• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කණු කුණු සහ ලුණු! Sri Lanka Latest News

May 24, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
කණු කුණු සහ ලුණු!  Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ලුණු පොල්කට්ට ගෙදර නැත්නම් ඒ ගෙදර හරි මුස්පේන්තුයි කියලා කතාවක් අපේ ගංකරේ ඇත්තන්ගේ තිබිලා තියෙනවා. සාමාන්‍යයෙන් රාත්‍රී කාලයේදී ලුණු ගන්නේ නැති එක, ඒ වගේම අහල පහළින් ලුණු ඉල්ල ගන්නේ නැති එක අපේ ගංකරේ උදවියගේ තිබිච්ච සිරිතක්. ඒක එක අතකින් ගත්තට පස්සේ චාරිත්‍රයක්. ලුණු පොල්කට්ට කියලා කියන්නේ අපේ ගංතුලානවල මිනිස්සුන්ගේ ගෙවල්වලට නැතුවම බැරිවෙච්ච එකක්. ගමේ මොන මොනවා තිබුණත් එළවළු බවබෝග ටික වගාකර ගත්ත මිනිස්සු හේනෙන් කුඹුරෙන් බවබෝග අස්වනු ටික සරුසාර කරගත්ත මිනිස්සු කරවල ටිකයි ලුණු ටිකයි කොහොම හරි සිදාදියට ගිහිල්ලා ගංකරේට ගෙනත් තියාගත්තා. ඒ නිසා ලුණු කියලා කියන්නේ අත්‍යාවශ්‍ය දෙයක්. Sri Lanka Latest News

ලුණු පොල්කට්ට හිස් නම් ඒක හරි කාලකණ්ණියි මුස්පේන්තුයි කියලා කියන විශ්වාසය දැන් ඉතින් පරණයි කියලා කියමුකෝ. ඔන්න උදාවෙලා තියෙන්නේ ලුණු පොල්කට්ට ගෙදර හිස්වෙන කාලයක් නෙවෙයි, ලුණු ටික රටේ නැතිවෙන කාලයක්. ලුණු ටික රටේ නැතුව ගියාට පස්සේ ලුණු ඇඹුල් ඇතිව අහගන්න වෙයි කියලා ගොඩක් වෙලාවට අපේ රටේ ඇත්තෝ හිතන්න නැතුව ඇති. සාමාන්‍යයෙන් ගංකරේ මිනිස්සු තව කෙනෙකුට හොඳට දෙයක් කියලා දෙනකොට, නැත්නම් හොඳවයින් කියලා දෙනකොට ඒකට කියනවා ලුණු ඇඹුල් ඇතුව කියලා දෙනවාය කියලා. ලුණු ඇඹුල් ඇතුව අහගන්න සිද්ධ වෙන සමහර දේවලට ඇත්තටම වැරැදිකාරයෝ කවුද කියන එක හොයලා බලන්න අපිට වෙලාවක් නෑනේ. ඒකට වෙලාව තියෙන්නේ අපේ රටේ ඉන්න ඉහළ තනතුරුවල ඉන්න, ඉහළ පුටුවල ඉන්න ඇත්තන්ට. ඒගොල්ලෝ තම තමන්ගේ තනතුරු ආදිය පාවිච්චි කරලා මෙන්න මේ ලුණු පොල්කට්ටට මොකද වුණේ කියන එක ගැන හොයලා බලන්න දැන් කාලේ හරි. එක එක්කෙනා එක එක කතන්දර කියනවා. ලුණු නැති වුණේ අරෙහෙමයි මෙහෙමයි කියලා කවුරු කොහොම මොනවා කිව්වත් කොහොම කොහොම හරි අපේ රටේ මිනිස්සුන්ට ලුණු ටික නැතුව ගියා.

ලුණු ඇඹුල් ඇතුව කන්න අපේ රටේ මිනිස්සු බොහොම කැමැතියි. සාමාන්‍යයෙන් අපි තුනපහ රහට ලුණු ඇඹුල් රහට වැඩිපුර කැමැති උදවිය.
ලුණු නැතිවිල්ල ගැන එක එක කයි කතන්දර කියැවෙනවා.

‘අද එනවා
හෙට එනවා…’ වගේ ඒවා. ඒ අස්සෙ අර්චුනා වගේ අය එක එක ආතල් ගන්නවා ලුණුවලින්. මිනිහෙක්ට මොනවා වුණත් ලුණු මිරිසක් එක්ක හරි බතක් හදාගෙන කන්න තියෙන්න ඕනෙ, සම්බෝලයක් එක්ක හරි කන්න පුළුවන් වෙන්න ඕනෙ. සාමාන්‍යයෙන් ගංවල කියන කතාවක් තමයි ලුණු ටිකක් ඉහගෙන බත් ටිකක් කනවා කියන එක. ඒ කියන්නෙ මේ රටේ මිනිස්සුන්ට මොනවා නැතත් ලුණු ටිකක් ඕනෙ. මේකෙ උන්ට මෙහෙම ලුණු ටිකක් හොයාගන්න බැරි නම් ඒක මහ පුදුම කරුමයක්.
ලුණු පොල්කට්ට හිස්වෙන එක ගෙදරකට මහා අවාසනාවක් වෙනකොට ඒක රටකට කොහොම දැනෙනවද?

අපි ඉන්නෙ මුහුදෙන් වටවුණු රටක. ලෝකෙ අනිත් රටවල් මුහුදු වතුර පිරිපහදු කරලා බොනවා. සමහර රටවල් මුහුදු රළ උස් පහත් වෙන එකෙන් විදුලිය හදනවා. සමහර රටවල් මුහුදෙන් මාළු ටික අල්ලගෙන රටට ඇතිවෙන්න මාළු ටික හොයාගන්නවා. අපි ඔය එකක්වත් කරන්නෙ නෑ. මාළු ටිකත් හරියට අල්ල ගන්නෙ නෑ. ඒ අස්සෙ මේ මුහුදෙන් හම්බෙන ලුණු ටික ප්‍රයෝජනයකට ගන්න බෑ. ලුණු මෙටි්‍රක් ටොන් එකක් හදන්න යන්නෙ තුට්ටු දෙකයි. ලුණු කියන්නෙ මිල අඩුම දෙයක්. ඒකෙ නිෂ්පාදන වියදමක් නැති තරම්. එහෙම එකේ ලුණු ටික නැතුව මේ මොන රට කෙරුවාවක් ද?

ලුණු රටෙන් ගේනවා කියන්නෙ ලැජ්ජා නැති වැඩක්. අනික මේක මේ නාන්න ඩොලර් තියෙන සුඛිත මුදිත රාජ්ජෙනෙ. එහෙං මෙහෙං ඉල්ලගෙන කාලා, ණය වාරිකේ හම්බෙනකල් කට බලියගෙන ඉන්න ගමන් ලුණුවලටත් පිටරටට සල්ලි දෙන එක හෙන කෙරුවාවක් කියලා වෙන්ටැ මේ මහ උන්දලා හිතාගෙන ඉන්නෙ. අනේ මගෙ කට, ඉතිං මොකට කියනව ද අපේ කෙරුවාව.

මොකෝ මේක සවුදි අරාබියනෙ. ඔය ලංකාවට වැස්සාමනෙ.
ඒ අස්සෙ අර එකෙක් කියනවා උතුරෙ ලුණු උතුරටලු. අනේ මේ කෙළවෙලා තියෙන අස්සෙ නිකං ආතල් ගන්න එන්න එපා. යකෝ රැවුළයි රෙද්දයි දෙකම ඇවිළිලා ඉන්නා තොපි මේ සුරුට්‍ටු අරං එනවා. යකෝ මුළු රටටම වෙන්නෙ ශාන්තිකර්මවල පන්නෙට හත්මාලුව කන්ට. මොකද කොට්ටෝරු උන්නැහැ ලුණු දාන්නෙ නෑනෙ ඒ දේව දානෙට.

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

ජනපති මන්දිරය අතහැර බිරිඳ සමග ජීවත් වුණේ ගොවිපළේ! ජනාධිපති වැටුප ඩොලර් 12,000 දුප්පතුන්ට පරිත්‍යාග කළා! තරුණ කාලයේ ගරිල්ලා ව්‍යාපාර සන්නද්ධ කල්ලි නායකයෙක්! වසර 14ක් එක දිගට දුක්ඛිත ලෙස සිර දඬුවම් වින්දා! අපිව දාලා ගිය සරල ජනාධිපති! Sri Lanka Latest News

Next Post

ඊයෙ විජයගෙ පිළිරුව කඩා වැටුණා! අද මාලිනිය නැතිවුණා! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News
Exclusive

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

Load More
ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ඉහළ යන ජීවන වියදමට විරෝධය පළ කරමින් ගම්පහ සජබ සංවිධානය විසින් පන්දම් දල්වමින් උත්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු කර තිබිණ.Sri Lanka...

Read more
ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.