• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අවුරුදු 164ක් පැරැණි ලෝප්‍රකට සමාගමක්! ලංකාවට ඇවිත් අවුරුදු 46ක්! ලොව රටවල් 40ක ශාඛා! සේවකයෝ 48,000ක්! කටුනායක NEXT ලංකාවෙන් ගියේ ඇයි? සේවකයන් 1460කට මොකද වෙන්නේ? ලංකා ආණ්ඩුවක් යටතේ වහපු විශාලම සමාගම! Sri Lanka Latest News

May 25, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
අවුරුදු 164ක් පැරැණි ලෝප්‍රකට සමාගමක්! ලංකාවට ඇවිත් අවුරුදු 46ක්! ලොව රටවල් 40ක ශාඛා! සේවකයෝ 48,000ක්! කටුනායක NEXT ලංකාවෙන් ගියේ ඇයි? සේවකයන් 1460කට මොකද වෙන්නේ? ලංකා ආණ්ඩුවක් යටතේ වහපු විශාලම සමාගම! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

‘සත්‍ය අසත්‍ය ගැන කතාකරන මේ මොහොතේ එක්සත් රාජධානියේ (එංගලන්තයේ) ආයෝජකයෙක් මෙරට ආයෝජනය කර ආරම්භ කළ පසුගිය කාලයේ ඉතා සාර්ථක අයුරින් පවත්වාගෙන ගිය ඇඟලුම් කර්මාන්ත ශාලාවක් සම්පූර්ණයෙන්ම වසාදැමීමේ ඉතා කනගාටුදායක පුවතක් වාර්තා වෙනවා. මෙම ශෝකජනක පුවත ආරංචි වෙලා තවම දවස් කීපයයි ගතවෙලා තියෙන්නේ. මේ අනුව කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ පිහිටා තිබෙන ‘නෙක්ස්ට්’ (Next) නමැති ඇඟලුම් කර්මාන්ත ශාලාව වසාදමා එහි සිටි සේවකයන් 2000ක පමණ පිරිසකගේ රැකියා අහිමි වී ඇති බවට තොරතුරු වාර්තා වෙනවා. විශ්වාසදායක ආරංචි මාර්ගවලට අනුව මෙම කර්මාන්ත ශාලාව වසාදැමීමට හේතු වී ඇත්තේ එම ව්‍යාපාරයේ හිමිකරුට මෙරට තුළ එම ව්‍යාපාරය පවත්වාගෙන යෑමට සුදුසු ආර්ථික සමාජීය පරිසරයක් නොමැති වීම යැයි හෙළිව තිබෙනවා. වත්මන් රජයේ බලධාරීන් වහාම මෙම ‘නෙක්ස්ට්’ කර්මාන්ත ශාලාවේ අයිතිකරුවන් හමුවී සාකච්ඡා කරන ලෙසට මම ඉල්ලා සිටිනවා. සත්‍ය හා අසත්‍ය ගැන වාදවිවාද කරන මොහොතේ මේ ප්‍රශ්න ගැන සොයාබලන ලෙසත් මම ඉල්ලා සිටිනවා. ‘වැඩකරන ජනතාවගේ වීරයෝ’ ලෙසින් පෙනීසිටින මේ රජයේ වගකීම වන්නේ රටේ වැඩකරන ජනතාව ආරක්ෂා කිරීමයි…’Sri Lanka Latest News

මෙරට ආර්ථිකයට අදාළව කියැවෙන මෙම බැරෑරුම් කතාන්දරය කුමක්ද? මෙය ප්‍රකාශ කර සිටින්නේ කවරකු විසින්ද? මෙයට දින කීපයකට ඉහතදී මෙම කතාව අසන්නට ලැබුණේ පාර්ලිමේන්තුව තුළිනි. එනම් මෙරට විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් මෙම ආන්දෝලනාත්මක ප්‍රකාශය සිදුකළේය. ඔහු මෙරට වත්මන් ආර්ථිකයට අදාළ දිගු ප්‍රකාශයක් සිදුකරන විටදී මුලින්ම මෙම හෙළිදරව්ව සිදුකළේය. තවදුරටත් ඔහු කියන්නේ කුමක්දැයි සොයා බලමු.

‘2028 සිට ණය ගෙවීමට ශ්‍රී ලංකාවට 5%ක ආර්ථික වර්ධන වේගයක් අවශ්‍ය වෙනවා. එවැනි තත්ත්වයක් යටතේ මෙලෙස මෙරට කර්මාන්ත ශාලා වැසෙන තත්ත්වයක් උද්ගත වුවහොත් අප බලාපොරොත්තු වන ආර්ථික වර්ධන වේගය කරා යෑමට නොහැකි වෙනවා. එසේම එවිට නැවත වරක් 2028 සිට ණය ගෙවන්නට නොහැකිව රට බංකොලොත් වී ආර්ථික සුනාමියකට රට යටවෙනවා. වසාදමන ලද ‘නෙක්ස්ට්’ නමැති කර්මාන්ත ශාලාවේ අයිතිකරුවාගේ ප්‍රකාශයට අනුව ඔහු පවසන මෙරට තුළ සුදුසු ආර්ථික හා සමාජීය පරිසරය නොමැති වීම සහ නිෂ්පාදන වියදම් පිරිවැය වැඩිවීම යන හේතු විශාල අර්බුදයක් පෙන්නුම් කරනවා. මෙම අර්බුදය ගැන රජය වහාම සොයාබැලිය යුතුයි. මෙම තත්ත්වය අනුව ඉදිරියේදී තවත් ඇඟලුම් කර්මාන්ත ශාලා වැසීයෑමට ඉඩ ඇතැයි ඇඟලුම් කර්මාන්ත ශාලා හිමියන්ගේ සංගමය පවා පෙන්වා දී තිබෙනවා. මෙම අර්බුදයේ යථාර්ථය අප හොඳින් අවබෝධ කරගත යුතුයි. මෙවැනි තත්ත්වයක් යටතේ ආර්ථිකය වර්ධනය වෙනවා වෙනුවට සිදුවන්නේ ආර්ථිකය කඩාවැටීමයි. මෙවැනි තත්ත්වයන්ට වහා විසඳුම් සෙවීමට රජය මැදිහත් විය යුතුයි…’

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී හෙළිකරන ලද වසාදමන ලද එම කර්මාන්ත ශාලාව කුමක්දැයි සොයා බලමු.

මෙම ඇඟලුම් කර්මාන්ත ශාලාවේ නම ‘නෙක්ස්ට් පීඑල්සී’ නමින් හැඳින්වෙයි. මෙය සම්පූර්ණයෙන්ම මහා බි්‍රතාන්‍ය (එංගලන්ත) බහුජාතික සමාගමක් වෙයි. ඔවුන්ගේ ප්‍රධානතම නිෂ්පාදනයන් වන්නේ ඇඟලුම් වන අතර, මෙම Next නමැති සන්නාමය ලොව අතිශයින්ම ජනප්‍රිය සන්නාමයක්ද වෙයි. මෙම බහුජාතික සමාගම ඇඟලුම් පමණක් නොව, පාවහන් සහ තවත් ගෘහ නිෂ්පාදන වර්ග කිහිපයක්ද වෙළෙඳපළට ඉදිරිපත් කරයි. මෙම බි්‍රතාන්‍ය සමාගමෙහි අනෙක් සුවිශේෂ කතාව ලෙසින් හෙළිවන්නේ මෙම සමාගම අතිශයින් පැරැණි ව්‍යාපාරයකි. එනම් මෙය ආරම්භ කර ඇත්තේ 1864 වසරේදී වන අතර, ඒ අනුව සමාගම වසර 161ක් පැරැණිය. මෙහි මුල් නිර්මාතෘවරයා ජෝසප් හෙප්වර්ත් නමැති ව්‍යාපාරිකයෙකි. ඉන් පසුව පරම්පරා 04ක් යටතේ සමාගමේ කටයුතු සිදුකෙරුණු අතර, වර්තමානයේ මෙම සමාගමේ සභාපති ධුරය දරන්නේ මයිකල් රොනී නමැති බි්‍රතාන්‍ය ජාතික ධනකුවේරයෙකි. ඔහු දැනට 70 වැනි වියෙහි පසුවෙයි. Next සමාගමේ වෙළෙඳ ශාලා සහ කර්මාන්ත ශාලා ලෝකයේ රටවල් 40ක පමණ 700කට අධික ප්‍රමාණයක් ස්ථාපිත කර ඇත. 2024 වසර වනවිට මෙම ව්‍යාපෘතිවල වැඩකරන සේවක සංඛ්‍යාව 48,417ක් ලෙස සැලකෙයි. ඒ අනුව මෙම ව්‍යාපාරයේ විශාලත්වය කෙසේදැයි සිතාගත හැකිය. මෙම ‘නෙක්ස්ට්’ සමාගමේ අනෙක් විශේෂිත කතාව ලෙස හෙළිවන්නේ එහි ධනවත්කම්ය. එනම් මූල්‍ය ස්ථාවරත්වයකි. එම සමාගමේ නිල ලේඛනවලට අනුව 2024දී සමාගමේ මුළු ආදායම පවුම් මිලියන 5,491ක් වන අතර, ශුද්ධ ආදායම පවුම් මිලියන 800කි. 2024දී මෙහෙයුම් ආදායම් පවුම් මිලියන 987ක් වන අතර, එම වසරේදීම සමාගමේ මුළු වත්කම් ප්‍රමාණය පවුම් මිලියන 4,724ක් වෙයි. කෙසේ හෝ මේ ආකාරයට බලන විට සමාගමට විශාල මූල්‍ය ස්ථාවරත්වයක් ඇත. එසේම ‘නෙක්ස්ට්’ සමාගම මහා බි්‍රතාන්‍යයේ ලන්ඩන් කොටස් වෙළෙඳපළේද කැපීපෙනෙන මූල්‍ය ස්ථාවරත්වයක් හිමිකරගෙන ඇත.

මෙසේ හදිසියේම වසාදමන ලද කටුනායක නිදහස් වෙළෙඳ කලාපය තුළ ක්‍රියාත්මක වන Next නමැති ඇඟලුම් කර්මාන්ත ශාලාවේ ස්ථිර සේවකයන් 1,400ක් පමණ සේවය කර ඇතැයි කරුණු ප්‍රකාශ වෙයි. 1978 වසරේදී බි්‍රතාන්‍ය ආයෝජන ව්‍යාපාරයක් ලෙස මෙම කර්මාන්ත ශාලාව ආරම්භ කර ඇත. මෙහි නිෂ්පාදනය කරන ලද ඇඟලුම් සියල්ලක්ම එම සමාගමේ බි්‍රතාන්‍යයේ (එංගලන්තයේ) තිබෙන මවු සමාගම වෙත අපනයනය කළේය. ශ්‍රී ලංකාවේ නිෂ්පාදන පිරිවැය ඉහළ යෑම, ශ්‍රී ලංකාවේ පිරිහෙන ආර්ථිකය, අඛණ්ඩ මෙහෙයුම් මූල්‍ය වශයෙන් ශක්‍ය නොවීම, ජාත්‍යන්තර ඉල්ලුම අඩුවීම, සැපයුම් දාම බාධාවන් ආදී කරුණු මෙම ව්‍යාපාරය වසාදැමීමට හේතු වූ බව සමාගම ප්‍රකාශ කර සිටියි. කිසිදු පූර්ව දැනුම් දීමකින් තොරව වසාදැමීම සිදුකර ඇත. කර්මාන්ත ශාලාවේ ගේට්ටු වසාදමා, සේවකයන්ට ඇතුළු වීමට ඉඩ නොදී ඇත. නිදහස් වෙළෙඳ කලාප සහ පොදු සේවක සංගමය ප්‍රකාශ කර ඇත්තේ මෙම තත්ත්වයන් විමර්ශනය කර සේවකයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ඇති බව සහතික කිරීම සඳහා වහාම රජයේ මැදිහත් වීමක් සිදුකරන ලෙසයි. මේ අතර සමාගම ප්‍රකාශ කර ඇත්තේ රැකියා අහිමි වූ සේවකයන්ට මාස 2ක අමතර වැටුප් මුදලක් සහ ඔවුන්ට අයිති අනෙකුත් මූල්‍යමය ගෙවීම් සියල්ලමද ලබාදෙන බවයි. මෙලෙස වසර 40ක් පුරා ඉතා සාර්ථකව පවත්වාගෙන ආ සුවිශාල හා ප්‍රධානතම ඇඟලුම් කර්මාන්ත ශාලාවක් මෙලෙස ශ්‍රී ලංකාවේ වත්මන් නව රජයේ පාලනය යටතේ වසාදැමීම විශාල ආර්ථික අර්බුදයක් පිළිබිඹු කරන්නේ යැයි පාර්ශ්ව ගණනාවක් කියා සිටියි.

Sri Lanka Latest News

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

ඇමැති හඳුන්නෙත්ති එපා කිව්වා අහන්නෙත් නෑ! දිසාපති එපා කිව්වා අහන්නෙත් නෑ! පොලිසිය එපා කිව්වා අහන්නෙත් නෑ! මාතර පොල්හේනේ චණ්ඩි ටික එන මිනිස්සුන්ගෙන් තාම ටිකට් කඩනවා! VIDEO I Sri Lanka Latest News

Next Post

විපක්ෂනායකතුමා ඉස්පිරිතාලවල බෙහෙත් නැති එක ගැන පාර්ලිමේන්තුවේ හෙළිදරව් කරන කොට ආණ්ඩුව හිනාවෙනවා! මඩ ගහනවා! කතා කරන්න දෙන්නෙ නෑ! මෙන්න දැන් තමයි ඇමැති බෙහෙත් හිඟය ගැන කියන්නේ! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.