• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

‘මම තමා මාලනී අක්කාගේ රූපලාවණ්‍ය ශිල්පියා… අක්කා මගේ දෙවැනි අම්මා’! Sri Lanka Latest News

May 31, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
‘මම තමා මාලනී අක්කාගේ රූපලාවණ්‍ය ශිල්පියා… අක්කා මගේ දෙවැනි අම්මා’! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ප්‍රවීණ රංගන ශිල්පිනී මාලනී ෆොන්සේකා මහත්මිය පසුගිය දා අභාවප්‍රාප්ත වුණා. දශක ගණනාවක් සිය ආදරණීය සිනහවෙන්, සුන්දර රූපයෙන් රටක් වශීකළ ඇයව අවසන් වතාවටත් ඒ රූපෙන්ම දැකබලා ගන්නට දහස් සංඛ්‍යාත පිරිසක් එකතු වෙලා හිටියා. ඉතින් ඇගේ ඒ ලස්සන ඒ විදියටම රැකගෙන ඇයව අවසන් වරටත් හැඩ කරන්නට වාසනාව ලැබුණේ වසර 10කට ආසන්න කාලයක් ෆොන්සේකා මහත්මියගේ රූපලාවණ්‍ය ශිල්පියා ලෙස කටයුතු කළ ධනුෂ්ක කුමාර මහතාටයි. ඔහු, මාලනී ෆොන්සේකා මහත්මිය සමග ගතකළ කාලය තුළ ලත් අත්දැකීම් ගැන මාධ්‍ය වෙත මෙලෙස පවසා තිබුණා. Sri Lanka Latest News

මාලනී අක්කාගේ රූපලාවණ්‍ය ශිල්පියා විදියට අවුරුදු 8ක 10ක වගේ කාලයක ඉඳන් මම මාලනී අක්කා ළඟින්ම වැඩ කළා. මාලනී අක්කගේ හැම විශේෂ අවස්ථාවකටම මාලනී අක්කගේ ඇඳුම් නිර්මාණය කරන, මේකප් කරන සියලු දේවල් මගේ අතින් කෙරුණේ. ඒ කාලය පුරාම මම සේවය කළාට මීට කලින් මාලනී අක්කගේ සිනමා ජීවිතය පුරාම මාලනී අක්කා වෙනුවෙන් රූපලාවණ්‍ය ශිල්පීන් ඇඳුම් නිර්මාණ ශිල්පීන් බොහෝ පිරිසක් ඇය වෙනුවෙන් සේවය කරලා තියෙනවා. ඒ සියලු දෙනාම මම මතක් කරනවා මේ අවස්ථාවේ. මම නිහතමානීව සතුටු වෙනවා ඇය වෙනුවෙන් මට මේ වගේ කාලයක් ඇය වෙනුවෙන් සේවය කරන්න ලැබුණු එක ගැන.

මාලනී අක්කගෙන් ඉගෙනගන්න ගොඩක් දේවල් තිබුණා. මාලනී අක්කා කියන්නේ මගේ දෙවැනි අම්මා වගේ. මම එහෙමයි ඇයට සැලකුවේ. ඒ වගේම මාලනී අක්කා වෙලාවකට මගේ යාළුවෙක් වගේ. වෙලාවකට සහෝදරයෙක් වගේ. ඒ තරම් ගොඩක් ළඟින් මම ආශ්‍රය කළා. මාලනී අක්කා මගේ හිතවත්ම කෙනෙක් විදියටත් මම ආශ්‍රිය කළා. මාලනී අක්කා වගේ නිළියක් අපේ රටට වගේම ලෝකයටම බිහිවෙලා නැතුව ඇති. මාලනී අක්කා වෙනුවෙන් මට මේ විදියට සේවය කරන්න ලැබීම ගැන මම ගොඩක් සතුටු වෙනවා. මට මාලනී අක්කව එයාගේ තරුණ කාලෙට, තරුණ පෙනුමට ගෙනියන්න තමයි හැමදාම ඕනේ වුණේ. හැමදාම මම මේකප් කරලා ඉවර වුණාම මාලනී අක්කා ‘තෑන්ක් යූ ලස්සනයි කොල්ලා’ කියලා මට කියලා යනවා. අද එහෙම කියන්න මාලනී අක්කා නැහැ. මට හැමදාම ඕනේ වුණේ එයා ප්‍රේක්ෂකයන් අතරට යනකොට, එයා තවත් ලස්සන කරලා ඒ ප්‍රේක්ෂකයන් අතරට යවන්නයි. ඒ නිසා මාලනී අක්කා වෙනුවෙන් මම ගොඩක් කැපවෙලා සේවය කළා.

ඉතින් මේ අවසාන මොහොතේ ඇයගේ රූපලාවණ්‍ය කටයුතු මට සිදුකරන්න වෙයි කියලා මම කවදාවත් හිතුවේ නැහැ. මාලනී අක්කව එයාට ආදරය කරන හැම කෙනෙක්ම බලන්න එයි කියලා මම හිතනවා. ඒ නිසා මාලනී අක්කාව අවසාන මොහොතේත් ලස්සන කරන්න මම මට හැකි උපරිමයෙන් කටයුතු කළා.

මාලනී අක්කා නැති අඩුව අපේ රටේ සිනමාවට තදින් දැනේවි. ඇය නැති අඩුව පුරවන්න කාටවත් පුළුවන් වෙයි කියලා මම හිතන්නේ නැහැ. අවසාන වශයෙන් මාලනී අක්කාට නිවනින් සැනසීම ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා….’

Hiru News ඇසුරිණි

එසේම මාලනී ෆොන්සේකා මහත්මියගේ රූපලාවණ්‍ය ශිල්පී ධනුෂ්ක කුමාර මහතා සිය ෆේස්බුක් පිටුවේද මෙවැනි සටහනක් තබා තිබුණා.

‘මම ඔබව ලස්සනට සරසන්නට හදවතින්ම කැපවූ අයෙක්මි…
වරෙක ඔබ මට මවකි, වරෙක ඔබ මට යෙහෙළියකි, වරෙක ඔබ මට ආදරණීය සොයුරියකි.
සම්මාන උත්සව, විශේෂ අවස්ථාවලට ඔබ යන හැම තැනකදීම ඔබව ලස්සන කරන්නට ඔබට මාව නැතුවම බැරි වූයේ ඔබ මට දරුවෙකුට මෙන් ආදරය කළ නිසාය.
ඉතින්… මා ආයේ මේ සසරේ ඔබව ලස්සනට හැඩගන්වන්නේ කවදාද?
දරාගත නොහැකි හදවතින්ම දෝරෙ ගලනා වේදනාවෙන් අවසන් වරටද ඊයේ ජයරත්න මල් ශාලාවේදී උපරිමයෙන් ඔබව ලස්සනට සැරසුවෙමි.
ඒත්…. වෙනදා මෙන් ඔබ මා සමග සිනාසී ‘ස්තුතියි ධනූ’ කීවේ නැත.
ආදරණීය මාලනී අක්කේ, ඔබට මම සමුදෙන්නට මගේ හිත වාවාගත නොහැක.
ඔබව ලස්සනට සරසවන්නට
ආයෙත් ‘ධනූ’ කියා මට කතාකරන්නේ නැති බව මම කොහොම දරාගන්නද?
ආදරණීය මාලනී අක්කා, ඔබ යන මේ සසර ගමනට සුගතියක්ම වේවා…
සංසාරයේ ඉක්මන් භවයක නිවනින් නීවී සැනසේවා…
ආදරණීය මා ධනූ….’

SendShareShare
Previous Post

159ක් ඉන්න නිසා සමහරු කියනවා ආණ්ඩුව මේ කපේදි වට්ටන්න බෑ කියලා! හැබැයි මොන බලය තිබ්බත් අනුරගෙ ආණ්ඩුව වැටෙන තැන හරියටම ලාල්කාන්ත හොයාගෙන! VIDEO I Sri Lanka Latest News

Next Post

2004 ආණ්ඩුව පෙරළුවේ සුන්බුන් එකතු කරලා නෙවෙයිද? අනුරගෙ සුන්බුන් කතාවට සජබයෙන් උත්තර! Sri Lanka Latest News

MORE NEWS

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News
Exclusive

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News
Exclusive

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE
Exclusive

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News
Exclusive

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

Load More
කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය පැවැත්වීමට අවශ්‍ය නීතිය සම්පාදනය වූ පසු එය පවත්වන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.Sri Lanka Latest News

Read more
පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.