• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජනාධිපතිතුමාගේ කතාවේ තහනම් වචන 4ක්! රණවිරුවා – ත්‍රස්තවාදය – බෙදුම්වාදය – ඒකීයභාවය! විමල්ගෙන් සැර උත්තරයක්! Sri Lanka Latest News

May 24, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
Share on WhatsAppShare on Facebook

දශක තුනකට අධික කාලයක් පැවැති කුරිරු ත්‍රස්තවාදය අවසන් කරමින් ලැබූ යුද ජයග්‍රහණය සැමරෙන ජාතික රණවිරු සැමරුම් උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල රණවිරු ස්මාරකය අබියසදී පසුගිය 19 වැනිදා පැවැත්වුණා. එහිදී ජනාධිපතිවරයා කළ කතාව හරහා යුද ජයග්‍රහණයට උරදුන් රණවිරුවන් හෑල්ලුවට ලක්කර ඇතැයි හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසා සිටියා. ජාතික නිදහස් පෙරමුණ කොළඹදී කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා සිදුකළ එම අදහස් දැක්වීමෙන් උපුටාගත් කොටසක් පහත පළවේ. Sri Lanka Latest News

‘මෙම මාධ්‍ය සාකච්ඡාව හදිසියේම කැඳවන්න අපි කල්පනා කළේ ජනාධිපති අනුර දිසානායක මහතා රණවිරු විජයග්‍රහණයේ සැමරුමට ඇවිල්ලා, ඇත්ත වශයෙන්ම ඔහු එන්න නෙවෙයි හිටියේ. අපි දැක්කා එක්තරා පෞද්ගලික නාලිකාවක තිබුණු දේශපාලන සංවාද වැඩසටහනකදී විජිත හේරත් අමාත්‍යවරයා කියනවා ජනාධිපතිවරයා මුල ඉඳන්ම එන්න තමයි හිටියේ, සන්නිවේදනයේ ප්‍රශ්නයක් වෙලා තිබුණා කියලා. සන්නිවේදනයේ ප්‍රශ්නයක් වෙලා තිබුණා නම් ආරාධනා පත්‍රයේ එතුමාගේ නම නැතුව ‘ආරක්ෂක නියෝජ්‍ය ඇමැතිගේ ප්‍රධානත්වයෙන්’ කියලා ආරාධනා පත්‍රයේ තියෙන්නේ කොහොමද කියලා අපි අහන්න කැමැතියි. ඒ නිසා ගහ දන්න මිනිස්සුන්ට කොළ කඩාපාන්න එපා. බොරුවලින්ම ජීවත් වෙන්න හදන්න එපා. පචවලින්ම ජීවත් වෙන්න හදන්න එපා. කයියෙන්ම ජීවත් වෙන්න හදන්න එපා. ආවෙත් පචවලින්, බොරුවලින්. ඉන්න හදන්නෙත් බොරුවෙන් පචයෙන් මුසාවාදයෙන් කයියෙන්.

ආරාධනා පත්‍රය ගහන්නේ නැත්නම් ජනාධිපතිවරයා මුල ඉඳන්ම ප්‍රධාන ආරාධිතයා හැටියට සේනාධිනායකයා හැටියට සහභාගි වෙන්න නියමිතව තිබුණා නම්. එහෙම නම් ආරාධනා පත්‍රයේ නම තියෙන්න ඕනනේ. ජනාධිපති, සේනාධිනායක අනුර කුමාර දිසානායක අනුර කුමාර දිසානායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කියලා. මොකටද ආරක්ෂක නියෝජ්‍ය ඇමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් කියලා දාන්නේ? එතකොට ආරාධනා පත්‍රයෙත් සන්නිවේදන අවුලක්ද? රණවිරු සේවා අධිකාරියේ ප්‍රධානියාගේ සන්නිවේදන අවුල විතරද? ආරාධනා පත්‍රයෙත් සන්නිවේදන අවුලක්ද? එන්න නෙවෙයි හිටියේ. නමුත් එන්නේ නෑ කියන එක කල්තියා ප්‍රසිද්ධ වීම නිසා සමාජයෙන් ආපු පීඩනයත් එක්ක තමයි අකැමැත්තෙන් ආවේ. ඒ අකැමැත්තෙන් රණවිරු විජයග්‍රහණයේ සමරුවට ආපු පළමු විධායක ජනාධිපතිවරයා තමයි මේ. මේ තමයි අකැමැත්තෙන් ආපු පළමු විධායක ජනාධිපතිවරයා. අකැමැත්තෙන් ඇවිල්ලා ඔහු කරපු කතාව.

ඒ කතාව ඇහුවම නම් හිතුණේ ඇත්තටම නාවා නම් හොඳයි කියලා. ඒ කරපු කතාවේ මොනවද කියලා? ඒ කතාවේ තියෙනවා තහනම් වචන ගොඩක්. රණවිරුවෝ කියන වචනය තහනම්. රණවිරු විජයග්‍රහණයේ 16 වැනි සංවත්සරය සමරන්නේ. රණවිරු කියන වචනය තහනම්. ජීවිත පරිත්‍යාග කරපු සොල්දාදුවෝ නිලධාරීන් කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ රණවිරුවගේ තත්ත්වය සොල්දාදුවා නිලධාරියා කියන මට්ටමට පල්ලෙහාට දැම්මා. මේ මහා අනන්ත අප්‍රමාණ කැපවීම්, දැවැන්ත ජීවිත පරිත්‍යාගයන්, මරණය පෙනි පෙනී මරණයට නොබියව මුහුණ දෙනවා කියන අධිෂ්ඨානයෙන්, මවුපියන් ගැන හිතන්නේ නැතුව, දූදරුවන් ගැන හිතන්නේ නැතුව, බිරින්දෑවරුන් ගැන හිතන්නේ නැතුව, මේ කිසිවක් නොතකා මගේ රටේ ඒකීයභාවයට පණ දෙනවා, මගේ රට ආරක්ෂා කරනවා, මගේ රටට තියෙන මේ ත්‍රස්ත තර්ජනයෙන් මම මගේ රට මුදාගන්නවා කියන දැවැන්ත අධිෂ්ඨානය මත මේ සටන් වැදිච්ච වීරෝදාර රණවිරුවන් ලෝකේ කිසිම රටක කිසිම රාජ්‍ය නායකයෙක් මේ වැඩේ කරලා නෑ. අපි කැමැති රටවල් වෙන්න පුළුවන් අකැමැති රටවල් වෙන්න පුළුවන්. ඒ කොයි රටක රාජ්‍ය නායකයා මෙවැනි අභිමානවත් ජයග්‍රහණයක සමරුවක් අභිමුවට ඇවිල්ලා ඒක සමරන්නේ ඒ ජීවිත පරිත්‍යාග කරපු වීරවරයන්ට වීරවරියන්ට ශරීරාංග පරිත්‍යාග කරපු වීරවරයන්ට වීරවරියන්ට වචනයෙන් දෙන්න පුළුවන් ඉහළම වටිනාකම දෙන එක. ඉහළම ගෞරවය දෙන එක. මේ තමයි නල්ලමලේ ජනාධිපති සේනාධිනායක 16 වැනි රණවිරු විජයග්‍රාහී සමරුවට ඇවිල්ලා රණවිරු කියන වචනය තහනම්. ඒ වෙනුවට කියන්නේ ජීවිත පරිත්‍යාග කරපු සොල්දාදුවන් සහ නිලධාරීන් කියලා. කැතයි. ඊට වඩා හොඳයි නෑවිත් හිටියා නම්. රණවිරුවගේ තත්ත්වය බින්දුවට වට්ටන්න සේනාධිනායකයා එන්න ඕනේ නෑ මෙහෙම උත්සවවලට. මෙහෙම උත්සවවලට ඇවිල්ලා රණවිරුවා කියන වචනය තහනම් වචනය කරගෙන එහෙම කතා පවත්වන්න ඕනේ නෑ සේනාධිනායකයෙක් ඇවිල්ලා. එහෙම සේනාධිනායකයෝ පොල්පිත්තකින් කපාගන්න පුළුවන්.

මේ රටට ආදරය කරන රණවිරු පවුල්වල රණවිරුවන් ඇතුළු විශ්‍රාම ගිය රණවිරුවන් මේ හැමෝම එකතු වෙලා විශාල බලාපොරොත්තුවක් ඇතුව පත්කරගත්ත ජනාධිපතිවරයා. අඩු ගානේ රණවිරුවා කියන වචනය කටෙන් එළියට දාන්න බෑ. ඒකට බයයි. දෙමළ ඩයස්පෝරාව අමනාප වෙයි කියලා බයයි. කොටි ඩයස්පෝරාව තරහා වෙයි කියලා බයයි. කොටි ඩයස්පෝරාව අමනාප වුණොත් ඊට වඩා අලකලංචියක් වෙයි කියලා බයයි. කරපු උදව් දීපු සන්තෝසම් එළියට එයි කියලා බයයි. ඒ හිතේ බය තියාගෙන මානසික බාධාව තියාගෙන තමයි කතාව පවත්වන්නේ. එතකොට රණවිරුවා කියන වචනය හැලෙනවා. ඒක ස්වභාවිකයි. එන්නෙත් නැතුව ඉන්න හිටියේ ඒ හින්දා. එන්න වුණා නෑවිත් ඉන්න බැරි තතත්ත්වයක් ඇතිවුණ හින්දා. එහෙම ඇවිල්ලත් අර පැත්ත ගැන හිත හිතා තමයි කතාව පවත්වන්නේ.

මා ළඟ තියෙනවා ජනාධිපති මාධ්‍ය ඒකකය දීලා තියෙන කතාවේ පිටපත. මේකේ සමහර කොටස් අඩුයි. ඒ කියන්නේ මහජනයාට නැවත මතක් කරදෙන්න ඕනේ නැති සමහර කෑලි අයින් කරලා තියෙනවා. මම කියන්නම් ඒ මොකක්ද කියලා.

ඊළඟ තහනම් වචනය මොකක්ද? බෙදුම්වාදී ත්‍රස්තවාදීන් කියන වචනය. ත්‍රස්තවාදීන් කියලා වචනයක් කොහෙවත් නෑ. අපේ රණවිරුවෝ අවුරුදු 16කට කලින් අවුරුදු 30ක් තිස්සේ සටන් කළේ මොක්කු එක්කද? විමුක්තිකාමීන් එක්කද? දේශප්‍රේමීන් එක්කද? කවුරු එක්කද? ත්‍රස්තවාදීන්ට ත්‍රස්තවාදීන් කියලා කියන්න කට ඇරෙන්නේ නැත්තේ ඇයි? රෝහණ විජේවීරට පුළුවන් වුණා නම් ‘දෙමළ බෙදුම්වාදී ත්‍රස්තවාදීන්’ කියන වචන තුන නිර්භයව පාවිච්චි කරන්න, ඒ පක්ෂයේ නිර්මාතෘවරයාට කොන්ද පණ තිබ්බා නම්, සෝමවංශ අමරසිංහට කොන්ද පණ තිබ්බා නම්, මේ ජවිපෙ නායකයාට ජනාධිපති අනුර දිසානායකට ඒ කශේරුකාව නැත්තේ කොහොමද? ඇයි ත්‍රස්තවාදය කියන වචනය නැත්තේ? ඇයි බෙදුම්වාදී ත්‍රස්තවාදය කියන වචනය නැත්තේ? ඔය වචන පට්ටගහපු පක්ෂයක් විජේවීර සහෝදරයගේ කාලේ සෝමවංශ අමරසිංහ සහෝදරයගේ කාලේ ජනතා විමුක්ති පෙරමුණ.

ඒක විතරක් නෙවෙයි, ඊළඟ තහනම් වචනය මොකක්ද? ඒකීයභාවය. රාජ්‍ය ඒකීයභාවය. ආරක්ෂක හමුදා දිවිපුදා ශරීරාංග පරිත්‍යාග කරමින් සටන් කළේ රටට සාමය දිනාදෙන්න වගේම රාජ්‍යයේ ඒකීයභාවයට එල්ල වෙලා තිබුණු ත්‍රස්ත තර්ජනයෙන් මේ මාතෘභූමිය නිදහස් කරගන්න. බේරගන්න. ඒකටයි සටන් කළේ. ඒ මහා රණවිරුවන්ගේ විජයග්‍රහණයේ 16 වැනි සමරුවට ආපු සේනාධිනායකයගේ ජනාධිපතිගේ කතාවේ ඒ වචන නෑ. ඒකීයභාවය කියන වචනය නෑ. බෙදුම්වාදය කියන වචනය නෑ. ත්‍රස්තවාදය කියන වචනය නෑ. රණවිරුවා කියන වචනය නෑ, ඒවා ඔක්කොම තහනම් වචන. ඒකෙන්ම පේනවා ජනාධිපතිවරයාගේ සැඟවුණු න්‍යායපත්‍රය මොකක්ද? රණවිරුවට රණවිරුවා කියලා කියන්න බැරිනම්, බෙදුම්වාදයට බෙදුම්වාදය කියලා කියන්න බැරිනම්, බෙදුම්වාදී ත්‍රස්තවාදියාට ත්‍රස්තවාදියා කියලා කියන්න බැරිනම්, රාජ්‍යයේ ඒකීයභාවය කියන වචනය පාවිච්චි කරන්න බැරිනම් ඒවා තහනම් වචන නම්, එහෙම ජනාධිපති කෙනෙක් සේනාධිනායකයෙක්ගේ යටිකූට්ටු සැලැස්ම මොකක් වෙන්න පුළුවන්ද කියලා මේ රටේ ජනතාව තීරණය කළ යුතුයි.

SendShareShare
Previous Post

ස්වර්ණා විජයයි – ගාමිණීයි එක්ක තිබ්බ කවුරුත් නොදන්න සම්බන්ධය! Sri Lanka Latest News

Next Post

අනුර රණවිරු සැමරුමට එන්නේ නැතිව ඉන්න හැදුවේ ඇයි? මාලිමාවේ න්‍යායාචාර්ය නිර්මාල් හෙළිකරයි! Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.