අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පෙරේදා රාත්‍රී 8.00 සිට අද උදෑසන 8 ට දක්වා වූ කාලය තුළ විදුලි බිඳ වැටීම් සම්බන්ධව පැමිණිලි 55, 940ක් ලැබී ඇති බව විදුලි බල මණ්ඩලය ප්‍රකාශ කළා. Sri Lanka Latest News
ඔවුන් කියා සිටියේ ඉන් යථා තත්වයට පත් කිරීමට හැකිව ඇත්තේ, බිද වැටීම් 17,460ක් බවයි.
විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු ධම්මික විමලරත්න කියා සිටියේ, අනෙකුත් බිඳ වැටීම් කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු සිදු කෙරන බවත් ඒ අනුව පැය 24ක කාලය තුළ දිවයින පුරාම එම විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට පත් කිරීමට හැකියාව පවතින බවයි.
එමෙන්ම මේ වන විටත් විදුලි බල සැපයුම යථා තත්ත්වයට පත් වී නොමැති නම් හෝ විදුලි රැහැන් කඩා වැටීම් ආදි සිදුවීම් වාර්තා වන්නේ නම් විදුලිබල මණ්ඩලයේ 1987 අමතා දැනුවත් කරන ලෙසයි ඔහු වැඩිදුරටත් ඉල්ලා සිටියා.
මේ අතර, හැටන් ප්‍රදේශය හරහා ඊයේ හමා ගිය දැඩි සුළගකින් රුවන්පුර ජනපදය, හැටන් කුඩාගම, හැටන් සිත්තරවත්ත සහ දික්ඔය යන ප්‍රදේශවල නිවාස රැසකට හානි සිදු ව ඇති අතර අධි බලැති විදුලි රැහැන් සහ විදුලි කණු ද කඩා වැටී තිබෙනවා.










