බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධව ප්රකාශයක් ලබා දීම සදහා හිටපු අගමැති රනිල් වික්රමසිංහ මහතා හට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණෙන ලෙසට දැනුම් දීමක් කර ඇත.
ඒ අනුව ලබන සිකුරාදා (03) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු වෙත පැමිණෙන බව වික්රමසිංහ මහතා දැනුම් දී තිබේ.
බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධව හිටපු ජනාධිපති සහ අගමැති වෙතින් ප්රකාශ ලබාගැනීමට නීතිපති නිකුත්කළ නියෝගය මත මෙම කැදවීම සිදු කර ඇත.
කෙසේවෙතත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (29) දිනයේ නැවත වතාවක් වික්රමසිංහ මහතාට දැනුම් දී ඇත්තේ හෙට (30) දිනයේදී ප්රකාශයක් ලබා දීම සදහා පැමිණෙන ලෙසකි.
නමුත් හෙට දිනයේදී යොදාගත් වැඩ කිහිපයක් ඇති බැවින් එම ඉල්ලීම ප්රතික්ෂේප කිරීමට වික්රමසිංහ මහතා පියවර ගෙන ඇත.










