• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජනාධිපති අරමුදල ගමට අරන් යන වැඩේ සාර්ථකයි! ගමේ නිලධාරීන්ට පුහුණු වැඩමුලුවක් තියයි! PHOTOS I Sri Lanka Latest News

May 17, 2025
in Exclusive
Reading Time: 21 mins read
A A
ජනාධිපති අරමුදල ගමට අරන් යන වැඩේ සාර්ථකයි! ගමේ නිලධාරීන්ට පුහුණු වැඩමුලුවක් තියයි! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ජනාධිපති අරමුදලේ කටයුතු පිළිබඳව බස්නාහිර පළාතේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල විෂය භාර නිලධාරීන් වෙනුවෙන් සංවිධානය කළ විශේෂ පුහුණු වැඩමුළුවක් අද (17) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී පැවැත්විණි.Sri Lanka Latest News

ජනාධිපති අරමුදලේ කටයුතු ප්‍රාදේශීය මට්ටම දක්වා විමධ්‍යගත කිරීමට අදාළව බස්නාහිර පළාතේ කොළඹ, කළුතර සහ ගම්පහ යන දිස්ත්‍රික්කවල සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල විෂය භාර නිලධාරීන් තවදුරටත් ජනාධිපති අරමුදලේ කටයුතු පිළිබදව ප්‍රායෝගික දැනුම්වත් කිරීමට මෙම විශේෂ පුහුණු වැඩමුළුව සංවිධානය කර තිබිණි.

මෙහිදී රාජ්‍ය සේවකයා සහ මහජනතාව අතර යහපත් සබඳතා ගොඩනඟා ගැනීම සහ එම සබඳතා පවත්වා ගන්නා ආකාරය පිළිබඳ ජනාධිපති මාධ්‍ය උපදේශක චන්දන සූරියබණ්ඩාර මහතා විසින් අදහස් දැක්වීමක් සිදු කරන ලදී.

මීට අමතරව පරිගණක පද්ධතියේ ආරක්ෂාව සහ භාවිතය, වෛද්‍යාධාර අයැදුම්පතක් භාර ගැනීමේ සිට අනුමැතිය දක්වා සිදුවන ක්‍රියාවලිය පිළිබඳ සිදු කෙරෙන ඉදිරිපත් කිරීම, ජනාධිපති අරමුදලේ එක් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස භාර නිලධාරීන් ඇතුළු කාර්ය මණ්ඩලය විසින් එම එක් එක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල කටයුතු පරිගණක පද්ධතිය සමඟ පරීක්ෂා කිරීම, අනුමත වීමෙන් පසු වෛද්‍යාධාර ගෙවීම පිළිබඳ ක්‍රියාවලිය සහ පරිගණක පද්ධතිය තුළ කටයුතු කිරීමේදී විෂය භාර නිලධාරීන් මුහුණ දෙන ගැටලු පිළිබඳව මෙහිදී ප්‍රායෝගික සහ න්‍යායත්මක පුහුණුවක්ද ලබා දෙනු ලැබීය.

ජනාධිපති අරමුදලේ ප්‍රධාන අරමුණ සහ පරමාර්ථය අතිශය අසරණ අයට සේවයක් ලබා දීම බවත්, මේ වන විට ප්‍රාදේශීය ලේකම් මට්ටමින් අරමුදලේ සේවාවන් ව්‍යාප්ත කිරීම නිසා වැඩි පිරිසකට පහසුවෙන් සේවාවන් ලබා ගැනීමට හැකි වී ඇති බවත් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා පෙන්වා දුන්නේය.

එසේම මෙම සේවාවේ වටිනාකම සියලු රාජ්‍ය නිලධාරින් තේරුම් ගෙන ඇතැයි විශ්වාස කරන බව පැවසූ ජනාධිපති ලේකම්වරයා, ජනතාව වෙනුවෙන් රජය ගෙන යන වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට සියලු දෙනාගේ සහාය අවශ්‍ය බවද සඳහන් කළේය.

ජනාධිපති අරමුදල වෙත වාර්ෂිකව ලැබෙන මුදල් අසරණ ජනතාව වෙනුවෙන් ලබා දිය යුතු බවත්, අසරණ රෝගීන් වෙනුවෙන් ලබාදෙන සේවාව තවදුරටත් වර්ධනය කිරීමට සියලුදෙනා කැපවී කටයුතු කළයුතු බවත් ජනාධිපති ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.

මේ වන විට ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා ජනාධිපති අරමුදලේ පරිගණක පද්ධතිය වෙත රෝගීන් විසින් අයැදුම්පත් දහසකට අධික සංඛ්‍යාවක් පද්ධතිගත කර ඇති බවත්, ඉන් 40%ක පමණ ප්‍රමාණයක් බස්නාහිර පළාතේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා යොමු වී ඇති අයැදුම්පත්‍ර බවත් ජනාධිපති අරමුදලේ ලේකම්, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ මහතා මෙහිදී සඳහන් කළේය.

  1. 02.07 වැනි දින ආරම්භ වූ ජනාධිපති අරමුදල ප්‍රාදේශීය ලේකම් කාර්යාල දක්වා විමධ්‍යගත කිරීම යටතේ මේ වන විට ලැබෙමින් තිබෙන අයැදුම්පත්වලින් 80%ක් ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා ලැබෙන බවත් රෝෂන් ගමගේ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

මෙම වැඩමුළුවට එක්ව සිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල විෂයභාර නිලධාරීන් සහ නිලධාරිනියන් අගයමින් සහතික පත්‍ර පිරිනැමීමද මෙහිදී සිදු කෙරිණි.

ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරුන් වන පී. එච්. කොළඹගේ, පී. ආර්. ප්‍රසාද් පෙරේරා, ජනාධිපති අරමුදලේ ප්‍රධාන ගණකාධිකාරී ඩී. ඒ. එම්. වික්‍රමරත්න, ජනාධිපති සහකාර ලේකම් උෂානි රත්නායක යන මහත්ම මහත්මීහු ඇතුළු ජනාධිපති අරමුදලේ කාර්ය මණ්ඩලය මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ජනාධිපති මාධ්‍ය අංශය
2025.05.17

SendShareShare
Previous Post

තාත්තා වගේම පුතා සජිතුත් පොඩි මිනිස්සුන්ගේ දෙපතුල ළගට ගිහින් ප්‍රශ්න ගැන හොයා බලයි! මේ තාත්තා හදපු ‘උල්ලල මාස්මුල්ල’ උදා ගම්මානයට ගිහින් මිනිස්සුන්ගේ ප්‍රශ්න ගැන හොයලා බලපු හැටි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Next Post

පුංචි ඡන්දය මහඡන්දයක් නම් ආණ්ඩුවට 122ද 100ට අඩුයිද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

MORE NEWS

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

Load More
වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අධිකරණයට ඉදිරිපත් කර මේ වනවිට අධිකරණය මගහැර සිටින අමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා...

Read more
යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.