ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැනවූ තීරුබදු නියෝග යළි බලාත්මක කිරීමට එරට අභියාචනාධිකරණයෙන් නියෝගකර තිබෙනවා. Sri Lanka Latest News
පසුගිය (28) වැනිදා ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ලොව රටවලට පැනවූ තීරුබදු අමෙරිකානු ෆෙඩරල් අධිකරණයක් අත්හිටවනු ලැබුවා.
එම නියෝගය අනුව ජනපති ට්‍රම්ප්ගේ ප්‍රධාන ආර්ථික ප්‍රතිපත්තිවලට දැඩි පහරදීමක් එල්ල වී ඇති බවයි විශ්ලේෂකයන් පවසන්නේ.
මෑන්හැටන්හි පිහිටි ජාත්‍යන්තර වෙළඳ අධිකරණය විසින් තීරබදු සඳහා පැනවූ නියෝග අත්හිටුවමින් මෙම නියෝගය ලබා දුන් අතර, එම අධිකරණය පවසන්නේ, එක්සත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් කොංග්‍රසයට අනෙකුත් රටවල් සමඟ වාණිජ නියාමනය කිරීමට සුවිශේෂී බලයක් ලබා දී ඇති නමුත්, එක්සත් ජනපද ආර්ථිකය ආරක්ෂා කිරීම සඳහා ජනාධිපතිවරයාගේ හදිසි බලතල මගින් එම බලය ඉක්මවා යා නොහැකි බවයි.
එසේ ම ධවල මන්දිරය විසින් ක්‍රියාත්මක කරන ලද හදිසි නීතියක් මගින්, ජනාධිපතිවරයාට සෑම රටකට ම පාහේ තීරුබදු පැනවීමට ඒකපාර්ශ්වික බලයක් ලබා නොදෙන බව ද මෑන්හැටන්හි පිහිටි ජාත්‍යන්තර වෙළඳ අධිකරණය විසින් තීන්දු කර තිබෙනවා.
නමුත් ට්‍රම්ප් පරිපාලනය විසින් මෑන්හැටන්හි පිහිටි ජාත්‍යන්තර වෙළඳ අධිකරණය ලබා දුන් තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරනු ලැබුවා.










