• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දැන්වත් කනගාටු වෙනවද? සමාව ඉල්ලනවද? Sri Lanka Latest News

May 31, 2025
in Exclusive
Reading Time: 5 mins read
A A
දැන්වත් කනගාටු වෙනවද? සමාව ඉල්ලනවද? Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පිනී මාලනී ෆොන්සේකා මහත්මියගේ අවසන් කටයුතු වෙනුවෙන් රාජ්‍ය ගෞරව ලබාදෙන බව ආණ්ඩුව මුලින් පවසා තිබුණද, අවසානයේ එම කටයුතු පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව පමණක් සිදුකිරීමට කටයුතු කළේ යැයි මේ වනවිට ආණ්ඩුවට චෝදනා එල්ල වෙමින් පවතිනවා. ඒ සම්බන්ධයෙන් පසුගිය 27 වැනිදා පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කළා. පහත පළවන්නේ එහිදී නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා ලබාදුන් පිළිතුරුය. Sri Lanka Latest News

මාධ්‍යවේදියා
නිළි රැජින මාලනී ෆොන්සේකා මහත්මියගේ අවසන් කටයුතු සිද්ධ වෙච්ච ආකාරය සම්බන්ධයෙන් මේ වෙද්දී සමාජ මාධ්‍ය තුළත් සමාජය තුළත් විශාල කතිකාවක් ඇතිවෙලා තියෙනවා. 2025.05.24 ජනාධිපති මාධ්‍ය අංශයෙන් පළමු නිවේදනය නිකුත් කළේ රාජ්‍ය අනුග්‍රහය යටතේ අවසන් කටයුතු සිද්ධ වෙනවා කියලා. ඊට පස්සේ යළිත් නිවේදනයක් එනවා රාජ්‍ය ගෞරවය සහිතව අවසන් කටයුතු සිද්ධ වෙනවා කියලා. අපි අවසන් වශයෙන් ගත්තොත් ඊයේ දිනයේදී රාජ්‍ය අනුග්‍රහය යටතේ තමයි අවසන් කටයුතු සිද්ධ වුණේ. සමාජ මාධ්‍ය තුළත්, සමාජය තුළත් දැඩි ලෙස ප්‍රශ්න කරනවා හෙළයේ නිළි රැජින මාලනී ෆොන්සේකලා ලංකාවට හිටියේ එක්කෙනයි. එහෙම තත්ත්වයක ඇයි රාජ්‍ය ගෞරවය දැක්වූයේ නැත්තේ කියලා?

අමාත්‍ය නලින්ද ජයතිස්ස
ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කරන අයට මම කියන්න කැමැතියි රාජ්‍ය ගෞරවය, රාජ්‍ය අනුග්‍රහය ලබාදීම සඳහා වන නිර්ණායකයන් කීපයක් පවතිනවා. පූර්ණ රාජ්‍ය ගෞරව, පූර්ණ රාජ්‍ය අනුග්‍රහය, රාජ්‍ය ගෞරව, රාජ්‍ය අනුග්‍රහය සහ වෙනත් ආදිය හැටියට මෙවැනි අවස්ථාවලදී රජය කටයුතු කරනු ලබන ආකාරය පිළිබඳ ක්‍රමවේදය සකස් කරලා තියෙනවා. ඒ අනුව පූර්ණ රාජ්‍ය අනුග්‍රහය ලබාදුන්නා. ඒ වගේම රාජ්‍ය ගෞරව සහිතව සිදුකළ යුතු කටයුත්තකදී ලබාදිය යුතු යම් පහසුකම් සහිතව. ඒ නිසා තමයි සමහර කෙනකුට පටලැවෙන්න ඇත්තේ. පූර්ණ රාජ්‍ය අනුග්‍රහයකටත් වඩා රාජ්‍ය ගෞරවයකදී ලබාදිය යුතු දේවලුත් ඇතුළත් කරලා තමයි අපි මේ කටයුතු සිදුකළේ. ඒ වගේම වැදගත්ම වුණේ මාලනී ෆොන්සේකා මහත්මියගේ පවුලේ අයගේ කැමැත්ත අකැමැත්ත. ඒ අය සාකච්ඡා කළ දේවල් අනුව තමයි රජය හැටියට මේ තීන්දුව ගත්තේ. මෙහි තිබෙන ක්‍රමවේදයන් ඔස්සේ පමණක්ම නොවෙයි අපේ ක්‍රමවේදයන් ඉදිරිපත් කරලා ඒ අයගේ කැමැත්ත අකැමැත්ත විමසා බැලුවා. මම හිතනවා ඒක වැදගත් වේවි කියලා එතුමිය සම්බන්ධයෙන් පළමු කොටම අයිතියක් තියෙනවා ඒ පවුලේ අයට. ඒ අයගේ කැමැත්ත අකැමැත්ත අනුව තමයි සමහර දේවල් එහෙම සිදුකළේ. ඒ නිසා මම හිතනවා රජයක් හැටියට ඇයට ලබාදිය හැකි ඉහළම ගෞරවය ඒ පවුලේ කැමැත්ත සහිතව එතුමියට ලබාදුන්නා.

මාධ්‍යවේදියා
ඒ කියන්නේ පවුලේ කට්ටියගේ අකැමැත්තක් තිබුණද මේක රාජ්‍ය ගෞරව සහිතව පවත්වන්න?රාජ්‍ය අනුග්‍රහයක් පමණක් ලබාදෙන්න කියලා ඔවුන්ගේ ඉල්ලීමක් තිබ්බද? මොකද අපි දැක්කා හෙළයේ මහා ගාන්ධර්වයා වුණු පණ්ඩිත් අමරදේව මහත්මයාගේ අවසන් කටයුතු සිදුකළේ රාජ්‍ය ගෞරව සහිතව. ඒ දැකපු දේ අපි හෙළයේ නිළි රැජිනගේ අවසන් කටයුතු සිදුකරද්දී දැක්කේ නෑ. ඒ ඇයි?

අමාත්‍ය නලින්ද ජයතිස්ස
මම හිතන්නේ දැකපු කෙනකුට කිසි අඩුපාඩුවක් දකින්න හේතුවක් නැහැ. ඇයට රටක් හැටියට ලබාදිය යුතු ගෞරවය ලබාදීලා තිබෙන්නේ. මේකෙදී අපි වඩා සැලකිලිමත් වුණා මේ තිබෙන ක්‍රමවේදයන් එක්කම පවුලේ කැමැත්ත අකැමැත්ත විමසා බලන්න. මට කියන්න බෑ මෙතැන ඒ අය එකඟ වුණේ මොනවටද, එකඟ වුණේ නැත්තේ මොනවටද කියන දේවල් සම්බන්ධයෙන්. ඒ අය මේකෙන් සෑහීමකට පත්වෙනවා. ඒකත් අපි අවධානය යොමුකරලා තිබෙන්නේ. ඒ නිසා මට කියන්න තියෙන්නේ ඇය විසින් මේ සිනමා ක්ෂේත්‍රයට සිදුකරන ලද ඉහළම දායකත්වය ගැන සලකා බලමින් ඇයට ලබාදිය හැකි ඉහළම ගෞරවය රජය මගින් ලබාදීලා තියෙනවා.

මාධ්‍යවේදියා
මාලනී ෆොන්සේකා කියන්නේ ඒ පවුලට විතරක් නෙවෙයි මුළු රටටම අයිති සම්පතක්. ප්‍රේක්ෂකයා ප්‍රශ්න කරනවා නම් මේ දැක්වූ ගෞරවය මදියි කියලා එතැන පොඩි ප්‍රශ්නයක් තියෙනවා නේද?

අමාත්‍ය නලින්ද ජයතිස්ස
එක එක්කෙනාට මේ සම්බන්ධයෙන් විවිධ අදහස් තිබෙන්න පුළුවන්. නමුත් අපි රජය හැටියට කල්පනා කරනවා ඇයට ලබාදිය හැකි ඉහළම ගෞරවය අපි ලබාදුන්නා කියලා.

මාධ්‍යවේදියා
පවුලේ ඉල්ලීමක් මත රාජ්‍ය ගෞරව කියන එක රාජ්‍ය අනුග්‍රහය දක්වා මාරු වුණා කියන එකද ඔබතුමා අවධාරණය කරන්නේ?

අමාත්‍ය නලින්ද ජයතිස්ස
නෑ, පූර්ණ රාජ්‍ය අනුග්‍රහයටත් වඩා වැඩි දෙයක් අපි සිදුකරලා තියෙනවා.

මාධ්‍යවේදියා
රාජ්‍ය ගෞරව සහිතව පවත්වනවා කියලා ඊට පස්සේ ඒක රාජ්‍ය අනුග්‍රහය දක්වා මාරුවෙච්ච එක එක්කෝ සන්නිවේදන ප්‍රශ්නයක් වෙන්න ඕනේ. එහෙම නැත්නම් පවුලෙන් ආපු ඉල්ලීමක් මත ඔබතුමා කියන ආකාරයට සිදුවුණා වෙන්න ඕනේ. මේකෙන් ඇත්ත කාරණය මොකක්ද?

අමාත්‍ය නලින්ද ජයතිස්ස
සන්නිවේදන ප්‍රශ්නය ගැන මට උත්තර දෙන්න බැහැ මෙතන. නමුත් රජය කරපු දේ තමයි මම කිව්වේ.

මාධ්‍යවේදියා
හෙළයේ මහා නිළි රැජිනට ජනාධිපති අරමුදලෙන් ලක්ෂ 55ක් ලබාදුන්න එක වැරැදියි කියන ස්ථාවරයේ ඔබතුමා තාමත් ඉන්නවද?

අමාත්‍ය නලින්ද ජයතිස්ස
ඒ ගැන මම මෙතැන කතාකරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ.

මාධ්‍යවේදියා
හිත කාරුණික වෙන්නේ නැද්ද ඒ සම්බන්ධයෙන්?

අමාත්‍ය නලින්ද ජයතිස්ස
මම පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ලබාගත් අරමුදල් සම්බන්ධයෙන් තොරතුරු. එතැන මිලියන 1,220ක් සම්බන්ධයෙන් මා සඳහන් කළා. මට මේ වෙලාවේ කියන්න තියෙන්නේ එපමණයි. එතැන කෙහෙළිය රඹුක්වැල්ල, රාජිත සේනාරත්න, දයාසිරි ජයසේකර, දි.මු. ජයරත්න ඇතුළු මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇමැතිවරු විසින් ලබාගත් දේවල් තමයි මා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ.

මාධ්‍යවේදියා
එතුමිය අවසාන කාලේ රෝහලේ ඉන්න වෙලාවේ ගොඩක් අධ්‍යක්ෂවරු පවා කියලා තිබුණා නිළියෝ බලන්න ගියාට පස්සේ එතුමියට ගොඩක් දුක හිතිලා හිටියේ කියලා ඒ සිද්ධිය සම්බන්ධයෙන්. නමුත් ඔබතුමා තාමත් මේ සම්බන්ධයෙන් සමාව ගන්නවත්, කනගාටුව පළකරන්නවත් මැළි වෙනවා?

අමාත්‍ය නලින්ද ජයතිස්ස
මම හිතන්නේ ඒක විකෘති කරලා පහුගිය දවස් කීපයේ තමයි ඒක වාර්තා කරමින් තිබුණේ. අපි ජනාධිපති අරමුදලේදී මුදල් ගත්ත අය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට වාර්තාවක් ඉදිරිපත් කළා. ඒක ඉතින් තව කලාකරුවන්ට ලබාදීලා තියෙනවා. ලබාදෙන්නත් පුළුවන්. ඒ කලාකරුවන්ට ලබාදීපු වාර්තාවක් අපි ඉදිරිපත් කළේ නැහැ. මම හිතන්නේ ඒ සම්බන්ධයෙන් ලොකු ප්‍රශ්නයක් ඇතිකරගන්න අවශ්‍ය නැහැ. අපිට මාලනී ෆොන්සේකා මහත්මිය සම්බන්ධයෙන් නිසි ගෞරවයක් අපිට තියෙනවා. ඇය ලාංකේය සිනමාවට කරන ලද ඉතා ඉහළ මට්ටමේ දායකත්වය සම්බන්ධයෙන් රටක් හැටියට අපේ ඇගයීමක් තිබෙනවා. ඇය මේ රටේ සිනමා කර්මාන්තය ඉහළ නැංවීම සඳහා විශාල දායකත්වයක් සපයපු කෙනෙක්. රජය ඒ සම්බන්ධයෙන් කටයුතු කරනවා. ඒ නිසාම තමයි ඒ සියලු කටයුතුවලට රජය මැදිහත් වෙන්නේ. මම හිතනවා ඇයට ලබාදිය හැකි නිසි ගෞරවය තමයි ඇයගේ සේවය පිළිබඳ අපි සාකච්ඡා කරමින්, එතැන් සිට ඉදිරියට යන්න සිනමා කර්මාන්තය වර්ධනය කරන්න දායක වෙන එක.

SendShareShare
Previous Post

2004 ආණ්ඩුව පෙරළුවේ සුන්බුන් එකතු කරලා නෙවෙයිද? අනුරගෙ සුන්බුන් කතාවට සජබයෙන් උත්තර! Sri Lanka Latest News

Next Post

මේ පාර තෙල් මිල ගිය මාසෙ ගාණමයි! වෙනසක් නෑ! Sri Lanka Latest News

MORE NEWS

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News
Exclusive

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News
Exclusive

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE
Exclusive

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News
Exclusive

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

Load More
කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය පැවැත්වීමට අවශ්‍ය නීතිය සම්පාදනය වූ පසු එය පවත්වන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.Sri Lanka Latest News

Read more
පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.