• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඉන්දු – පාකිස්තාන් යුද්ධයෙන් ලංකාවට මොකද වෙන්නේ? Sri Lanka Latest News

May 5, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
ඉන්දු – පාකිස්තාන් යුද්ධයෙන් ලංකාවට මොකද වෙන්නේ? Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

‘පාකිස්තානයට එරෙහිව ඉන්දියාවේ හමුදා ආක්‍රමණය ඉතා ආසන්න බැව් පෙනීයනවා. කාශ්මීර සිදුවීමට අදාළව ඉන්දියාව කොයි මොහොතක හෝ අපගෙන් පලිගන්න පුළුවන්. අප මේ තත්ත්වයට මුහුණ දීම සඳහා මේ වනවිට පාකිස්තානයේ, ඉස්ලාමාබාද් දේශසීමාවේ හමුදාව ශක්තිමත් කර තිබෙනවා. පසුගිය සතියේ කාශ්මීරයේ සංචාරකයන්ට එල්ලවූ මාරාන්තික සටන්කාමී ප්‍රහාරය අප කිසි විටකවත් අනුමත කරන්නේ නැහැ. එසේ ඝාතනය කෙරුණු සංචාරකයන් 27 දෙනා අහිංසක සිවිල් වැසියන්. හදිසියේම ඇතිවිය හැකි ඉන්දීය ප්‍රහාරයකට අප යම් යම් උපායමාර්ගික තීරණ ගත යුතුයි. කෙසේ වෙතත් අපට එරෙහිව ඉන්දියාවේ වාචාල කතා උත්සන්න වෙමින් පවතිනවා. අපගේ පාකිස්තානයට මෙන්ම ඉන්දියාවටත් න්‍යෂ්ටික අවි පවා තිබෙනවා. එහෙත් යම් යුද්ධයකදී දෙරටම එවැනි දරුණු අවි භාවිත කරන එකක් නැහැ. එහෙත් අපගේ රටට පවා ඉන්දියාවෙන් ඍජු තර්ජනයක් තිබේනම් තත්ත්වය කෙසේ වෙනස්වේදැයි සිතන්න බැහැ…’ Sri Lanka Latest News

යම් යුදමය වටපිටාවක් පිළිබඳ කුමක්ද මෙලෙස ඇසෙන බැරෑරුම් කතාන්දරය? අපට මේ කතාව අසන්නට ලැබුණේ මෙයට දින කීපයකට පෙරදීය. එසේනම් මෙය කියා සිටින්නේ කවරකු විසින්ද? මෙම වතගොත කියා සිටියේ පාකිස්තානයේ වත්මන් ආරක්ෂක අමාත්‍ය කවාජා මුහම්මද් අසීෆ් විසින්ය. ඔහු විසින් මෙම බැරෑරුම් අනතුරු හැඟවීම සිදුකරන්නේ මෙයට සති දෙකකට පමණ ඉහතදී ඉන්දියාවේදී සිදුවූ එක්තරා කුරිරු ත්‍රස්ත ප්‍රහාරයකට අදාළවය. එනම් ඉන්දියාවේ පාලනය යටතේ ඇති ජම්මු-කාශ්මීරයේදී දෙස් විදෙස් සංචාරකයන් එල්ල කරගෙන මෙම ම්ලේච්ඡ ප්‍රහාරය එල්ල කෙරිණි. මෙම ප්‍රහාරය හේතුවෙන් එම ප්‍රදේශයේ සංචාරය සඳහා පැමිණ සිටි සංචාරකයන් 27 දෙනකු ඝාතනයට ලක්විය. මෙම කුරිරු ප්‍රහාරය සිදුකර තිබුණේ පාකිස්තානයට සම්බන්ධ ත්‍රස්තවාදීන් කණ්ඩායමක් විසින් වන අතර, ඒ සඳහා ත්‍රස්තයන් 6 දෙනකු සහභාගි වී තිබිණි. මෙම පිරිසෙන් ත්‍රස්තයන් 4 දෙනකු පමණ පාකිස්තාන ජාතිකයන් යැයි හෙළිව තිබිණි. මෙම තත්ත්වය නිසා අර්බුදය ඉතා උත්සන්න විය. එනම් ඉන්දියාව ඍජුවම චෝදනා කළේ පාකිස්තාන රජය මෙම ප්‍රහාරයට වගකිව යුතු බවය. එහිදී එම චෝදනාවන්ට ප්‍රධාන හේතුවක් ලෙස සැලකෙන්නේ පාකිස්තානයේ වර්තමානයේ ඇත්තේ සම්පූර්ණයෙන්ම හමුදා අධීක්ෂණය යටතේ පවතින රජයක් වීමය. එනම් මෙම වටපිටාවේදී අනෙක් සුවිශේෂ කරුණ ලෙසින් හෙළිවන්නේ පාකිස්තානය තුළ ක්‍රියාත්මක වන ප්‍රධානතම ත්‍රස්තවාදී සංවිධාන සඳහා උදව් උපකාර සහ අනුග්‍රහය දක්වන්නේ පාකිස්තාන රජය වීමය. මෙම ක්‍රියාවලිය ලෝකයේ රටවල් රාශියක් විසින් අවබෝධ කරගත් පැහැදිලි කරුණකි.

මෙවැනි වටපිටාවකදී සැබැවින්ම මෙම කුරිරු ත්‍රස්ත ප්‍රහාරය ලෝකය වටාම මහත් ආන්දෝලනයක් ඇතිකර තිබේ. ලෝකයේ රටවල් රැසක්ම මේ වනවිට මෙහි වගකීම කෙරෙහි ඇඟිල්ල දිගුකර ඇත්තේ පාකිස්තානය වෙතය. මෙම සිදුවීමට අදාළව ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදි විසින් තදබල ප්‍රකාශයක් සිදුකරමින් කියා සිටියේ මෙම ප්‍රහාරයට එරෙහිව අනිවාර්යයෙන්ම පාකිස්තානයෙන් පලිගැනීමක් සිදුකරන බවය. මෙම ත්‍රස්ත ප්‍රහාරය සිදුවන අවස්ථාවේ ඉන්දීය අගමැතිවරයා සෞදි අරාබියේ නිල සංචාරයක නිරත වෙමින් සිටි අතර, ඔහු එම සංචාරය අතරමැද නවතා දමා වහා ඉන්දියාවටද පැමිණියේය. ඉන් අනතුරුව ඔහු වහා හදිසි තීරණ කීපයක් ගැනීමටද කටයුතු කළේය. ඒවා සොයා බලමු.

● 1960 වසරේදී ගිවිසුම්ගත වූ දැනට වසර 65ක් පැරැණි ‘ඉන්දුස් ජල ගිවිසුම’ වහාම ක්‍රියාත්මක වන පරිදි ඉන්දියාව විසින් අත්හිටුවීම. මෙම ගිවිසුමට අනුව ඉන්දියාවට අයත් විශාල ගංගාවක් මගින් පාකිස්තානය වෙත ජලය ලබාදීම සිදුකෙරෙයි. ඉහත ඉන්දීය තීරණය හරහා ඉදිරියේදී එම ජලය ලබාදීම අත්හිටුවනු ඇත. ගිවිසුම අත්හිටුවූවද මෙතෙක් ජලය සැපයීම අත්හිටුවා නැති බව ප්‍රකාශ වෙයි.
● අනවසර ලෙස ඉන්දියාව තුළ රැඳී සිටින පාකිස්තාන වැසියන් සියලු දෙනා පැය 48ක් තුළ රටින් පිටුවහල් කිරීම සහ පාකිස්තානුවන්ට ඉන්දීය වීසා අත්හිටුවීම.
● පාකිස්තානය සමග තිබෙන රාජ්‍යතාන්ත්‍රික සබඳතා වහා අත්හිටුවීම. කෙසේ වෙතත් තානාපති කාර්යාල වසාදැමීමක් මෙතෙක් සිදුවී නොමැත.
● පාකිස්තානයේ සියලු ගුවන් යානා ඉන්දියාව වෙත පැමිණීම වහාම අත්හිටුවීම. ඉන්දියානු ගුවන් යානාද පාකිස්තානය වෙත යෑම අත්හිටුවීම.

කෙසේ හෝ ඉන්දියාව විසින් මෙලෙස තදබල තීරණයක් ගත් වටපිටාවේදී පාකිස්තානය විසින්ද ඒ හා සමාන තීරණයන් ගණනාවක්ම ගනු ලැබුවේය. එනම් එලෙස විවිධ සම්බාධක පැමිණවීම රටවල් දෙක විසින්ම සිදුකරන ලදී. මේ අතර ඉන්දියාව ප්‍රකාශ කර තිබුණේ ප්‍රහාරයන් සිදුකළ ත්‍රස්තවාදීන් අල්ලා ගැනීම සඳහා සත්‍ය තොරතුරක් සපයන අයට ඉන්දියානු රුපියල් මිලියන 2ක (ලක්ෂ 20ක්) ත්‍යාග මුදලක් ලබාදෙන බවය. මෙය ශ්‍රී ලංකා රුපියල්වලින් ලක්ෂ 70ක් පමණ වෙයි. මෙවැනි වටපිටාවක් ගතවෙමින් තිබියදී මෙම ගතවූ දින කීපය තුළදී ඉන්දියාව විසින් සිදුකරන ලද විමර්ශනවලින් හෙළිව ඇත්තේ සුවිශේෂ කරුණකි. එනම් ඉහත ත්‍රස්තවාදී ප්‍රහාරය සිදුකළ ත්‍රස්තයන් වන ‘ලෂ්කාර්-ඊ-ටයිබා’ නමැති විශාලතම ඉස්ලාමීය ත්‍රස්ත සංවිධානයේ සාමාජිකයන් බවයි. මෙම ත්‍රස්ත සංවිධානයට මූල්‍යමය ආධාර සහ අවි ආයුධ පවා සපයන්නේ පාකිස්තානයේ රජය විසින් යැයි පැහැදිලි චෝදනාවක් ඇත. ආරක්ෂක විමර්ශනවලදී මෙවැනි තොරතරුැ හෙළිවීම හේතුවෙන් මේ වනවිට ඉන්දියාව පසුවන්නේ බලවත් කෝපයකින් සහ වෛරයකිනි. එසේම ඉන්දියාව නිරන්තරයෙන්ම කියා සිටින්නේ මෙම ත්‍රස්ත ප්‍රහාරයට එරෙහිව පලිගැනීමක් සිදුකරන බවයි. මෙය සමහර විට මෙයට දශක ගණනාවකට ඉහතදී කිහිප වතාවක් ඇතිවූ ඉන්දු-පාකිස්තාන යුද්ධයන් මෙන්ම ඉතා බලවත් ලෙස සිදුවන්නට ඉඩකඩ වැඩි බව ආරක්ෂක සහ දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දී ඇත. කෙසේ හෝ මේ වනවිටද නිසි විසඳුමක් නැත.

මෙවැනි බියකරු යුදමය තත්ත්වයක් ඇතිවුවහොත් ඉන්දියාව සහ පාකිස්තානය යාබද අනෙකුත් රටවලට සිදුවන්නේ කුමක්ද? එවැනි තත්ත්වයකට එම රටවල් මුහුණ දෙන්නේ කෙසේද? එවැනි රටවල් අතරින් මෙම ප්‍රශ්නයට එක එල්ලේම මුහුණ දීමට සිදුවන ප්‍රධානතම රටක් වශයෙන් සැලකෙන්නේ අපගේ ශ්‍රී ලංකාවය. එනම් අපගේ රට ඉන්දියාව ආසන්නයේම ඇති රටක් වීම එයට ප්‍රධානතම හේතුවයි. මේ වනවිට විවිධ දෙස් විදෙස් ආරක්ෂක හා දේශපාලන විශ්ලේෂකයන් මෙම අර්බුදයට විවිධ මතිමතාන්තර පළකර ඇත. මෙහිදී ඔවුන් මූලිකව පෙන්වා දී ඇත්තේ පසුගියදා ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා නිල සංචාරයේදී සිදුකෙරුණු ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අස්සන් කෙරුණු ආරක්ෂක ගිවිසුමයි. මෙම ගිවිසුම හේතුවෙන් ඉදිරියේදී ශ්‍රී ලංකාවට යම් අනාරක්ෂිත තත්ත්වයක් ඇතිවන්නේ යැයිද, එවිට එම විද්වතුන් පෙන්වා දී තිබිණි. මෙවැනි වටපිටාවකදී හෙළිවන්නේ එවැනි තත්ත්වයක් ඇතිවුවහොත් එය ශ්‍රී ලංකාවේ ආර්ථිකයට පවා තදින් බලපානු ලැබීමයි. එනම් ශ්‍රී ලංකාව දීර්ඝ කාලයක සිට ඉන්දියාව සහ පාකිස්තානය සමග ආනයනය හා අපනයන කටයුතු සිදුකරයි.

‘ඉන්දියාව සහ පාකිස්තානය අතර යුද්ධයක් ඇතිවුවහොත් එය ශ්‍රී ලංකාවට ඍජුවම බලපෑ හැකිය. එනම් පසුගියදා ඉන්දියාව සමග අප රට අස්සන් කරන ලද ආරක්ෂක ගිවිසුම හරහා අපේ රටේ වරායන් හා ගුවන් තොටුපළවල් පවා ඉන්දියාව විසින් ප්‍රයෝජනයට ගත හැකිය. එවැනි තත්ත්වයක් උද්ගත වුවහොත් ඉතා භයානක තත්ත්වයක් ශ්‍රී ලංකාවට උදාවිය හැකිය. මෙම අලුත් ආරක්ෂක ගිවිසුමේ හරි තොරතුරු මේ වනවිටත් රජයන් දෙකම හෙළිකර නැහැ. ඒවා රහසිගත තොරතුරු වශයෙන් ඔවුන් සඟවාගෙන සිටිනවා. මෙම ගිවිසුම පැහැදිලිවම ශ්‍රී ලංකාවේ ආරක්ෂාවට තර්ජනයක්. අපගේ හමුදා සාමාජිකයන්ටත් යුද්ධයට යෑමට සිදුවේවි…’

ආරක්ෂක සහ දේශපාලනික විද්වතුන් මෙලෙස අදහස් දක්වන ආකාරයට මෙවැනි ගිවිසුමක් ලංකාව නිදහස ලැබීමෙන් පසු අස්සන් නොකර ඇති බව ප්‍රකාශ වෙයි. සමහර පාර්ශ්ව ප්‍රකාශ කරන්නේ 1987 වසරේදී අස්සන් තබන ලද ඉන්දු-ශ්‍රී ලංකා සාම ගිවිසුමෙන් පසුව ප්‍රථම වතාවට මෙවැන්නක් අස්සන් තැබුණු බවයි. එම ගිවිසුම යටතේ එකල ශ්‍රී ලංකාවේ පැවැති සිවිල් යුද්ධයට අදාළව මෙරටට ඉන්දීය සාමසාධක හමුදා පැමිණියේය. අවසානයේදී එකල බලවත්ව සිටි දමිළ කොටි ත්‍රස්ත සංවිධානය සමග ඉන්දීය හමුදාවන් ගැටී පවතින යුද්ධය තවත් විශාල අර්බුදයකට පත්වුණේය. අවුරුදු 37කට පෙර පැවැති සහ වසර 02කුත් මාස 08ක් ගතවූ මෙම යුද්ධයේදී ඉන්දියානු සොල්දාදුවන් 1,165ක් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් 5,000ක් පමණ ඝාතනයට ලක්විය. එවිට එම ගිවිසුම ප්‍රකාශයට පත්වූයේ ආරක්ෂක ගිවිසුමක් ලෙස නොව, සාම ගිවිසුමක් ලෙසිනි. ආරක්ෂක ගිවිසුම යනු තවත් බරපතළය.

කෙසේ හෝ මෙවැනි වටපිටාවක් ගතවෙමින් තිබියදී ආරක්ෂක සහ දේශපාලනික විශ්ලේෂකයන්ද ප්‍රකාශ කරන්නේ මෙම ගිවිසුම හරහා අනාගතයේදී ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ බල අරගලයේ පාර්ශ්වකරුවකු බවට පත්විය හැකි වීමයි. වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු වත්මන් ආණ්ඩුවේ ප්‍රධානීන් එකල මීට පෙර මෙවැනි ගිවිසුම් ගැන දැඩි විරෝධතාවක් ප්‍රකාශ කළ බවත්, එහෙත් අද බලය ඉදිරියේ ඔවුන්ගේ ප්‍රතිපත්ති වෙනස් වී ඇතැයි එම විද්වතුන් කියා සිටියි. මීට පෙර මෙම ගිවිසුම් ඉන්දියාව සමග රනිල් වික්‍රමසිංහ මහතා අස්සන් කිරීමට අදහස් කළ විටත් මේ වත්මන් දේශපාලන බලවතුන්ම එයට විරුද්ධ වූ අයුරුද ඔවුන් ආවර්ජනය කර ඇත.

Sri Lanka Latest News

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

වියට්නාම් ජනාධිපති ලුඕං කුඕං අනුර හමුවෙයි! PHOTOS I Sri Lanka Latest News

Next Post

හරිනි කියපු කතාව නීතියට පටහැනියි! එතුමිය අගමැතිනිය! පක්ෂයක නායිකාවක්! එහෙම කතාවක් නොකර හිටියා නම් තමයි හොඳ! මැතිවරණ නිරීක්ෂකයන්ගේ විරෝධය! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)
Exclusive

වැවිලි වගාවල ආයෝජනය කරන එක කිසිම තැනකින් නියාමනය වෙන්නේ නෑ! ඔය කියන විදිහට 30%ක පොලියක් කවදාවත් දෙන්නත් බෑ.. ලැබෙන්නෙත් නෑ.. අන්තිමට සල්ලිත් නෑ! මේවා පිරමිඩ ජාවාරම්! දැනටමත් සමාගම් 18ක් ගැන විමර්ශන පටන් ගත්තා! ඉදිරියේදී නීති ක්‍රියාමාර්ග ගන්නවා! මහබැංකු අධිපති හොර ‘ප්ලාන්ටේෂන්ලාට’ එරෙහිව වැඩ පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

පච මදිවට හොරු..! අනුරට බෑ..! ජනතාවට අමාරුයි! සජබෙ සුජීව-ජේ.සී.-චරිත අද උදේම කටානට!‍ I Sri Lanka Latest News
Exclusive

පච මදිවට හොරු..! අනුරට බෑ..! ජනතාවට අමාරුයි! සජබෙ සුජීව-ජේ.සී.-චරිත අද උදේම කටානට!‍ I Sri Lanka Latest News

සජබය ආණ්ඩු බලය අල්ලන්න අනුරපුරෙන් වැඩ පටන් ගනී! මුජිබර් හොරොව්පොතානට යද්දී නිරෝෂන් බටහිර අනුරාධපුරයට යයි! දෙකටම ජනතාවගෙන් ලොකු ප්‍රතිචාරයක්!  PHOTOS I Sri Lanka Latest News
Exclusive

සජබය ආණ්ඩු බලය අල්ලන්න අනුරපුරෙන් වැඩ පටන් ගනී! මුජිබර් හොරොව්පොතානට යද්දී නිරෝෂන් බටහිර අනුරාධපුරයට යයි! දෙකටම ජනතාවගෙන් ලොකු ප්‍රතිචාරයක්!  PHOTOS I Sri Lanka Latest News

මුහුණු වහගෙන ලංකාවට අරන් ආ පාතාලයේ මහකෙරුමෝ දෙන්නා! I Sri Lanka Latest News
Exclusive

මුහුණු වහගෙන ලංකාවට අරන් ආ පාතාලයේ මහකෙරුමෝ දෙන්නා! I Sri Lanka Latest News

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

අමෙරිකා ඉරාන ගිවිසුම අත්සන් කරන්න කඹ ඇදිල්ලක්! ට්‍රම්ප් අද ලෑස්තියි! කමේනි ලෑස්ති නෑ! I Sri Lanka Latest News

Load More
රටටම කියලා අපිත් එක්ක එකතු වෙලා දීගයක් කන්න එන්න…! හිතන දේ වෙන්නේ නැහැ වෙන දේ හිතාගන්න බැහැ…! කලාකරුවෝ කියන්නේ ලයිසන් නැති වෛද්‍යවරු…! කලාව කියන්නේ හිත් රිදුණු බිඳුණු අය සනසවන තැනක්…! බුද්ධික පින්නදූව I Sri Lanka Latest News
Heart

රටටම කියලා අපිත් එක්ක එකතු වෙලා දීගයක් කන්න එන්න…! හිතන දේ වෙන්නේ නැහැ වෙන දේ හිතාගන්න බැහැ…! කලාකරුවෝ කියන්නේ ලයිසන් නැති වෛද්‍යවරු…! කලාව කියන්නේ හිත් රිදුණු බිඳුණු අය සනසවන තැනක්…! බුද්ධික පින්නදූව I Sri Lanka Latest News

රටේ ජනප්‍රිය කලාකරුවන් කිහිප දෙනෙකු එකතු වී දීගයක් කන්න යන බවට ලැබුණු ආරංචියත් සමග, ‘මව්රට’ අපි මේ කතාවේ ඇත්ත නැත්ත...

Read more
පොකට් එකේ තියෙන්නේ කෝටිපති යෝගයක්ද? ණය කන්දකට පාර කපන වින්නැහියක්ද? ඉල්කම් අස්සේ හැංගුණු දෛවයේ රහස්…! Sri Lanka Latest News

පොකට් එකේ තියෙන්නේ කෝටිපති යෝගයක්ද? ණය කන්දකට පාර කපන වින්නැහියක්ද? ඉල්කම් අස්සේ හැංගුණු දෛවයේ රහස්…! Sri Lanka Latest News

වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News

වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)

වැවිලි වගාවල ආයෝජනය කරන එක කිසිම තැනකින් නියාමනය වෙන්නේ නෑ! ඔය කියන විදිහට 30%ක පොලියක් කවදාවත් දෙන්නත් බෑ.. ලැබෙන්නෙත් නෑ.. අන්තිමට සල්ලිත් නෑ! මේවා පිරමිඩ ජාවාරම්! දැනටමත් සමාගම් 18ක් ගැන විමර්ශන පටන් ගත්තා! ඉදිරියේදී නීති ක්‍රියාමාර්ග ගන්නවා! මහබැංකු අධිපති හොර ‘ප්ලාන්ටේෂන්ලාට’ එරෙහිව වැඩ පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

පච මදිවට හොරු..! අනුරට බෑ..! ජනතාවට අමාරුයි! සජබෙ සුජීව-ජේ.සී.-චරිත අද උදේම කටානට!‍ I Sri Lanka Latest News

පච මදිවට හොරු..! අනුරට බෑ..! ජනතාවට අමාරුයි! සජබෙ සුජීව-ජේ.සී.-චරිත අද උදේම කටානට!‍ I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.