• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අනුර වියට්නාමෙන් කටුනායකට! කටුනායකින් කෙළින්ම ඡන්ද පොළට! PHOTOS & VIDEO I Sri Lanka Latest News

May 6, 2025
in Exclusive
Reading Time: 12 mins read
A A
අනුර වියට්නාමෙන් කටුනායකට! කටුනායකින් කෙළින්ම ඡන්ද පොළට! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

වියට්නාමයේ තෙදින නිල සංචාරය සාර්ථකව අවසන් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද  (06)  දහවල් වියට්නාම් රජයේ විශේෂ ගුවන් යානයකින් දිවයිනට පැමිණියේය.Sri Lanka Latest News

වියට්නාම් ජනාධිපති ලුඕං කුඕං (Luong Cuong) මහතාගේ ආරාධනයකට අනුව ජනාධිපතිවරයා මෙම රාජ්‍ය සංචාරයේ නිරත විය.  

මෙම රාජ්‍ය සංචාරයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාම් ජනාධිපතිවරයා සහ සමග නිල සාකච්ඡා පැවැත්වූ අතර වියට්නාමයේ රාජ්‍ය ප්‍රධානීන් සමග අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන ද්විපාර්ශ්වික, කලාපීය සහ ජාත්‍යන්තර කරුණු පිළිබඳව පුළුල් සාකච්ඡා පැවැත්විණි.

එසේම ජනාධිපතිවරයා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ටෝ ලාම් (To Lam) මහතා සමග සාකච්ඡා පවත්වනු ලැබීය.

එහිදී වසර 55ක් පුරා දෙරට අතර ඉහළ මට්ටමේ දේශපාලන විශ්වාසය, ජනතාව අතර සමීප සබඳතා සහ සුහදත්වය මත ගොඩ නැඟුණ සාම්ප්‍රදායික මිත්‍රත්වයේ සහ බහුවිධ සහයෝගීතාවයේ වර්ධනය පිළිබඳව අවධාරණය කෙරිණි. 

ජාතික සංවර්ධනයේ දී දෙරට අතර ඇති සමීප මිත්‍රත්වය සහ මහඟු සහයෝගය ඉදිරියේදී ද වඩා ශක්තිමත්ව පවත්වා ගෙන යාමට මෙහිදී දෙපාර්ශ්වයම එකඟතාව පළ කළහ.

මේ අතර ජනාධිපතිවරයා වියට්නාමයේ යුද විරු ස්මාරකය සහ නිදහස් අරගලයේ නායකයා මෙන්ම නිදහස් වියට්නාමයේ ප්‍රථම ජනාධිපතිවරයා වූ හෝ චි මිං මහතාගේ සොහොන් ගැබ වෙත ගොස් පුෂ්පෝපහාර දැක්වීය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම  රාජ්‍ය සංචාරය අතරතුර වින්ගෲප් (Vingroup),සන් ගෲප් (Sun group), එෆ්. පී. ටී. සංස්ථාව (FPT Corporation), සොවිකො (SOVICO) සමූහය, රොක්ස් (ROX) සමූහය වැනි වියට්නාමයේ මහා පරිමාණ ව්‍යාපාරිකයන් සමඟ සාකච්ඡා රැසකට ද එක්ව තිබුණි. 

තවද මෙම සංචාරයේදී අග්නිදිග ආසියාවේ විශාලතම බෞද්ධ විහාරස්ථානවලින් එකක් වන බායි ඩිං (Bai Dinh) විහාරස්ථානයේ අභිනව බෝධි ප්‍රාකාරයද ජනාධිපතිවරයා අතින් විවෘත කෙරිණි. 

ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ වෙසක් දින සැමරුම් උත්සවයට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූ අතර දෙරට අතර දිගුකාලීන බෞද්ධ සබඳතා යළිත් තහවුරු කරමින් එහි ප්‍රධාන දේශනයද පැවැත්වීය.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා ද මෙම සංචාරයට එක් විය.

මේ අතර 2025 පළාත් පාලන මැතිවරණයට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මරදාන පංචිකාවත්ත අබේසිංහාරාම සයිකෝජි පෙර පාසලේදී අද (06) පස්වරුවේ සිය ඡන්දය ප්‍රකාශ කළේය .

සිය ඡන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසුව මේ රට තුළ ඇති කළ සාමකාමී ප්‍රජාතන්ත්‍රවාදී නිදහස ඉදිරියේ පැවැත්වෙන සියලු මැතිවරණවලදීත් ජනතාව අපේක්ෂා කරන බව කියා සිටියේය.

මැතිවරණ ඉතිහාසයේ සාමකාමී මැතිවරණ ව්‍යාපාරය ජාතික ජන බලවේගය ආණ්ඩුව යටතේ ජනතාව අත්විඳි බව ද පැවසූ ජනාධිපතිවරයා එය මෙරට දේශපාලන සංස්කෘතිය බවට පත්විය යුතු බව ප්‍රකාශ කළේය.

මහ නගර සභා 28ක් නගර සභා 36ක් ඇතුළු පළාත් පාලන ආයතන 336කට නියෝජිතයන් අසන්න වශයෙන් 8000කට වැඩි සංඛ්‍යාවක් මෙවර පළාත් පාලන මැතිවරණයේදී තෝරාගැනීමට නියමිත ය.

ජනාධිපති මාධ්‍ය අංශය
2025-05-06

SendShareShare
Previous Post

11 වෙද්දි ඡන්ද වැටිලා තිබ්බේ මෙහෙමයි! 30%ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

Next Post

ලෝක බැංකු සභාපති හෙට ශ්‍රී ලංකාවට එනවා! I Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.