• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සමහර බැඳීම් පුදුමාකාරයි! බිරිය මියයනවා කියලා දැනගත්තාම සැමියාත් මැරුණා! පෙම්වතියට වෙඩිතියලා පෙම්වතා දිවි නසාගන්න හදනවා! හැමෝටම බැරි අයි පස්යාලේ යුවළ වගේ වෙන්න? Sri Lanka Latest News

May 25, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
සමහර බැඳීම් පුදුමාකාරයි! බිරිය මියයනවා කියලා දැනගත්තාම සැමියාත් මැරුණා! පෙම්වතියට වෙඩිතියලා පෙම්වතා දිවි නසාගන්න හදනවා! හැමෝටම බැරි අයි පස්යාලේ යුවළ වගේ වෙන්න?  Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සමහර බැඳීම් එකතුවීම් මහ පුදුමාකාරයි. ජීවිතය පුරාම ඒ බැඳීම්ලට ගරුකරමින් ලස්සන ජීවිතයක් ගතකරන අය ඉන්නවා. නමුත් සමහරුන්ට ඒ හමුවීම් මහා වේදනාකාරී අවසානයන් උරුම කර දෙනවා. අද සමාජයේ ප්‍රීතිමත්ව ජීවිත ගෙවන්නේ කීයෙන් කී දෙනාද? මේ කතාව අපිට අහන්න ලැබුණේ පස්යාල රදාවඩුන්න ගම්මානයෙන්. ඒ ප්‍රදේශයේ වේවැල් කර්මාන්තයේ නියැළී සිටින ආර්.කේ. නාමල් කුමාරගේ වයස අවුරුදු 58ක්. ඔහුත්, බිරිඳ වූ දුලානි සමරනායකත් ඉතා සමගියෙන්, ආදරණීයව පවුල් ජීවිතය ගතකළා. ඔවුන්ට සිටියේ එක් දරුවකු පමණයි. දුලානි උපදින විටම ඇගේ හදවතේ සිදුරක් සහිතවයි උපත ලබා තිබුණේ. ඒ කොහොම වුණත් විවාහ වී ඔවුන් සතුටෙන් ජීවිතය ගතකරන්නට වුණා. ඇගේ රෝගී තත්ත්වය නිසාම, ස්වාමිපුරුෂයා ඇයට කිසි දුකක් නොදී හොඳින් රැකබලා ගත්තා.Sri Lanka Latest News

නාමල් කුමාර ජීවිකාව ලෙස වේවැල් කර්මාන්තයේ නියැළී පවුල පෝෂණය කරන්නට කටයුතු කළා. දුලානිගෙන්ද නාමල්ට ලැබුණේ නොමඳ සහායක්. මේ අතර, හදිසියේ ඇතිවූ රෝගී තත්ත්වයක් නිසා දුලානි පසුගිය දිනෙක වරකාපොළ රෝහලට ඇතුළත් වුණා. ඇයව පරීක්ෂා කළ වරකාපොළ රෝහලේ වෛද්‍යවරුන් නාමල්ට පවසා සිටියේ දුලානි ජීවත් වන්නේ තව සති දෙකක් වැනි කෙටි කාලයක් බවයි. මේ බව කන වැකීමත් සමග නාමල් දැඩි කම්පනයකට ලක්වුණා. ඒ, මෙතෙක් කලක් දුක සැප බෙදාගත් තම ආදරණීය බිරිඳ ජීවිතයෙන් සමුගැනීම ඔහුට ඉතා වේදනාකාරී අත්දැකීමක් වීම නිසයි.

මේ අතර, දුලානි රෝහලේ සිට යළි නිවසට පැමිණි විට තම ස්වාමිපුරුෂයා වූ නාමල් නිවසේ දක්නට ලැබුණේ නැහැ. ඇය ඔහු පිළිබඳ ඥාතීන්ගෙන් විමසද්දී ඔවුන් පවසා තිබුණේ නාමල් අසනීප වී රෝහල්ගත කළ බවයි. නාමල්ට වෛද්‍යවරුන් ප්‍රතිකාර ලබාදී තිබුණද ඇතිවූ හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙන් ඔහු ජීවිතයෙන් සමුගෙන ගොස් තිබුණේ තම ආදරණීය බිරිඳ නැති ලෝකයක තවදුරටත් ජීවත්වීමෙන් ඵලක් නැති බව පසක් කරමින්. ස්වාමියාගේ වියෝව නිසා දැඩි ශෝකයට පත් නාමල්ගේ බිරිඳ දුක යටපත් කරගෙන තම ස්වාමිපුරුෂයාගේ අවමංගල්‍ය අවස්ථාවට පැමිණ සිටි සියලු දෙනා සමග කතා කරන්නට වුණා. මේ අතර, නාමල්ගේ බිරිඳගේ රෝගී තත්ත්වයද යළි උත්සන්න වී ඇයද ජීවිතයෙන් සමුගෙන යන්නට ගත වූයේ පැය කිහිපයක් පමණයි.

ඒ අනුව, නාමල්ගේ සහ දුලානිගේ මෘත දේහයන් අවසන් ගෞරව දැක්වීම සඳහා එකම ස්ථානයක තබන්නට ඥාතීන් කටයුතු කර තිබුණා. එකම දිනක ඉඹුල්ගස්ඕවිට පොදු සුසාන භූමියේ එකම ස්ථානයක දේහයන් මිහිදන් කර තිබුණේ ඔවුන් ආදරණීය යුවලක් ලෙසින් ආදර්ශවත් පවුල් ජීවිතයක් ගතකළ නිසාවෙන්.
එම යුවලගේ දුක්බර කතාව එහෙම අසන්නට ලැබෙද්දී ඊට හාත්පසින්ම වෙනස් තවත් කතාවක් අසන්නට ලැබුණේ හලාවත විලත්දූව ප්‍රදේශයෙන්. එම සිදුවීම ඛේදවාචකයක්. පෙම්වතා විසින් පෙම්වතියගේ මුහුණට වායු රයිෆලයකින් වෙඩිතබා තිබුණා. එයට හේතු වී තිබුණේ ආරවුලක් දුරදිග යාමයි. ඒ අවස්ථාවේ පෙම්වතිය නිවසේ සිට ඇති අතර, වෙඩි වැදීමෙන් පසු ඇය නිවසින් පිටතට පැමිණ ඇති බවයි අනාවරණ වී තිබුණේ. වෙඩිතැබීමෙන් පසු පෙම්වතා කාමරයක් තුළට ගොස් සියදිවි නසාගැනීමට උත්සාහ දරා ඇති බවද අනාවරණ වී තිබුණා. කෙසේ වෙතත් අසල්වාසීන් එක්ව පෙම්වතාගේ සියදිවි නසාගැනීමේ වෑයම වළක්වා තිබුණා. වෙඩි වැදුණු පෙමවතිය මේ වනවිට හලාවත රෝහලේ ප්‍රතිකාර ලබන බව සඳහන් වෙනවා.

දැන් තරුණ පරපුරේ බොහෝ දෙනෙක් තමන්ගේ පෙම්වතිය හෝ පෙම්වතා තමන්ට අයිති වෙන්නේ නැත්නම් ඔවුන්ගේ ජීවිතවලින් පළිගන්න පුරුදුවෙලා ඉන්නවා. පළිගැනීම නෙවෙයි කළ යුතු වන්නේ. ඔහු හෝ ඇය තමන්ට ගැළපෙන්නේ නැහැ කියලා හිතෙනවා නම්, ඒ ගැන විවෘතව සාකච්ඡා කරලා දෙන්නාට සුහදව වෙන්වෙන්න පුළුවන්, ගැටුම් ඇතිකර ගන්නේ නැතිව. හරියට ආදරේ කළා නම් කවුරුවත් කාගෙන්වත් පළිගන්නේ නැහැ. දෙදෙනෙක් ආදරේ කළාම පළිගන්න හිතෙනවා නම් ඇත්තටම එතැන තියෙන්නේ වෛරයක් විතරයි. මේ පෙම්වතුන් දෙන්නාටත් තිබුණා සමාදානයෙන් සාකච්ඡා කරලා හිත හදාගෙන ලස්සන ජීවිතයක් ගතකරන්න.

මෙවැනි සිදුවීම්වලට ප්‍රධාන හේතුව අද සමාජයේ බොහෝ දෙනෙක් ජීවත් වෙන්නේ මානසික ආතතියකින් යුතුව වීමයි. කේන්තිය පාලනය කරගන්න බැරිවෙලා දෙයක් සිදුවුණාම තමයි බොහෝ දෙනකුට තමන් කළ ක්‍රියාවේ බරපතළකම තේරෙන්නේ. ජීවත්වීමේ අරමුණක් නැහැ. ජීවත් වෙන්නම් වාලේ ජීවත් වෙනවා. හිත්වල තණ්හාව වෛරය වැඩිවෙලා. ජීවිතය කියන්නේ මොකද්ද කියන දේ තේරුම් අරගෙන නැහැ. තමන්ගේ වගකීම් යුතුකම් පැහැර හැරලා. මවුපියන් දරුවන්ට කුඩා කාලේ පුරුදු පුහුණු කරලා නැහැ ජීවිතයක වටිනාකම මොකද්ද කියලා. අනෙකාට ගරු කරන්න දන්නේ නැහැ. වර්තමානයේ දරුවන්ව දහම් අධ්‍යාපනයට යොමු කරන්නේ නැහැ. හොඳ නරක කියලා දෙයක් දැන් බිහිවෙන දරුවන් දන්නේ නැහැ. ඒක හරිම ඛේදනීය තත්ත්වයක්.

අනෙක් කරුණ නම්, මෙවැනි අය මානසික ආතතිය පිටකරන්නේ තමන්ගේ අහල පහළ ඉන්න කෙනාගෙන්. අහල පහළ ඉන්නේ තමන්ගේ අම්මාද තමන්ගේ තාත්තාද සහෝදර සහෝදරියෝද වැඩිහිටියෝද කියලා ඔවුන්ට වැටහීමක් නැහැ. හිතේ ආවේගයට ළඟ ඉන්න කෙනාගෙන් පළිගන්නවා. අනාගතයේදී මේ නිසා දුක් විඳින්නේ මේ මවුපියන්මයි.
දරුවන් ගුණධර්ම ඉගෙනගන්නේ නැතිකමින් ඔවුන් ආශ්‍රය කරන අය පවා පීඩාවට පත්වෙනවා. ඔවුන්ගේ ජීවිතත් අනතුරට පත්වෙනවා. ඊට කදිම උදාහරණයක් තමයි ඉහත සිදුවීම. ඉවසීම කරුණාව ආදරය කියන දේවල් දරුවන්ට පුරුදු පුහුණු කරලා නැහැ. මවුපියන්ට ආදරය කළොත් තමයි දරුවෙක් දවසක සමාජයටත් පෙරළා ආදරය දෙන්නේ. ඉතින් අපිට මවුපියන්ගෙන් ඉල්ලන්න තියෙන්නේ මේ සමාජයට ඒ වගේ හිස් දරුවන් බිහිකරන්න එපා කියලයි. ඔවුන්ට අධ්‍යාපනයක් ලබාදෙන්න බැරි වුණත් ගුණ යහපත් දරුවන් සමාජයට දායාද කරන්න. එහෙම නැති වුණොත් තමන් වගේම සමාජයත් පරිහානියට පත්වීම වළක්වන්නට බැරි වේවි.

නිලන්ති රේණුකා

SendShareShare
Previous Post

නිළි රැජින පාර්ලිමේන්තුවට අරන් ආපු මහින්ද ගෝඨාත් එක්ක ඇවිත් අවසන් ගෞරව දක්වයි! VIDEO I Sri Lanka Latest News

Next Post

ඇමැති හඳුන්නෙත්ති එපා කිව්වා අහන්නෙත් නෑ! දිසාපති එපා කිව්වා අහන්නෙත් නෑ! පොලිසිය එපා කිව්වා අහන්නෙත් නෑ! මාතර පොල්හේනේ චණ්ඩි ටික එන මිනිස්සුන්ගෙන් තාම ටිකට් කඩනවා! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)
Exclusive

‘ප්ලාන්ටේෂන්’ මුවාවෙන් ජනතාවට ලොකු සල්ලි දෙනවා කියලා ගන්න කොම්පැනි ඉවරයි! අහුවෙන්න එපා! තැන්පත් කරපු මුදල් ආයෙත් ඉල්ලගන්න! කොම්පැනිවලට විරුද්ධව දැන් නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා! මහබැංකු අධිපතිගෙන් විශේෂ නිවේදනයක්! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

සංවර්ධනය වන උතුර නැගෙනහිර වෙරළ තීරය අනවසර ඉදිකිරීම්වලින් ආරක්ෂා කරගන්න අනුරගෙන් මෙහෙයුම් කමිටුවක්! PHOTOS I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

සල්ලි තියෙනවා ප්‍රශ්නයක් නෑ! මේ අවුරුද්දේත් ඩොලර් බිලියනයක විදේශ ණය ගෙවන්න ලෑස්තියි! ගිය අවුරුද්දෙත් ගෙව්වා! I Sri Lanka Latest News

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News

තෙල් පෝලිමේ තවත් දෙන්නෙක් මරුට! දැන් 6යි!
Exclusive

පරෙස්සම් වෙන්න කියලා කොච්චර කිව්වත් තේරුම් ගන්නේ නෑ! දියඇල්ලක් ගාව ෆොටෝ ගහන්න ගිය සිසුන් දෙන්නෙක් ඇද වැටී මරුට! I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

Load More
රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)
Exclusive

‘ප්ලාන්ටේෂන්’ මුවාවෙන් ජනතාවට ලොකු සල්ලි දෙනවා කියලා ගන්න කොම්පැනි ඉවරයි! අහුවෙන්න එපා! තැන්පත් කරපු මුදල් ආයෙත් ඉල්ලගන්න! කොම්පැනිවලට විරුද්ධව දැන් නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා! මහබැංකු අධිපතිගෙන් විශේෂ නිවේදනයක්! VIDEO I Sri Lanka Latest News

වගා ව්‍යාපෘති යැයි කියමින් මුදල් එකතු කිරීම නීතිවිරෝධී බවත්, ජනතාව එහි කැන්පත් කර ඇති මුදල් වහාම ඉල්ලා ගන්නා ලෙසත් මහබැංකු...

Read more
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

සංවර්ධනය වන උතුර නැගෙනහිර වෙරළ තීරය අනවසර ඉදිකිරීම්වලින් ආරක්ෂා කරගන්න අනුරගෙන් මෙහෙයුම් කමිටුවක්! PHOTOS I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

සල්ලි තියෙනවා ප්‍රශ්නයක් නෑ! මේ අවුරුද්දේත් ඩොලර් බිලියනයක විදේශ ණය ගෙවන්න ලෑස්තියි! ගිය අවුරුද්දෙත් ගෙව්වා! I Sri Lanka Latest News

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News

තෙල් පෝලිමේ තවත් දෙන්නෙක් මරුට! දැන් 6යි!

පරෙස්සම් වෙන්න කියලා කොච්චර කිව්වත් තේරුම් ගන්නේ නෑ! දියඇල්ලක් ගාව ෆොටෝ ගහන්න ගිය සිසුන් දෙන්නෙක් ඇද වැටී මරුට! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.