• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මාස 7යි! වෙඩිතැබීම් 79යි! ජීවිත 52ක් බිලි! දාගෙන රතු කොඩි රට වඩේම වෙඩි! Sri Lanka Latest News

May 10, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
85 හැවිරිදි ආච්චි අම්මා ඝාතනය කළ 25 හැවිරිදි මුණුබුරා අත්අඩංගුවට I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

රට වටේම වෙඩිතැබීම් සිද්ධ වෙනවා. සමහර වෙඩිතැබීම් සිද්ධ වෙන්නේ පස්සෙන් පන්නලා ගිහිල්ලා. සමහර වෙලාවට මීටර් හය හත්සීයක් වෙඩි කන පුද්ගලයා දුවනවා මිනිස්සු ඉස්සරහින්. මේ විදියට මනුෂ්‍ය ඝාතන කීයක් දැන් සිද්ධ වෙලාද? ගණන් හිලව් ඇතුව කතාකරන්න බැරි තරමටම මනුෂ්‍ය ඝාතන සිද්ධ වෙලා. සමහර තැන්වල දරුවෝ පවුල් පිටින් මියයනවා. සමහර තැන්වල වෙඩි උණ්ඩය කියන එකේ තේරුමවත් නොදන්නා, මරණය කියන එකවත් නොදන්නා කිරිසප්පයෝ වෙඩිතියලා මරනවා. ගෙවල් ඇතුළට ඇවිල්ලා වෙඩිතියනවා. ගෙවල්වලට ඇවිල්ලා වෙඩිතියන්න උත්සාහ කරනවා අපි දකිනවා. මේ සියල්ල රට ඇතුළේ බහුලව සිද්ධ වෙමින් තියෙන බව අපිට දැන් පේනවා. Sri Lanka Latest News

අපි දන්නවා ජාතික ආරක්ෂාව ගැන ටියුෂන් දෙන්න තමයි සමහර අය ආවේ. එහෙම වහසිබස් දොඩන එක මේ වෙලාවේ අතිශය නරක තත්ත්වයක්. මොකද ඒකට හේතුව රටේ වෙඩිතැබීම් සිද්ධ වුණේ මේ මාලිමා ආණ්ඩුව ආවට පස්සේ නෙවෙයිනේ. ඊට කලිනුත් රටේ වෙඩිතැබීම් සිද්ධ වුණා. රටේ මනුෂ්‍ය ඝාතන පටන් ගත්තේ අදක ඊයෙක නෙවෙයි. ඊට කලිනුත් මනුෂ්‍ය ඝාතන සිද්ධ වුණා. හැබැයි ඇතැම් තැනක මනුෂ්‍ය ඝාතන සාධාරණීකරණයට ලක්කිරීම, ඔය විදියට තමයි අනිත් අයටත් සලකන්නේ වගේ ප්‍රකාශ සිදුකිරීම අපි දැක්කා සිදුවෙන ආකාරය. ඒවා ඉතා භයානකයි. ඒවා සම්බන්ධව ප්‍රශ්න කරන්න සිද්ධ වෙනවා. පොලිසි තුළදී මියයෑම් කීපයක් පහුගිය කාලේ වාර්තා වුණා. ඒ පොලිසිය තුළදී මියයෑම්, හිරගෙදර තුළදී මියයෑම් පහුගිය කාලේ වාර්තා වෙන්න පටන් අරගත්තා. ඒ වගේම ඉතා සාහසික වෙඩිතැබීම්, හරිම පුංචි කාරණාවලට වෙඩිතබා ඝාතනය කිරීම් ලංකාවේ දැක්කා. මේකේ උපරිමය බවට අපි දැක්කේ අධිකරණ ශාලාව තුළ සිද්ධ වෙච්ච වෙඩිතැබීම. එහිදී මියගිය පුද්ගලයාගේ ප්‍රසිද්ධිය නෙවෙයි ඇත්තටම කතාකරන්න අවශ්‍ය කාරණාව. මියගිය තැන සහ මරණකරු ඒ ස්ථානයට පැමිණි ආකාරය, ඔහුට වෙඩිතබන්න හදාගෙන තිබුණු සැලසුම ගැනයි අපි මේ වෙලාවේ කතාකළ යුතු, සාකච්ඡා කළ යුතු කාරණාව වෙන්නේ.

ඒ වගේම මේ අවුරුදු 19ක තරුණයෙක් පසුපස පන්නාගෙන ගිහිල්ලා, ඔහු දුවගෙන ගිහිල්ලා අන්තිමට බැරිම තැන හති අරිමින් නැවතුණාම ඔහුව වෙඩිතබා ඝාතනය කරන වීඩියෝවක් අපි දැක්කා. මේවා හිත්පිත් නැති අමානුෂික කාරණා. ශ්‍රී ලංකාවාසීන් වශයෙන් මේ වගේ දේවල් දකින්න අපි බලාපොරොත්තු වුණේ නැහැ. දුවන මිනිහෙක් පස්සෙන් පන්නලා ඔහුට දුවාගන්න බැරිව යනතුරුම පන්නලා හති අරිනකොට වෙඩිතියලා මරන එක කොයි තරම් අසාධාරණද කියන එක අපිට ඒ වීඩියෝව දැක්කම හිතුණා. අපි දන්නේ නෑ මේ අයගේ කෝන්තර මොනවද කියලා, අපි දන්නේ නෑ මේ අයගේ ගැටලු මොනවද කියලා. කොහොම ගැටලු තිබුණත්, මොන වගේ ප්‍රශ්න තිබුණත් ජාතික ආරක්ෂාව ගැන ටියුෂන් දෙන්න ආපු ආණ්ඩුවක් ඉන්න කාලෙක මේ වගේ මනුෂ්‍ය ඝාතන සිද්ධ වෙන එක අනුමත කරන්න බැහැ සහ තවමත් මනුෂ්‍ය ඝාතනවලට පැමිණි සමහර පුද්ගලයන් අතුරුදන් බවත් අපිට අමතක කරන්න බැහැ.

ඉෂාරා සෙව්වන්දි ආගිය අතක් නැහැ. මහමොළකාරිය විදියට නම්කෙරුවා සෙව්වන්දිව අධිකරණ ශාලාව තුළදී මනුෂ්‍යයෙක් ඝාතනය කිරීමේ වරදට. නමුත් සෙව්වන්දි ගැන තවම කිසිදු ප්‍රකාශයක් නිශ්චිතව සිද්ධ වෙන්නේ නෑ. ඒ නිසා මේ තත්ත්වය භයානකයි. රටක් විදියට අපිට මීට වඩා හිතන්න දේවල් තියෙනවා. දැන් ආණ්ඩුවට හැම බලයක්ම තියෙනවා. කරුණාකරලා මේ හිස්තැන් ටික පුරවන්න. මනුෂ්‍ය ඝාතන නොවෙන්න අවශ්‍ය කරන පියවර ගන්න. එසේ ඝාතන නොවිය හැකි පරිසරයක් නිර්මාණය කරන්න අපි මේ ආණ්ඩුවෙන් බැගෑපත්ව ඉල්ලනවා. ආදරෙන් ඉල්ලනවා. ගෞවරයෙන් ඉල්ලනවා. සෙනෙහසින් ඉල්ලනවා.
අපි දන්නවා රටක ආණ්ඩු බලය හිමිවූ පමණින් හැම දේම හදන්න බෑ. රට සුචරිතවත් කරන්න බැහැ. නමුත් රටකට අවශ්‍ය කරන නිශ්චිත වැඩපිළිවෙළක් හදලා මේ ගැටලු ටික නිරාකරණය කරන්න බැරි වුණොත් නම් රට යන්නේ වළපල්ලට. මිනිස්සු මැරෙනවා දවසින් දවස. එක අපරාධකාරයෙක් දෙන්නෙක් අල්ලගෙන, උන්ව ඔතාගෙන නින්ජෝ වගේ අරගෙන ඇවිල්ලා අපි කෙරුවා කිව්වට වැඩක් නෑ. අපි කෙරුවා කෙරුවා කිව්වට කෙරුවේ නැති බව, කෙරුවාවේ තරමින් අවබෝධ කරගන්න මිනිස්සුන්ට පුළුවන්. මේක මේ මහින්ද රාජපක්ෂගේ කණ්ඩායමවත්, රනිල් වික්‍රමසිංහගේ කණ්ඩායමවත්, අපි තමයි හොඳ, මාලිමාව හොඳ නෑ වගේ එකක් කියලා, සජිත් ප්‍රේමදාස මහත්තයගේ කණ්ඩායමට අපි නම් වාව්, මාලිමාව හරි ගොං වගේ එකක් කියන්න කලබල වෙන්න කාරණාවක් නෙවෙයි. අපි මෙහෙම කියන්නේ ඔය කාගෙ කාගෙත් කිල්ලෝටවල හුණු තියෙන බව දන්න නිසා. ඒ නිසා මෙවැනි තත්ත්වයන් රටක් තුළ ඇති නොවීමට අවශ්‍ය කරන පරිසරය නිර්මාණය වෙන්න ඕනේ. ඒකට පියවර ගන්න ඕනේ. එහෙම බලයක්, එහෙම ශක්තියක් මේ ආණ්ඩුවට ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වෙනමොනවත් හින්දා නෙවෙයි, අපිටත් පණ බය හින්දා.

මේ වසර වෙනකොට වෙඩිතැබීම් 43ක් වාර්තා වෙලා තියෙනවා. ඒ වෙඩිතැබීම්වලින් මියගිහිල්ලා තියෙන ප්‍රමාණය 30ක්. තුවාල ලැබූ සංඛ්‍යාව 22ක්.
මේ ලිපිය ලියන්නෙ මැයි මාසෙ 09 වැනිදා. තවම ගතවෙලා තියෙන්නෙ දවස් 130ක් විතර. මාසෙ දවස් 130ක් ඇතුළෙ වෙඩිතැබීම් 43ක් වෙලා.
මේක මෙහෙම වෙන්නෙ කොහොමද? හිතන්න කල්පනා කරන්න දැන් කාලෙ හරි.

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

සුමිත්‍රාගේ ගැහැනු ළමයි ප්‍රතිනිර්මාණය කරන්න ලැබීම ආඩම්බරයක්! ප්‍රංශ තානාපති රේමී ලැම්බට්! Sri Lanka Latest News

Next Post

අහගනිල්ලා.. දැනගනිල්ලා.. අර දැරිවිට කරලා තියෙන අපරාධයක තරම! මහ ලොකු සිස්ටම් චේන්ජ් කතා කරන එවුන් මේ පාපතරයන්ව තවත් සුද්ද කරනවා! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.