ජපානයේ ” ජයිකා ” ආයතනයේ ණය ආධාර මත ඉදි කිරිමට සැලසුම්කොට තිබූ කොළඹ සැහැල්ලු දුම්රිය ”Light Rail” ව්‍යාපෘතිය පුද්ගලීකරණය කිරීමට හෙවත් පුද්ගලික අංශය මඟින් ඉදි කිරිමට තීරණය කළ බවට නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ප්‍රියත් බන්දු මහතා විසින් කළ ප්‍රකාශය මුල් කරගෙන’ජයිකා’ ආයතනයේ ප්‍රධානියා භාණ්ඩාගාර ලේකම් එස්.ආර්. ආටිගල මහතා වෙත චෝදනාත්මක ලිපියක් එවා ඇති බව දැනගන්නට ඇත.
නාගරික සංවර්ධන ලේකම් ප්‍රියත් බන්දු මහතාගේ හැසිරීම පැහැදිලි කරන ලෙස ඉල්ලා ජයිකා ප්‍රධානී ෆ්‍රසාටෝ මහතා විසින් එසේ දැඩි භාෂාවකනි යුතුව යවා ඇති ලිපියට භාණ්ඩාගාර ලේකම්වරයා විසින් මේ වන තුරු පිළිතුරු යවා නැති බව ද වාර්තා වේ.
මාලඹේ සිට කොටුව දක්වා කණු මත දිවෙන සැහැල්ලු දුම්රිය ඉදිකිරීම ඉකුත් රජය සමයේ ජපානයේ ජයිකා ආයතනය වෙත ලබා දී තිබූ අතර වත්මන් රජය බලයට පත්වීමත් සමග එම ව්‍යාපෘතිය අතරමග නතර කිරීමට පියවර ගැණින.
එමෙන්ම මාධ්‍ය වාර්තා කොට තිබුණේ ආණ්ඩුව එම ව්‍යාපෘතිය සදහා වෙනත් ආයෝජකයකු සොයමින් සිටින බවය.











