ගණකාධිකාරී සහ ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාවේ විමර්ශන අංශයේ හිටපු අධ්‍යක්ෂ ඇන්ටන් පෙරේරා මහතා පසුගිය 31 වැනිදා ස්වාධීන රූපවාහිනී සේවයේ පැවැති සංවාදයකට එක්වෙමින් අදහස් පළ කළා. පහත දැක්වෙන්නේ ඇන්ටන් පෙරේරා මහතාගේ එම අදහස් දැක්වීමයි. Sri Lanka Latest News

මාධ්‍යවේදියා
පසුගිය දිනෙක ඔබ මුහුණු පොතට විශේෂ සටහනක් එකතු කරලා තිබුණා. මොකක්ද එවැනි සටහනක් නිකුත් කරන්න හේතුව වුණේ?

ඒකට හේතුව වුණේ, මේ කියන වකවානුව තුළ මම තමයි ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ගණකාධිකාරිවරයා ලෙස කටයුතු කළේ. ඒ වනවිට අමාත්‍යවරයා ලෙස කටයුතු කළේ මහින්දානන්ද අලුත්ගමගේ මහතා. ඔහු විසින් පවත්වාගෙන ගිය පාලන ක්‍රමයක් තිබුණා. ඒ කියන්නේ ඔහුගේ අණසකට සියලු දෙනා යටවෙලා ඉන්න ඕනේ. එහෙම බැරි නම් යන්න ඕනේ. ඒ අනුව අක්‍රමිකතා විශාල ප්‍රමාණයක් ඒ තුළ සිදුවුණා. නිලධාරීන් බොහොම පීඩාවට පත්වෙලා හිටියේ. ඉන් එක දෙයක් තමයි කැරම් බෝඩ් සහ දාම් බෝඩ් සිද්ධිය. ඊට වඩා තවත් බොහෝ දේ තියෙනවා. එක් කරුණක් සම්බන්ධයෙන් අධිකරණය විසින් තීන්දුවක් දීලා තියෙනවා. ඒ මත තමයි අපට තිබූ සම්බන්ධය ගැන මම මුහුණු පොතේ සටහනක් දැම්මේ.

මාධ්‍යවේදියා
ඒ සිදුවීමේ සුලමුල අපිට පැහැදිලි කරන්න පුළුවන්ද?

ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ වගකීම තමයි අපේ රටේ ක්‍රීඩාව කියන එක ප්‍රවර්ධනය කිරීම. ඒ නිසා ක්‍රීඩා භාණ්ඩ බෙදාදීම කියන එක සාමාන්‍ය දෙයක්. ඒ නිසා ක්‍රීඩා අමාත්‍යාංශය එදත් අදත් වොලිබෝල්, නෙට්බෝල් වගේ දේවල් බෙදා හරිනවා. ක්‍රීඩා භාණ්ඩ මිලට ගැනීම සඳහා අමාත්‍යාංශවලට, දෙපාර්තමේන්තුවලට ප්‍රතිපාදන වෙන්කරනවා. මේ සිද්ධිය එවැනි සිද්ධියක් නෙවෙයි. ඒ කියන්නේ පාසලකට හෝ මහජනතාවට හෝ ක්‍රීඩා භාණ්ඩ අරගෙන දීමේ සිද්ධියක් නෙවෙයි. මැතිවරණයක් ඉලක්ක කරගෙන ඒ මැතිවරණය සඳහා ගම්වල පිහිටුවපු දේශපාලන කාර්යාලවල ඒ දේශපාලන ක්‍රියාකාරීන්ට සවස් වරුව ගතකිරීම සඳහා කැරම් බෝඩ් සහ දාම් බෝඩ් බෙදාදීමේ සිද්ධියක්. ඒ නිසා මේ වෙනුවෙන් අයවැයක් පිළියෙල කරලා තිබුණෙත් නෑ. අමාත්‍යාංශයට හෝ දෙපාර්තමේන්තුවට මුදල් වෙන්කරන්න පුළුවන් අයවැයකින් මුදල් සම්මත වෙලා තියෙනවා නම්. ඒ නිසා මේ කියන වසරේ ක්‍රීඩා භාණ්ඩ ඔය ආකාරයට මිලදී ගැනීම සල්ලි වෙන්වෙලා තිබුණෙත් නෑ, ටෙන්ඩර් කැඳවලා තිබුණෙත් නෑ, නිලධාරීන් කවුරුවත් සහභාගි වෙලා තිබුණෙත් නෑ. ඒ අතර තමයි මේ දේ සිද්ධ වෙලා තියෙන්නේ. මෙතැන සිදුවුණු දේ තමයි සතොස කියන ආයතනයෙන් කවුරුවත් ටෙන්ඩර් කැඳවලා තිබුණෙත් නෑ. සතොසට ඕඩර් එකක් දෙනවා කැරම් බෝඩ් සහ දාම් බෝඩ් 15,000 බැගින් සපයන්න කියලා.

මාධ්‍යවේදියා
සතොස ආයතනයට පුළුවන්ද මේ වගේ ක්‍රියාවලියකට සම්බන්ධ වෙන්න?

සතොස ආයතනය ක්‍රීඩා භාණ්ඩ ඇතුළු අනෙකුත් දේවල් ආනයනය කරන ආයතනයක්. එතකොට සතොට ආයතනයට මේ වැඩේ කරන්න පුළුවන් කිසියම් ආයතනයක් විසින් සතොසොන් ඉල්ලීමක් කරන්න ඕනේ, ටෙන්ඩරයක් වගේ දේකදී අපි මිල ගණන් කැඳවනවා, ඔබගේ මිල ගණන් ඉදිරිපත් කරන්න කියලා. එතකොට සතොසේ මේ සාමාන්‍ය ක්‍රියාවලිය වෙනවා. නමුත් මෙහිදී සතොසෙන් කවුරුවත් ටෙන්ඩර් කැඳවලත් නෑ. ක්‍රීඩා අමාත්‍යාංශයට ටෙන්ඩර් කැඳවන්න සල්ලි ඇත්තෙත් නෑ. මේක කෙළින්ම ක්‍රීඩා අමාත්‍යාංශය විසින් නියෝග කරනවා සතොසට භාණ්ඩ දෙන්න කියලා. එතකොට භාණ්ඩ බෙදන ස්ථානයක් නෑ. සතොස මේකට මැදිහත් වෙලා භාණ්ඩ සප්ලයි කරනවා.

මාධ්‍යවේදියා
මේ සිදුවීම ගැන දැනගත් අවස්ථාවේ, එම ආයතනයේ ප්‍රධානියෙක් විදියට ඔබතුමා ගත්ත ක්‍රියාමාර්ග මොනවද?

මේ සිද්ධිය පමණක් නෙවෙයි. මීට බැඳිච්ච තවත් බොහෝ දේ තිබුණා. උදාහරණයක් විදියට ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව සහ අමාත්‍යාංශය ක්‍රීඩකයන් විදේශගත කිරීම සඳහා විශාල වශයෙන් ගුවන් ගමන් බලපත්‍ර මිලදී ගන්නවා. ඒ බලපත්‍ර මිලදී ගැනීමට ඒ කාලේ බලය දීලා තිබුණේ ලංකා බැංකුවෙන් සහ මහජන බැංකුවෙන් පමණයි. ඒක භාණ්ඩාගාර චක්‍රලේඛයක් ලෙසින් තිබුණා. නමුත් මහින්දානන්ද අලුත්ගමගේ ඇමැතිවරයා ඒ කාලයේදී ක්‍රීඩා ගමන් සඳහා ගුවන් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ කොන්ත්‍රාත්තුව සම්පූර්ණයෙන්ම භාරදීලා තිබුණේ ලොහාන් රත්වත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට අයත් ‘වර්ල්ඩ්එයාර්’ කියන කම්පැනියට. ඒක සම්පූර්ණයෙන්ම නීත විරෝධීයි. එයට විරුද්ධව මම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පැමිණිල්ලක් කරලා තියෙනවා. ඊට අමතරව ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ විවිධ ඉදිකිරීම්, ක්‍රීඩාංගණ, පිහිනුම් තටාක වගේ දේවල් ඉදිකරනකොට තිබුණා අපේ රාජ්‍ය ආයතනයක් රෙඩෙකෝ කියලා. ඒ ආයතනයට මිලියන 30ක් දක්වා ටෙන්ඩර් දෙන්න පුළුවන් ටෙන්ඩර් කැඳවන්නේ නැතුව. ක්‍රීඩා සංවර්ධන දෙපර්තමේන්තුවේ සහ අමාත්‍යාංශයේ තිබුණු ටෙන්ඩර් වැඩි ප්‍රමාණයක් මිලියන 30 කෑලිවලට කඩලා දීලා තිබුණා රෙඩිකෝ ආයතනයට. රෙඩිකෝ ආයතනයෙන් ඒ ටෙන්ඩර් අරගෙන, කවිඳු බිල්ඩර්ස් ආයතනයකට ඒ කියන්නේ මහින්දානන්ද ඇමැතිවරයාගේ ඥාතිවරියක් වෙච්ච ආයෝමි අප්සරා මීතලාව කියන කාන්තාවගේ ස්වාමියාට අයත් කුණ්ඩසාලේ පිහිටි ආයතනයක්. මේ ආකාරයට අමාත්‍යාංශයේ මුදල් අවභාවිත කරන්න පුළුවන් සෑම ආකාරයටම අවභාවිත කරපු එක් අවස්ථාවක් තමයි ඔය කැරම් බෝඩ් සහ දාම් බෝඩ් සිද්ධිය. කැරම් බෝඩ් සහ දාම් බෝඩ් සිද්ධිය ආරම්භයේ මම එම ස්ථානයේ හිටියත් මේ අක්‍රමිකතාවලට විරුද්ධව කටයුතු කිරීම හේතුකොට ගෙන මට විශාල චෝදනාවක් ගොනුකරලා මහින්දානන්ද ඇමැතිවරයා සහ අධ්‍යක්ෂ ජනරාල්වරිය මාව ස්ථාන මාරු කළා. මාව ඒ ස්ථාන මාරු කරන්නෙත් පූල් එකට.

ඊට අමතරව වංචා විමර්ශන අංශයට මට විරුද්ධව බොරු පැමිණිල්ලකුත් කරනවා. ඊට පස්සේ මාව අත්අඩංගුවට ගැනීමට යනවා. මම අපේක්ෂිත ඇප දාලා ඒකෙන් බේරෙනවා. වසර එකහමාරක් විතර විමර්ශන කරලා ඉවර වුණාට පස්සේ තමයි නීතිපති දෙපාර්තමේන්තුව මාව නිදහස් කරන්නේ. ඒ අතරතුර මේ කැරම් බෝඩ් සහ දාම්බෝඩ්වලට වියදම් කරපු මුදල් පියවාගන්න බැරුව සතොසට ප්‍රශ්නයක් එනවා. ඒ අවස්ථාවේදී ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් විගණකාධිපති දෙපාර්තමේන්තුවේ විගණන අධීක්ෂණ කටයුතු කළේ ලලිත් අඹන්වල මහතා. ලලිත් අඹන්වල මහතා මේ සම්බන්ධයෙන් යම් විගණනයක් කරලා තිබුණා. ප්‍රකාශ සටහන් කරගෙන තිබුණා. එක් අවස්ථාවකදී මීට අදාළ පැමිණිල්ල පිළිබඳ දැනගන්න ලැබෙනවා. ඒ වෙනකොටත් ජනතා විමුක්ති පෙරමුණේ වසන්ත සමරසිංහ මහතා පැමිණිල්ලක් ඉදිරිපත් කරලා තිබුණා දූෂණ මර්දන ලේකම් කාර්යාලයට. නමුත් සමහර තීරණාත්මක ලේඛන තිබුණේ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවෙත් නෙවෙයි. ඒක නිසා එම තොරතුරු සොයාගෙන යෑමේදී අඹන්වල මහතාට මම කතා කළා මෙහෙම ගැටලුවක් තියෙනවා, මීට අදාළ තොරතුරු හොයා දෙන්න කියලා. එතකොට ඔහු නිශ්චිතව සඳහන් කළා මේවා මෙන්න මේ තියෙන තැන්වලයි තියෙන්නේ, අහවල් පුද්ගලයාගෙන් මේවා ලබාගන්න කියලා.

ඒ අනුව විමර්ශන කරලා මේකේ පැමිණිල්ල දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලයෙන් පොලිස්පති වෙත යොමුවුණා. පොලිස්පති විසින් එක පැමිණිල්ලක් දාලා තිබුණා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට. ඒක තමයි විභාග කරලා දූෂණය යටතේ හිටපු ඇමැතිවරයාට පසුගියදා දඬුවම් දුන්නේ.

මගේ දැනීමේ හැටියට මෙහි පොදු දේපළ අවභාවිතය සම්බන්ධයෙන් තවත් නඩුවක් පැවැත්වෙනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ. මම හිතන්නේ ඒකේ තීන්දුවත් ලැබේවි. මේක අපේ ජීවිතවලට සම්බන්ධ දෙයක්. අපේ බදු මුදල්වලට සම්බන්ධ කාරණයක්. ඒ වගේම පුද්ගලිකව මේ සමග හැප්පිච්ච නිසාම අපිට මේක විශාල වශයෙන් බලපාපු කාරණයක්.

මට මතකයි එක් අවස්ථාවකදී අමාත්‍ය මණ්ඩල කාර්යාලයේ සිටිනවා ගණකාධිකාරිවරියක් චමිලා කියලා. චමිලත් ඒ දවස්වල වැඩකරමින් සිටියේ මම සමග. අපි දෙන්නම ගෙන්නලා මහින්දානන්ද ඇමැතිවරයා කිව්වා මම කියන විදියට වැඩ කරන්න බැරි නම් දෙන්නටම යන්න පුළුවන් කියලා. ඒ අවස්ථාවේ අපි ඔහුට බය වුණේ නෑ. අපි ජනාධිපතිවරයාටම දැනුම් දුන්නා ඇමැතිවරයාට තමන්ගේ වැඩ කරගෙන යන්න කියන්න, ගණකාධිකාරිවරුන් ගණකාධිකාරිවරුන්ගේ වැඩ කරගෙන යයි කියලා. නමුත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ඒකට පියවර ගත්තේ නෑ. අවසාන වශයෙන් එතැන ලේකම් ලෙස කටයුතු කරපු අනුර ජයවික්‍රම මහතා යම්කිසි නම්‍යශීලීතාවක් දැක්වූවා මේ දූෂණ වංචාවලට විරුද්ධව. රාජ්‍ය පරිපාලන සේවයේ නිලධාරීන් සංචිතයට දමනවා වගේ ඔහුව ජනාධිපති ලේකම් කාර්යාලයට මාරු කළා. ඊට පස්සේ තමයි නන්ද මල්ලවාරච්චි මහතා එන්නේ ලේකම් විදියට. නන්ද මල්ලවාරච්චි මහතා ලවා තමයි සතොසට ඇණවුම නිකුත් කරන්නේ බඩු සප්ලයි කරන්න කියලා.

මාධ්‍යවේදියා
අපි අහලා තියෙන කතාවක් තමයි ඇමැතිවරුන්ට විතරක් වංචා දූෂණ තනියම කරන්න බෑ කියන එක? සහ දූෂිත නිලධාරීන්ගේ සහාය ඊට ලැබෙන්න ඕනේ කියන එක?

අපේ රටේ තියෙන නීති රෙගුලාසි අනුව ජනාධිපතිට හෝ ඇමැතිවරයකුට හෝ මන්ත්‍රීවරයකුට හෝ කිසිවකුට වවුචරයක් අස්සන් කරන්නවත්, චෙක් එකක් අස්සන් කරන්නවත්, මුදල් පොතක අස්සන් කරන්නවත් බෑ. ඒ නිසා ගනුදෙනුවක ප්‍රධාන දේවල් සියල්ල ක්‍රියාත්මක කරන්න තියෙන්නේ අමාත්‍යාංශයේ ලේකම්ගේ සිට පහළ නිලධාරීන්ට. ඒ නිසා දේශපාලකයන්ට හොරකම් කරන්න බෑ නිලධාරීන්ගේ සහාය නැතුව. අපේ රටේ සිද්ධ වෙලා තියෙන්නෙම දේශපාලන බලය විසින් රාජ්‍ය සේවය යටපත් කරගෙන ඒ හරහා කරපු අක්‍රමිකතා. ඒවාට හුදකලාව සටන් කරපු තැන් තියෙනවා. නමුත් සමස්තය විදියට මේකේ බලපෑම මත නිලධාරීන්ට කරන්න වෙලා තිබුණා. මේ බලපෑම මත සමහර නිලධාරීන් තමන්ගේ බඩගෝස්තරයත් මේකෙන් හදාගත්තා. ඇමැතිවරයාගේ බලපෑම මත කරන්න ඕනේ කියලා කරපු දේවල් තිබුණා. හැබැයි ඉතා හොඳ පණිවුඩයක් දැන් දීලා තියෙනවා මේ නඩු තීන්දුවෙන්. මීට පෙර විධායකය, ව්‍යවස්ථාදායකය, පළාත් සභා බලය, පළාත් පාලන ආයතනවල බලය තිබුණු දේශපාලකයන් තමයි රාජ්‍ය සේවයට උඩින් හිටපු ප්‍රධානම දූෂිත කණ්ඩායම. වර්තමානයේ ජනාධිපතිවරයා හෝ ඇමැතිවරුන් හෝ මන්ත්‍රීවරුන් හෝ මේ දූෂිත ක්‍රියාවලට සම්බන්ධ නැහැ. වර්තමාන ආණ්ඩුවේ ඒ දූෂණය කියන කාරණය නැහැ දේශපාලකයන්ට අදාළව. ඒ නිසා එතැනින් යට තියෙන ස්ථරය නිලධාරීන්. ඔවුන්ට තර්කානුකූලව ඉහළින් රැකවරණයක් ලැබෙන්නේ නෑ මේ දූෂණ ක්‍රියාවලියට. ඔවුන්ට සිද්ධ වෙනවා අනිවාර්යයෙන් වැඩකරන්න.

මොකද ඔවුන් තමයි ගනුදෙනු ක්‍රියාත්මක කරන අය. ඔවුන්ට විශේෂ වගකීමක් තියෙනවා රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් නිකුත් කරලා තියෙන කාර්ය පටිපාටි සංග්‍රහයෙත් ඒක තියෙනවා. පොදු දේපළ ආරක්ෂා කිරීමද, විනාශ වීමෙන් වළක්වා ගැනීමද රජයේ නිලධාරීන්ගේ යුතුකම වන්නේය කියලා. ඒක නිසා දැන් තියෙනවා යුතුකම ඉටුකරන්න කාලය. උඩින් තියෙනවා විධායකය, ව්‍යවස්ථාදායකය ඇතුළු දේශපාලන තන්ත්‍රය. ඒ දේශපාලන තන්ත්‍රය දූෂණයට වංචාවට සම්බන්ධ නෑ. ඒ නිසා දැන් රටේ මිනිස්සු වෙනුවෙන් තමන්ගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ පැවරිලා තියෙන, කාර්ය පටිපාටි සංග්‍රහයේ තියෙන වගකීම ඉටුකිරීමේ කාරණය තමයි තියෙන්නේ රාජ්‍ය සේවකයන්ට. එහෙම නොකළොත් ප්‍රතිඵල ඉතා නරකයි. මීට කලින් නම් ඒක භුත්ති විඳන්න දේශපාලකයෝ හිටියා. කොටසක් දේශපාලකයන්ට ගියේ, කොටසක් නිලධාරීන්ට ගියේ. දැන් දේශපාලකයන් මෙතැන නැහැ. ජනාධිපතිවරයා මෙතැන නැහැ. ඇමැතිවරු නෑ. මේ හොරකම් කරන සංස්කෘතිය ඇතුළේ. මන්ත්‍රීවරු නෑ. ඒ නිසා තවදුරටත් හොරකම් කරනවා නම් දෙපාරක් හිතලා බලන්න කියලා තමයි කියන්නේ. රජයේ සේවකයෙක් විදියට තමන්ගේ වගකීම ඉටුකරන්න මම හිතන්නේ රාජ්‍ය සේවකයොත් සූදානම් විය යුතුයි දැන්. එහෙම නැත්නම් තත්ත්වය ටිකක් නරක වෙන්න පුළුවන්.

මාධ්‍යවේදියා
අපි දකිනවා දූෂිත ක්‍රියාවලට ඍජුව සහ වක්‍රව සම්බන්ධ විශාල පිරිසක් හෙළිදරව් වෙන ආකාරය. මේ තත්ත්වය වෙනස් කරන එක අභියෝගයක් නෙවෙයිද?

ඔබ දකින්න ඇති රජයේ නිලධාරීන්ට වඩා ඉතා විශාල බලවත් තැන්වල තමයි මහින්දානන්ද වගේ ඇමැතිවරු හිටියේ. රාජ්‍ය බලය තිබුණා, දේශපාලන බලය තිබුණා, මැර බලයත් තිබුණා. ඔවුන්ට අධිකරණයෙන් දඬුවම් ලැබෙන කොට ඔවුන් වීරයෝ නොවුණ බව කවුරුත් දන්නවා. ඔවුන්ට සිද්ධ වෙලා තියෙන දේ අනුව මේක ඇතුළේ කවුරුවත් වීරයෝ නෑ. විශේෂයෙන්ම හොරු සහ වංචාකාරයෝ අතර වීරයෝ නෑ. ඒ නිසා රාජ්‍ය නිලධාරීන් අතරෙත් වීරයෝ නෑ. හොරකම් කරන ක්ෂේත්‍රයට ගිහිල්ලා වීරයෝ වෙන්න බෑ. ඒ නිසා මේක හදන්න ලේසියි. මේ නිලධාරීන් දැනගත යුතුයි රටේ මහජනතාව ඉන්නවා. රටේ නීතියක් තියෙනවා. නීතියට අනුව කටයුතු නොවීම නිසා යම් ඉඩක් තියෙන්න ඇති ඔය විදියට කටයුතු කරන්න ඇති. මම හිතන්නේ අල්ලස් කොමිෂන් සභාව වුණත් ඉතා තදබල විදියට කටයුතු කරමින් ඉන්නවා. කෝප් කමිටුවත් වෙනදට වඩා ගොඩක් ප්‍රශ්න කරමින් ඉන්නවා. ඒ නිසා මේ ආපු වේගෙට තව පොඩ්ඩක් ඉස්සරහට තල්ලු වෙලා යයි. එක සැරේ බ්‍රේක් ගහන්නේ නෑනේ බස් එකක් වුණත්. ඒ නිසා මේ දූෂණ වංචාවලින් පොඩි පොඩි දේවල් තව මාස දෙක තුනක් ඉස්සරහට යයි. ඊට පස්සේ ඔවුන්ට දඬුවම් ලැබෙන කොට මම හිතන්නේ රාජ්‍ය සේවය අනිවාර්යයෙන්ම මීට වඩා හොඳ තැනකට යයි.

ITNnews ෆේස්බුක් පිටුවෙනි
සැකසුම – චානක ලියනගේ

SendShareShare
Previous Post

චෝදනා 20ක් තිබ්බ කෙනෙක්ට වෙසක් පෝදා ජනාධිපති සමාව දීපු සිද්ධියේදී ලොකු නිලධාරියෙක් ගේමක් ගහලා වගේ! ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් හදිසි නිවේදනයක්! අනුර අත්සන් කරපු ලයිස්තුවේ මේ සිරකරුගේ නම තිබිලා නෑ! CIDයටත් පැමිණිලි කරලා! බලමු ගේම ගහපු නිලධාරියා කව්ද-ගේම ගහලා තියෙන්නේ කොහොමද කියලා! I Sri Lanka Latest News

Next Post

Tingo Cup Cake දන්සල පොසොන් පොහෝ දා මාතරදී! I Sri Lanka Latest News

MORE NEWS

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

Load More
ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

විවිධ වගාවන් පෙන්වමින් කිසිදු ආයතනයකට මහජනතාවගෙන් මුදල් එකතු කිරීම කළ නොහැකි බවත්, එය නීති විරෝධී බවත් මහබැංකුව පවසයි.Sri Lanka Latest...

Read more
පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.