• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නිෂ්පාදන ආර්ථිකයක් හදන්න ආපු ආණ්ඩුවට වෙච්ච දේ? පැල්වත්තට-සෙවණගලට ආණ්ඩුව මොකද්ද මේ කරන්න හදන්නේ? තේ කම්හල් හෝ ගාලා වැහෙන්නේ ඇයි? රෙද්ද පල්ලෙන් බේරෙන මාලිමාවේ දේශපාලන සදාචාරය! VIDEO I Sri Lanka Latest News

June 6, 2025
in Exclusive
Reading Time: 7 mins read
A A
13 හදිසියේම එළියට ආපු හේතුව සජබ මන්ත්‍රී සුජිත් සංජය හෙළිකරයි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වුයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා මහතාය.Sri Lanka Latest News

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ පැවැසීය,

‘‘ජනාධිපතිවරයාගේ සහ ආණ්ඩුවේ බලය යොදවා ජාතික ජනබලවේගයට පළාත් පාලන ආයතන 161 ක පමණයි බලය තහවුරු කිරීමට හැකියාව ලැබුණේ. ඒ වගේම පළාත් පාලන ආයතනවල බලය ලබාගැනීමට ආණ්ඩුව නොයෙකුත් බලපෑම් එල්ල කළා. ඒ වගේම ඉතිහාසයේ පළමු වතාවට ජනාධිපතිවරයෙක් පළාත් පාලන මැතිවරණයට සෘජුව මැදිහත් වුණෙත් මෙවර පළාත් පාලන මැතිවරණයේදී. ඒ වගේම ජනාධිපතිවරයා පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් පවත්වපු රැස්වීම් වලදී ජනතාවට අනියම් ආකාරයට බලපෑම් එල්ල කරන්න ජනාධිපතිවරයා කටයුතු කළා. පළාත් පාලන ආයතන සියල්ල ආණ්ඩුව හිමි දේශපාලන පක්ෂය සතු විය යුතු බව තමයි ආණ්ඩුව දිගින් දිගටම මැතිවරණ වේදිකාවලදි ප්‍රකාශ කළේ. පළාත් පාලන ආයතනවලට අවශ්‍ය ප්‍රතිපාදන ලබාදීම සිදුකරන්නේ එසේ සිදුකළොත් පමණක් බවද ජනාධිපතිවරයා මැතිවරණ වේදිකාවලදී ප්‍රකාශ කළා. කෙසේ නමුත් ජනාධිපතිවරයා එලෙස විවිධ බලපෑම් එල්ල කළත් පළාත් පාලන මැතිවරණයේදී සුවිශේෂි ජයග්‍රහනයක් ලබාගන්න ආණ්ඩුවට හැකියාවක් ලැබුණේ නෑ. ඒ වගේම ආණ්ඩුවට විරුද්ධව විරුද්ධ පක්ෂය පෙළ ගැසී සිටින ආකාරයක්ද දකින්න ලැබෙනවා.

ඒ වගේම දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් ඒකරාශි වී බහුතරය නැති පළාත් පාලන ආයතනවල බලය පිහිටුවිම ප්‍රජාතන්ත්‍රවිරෝධි ක්‍රියාවක් බව ආණ්ඩුවේ ඇතැම් මැති ඇමැතිවරු ප්‍රකාශ කරනවා. එය ජනතා මතය නොවන බව කියමින් ආණ්ඩුව යම් මතයක් සමාජ ගත කිරීමට උත්සහ දරනවා. ඒ වගේම ආණ්ඩුවට විරුද්ධව විශාල ජනතාවක් මෙවර පළාත් පාලන මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කර තිබෙනවා. ඒ නිසා විරුද්ධ පක්ෂ ඒකරාශි කොට ආණ්ඩුවට බහුතරය නැති පලාත් පාලන ආයතනවල බලය තහවුරු කිරීම ප්‍රජාතන්ත්‍ර විරෝධි ක්‍රියාවක් නෙවෙයි. ඒ වගේම මීට පෙරත් දේශපාලන පක්ෂ එකතු වෙලා තිබෙනවා. ආණ්ඩු නිර්මාණය කිරීමටත් දේශපාලන පක්ෂ එකතුවෙලා තිබෙනවා. ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණත් පෙර පැවැති ආණ්ඩුව සමඟ එකතුවෙලා වැඩකරපු ඉතිහාසයකුත් තිබෙනවා. ජනතා විමුක්ති පෙරමුණට ආණ්ඩු බලය හිමි පක්ෂ සමඟ එකතුවී ආණ්ඩු පිහිටුවීම හොදයි නම් පළාත් පාලන මැතිවරණයේදී විපක්ෂයේ පක්ෂ එකතු වී බලය පිහිටුවීම නීති විරෝධි වන්නේ කෙසේද කියලා අපි ආණ්ඩුවෙන් අහන්න කැමැතියි.

ඒ වගේම කොළඹ මහ නගර සභාවේ බලය ලබාගන්නා බවද ආණ්ඩුව දිගින් දිගටම ප්‍රකාශ කරනවා. නමුත් විරුද්ධ පක්ෂයට බහුතර බලයක් තිබෙන අවස්ථාවක ජාතික ජනබලවේගය කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවන්නේ කෙසේද කියන ප්‍රශ්නය ඇතිවෙනවා. කෙසේ නමුත් ආණ්ඩුව විශේෂ අවදානයක් යොමු කළ කොළඹ මහ නගර සභාවේ බලය පැහැදිලි බහුතරයකින් සමගි ජනබලවේගය ප්‍රමුඛ විපක්ෂයේ කණ්ඩායම් ජයග්‍රහනය කරන බවට පැහැදිලි ලෙසම සඳහන් කළ හැකියි. ඒ වගේම ආණ්ඩුවට බහුතරය නැති අනෙකුත් පළාත් පාලන ආයතනවල බලය තිබෙන්නෙත් විපක්ෂයේ කණ්ඩායම්වලට. එම විපක්ෂයේ කණ්ඩායම් ඒකරාශි වී සමගි ජනබලවේගයේ මුලිකත්වයෙන් එම පළාත් පාලන ආයතනවල බලය ලබාගැනිමට කටයුතු කරනවා.

ඒ වගේම ආණ්ඩුව මේ වනවිට සභිකයන් ජාතික ජනබලවේගයට එකතු කරගැනිමට විවිධ කුමන්ත්‍රණ දියත් කරමින් සිටිනවා. ඒ වගේම විරුද්ධ පක්ෂවල , ස්වාධින කණ්ඩායම්වල අපෙක්ෂකයන් බිලි බා ගැනිම සඳහා ආණ්ඩුව ඔවුන්ට විවිධ වරදාන වරප්‍රසාද ලබාදිමට කටයුතු කරමින් සිටින බවට ද තොරතුරු වාර්තා වෙනවා. ඒ වගේම ආණ්ඩුවේ මැති ඇමැතිවරු විපක්ෂයේ සභිකයන් සහ ස්වාධින කණ්ඩායම්වල නියෝජිතයන් හමුවී සාකච්ඡාද පවත්වා තිබෙනවා. කෙසේ නමුත් ජාතික ජන බලවේගය බලයට පැමිණියේ පිරිසිදු දේශපාලනයක් රට තුළ ඇතිකරනවා කියන පොරොන්දුව ජනතාවට ලබාදෙමින්. ඒ වගේම විවිධ වරදාන වරප්‍රසාද ලබාදී මන්ත්‍රීවරු ඔවුන්ගේ පක්ෂයට ලබා නොගන්නා බවත් ජාතික ජන බලවේගය මැතිවරණ වේදිකාවල දිගින් දිගටම ප්‍රකාශ කළා. කෙසේ නමුත් ජාතික ජනබලවේගය මැතිවරණ වේදිකාවල කියපු ඒ දේශපාලන සදාචාරය අද වනවිට දකින්න ලැබෙන්නේ නෑ.

ඒ වගේම ආණ්ඩුව වගේම පළාත් පාලන මන්ත්‍රීවරු වරදාන වරප්‍රසාද ලබාදී බිලි බා ගැනිමට සමගි ජන බලවේගය කටයුතු කරන්නේ නෑ. අපි එවැනි වැරදි පුර්වාදර්ශ රටට ලබාදෙන්නේ නෑ. ආන්ඩුවට විරුද්ධව විපක්ෂයට ඡන්දය දුන්න සියලු දෙනා සමඟ ඒකරාශි වී ආදර්ශමත් නගර සභාවක් , ආදර්ශමත් ප්‍රාදේශිය සභාවක් පිහිටුවීමට තමයි අපි කටයුතු කරන්නේ. ඒ සඳහා විපක්ෂයේ දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් සමගි ජනබලවේගය සහාය ලබාදේවි කියලා අපි විශ්වාස කරනවා.

ඒ වගේම රට තුළ නිෂ්පාදන කර්මාන්තශාලා ඇති කර බව ජාතික ජනබලවේගය බලය ලබාගැනිමට පෙර ප්‍රකාශ කළා. නමුත් අද වනවිට කර්මාන්ත ක්ශ්‍රේත්‍රය බරපතල කඩාවැටිමකට ලක් වී තිබෙනවා. ඒ වගේම කර්මාන්තවල සේවය කරන සේවකයන්ගේ රැකියාවල සුරක්ෂිතභාවය , කර්මාන්ත ආරක්ෂා කිරීම සම්බන්ධව නොයෙකුත් ගැටලු ඇති වී තිබෙනවා. ඒ වගේම ගොවීන්ට නිසි ආකාරයට පොහොර නොලැබිම නිසා රටේ සහල් කර්මාන්තයද යම් අවිනිශ්තිත භාවයකට ලක්වී තිබෙනවා. ඒ නිසා සහල් ආනයනය කිරීමට මේ වනවිට සිද්ධ වී තිබෙනවා. එ් වගේම ආණ්ඩුව බලය ලබාගෙන මසා 7 ක් පමණ ගතවී තිබෙනවා. එම කාලය තුළදිවත් සහල් ආනයනය අවම කරගැනිමට ආන්ඩුවට හැකියාවක් ලැබිලා නෑ. ඒ වගේම රටේ සහල් නිෂ්පාදය වැඩි කිරිමට ආණ්ඩුව කිසිදු වැඩපිළිවෙළක් සකස් කරලා නෑ. ඒ වගේම ලුණු ආනයනය කිරීමට ජාතික ජනබලවේග රජය කටයුතු කරන්නේ නැ කියලා ප්‍රකාශ කළා. ඒ වගේම ලුණු නිෂ්පාදනය ශක්තිමත් කරන්න කර්මාන්තශාලා ඇතිකරන බවත් සුනිල් හදුන්නෙත්ති ඇමැතිවරයා ප්‍රකාශ කළා. ලුණු වලින් ලංකාව ස්වයංපෝෂිත කරන බවත් ඔහු ප්‍රකාශ කළා. නමුත් අවසානයේ වර්තමාන ආණ්ඩුවට ලුණු ආනයනය කරන්න සිද්ධ වෙලා තිබෙනවා. ඒ වගේම රටේ පොල් හිගයක් පැවැතුණා. රටේ පොල් නිෂ්පාදනය වැඩි කරන්න ආණ්ඩුව කිසිදු පියවරක් ගත්තේ නෑ. එ් වගේම අවුරුදු 70 වකට පසු පළමු වතාවට පොල් කිරි නැවක් ලංකාවට එනවා. මේ අනුව බැලුවහම රටේ ජනතාවට අවශ්‍ය සියල්ල ආනයනය කරන්න වර්තමාන ආණ්ඩුව කටයුතු කරලා තිබෙනවා. කෙසේ නමුත් ජාතික ජනබලවේගය ප්‍රකාශ කළේ ලංකාව තුළ නිෂ්පාදන ආර්ථිකයක් ඇති කරනවා කියලයි. ඒ වගේම රටේ ඩොලර් සංචිත වැඩි කරගත යුතු අවස්ථාවක රටට අවශ්‍ය අත්‍යාවශ්‍ය භාණ්ඩ ගෙන ඒමට විශාල ඩොලර් ප්‍රමාණයක් වැය කිරිමට සිදුව තිබෙනවා.
රටේ ඩොලර් සංචිත වැඩි කර ගැනිමට ආණ්ඩුව සහ ජනාධිපතිවරයා කිසිදු පියවරක් ගන්නා බවක් නම් පෙනෙන්නට නැහැ.

ඒ වගේම රටේ ඇඟලුම් කර්මාන්තයත් අනිවිශ්චිත තත්ත්වයක තිබෙන්නේ. අධික පිරිවැය සහ අධික විදුලි බිල හේතුවෙන් ලංකාව තුළ ඇඟලුම් කර්මාන්තශාලා පවත්වාගෙන යාමට නොහැකි බව ඇගලුම් කර්මාන්තශාල හිමියන් ප්‍රකාශ කරනවා. මේ සඳහා ආණ්ඩුව කිසිදු විසදුමක් මේ වනතෙක් ලබාදි නෑ. ඒ අනුව රටේ ඇගලුම් කර්මාන්තශාලා දැඩි අර්බුදයකට මුහුණ දී තිබෙනවා. ඒ වගේම අතිතයේ කර්මාන්තශාලා විනාශ කරපු පිරිසක් තමයි අද රටේ බලය ලබාගෙන තිබෙන්නේ. ඒ නිසා ඔවුන්ට රටේ කර්මාන්ත ශක්තිමත්ත කරන්න කිසිදු අවශ්‍යතාවයක් නැ. ඒ වගේම කර්මාන්තශාලා පවත්වාගෙන යාමට කිසිදු දැනුමක් වර්තමාන ආණ්ඩුවට නෑ. ඔවුන්ට අවශ්‍ය වන්නේ රටේ කර්මාන්තශාල වසා දැමිමට. ඒ වෙගේම තේ කර්මාන්තශාලාත් මේ වනවිට අර්බුද රැසකට මුහුණ දී තිබෙනවා. ඒ වගේම කුඩා තේ කර්මාන්තශාලා 225 ක් වැසි ගොස් තිබෙනවා. මෙම කර්මාන්තශාලා වැසිමට හේතුව ආන්ඩුව සොයා බැලිය යුතුයි. ඒ වගේම අධික ඉන්ධන මිල සහ අධික විදුලි බිල නිසා තේ කර්මාත්ශාලා පවත්වාගෙන යාමට නොහැකි බව තමයි තේ කර්මාන්තශාලා හිමියන් ප්‍රකාශ කරන්නේ. ඒ වගේම කුඩා තේ වතු හිමියන් අද දැඩි අසිරුවකට පත්ව සිටිනවා. තේ දලු කිලෝවකට ඔවුන්ට ලැබෙන මුදල ප්‍රමාණවත් නෑ. මේ නිසා කුඩා තේ වතු හිමියන් තේ කර්මාන්තයෙන් ඉවත්වෙන තත්ත්වයක් පෙනෙන්න තිබෙනවා. ඒ වගේම පැලවත්ත සහ සෙවනගල සිනි කර්මාන්තශාලාව අඛණ්ඩව පවත්වාගෙන යාමට ආණ්ඩුවට හැකියාවක් නෑ. ඒ වගේම පැලවත්ත සහ සෙවනගල සිනි කර්මාන්තශාලාව රටේ දැවැන්ත ව්‍යාපාරිකයෙකුට ලබාදිමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවට අපට තොරතුරු වාර්තා වෙලා තිබෙනවා.

ඒ වගේම ජනාධිපතිවරයා බදු සතියක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. එහිදි ජනාධිපතිවරයා ව්‍යාපාරිකයන්ට ප්‍රකාශ කරනවා රජයෙන් කිසිදු බදු සහනයක් ඉල්ලන්න එපා කියලා. ඒ වගේම කර්මාන්තශාලා පවත්වාගෙන යන්න අවශ්‍ය පහසුකම් ලබා දෙන බවත් ජනාධිපතිවරයා එහිදි ප්‍රකාශ කර තිබෙනවා. නමුත් ජනාධිපතිවරයා විපක්ෂයේ සිටින විට ප්‍රකාශ කළේ රජය බදු අයකරන අවස්ථාවල බදු ගෙවිම් සිදුකරන්න එපා කියලා. ජනාධිපතිවරයා විපක්ෂයේ සිටින විට බදු ගෙවන්න එපා කියලා රටේ ජනතාවටත් ප්‍රකාශ කළා. නමුත් දැන් ජනාධිපතිවරයා ප්‍රකාශ කරනවා බදු සහන ඉල්ලන්න එපා කියලා. ඒ වගේම කර්මාන්තශාලා ආරම්භ කරන්න විදුලිය දෙන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කරනවා. ඒ බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළ යුතු නෑ. කර්මාන්තශාලාවක් ආරම්භ කරනවිට එහි හිමිකරුට ලංවීමට ඉල්ලුම්පත්‍රයක් යොමු කරලා විදුලිය ලබාගන්න හැකියාව තිබෙනවා. ඒ වගේම ජල පහසුක්ම දෙන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කරනවා. ඒ සඳහාත් අවශ්‍ය කටයුතු ජල සම්පාදන මණ්ඩලය හරහා සිදු කරගැනිමට හැකියාව තිබෙනවා. මෙවැනි දේවල් ප්‍රකාශ කරනවා මිසක කර්මාන්තශාලා හිමියන්ට සහනයක් ලබාදෙන වැඩපිළිවෙලක් ගැන ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ නෑ. මේ ආකාරයට නිෂ්පාදන ආර්ථිකයක් ජනාධිපතිවරයා ගොඩනගන්නේ කොහොමද.

ඒ වගේම මාධ්‍ය සංදර්ශනවලින් ඉදිරියට ගමන් කරනවා මිසක රටේ පැහැදිලි සංවර්ධනයක් පෙනෙන්න නෑ. ඒ වගේම පැහැදිලි වැඩපිළිවෙලක් තුළ ආන්ඩුව ගමන් කරන බවක් අපට පෙනෙන්න නෑ. ඒ වගේම ශ්‍රී ලංකා ගුවන් සමාගමට ගුවන් යානයක් ගෙනවා. එම ගුවන් යානය වසර 14 ක් පැරණි ගුවන් යානයක්. ගුවන් යානා ඕනෑ තරම් ලංකාවට ගෙනත් තිබෙනවා. මෙම ගුවන් යානයත් බදු ක්‍රමයට තමයි ලබාගෙන තිබෙන්නේ. ඒ වගේම ශ්‍රී ලංකා ගුවන් සමාගමේ පාඩුම ඩොලර් බිලියන 2 කට වඩා වැඩියි. ඒ වගේම 2025 පළමු කාර්තුවේ ශ්‍රී ලංකා ගුවන් සමාගම රුපියල් බිලියනයක් පාඩුයි. ශ්‍රී ලංකා ගුවන් සමාගම පෞද්ගලික අංශය සමඟ සම්බන්ධ කර ශ්‍රී ලංකා ගුවන් සමාගම ණය බරින් මුදවා ගැනිමේ වැඩපිිවෙලක් සකස් කළ යුතුයි. නමුත් අවසානයේ තවත් ගුවන් යානයක් ගෙනැවිත් ශ්‍රී ලංකා ගුවන් සමාගමේ ණය බර තවත් වැඩිවුණ එක පමණයි සිදුවුණේ.

ඒ වගේම ආණඩුව ප්‍රකාශ කරනවා වර්තමානයේ තිබෙන්නේ දියාරු විපක්ෂයක් කියලා. එය සම්පුර්ණයෙන් අසත්‍ය ප්‍රකාශයක්. ආණ්ඩුව ගත්ත වැරදි තින්දු තිරණ වෙනුවෙන් විපක්ෂය දිගින් දිගටම පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් හඩ නැගුවා. රටේ ඇතිවුණ සෑම ප්‍රශ්නයකදීම විපක්ෂය හඩ නැගුවා. ඒ නිසා විපක්ෂය දියාරුයි කියලා ආණ්ඩුව කිසිසේත්ම චෝදනා එල්ල කිරීමට හැකියාවක් නෑ. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රටේ ප්‍රශ්න පාර්ලිමේන්තුව තුළ ඉදිරිපත් කිරිමේදී එතුමා පාර්ලිමේන්තුව තුළ කතා කරනවා වැඩියි කියලා ආණ්ඩුව චෝදනා එල්ල කළා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අනෙකුත් දේශපාලන කණ්ඩායම් සමඟද එකතුවී විපක්ෂයේ කාර්යය භාර්යය සාර්ථක ලෙස ඉදිරියට කරගෙන යනවා. ඒ වගේම රටේ ප්‍රශ්න ජනතාවට පෙන්වා දීම විපක්ෂයක් ලෙස අපි දිගින් දිගටම පෙන්වා දෙනවා.‘‘

SendShareShare
Previous Post

වරාය ඇතුළේ ලොකු අර්බූදයක්! ජුනි 30 වෙද්දි නැගෙනහිර පර්යන්තය කීයටවත් විවෘත කරන්න බෑ! මාලිමා ආණ්ඩුවෙන් දාපු දැනුමක් නැති කළමනාකාර අධ්‍යක්ෂවරයා ජනාධිපතිතුමාවත් නොමග යවලා! ඇත්තම කිව්වොත් ‘මැනේජ්මන්ට් එකක් නැත’! VIDEO I Sri Lanka Latest News

Next Post

රාජ්‍ය උත්සවයකට ලක්ෂ 276ක් වියදම් කිරීමේ සිද්ධියට ගෝඨාගේ-භාතිය සන්තුෂ්ගේ නමත් ගෑවෙයි! සැකකරුවන් ලෙස නම්කරන්න! සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා අධිකරණයෙන් විශේෂ ඉල්ලීමක් කරයි!  I Sri Lanka Latest News

MORE NEWS

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News
Exclusive

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව  බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

Load More
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...

Read more
මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.