• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මොකක්ද මේ අනුර-ටිල්වින් ප්‍රශ්නේ? Sri Lanka Latest News

May 17, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
මොකක්ද මේ අනුර-ටිල්වින් ප්‍රශ්නේ? Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලයෙන් දේශපාලන පක්ෂවලට දැවැන්ත දේශපාලන පණිවුඩයක් දීලා තියෙනවා. ඇත්තටම ඒ රතු එළි ආණ්ඩුවට විතරක් නෙවෙයි විපක්ෂයටත් අදාළයි. හැබැයි ඒවා තේරුම් ගත්ත බවක් ආණ්ඩුව පැත්තෙන්වත් විපක්ෂය පැත්තෙන්වත් පේන්නේ නෑ. ඒක නිසා ජනවරමට පටහැනිව ආණ්ඩුව මෙන්ම විපක්ෂය කටයුතු කරමින් ඉන්නවා. ආණ්ඩුව ප්‍රජාතන්ත්‍ර විරෝධීව තමන්ට බලය හිමිව නැති පළාත් පාලන ආයතනවල මන්ත්‍රීවරුන් සල්ලිවලට අරන් පළාත් පාලන ආයතනවල බලය පිහිටවන්න හදනවා.Sri Lanka Latest News

ඒ වගේම විපක්ෂයට වැඩි බලයක් ඇති තැන්වලදීවත් පොදු හතුරා හඳුනාගෙන තීරණ ගන්න බවක් විපක්ෂය පැත්තෙන් පේන්නේ නෑ. විශේෂයෙන්ම මේ මොහොතේ පාර්ලිමේන්තුව නියෝජනය නොකරන දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වල මන්ත්‍රීවරුන් ඉතා විශාල ලෙස මුදල්වලට විකිණෙමින් තියෙනවා. ඒවා ගැන ඒ පක්ෂවල නායකයන් අනුගමනය කරන්නේ බොහොම නිහඬ පිළිවෙතක්. ඒ නිහඬ බවින් එයාලා කරන්නේ වැඩේ අනුමත කරන එකද කියන ප්‍රශ්නයත් පැන නගිනවා.

මෙතැනදී එන බරපතළ සැකය තමයි පහළ සෙට් එක විකුණලා තමන්ට එරෙහිව යන පරීක්ෂණ හා නඩු කටයුතු ටික ෂේප් කරගන්න හදනවද කියන සැකය මතුවෙනවා. මොකද පහුගිය කාලේ ආණ්ඩුව විවේචනය කරපු කීපදෙනෙක්ම මේ වෙනකොට හොයාගන්නත් නෑ. නැත්නම් දැඩි විදිහට නිහඬයි. එයාලාගේ පක්ෂවල මන්ත්‍රීවරුන්ගේ සහාය දෙනවා නම් එයාලාගේ ප්‍රශ්න ගැනත් සුබවාදී ප්‍රතිචාර දක්වන්න ආණ්ඩුව සූදානම් බවට පණිවුඩය දැනටමත් එයාලට එවලා තියෙනවා.

ඊළඟට නව තත්ත්වයට ගැළපෙන විදිහට ආණ්ඩුව වෙනස් වෙන්න ඕනෙ කියන සංවාදයත් ආණ්ඩුව ඇතුළේ ඇවිත් තියෙනවා. ඒ වෙනුවෙන් ආණ්ඩුවේ කරන ව්‍යුහාත්මක වෙනස්කම් සම්බන්ධ සාකච්ඡාවක් ඇතුළේ පටන් අරන්. මේ සාකච්ඡාව සමස්ත ආණ්ඩුවම සහභාගි නොවුණත් ජවිපෙ සහ මාලිමාවේ ඉහළ පෙළේ නායකයන් අතර මේ සාකච්ඡාව සිදුවෙලා තියෙනවා. අනුර ඒ පාර්ශ්ව දෙකේ කොටස්කාරයෙක් නොවී ජනාධිපති විදිහට මැදිහත්වෙලා තියෙනවා.

මොකද ජවිපෙට සහ මාලිමාවට තියෙන කෝකටත් තෛලය අනුර විතරයි. ජවිපෙ සහ මාලිමාව අතර කෙරෙන සංවාදය ක්‍රමයෙන් බරපතළ තැනකට යමින් තියෙනවා. මේ සංවාදය පාර්ශ්වකරුවන් වෙලා ඉන්න එක කණ්ඩායමක් තමයි ටිල්වින් නායකත්වය දෙන පැලවත්ත කණ්ඩායම. එතකොට ඔයාලට හිතෙයි අනිත් කණ්ඩායම හරිනිගේ මාලිමා කණ්ඩායම කියලා. ඇත්තටම මෙතැනදී නම් හරිනිට ඒ තරම් ලොකු බලයක් තියෙන බව පේන්නේ නෑ.

හරිනිට ගොඩක් දුරට තිබුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ බහුතර බලයක් නෙවෙයි. හරිනි නියෝජනය කළේ සමාජ බලයේ පංගුවක්. දැන් ඒක හරිනිට නෑ. හරිනි විසින්ම ඒක නැතිකරගෙන. මෙතැන අනිත් කණ්ඩායම බවට වෙලා තියෙන්නේ අනුරට සමීප මාලිමාවේ කණ්ඩායම් බව පේනවා. මේ පාර්ශ්ව දෙක අතර විවෘත සහ අභ්‍යන්තරිකව සාකච්ඡා ගණනාවක් වෙලා තියෙනවා. ඒවායේදී මේ කණ්ඩායම් දෙකම පිහිටලා තියෙන්නේ එකිනෙකට පරස්පර අන්ත දෙකක.
එතැනදී සාකච්ජාවෙලා තියෙන්නේ මැතිවරණ ප්‍රතිඵලයෙන් දීලා තියෙන පණිවුඩය අනුව වෙනස් වෙන්නේ කොහොමද කියන එක ගැනයි. එක පැත්තකින් මාලිමාවේ කණ්ඩායම නිදහස්ව වැඩකරන්නට අවශ්‍ය බව කියද්දී ටිල්වින් ඇතුළු කණ්ඩායම සියල්ල ජවිපෙට මධ්‍යගත කළ යුතුයි කියන තැනක ඉන්නවා. ඇත්තටම මේ අන්ත දෙකෙන් කොයි අන්තයට ගියත් වැරදියි. හැබැයි මේ පාර්ශ්ව දෙකට කවදාවත් මැද තැනකට එන්න බෑ.

මොකද එයාලා මූලධාර්මික වශයෙන්ම අන්තවාදීන් වෙලා ඉවරයි. මාලිමාව ඉල්ලන නිදහස්වාදය ඇතුළේ නිර්මාණය වෙන්නේ ඉතිහාසයේ හිටපු මජර මහජන නියෝජිතයාම තමයි. සියලු වරප්‍රසාද සහිත මන්ත්‍රීවරයෙක්. එයාට ආසනයක්. නිදහසේ වැඩකිරීමේ අවස්ථාව, ඥාති සංග්‍රහ, මැරකම එක්ක යන ගමනක්. ටිල්වින් පාර්ශ්වයෙන් කියන්නේ ඒ සියල්ල පැලවත්තට මධ්‍යගත වෙන්න ඕනෙ කියලයි. මන්ත්‍රී වැටුප පැලවත්තට ඇවිත් පැලවත්තේ කොටස් අරන් නැවත මන්ත්‍රීට දෙන වැඩපිළිවෙළක්.

සියලු අමාත්‍යාංශ පැලවත්ත හරහා අධීක්ෂණය වන වැඩපිළිවෙළක්. ටිල්වින්ගේ අණට කීකරු ආණ්ඩුවක්. මේ ගැටුම දැන් දෙපැත්තේම හැදිලා. ජවිපෙ බොල්ෂෙවික්වරු තමන්ගේ බලය තහවුරු කරගන්න ජවිපෙ යාන්ත්‍රණය පාවිච්චි කරගැනීමට උත්සාහයක්ම යෙදිලා තියෙනවා. අනුරගේ කණ්ඩායම රාජ්‍ය යාන්ත්‍රණය පාවිච්චි කරගෙන ඒ වැඩේ කරන්න උත්සාහ කරමින් ඉන්නවා. අනුර සැලකිය යුතු විශ්වාසයක් ජනාධිපති ලේකම් මත තියලා තියෙනවා. ඇත්තටම දැන් සටන තියෙන්නේ ටිල්වින් සහ අනුර අතරයි.
අනුර හදන්නේ බොල්ෂෙවික් බන්ච් එක කඩාගෙන ඉස්සරහට යන්න. ඒකට අනුර එක්කත් ඇතුළේ ජවිපෙ ටීම් එකක් ඉන්නවා. ඒක නිසා අපට හොඳ හොඳ සෙල්ලම් එළිවෙන යාමෙට බලාගන්න පුළුවන්. හැබැයි මෙතනදී එකක් කියන්න ඕනෙ. ජවිපෙ ඇතුළේ අභ්‍යන්තර අර්බුදයක් නිර්මාණය වෙනවා කියන්නේ ඉතාමත් බරපතළ තත්ත්වයක්.
(මෙම ලිපියේ ඇතැම් තැන් පුවත්පතකට ගැළපෙන ආකාරයට සංස්කරණය කොට ඇත.)

හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මීට
රටේ රාළ.

(රටේ රාළ ෆේස්බුක් පිටුවෙනි)

SendShareShare
Previous Post

මහජනතාව අපහසුතාවයට පත් කරන වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට ඉඩ දෙන්නේ නෑ.. -ඇමැති! මේ ඇහෙන්නේ ජවිපෙ හඬද.. මාලිමාවේ හඬද? VIDEO I Sri Lanka Latest News

Next Post

ඡන්දෙන් පස්සේ පළමු ප්‍රතිපලය ආවා! අනුර වැඩි කරනවා කිව්වා! විදුලිබල ඇමැති වැඩි කරන්නේ නෑ කිව්වා! ඔන්න 18.3%කින් ලයිට් බිල ඉහළ දාන්න මණ්ඩලය යෝජනා කරලා! I Sri Lanka Latest News

MORE NEWS

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News
Exclusive

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

කිසිම ආරාධනාවක් එජාපයෙන් ඇවිත් නෑ! විපක්ෂයේ සියලු පක්ෂ එකතු කරන්න අපි ලෑස්තියි! විපක්ෂ නායකතුමා සජිත් ප්‍රේමදාස! ප්‍රධාන විපක්ෂය සජබෙ! පත්තරවලයි වෙබ්වලයි යන පචවලට නලින් බණ්ඩාර උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මළ කෙළියයි! ජනාධිපති ගිහිල්ලා නැතිලු! 3089ක් ගිහින්ලු! මිලියන 32ක් වියදම් වෙලාලු! අරගල කාලෙ වගේ ජනාධිපති මැදුරුවලින් බඩුත් නැතිවෙලාද? VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

උදේ 8 වෙද්දි කෝච්චි 20ක් දිව්වා -ජනාධිපති මාධ්‍ය ඒකකය!
Exclusive

ජනාධිපති මන්දිරවල පිටස්තර අය නැවතුණේ නෑ! ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක්! Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවස් 8ට 8 වෙනි වෙඩිල්ලත් පත්තු වුණා..! අලුත්ම එක බෙල්ලන්විලින්! පාතාල මිනීමැරිල්ල දිගටම! Sri Lanka Latest News

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

Load More
රජයේ ගබඩා රට හාල්වලින් පිරිලා! ගොවියො කසිප්පුකාරයන් කරලා! අවුරුදු 2ක් ඇතුළත මාලිමා ආණ්ඩුව ගොවියන් දාපු තැන ගැන විපක්ෂනායක සජිත් හොරොව්පතානේදී කතාකරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Uncategorized

රජයේ ගබඩා රට හාල්වලින් පිරිලා! ගොවියො කසිප්පුකාරයන් කරලා! අවුරුදු 2ක් ඇතුළත මාලිමා ආණ්ඩුව ගොවියන් දාපු තැන ගැන විපක්ෂනායක සජිත් හොරොව්පතානේදී කතාකරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

තමා රටේ ජනතාව වෙනුවෙන් විපක්ෂයේ සිට සේවය කිරීමට ද විවිධ පාර්ශ්ව බනින බවත් තමාට සහ පක්ෂයට ලැබෙන මුදල් උපයෝගී කර...

Read more
බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

කිසිම ආරාධනාවක් එජාපයෙන් ඇවිත් නෑ! විපක්ෂයේ සියලු පක්ෂ එකතු කරන්න අපි ලෑස්තියි! විපක්ෂ නායකතුමා සජිත් ප්‍රේමදාස! ප්‍රධාන විපක්ෂය සජබෙ! පත්තරවලයි වෙබ්වලයි යන පචවලට නලින් බණ්ඩාර උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News

මළ කෙළියයි! ජනාධිපති ගිහිල්ලා නැතිලු! 3089ක් ගිහින්ලු! මිලියන 32ක් වියදම් වෙලාලු! අරගල කාලෙ වගේ ජනාධිපති මැදුරුවලින් බඩුත් නැතිවෙලාද? VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

උදේ 8 වෙද්දි කෝච්චි 20ක් දිව්වා -ජනාධිපති මාධ්‍ය ඒකකය!

ජනාධිපති මන්දිරවල පිටස්තර අය නැවතුණේ නෑ! ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.