ඊයේ (29) රාත්‍රියේ සිට පැවති අධික සුළං තත්ත්වය හේතුවෙන් වදුරව සහ කීනවල දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට ගසක් කඩා වැටීම හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය මාර්ග දෙකම අවහිරව ඇති බව වාර්තා වෙනවා.Sri Lanka Latest News
මේ හේතුවෙන් උතුරු මාර්ගයේ මඩකළපුව රාත්‍රී තැපැල් දුම්රිය හා ප්‍රධාන මාර්ගයේ රඹුක්කන බලා ධාවනය වූ දුම්රියයන් වල ඉදිරි ගමනාගමනයට බාධා මතුව ඇති බවයි පැවසෙන්නේ.
රඹුක්කන බලා ධාවනය වූ දුම්රිය දැනට රාගම නවතා ඇති බවද වාර්තා වෙනවා.
කොළඹ ප්‍රදේශ රැසක කස් කඩාවැටීම්ද වාර්තාවන අතර ඇතැම් ස්ථානවල ඉදිකිරීම්ද කඩා වැටී ඇති අයුරු දක්නට ලැබෙනවා.
මේ අතර කොළඹ ප්‍රදේශ රැසක විදුලිය විසන්ධි වී ඇති බවද වාර්තා වෙනවා.











