• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මාලිමාව ලක්ෂ 23කින් බහිද්දී ලක්ෂ 45කට මොකද වුණේ? Sri Lanka Latest News

May 11, 2025
in Exclusive
Reading Time: 9 mins read
A A
පාර්ලිමේන්තුවේ නොගැළපෙන ඇඳුම් නිසා වෙච්ච අලකලංචි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ප්‍රාදේශීය ආණ්ඩු පිහිටුවන මැතිවරණය අවසන් වී දින කිහිපයක් ගතවුවද තවත් දේශපාලන පක්ෂ කතාකරමින් සිටින්නේ ප්‍රාදේශීය ආණ්ඩු නැත්නම් පුංචි ආණ්ඩු පිහිටුවීම පිළිබඳවයි.Sri Lanka Latest News

මාලිමා ආණ්ඩුව ප්‍රකාශ කරන්නේ තමන් ජයග්‍රහණය කළ පළාත් පාලන ආයතන 265ම මාලිමාව විසින් පිහිටුවනු ඇති බවයි.
නමුත් මේ වනවිට සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ඉලංකෙයි තමිල් අරසු කච්චි, විවිධ ස්වාධීන කණ්ඩායම් ඇතුළු විරුද්ධ පක්ෂයේ දේශපාලන පක්ෂ කියා සිටින්නේ විරුද්ධ පක්ෂයට බහුතරය හිමි පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට ඔවුන් අනිවාර්යයෙන්ම කටයුතු කරන බවයි.
පසුගිය 06 වැනිදා ප්‍රාදේශීය ආණ්ඩු බේරාගැනීම සඳහා ඡන්ද විමසීම පැවැත්වූ අතර, ඡන්දයේ ප්‍රතිඵල ගැන මේ දිනවල ආණ්ඩු පක්ෂයෙන් මෙන්ම විරුද්ධ පක්ෂයෙන් විවිධ කතා අසන්නට ලැබේ.

ඡන්ද විමසීම සිදුවී ප්‍රතිඵල නිකුත් වීමෙන් අනතුරුව පාර්ලිමේන්තුව මුල්වරට රැස්වුණේ පසුගිය 08 වැනිදා සහ 09 වැනිදාය.
පාර්ලිමේන්තුව රැස්වුණු එම දින දෙක තුළදීද ආණ්ඩු පක්ෂයේත්, විරුද්ධ පක්ෂයේත් යම් යම් මත දියත් කළේ ප්‍රාදේශීය ආණ්ඩු තෝරාගැනීමේ ඡන්ද විමසීම පිළිබඳවයි.

මෙවර ප්‍රාදේශීය ආණ්ඩු තෝරාගැනීමේ මැතිවරණයේදී 60%කට ආසන්න පිරිසක් ඡන්ද ප්‍රකාශ කර ඇති අතර ඡන්දය ප්‍රකාශ නොකළ සංඛ්‍යාව 40%කට ආසන්න වේ. එම ප්‍රමාණය ඡන්දදායකයන් ලෙස ගතහොත් එය දළ වශයෙන් ලක්ෂ 45ක් බව වාර්තා වේ.

නමුත් මෙවර ඡන්දය භාවිත නොකළ පිරිස ගැන තවම ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාව නිල වශයෙන් තොරතුරු වාර්තා කර නොමැත.
නමුත් ලක්ෂ 45කට ආසන්න ඡන්ද සංඛ්‍යාවක් ඡන්දය භාවිත නොකළේ ඇයි? එයට විවිධ හේතු ඇත. නමුත් රට තුළ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට නම් ඡන්දය දැමීමට උනන්දු නොවන ඡන්දදායකයන් ගැන අවධානය යොමුකිරීම මෙරට සියලු දේශපාලන පක්ෂවල වගකීමකි.

එම වගකීම ගැන අවධානය යොමු නොකරන දේශපාලන පක්ෂ කියා සිටින්නේ ඡන්ද විමසීමෙන් තමන් ජයග්‍රහණය කර ඇති බවයි. එම දේශපාලන පක්ෂ ප්‍රකාශ කරන ආකාරයට කිසිදු දේශපාලන පක්ෂයක් පරාජයට පත්වී නොමැත.

නමුත් ඡන්දදායකයන් ලක්ෂ 45ක් ඡන්ද පොළට නොපැමිණි හේතුව පිළිබඳ කිසිදු දේශපාලන පක්ෂයක් අවධානය යොමුකර නොමැත.
2018 පෙබරවාරි 10 වැනිදා පැවැති ප්‍රාදේශීය ආණ්ඩු තෝරාගැනීමේ ඡන්ද විමසීමේදී ඡන්දය ප්‍රකාශ කළ ඡන්දදායකයන්ගේ සංඛ්‍යාව 79%-80% අතර පැවැතීම විශේෂත්වයකි. එහිදී ඡන්දය ප්‍රකාශ නොකළ 20%ට විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් ඉවත් කළ විට මෙරට පදිංචි ඡන්දදායකයන්ගෙන් ඡන්දය ප්‍රකාශ නොකර සිටියේ 15%ක් පමණි.

2018 සිට 2025 වනවිට වසර 07ක් ගතවී ඇත. මෙම වසර 07 තුළ අවම මට්ටමකින් හෝ සිදුව යුතුව තිබුණු ඡන්දය භාවිත කළ ඡන්දදායකයන්ගේ ප්‍රමාණය අඩු නොවීමයි. නමුත් එය එසේ නොවී 20% සිට 40% දක්වා ඡන්දදායකයන් ප්‍රමාණයක් ඡන්ද පොළට පැමිණ නැත. මෙම තත්ත්වය ඉදිරි මැතිවරණවලදී තවත් අඩුවෙයිද යන කාරණය ගැන සියලු දේශපාලන පක්ෂ අවධානය යොමුකළ යුතුයි. නමුත් මේ දක්වා එවැනි අවධානයක් සිදුවන බවක් දක්නට නොලැබේ.
ජාතික ජන බලවේගය නොහොත් මාලිමා ආණ්ඩුව ප්‍රකාශ කරන්නේ එම පක්ෂය මෙම මැතිවරණයෙන් ජයගෙන ඇති බවයි.

පාර්ලිමේන්තු මහ මැතිවරණයට සාපේක්ෂව මාලිමාවට ඡන්ද ලක්ෂ 23ක් අඩු වුවද වැඩිම පළාත් පාලන ආයතන සංඛ්‍යාවක් ජයග්‍රහණය කර ඇත්තේ මාලිමා ආණ්ඩුවයි.

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඡන්ද ප්‍රතිඵල නිකුත් වීමෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේ මාලිමාව වාර්තාගත ජයග්‍රහණයක් ලබාගෙන ඇති බවයි.

පළාත් පාලන ආයතන 339න් 265ක් මාලිමාව ජයග්‍රහණය කර ඇත. ලබාගෙන ඇති ඡන්ද සංඛ්‍යාව ලක්ෂ 45කි. එය පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයට සාපේක්ෂව ඡන්ද ලක්ෂ 23ක අඩුවීමකි.

එය බරපතළ ඡන්ද අඩුවීමක් බව විරුද්ධ පක්ෂය ප්‍රකාශ කළද මාලිමාව ආණ්ඩුවේ බහුතරයක් ප්‍රකාශ කරනුයේ එය බරපතළ කඩාවැටීමක් නොවන බවයි. නමුත් මාලිමා ආණ්ඩුවේ කිහිපදෙනකු ප්‍රකාශ කළේ මෙය යම් කඩාවැටීමක් බවයි.

ඡන්දය පැවැත්වීමට පෙර මේ ගැන හොඳම නිර්වචනය කළේ මාලිමා ආණ්ඩුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චිය. ඔහු අත්දැකීම් බහුල දේශපාලනඥයකු සේ මේ ප්‍රතිඵල ගැන යම් අනාවැකියක් ඉදිරිපත් කළේය.

‘මේ සමානුපාතික ඡන්ද ක්‍රමය අනුව වැඩි වාසි ලැබෙන්නේ විපක්ෂයටයි. විපක්ෂයේ ඉන්නකොට මේ ඡන්ද ක්‍රමය වාසියි. අපි ඒක දන්නවා. ඒත් දැන් ඉන්නේ අපි ආණ්ඩු පක්ෂයේ. එතකොට මේ ඡන්ද ක්‍රමයෙන් යම් අවාසියක් වෙන්න පුළුවන්. ඒක තමයි ඇත්ත…’ යනුවෙන් ලක්ෂ්මන් නිපුණආරච්චි මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ පළාත් පාලන මැතිවරණ ඡන්ද රැස්වීමකදීය.

ඡන්ද ප්‍රතිඵල පිළිබඳ පැවැත්වූ මාධ්‍ය හමුවේදී ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ප්‍රකාශ කළේ කවුරු කුමන විග්‍රහ කළත් මාලිමාව මෙම මැතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් සිදුකර ඇති බවයි.

ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මහ මැතිවරණය සමග සන්සන්දනය කොට මෙම ඡන්ද ප්‍රතිඵල ගැන විග්‍රහ කිරීම අසාධාරණ බවද ටිල්වින් සිල්වා විසින් පෙන්වා දෙන ලදී.

ටිල්වින් සිල්වාගේ එම ප්‍රකාශයට පිළිතුරු ලබාදුන්නේ සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාරය.
‘දැන් ටිල්වින් සිල්වා මහත්තයා මෙහෙම කිව්වට ඒ මහත්තයා ඡන්දෙට කලින් කිව්වේ මෙම මැතිවරණයෙන් මාලිමා ආණ්ඩුව 70%කට වඩා ඡන්ද ප්‍රතිශතයක් ලබාගන්නා බවයි.’

‘එතකොට මේ ඡන්දෙන් 70%ක් ගන්නවයි කියපු ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහත්තයා කියනවා දැන් මේ ඡන්ද ප්‍රතිඵල අනෙකුත් මැතිවරණ සමග සන්සන්දනය කිරීම අසාධාරණයි කියලා.’

‘එහෙනම් ටිල්වින් සිල්වා මහතා 70%ක් ගන්නවයි කියලා කිව්වේ ඇයි?’ යනුවෙන් රංජිත් මද්දුමබණ්ඩාර මන්ත්‍රීවරයා ප්‍රශ්න කළේය.
එක්සත් ජාතික පක්ෂයේ නායක, රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා කොළඹ විශ්වවිද්‍යාලයේ ඡන්ද මධ්‍යස්ථානයේදී ඡන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අපූරු ප්‍රකාශයක් සිදු කළේය.

‘මේක පළාත් පාලන මැතිවරණයක්. නමුත් මේක ජාතික මැතිවරණයක් වගේ කරගත්තේ මේ ආණ්ඩුවමයි…’ යනුවෙන් රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා විසින් පෙන්වා දෙන ලදී.
එය සත්‍යයකි. ඒ බව වඩාත් හොඳින් පැහැදිලි කරන ලද්දේ එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධනයි.
‘මේක ජාතික මැතිවරණයක් ලෙස සලකලා අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා මේ මැතිවරණය මෙහෙයවීමේ කටයුතු ආරම්භ කළා. අගමැතිනියත් මේ ඡන්ද ව්‍යාපාරයට ප්‍රබලව සම්බන්ධ වෙලා හිටියා…’

‘එතකොට අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා කිව්වේ පළාත් පාලන ආයතනවල බලයත් ඔවුන්ට අනිවාර්යයෙන්ම අවශ්‍ය බවයි.’
‘ජනාධිපතිතුමා, අගමැතිතුමිය ඇතුළු මුළු මාලිමා ආණ්ඩුවම උපරිම බරක් දාලත් මේ ඡන්දෙන් ඔවුන්ට ලැබුණේ ඡන්ද ලක්ෂ 45ක් පමණයි’
‘පාර්ලිමේන්තු මැතිවරණයට වඩා ඡන්ද ලක්ෂ 23ක් අඩුවෙලා. මේ ඡන්ද ලක්ෂ 23 අඩුවෙලා තියෙන්නේ මාස 06ක් ඇතුළත.’

‘කොහොම නමුත් ජනාධිපතිතුමා, අගමැතිතුමිය ඇතුළු මුළු මාලිමා ආණ්ඩුවම උපරිම ලෙස බලය යොදපු නිසා මාලිමාවේ හැම කෙනෙක්ම ඡන්දය දැම්මා. මේ ලක්ෂ 45 තමයි මේ වෙලාවේ මාලිමාවේ උපරිමය…’ යනුවෙන්ද වජිර අබේවර්ධන විසින් පෙන්වා දෙන ලදී.

තවත් මාධ්‍ය හමුවකදී සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් ප්‍රකාශ කළේ මෙවර ඡන්දය නොදැම්ම පිරිස අතිවිශාල වන බවයි.

‘මෙවර 40%ක් ඡන්දය ප්‍රකාශ කරලා නැහැ. එතකොට ඒ 40%නුත් බහුතරයක් ඉන්නේ විපක්ෂය සමග. මොකද ජනාධිපතිතුමා ඡන්දෙ දාන්න එන්න කියපු නිසා මාලිමාවේ සියලු දෙනා ඡන්ද පොළට ආවා. ඒක නිසා මේ තමයි මාලිමාවේ මේ මොහොතේ උපරිම බලය. ඒක නැහැයි කියන්න කාටවත් බෑ…’ යනුවෙන්ද මුජිබර් රහුමාන් පැවැසීය.

විපක්ෂ නායක, සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කරන්නේ විපක්ෂයේ සියලු බලවේග එක්කරගනිමින් කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවයි.

විපක්ෂයට බහුතරය හිමි පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට කටයුතු කරන බවත්, ඒ සඳහා විරුද්ධ පක්ෂයේ අනෙකුත් දේශපාලන පක්ෂ සමග සාකච්ඡා ආරම්භ කර ඇති බවත් සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා පෙන්වා දෙන ලදී.

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ එජාපය සහ සජබ එක්වී තරග කළා නම් මීට වඩා ජයග්‍රහණයක් ලබාගැනීමට හැකියාව තිබූ බවයි.

‘තමා උපදෙස් දුන් ආකාරයට පළාත් පාලන ආයතන 50කට 100කට එක්ව තරග කළා නම් මීට වඩා ජයග්‍රහණයක් කරන්න තිබුණා…’ යනුවෙන් රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා පැවැසීය.

විපක්ෂයට එක්වන ලෙසට ජනතාව සංඥාව ලබාදුන්නේ මෙම මැතිවරණයටත් පෙරය. ඒ සමුපකාර ඡන්දවලදීය. එහිදී බොහෝ සමුපකාරවල බලය පිහිටුවූයේ මාලිමාව නොවේ. ඒවායේ බලය පිහිටුවූයේ සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්වයි.
ඒ අවස්ථාවේදී ජනතාව දුන් සංඥාව තේරුම් ගැනීමට විපක්ෂයේ ඇතැම් දේශපාලන පක්ෂ කටයුතු කළා නම් ප්‍රාදේශීය ආණ්ඩු ඡන්ද මීට වඩා වෙනස් වීමට තිබිණි. නමුත් එම අවස්ථාව විපක්ෂයෙන් මගහැරී තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණද ඡන්ද ප්‍රතිඵල නිසියාකාරයෙන් කියවාගෙන ඇති බවක් නොපෙනේ. 2018දී මෙන් මෙම ඡන්ද ප්‍රතිඵල අනුව පොහොට්ටුව යම්කිසි උඩ ගිය බවක් පෙනෙන්නට තිබේ.

පොහොට්ටුවේ ඡන්ද ප්‍රමාණය තුන් ගුණයකින් වැඩිවී තිබෙන බව සත්‍යයකි. ඒ ගැන උදම් අනමින් ඉන්නවාට වඩා වැඩි වගකීමක් මේ අවස්ථාවේදී පොහොට්ටුවට තිබුණත් එම වගකීම නිසි පරිදි ඉටුවන බවක් පොහොට්ටුවෙන් දක්නට නොලැබේ.

2018දී එම අවස්ථාවේදී පොහොට්ටුවට ලැබුණු බලයෙන් හිස උදුම්මාගත් නිසා පසුව පොහොට්ටුවට යම් ආකාරයකට පසුබෑමකට සිදුවිය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂද ඒ ගැන පසුගියදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
‘මාලිමා ආණ්ඩුවේ ඉදිරිපෙළ සමහර ඇමැතිවරුන් උද්ධච්ච වෙලා ඉන්නේ. ඔබතුමන්ලා නිහතමානී වෙන්න. නැත්නම් එදා අපිට වුණු දේම තමයි ඔබතුමන්ලාටත් වෙන්නේ…’ යනුවෙන් නාමල් රාජපක්ෂ කියා සිටියේය.

නාමල් රාජපක්ෂ නිහතමානීව එදා පොහොට්ටුවෙන් සිදුවූ වැරැදි අවබෝධ කරගෙන තිබීම යහපත්ය. නමුත් ඉන් සෑහීමකට පත්විය නොහැක. නාමල් කළ යුත්තේ මේ ප්‍රතිඵලවලින් ඕනෑවට වඩා පොහොට්ටුවේ හිස උදුම්මාගන්නේ නැතිව ජනතාව වෙනුවෙන් තවදුරටත් පෙනීසිටිය යුතු බවයි.
සර්වජන බලයේ නායක දිලිත් ජයවීර මාධ්‍යයට ප්‍රකාශ කළේ තමන් කාටවත් මුක්කු නොගහන බවයි. එවිට විපක්ෂයේ බහුතරය හිමි පළාත් පාලන ආයතනවල ඒකාබද්ධ විපක්ෂයට බලය ලබාගැනීමට දිලිත් සහයෝගය ලබාදෙනවාද යන්න තවම නිශ්චිතව පැහැදිලි නැත.
නමුත් සර්වජන සන්ධානයේ පක්ෂ නායකයකු වන උදය ගම්මන්පිල ප්‍රකාශ කරන්නේ සර්වජන බලය මේ අවස්ථාවේදී ඒකාබද්ධව විපක්ෂය වෙනුවෙන් පෙනීසිටිය යුතු බවයි.

50% ඉක්මවූ ඡන්ද ප්‍රතිශතයක් සහිතව බලය පිහිටුවීම සඳහා ජාතික ජනබලවේගයට අවස්ථාව ඇත්තේ පළාත් පාලන ආයතන 151කට පමණි.
ඒ අනුව මාලිමාවට බහුතර බලයක් නැති පළාත් පාලන ආයතන 117කට බහුතරය ලබාගැනීම සඳහා එක්වීමට සිදුව තිබේ.
අනෙක් පළාත් පාලන ආයතන 70ක බලය හිමිව තිබෙන්නේ ඉලංකෙයි තමිල් අරසු කච්චි, සමගි ජන බලවේගය, ස්වාධීන කණ්ඩායම් ඇතුළු දේශපාලන පක්ෂ කිහිපයකි.

මේ අනුව ඉදිරියේදී පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන විට මාලිමා ආණ්ඩුවට පුංචි ආණ්ඩු 151ක බලය හිමිවන විට විපක්ෂයට පුංචි ආණ්ඩු 187ක බලය හිමිවීමට ඉඩ ඇත.

නමුත් මෙම තත්ත්වයන් යම් ආකාරයකින් වෙනස් වීමට ඉඩ ඇත. එය රඳාපවතිනුයේ මේ ආයතනවලට තේරීපත්ව ඇති ජනතා නියෝජිතයන්ගේ ප්‍රතිපත්ති අනුවය.

ඩබ්ලිව්.කේ. ප්‍රසාද් මංජු

SendShareShare
Previous Post

මොකද්ද මේ ළමා කටයුතු ඇමැතිවරියගේ උද්දච්ඡකම? අපයෝජනයක් වුණාම ඇමැතිනිය ගාවට යන්න ඕනද? ඇමැතිතුමිය කරපු ඒ ප්‍රකාශය සියලු පාසල් දරුවන්ට කළ අපහාසයක්! VIDEO I Sri Lanka Latest News

Next Post

කවුරුත් නෙවෙයි දැන් අපිලගෙ සාදු තමයි ලංකාවේ ජනප්‍රියම දේශපාලකයා! කොහොමද පාරේ යනකොට කොල්ලන්ගේ ප්‍රතිචාරේ! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

Load More
අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

රනිල් වික්‍රමසිංහ සහ සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් සම්බන්ධයෙන් සිරස නාළිකාවේ පුද්ගලයකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නවීන් දිසානායක මහතා සිරසට දුන්...

Read more
හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.