එලෝන් මස්ක්, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රජයේ ඔහු දැරූ විශේෂ තනතුරෙන් ඉවත් වී තිබෙනවා. .Sri Lanka Latest News
x සමාජ ගිණුමෙහි සටහනක් තබමින් ඔහු මේ පිළිබඳව සඳහන්කර සිටියා.
එම සටහන තබමින් එලොන් මස්ක් ජනපති ට්‍රම්ප්ට ස්තූතිය පළකර තිබෙනවා.
ඔහු තැබූ සටහන පහතින්.
”විශේෂ රජයේ සේවකයෙකු ලෙස මගේ නියමිත කාලය අවසන් වන විට, නාස්තිකාර වියදම් අඩු කිරීමට අවස්ථාව ලබා දීම ගැන මම ජනාධිපති DonaldTrump ට ස්තූති කිරීමට කැමතියි, DOGE මෙහෙයුම කාලයත් සමඟ ශක්තිමත් වනු ඇති බැවින් එය රජය පුරා ජීවන මාර්ගයක් බවට පත්වනු ඇත”










