• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දවස් ගණන් පෝලිම්වල ඉන්නේ නැතිව සර්වඥ ධාතුන්වහන්සේලා 20ක් වැඳපුදා ගන්න මෙන්න අවස්ථාවක්! යන්නේ පොඩි වියදමයි! Sri Lanka Latest News

May 4, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
දවස් ගණන් පෝලිම්වල ඉන්නේ නැතිව සර්වඥ ධාතුන්වහන්සේලා 20ක් වැඳපුදා ගන්න මෙන්න අවස්ථාවක්! යන්නේ පොඩි වියදමයි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ඔබට මෙම ලිපිය ලියන්නට සැරසෙන විටදී මාගේ මතකය දිවයන්නේ මෙයට හරියටම වසර 43කට පෙර අතීතයකටය. එනම් නිසි කාලවකවානුවක් ලෙස පැවසුවහොත් 1982 වසරේ මැදභාගය වෙතය. දැනට වසර 46ක් ගෙවෙමින් තිබෙන මාගේ පුවත්පත් කලා ජීවිතයේ ඉහත මා ඔබට සඳහන් කළ කාලයේ මා සේවය කරමින් සිටියේ ‘දිවයින’ පුවත්පතේය. එය මා ‘දවස’ පුවත්පතේ වසර තුනක් සේවය කර ‘දිවයින’ට පැමිණි කාලය විය. මෙකල්හි පුවත්පත් කලාවේදීන් වන අපට වාර්තා කිරීමට ලැබුණු සුවිශේෂ සිදුවීමක් විය. එනම් 1982 වසරේදී පැවැති ශ්‍රී දළදා වහන්සේ ප්‍රදර්ශනයයි. සාමාන්‍යයෙන් දළදා ප්‍රදර්ශනයක් සිදුකෙරෙන්නේ දශක කිහිපයකට පසුවය. ඒ අනුව එම සුවිශේෂ අවස්ථාව වාර්තා කිරීමටත්, ඡායාරූප ගැනීමටත් අපට අවස්ථාව උදාවිය. මේ සඳහා අප දින දෙකක් මහනුවර නවාතැන් ගනිමින් එම කාර්යය ඉටුකළේය. මට මතක ඇති ආකාරයට එකල මෙම දළදා ප්‍රදර්ශනය පැවැත්වුණේ දළදා පෙරහැර පැවැත්වීමට පෙර කාලයකදීය. මෙම අවස්ථාව මගේ ජීවිතයේ කිසි දිනෙක අමතක නොවන්නකි. Sri Lanka Latest News

1982 පැවැති මෙම දළදා ප්‍රදර්ශන සමයේදී එවක දළදා මාලිගාවේ දියවඩන නිලමේ ධුරය දැරුවේ මෙරට සිටි කීර්තිමත් චරිතයක් වූ නිශ්ශංක විජේරත්න මහතාය. ඉතිහාසයට අදාළව ලංකා විශ්වවිද්‍යාලයේ උපාධිධාරියකු වූ ඔහු 1975-1985 කාලය තුළදී වසර 10ක් නොකඩවා දියවඩන නිලමේ ධුරය දැරීය. ඉහත 1982 දළදා ප්‍රදර්ශනය පැවැත්වෙන කාලයේදී මෙරට ජනාධිපති ධුරය ජේ.ආර්. ජයවර්ධන මහතා විසින් දැරුවේය. මෙම ප්‍රදර්ශනයේ සුවිශේෂ සිදුවීම වූයේ ජනාධිපතිවරයාගේ විශේෂ ආරාධනාව මත, එවක ජපානයේ අකිහිතෝ කුමරු (පසුව ජපානයේ අධිරාජ්‍යයා වූ) සහ කුමරිය ප්‍රධාන ආරාධිතයෝ ලෙස සහභාගි වූහ. එදා වසර 43කට පෙර සිදුවූ මෙම අවස්ථාවන් සියල්ල මගේ මතකයේ රැඳී ඇත. එකල මේ කාලයේ තරම් මහා ජන ගංගාවක් දළදා ප්‍රදර්ශනයට නොපැමිණියේය. එහෙත් කෙසේ වෙතත් අතිවිශාල ජනතාවක් දළදා වහන්සේ වැඳපුදා ගත්හ. මෙම අවස්ථාවේදී නිශ්ශංක විජේරත්න දියවඩන නිලමේතුමා මාධ්‍යවේදීන් සඳහා සුවිශේෂ අවස්ථාවක් ලබාදුන්නේය. ඔහු අපට දළදා වහන්සේ වැඳගැනීමටත්, සේයාරූ ගැනීමටත් වෙනම අවස්ථාවක් ලබාදුන් ආකාරය මට මතකය. මාහටද එම දුර්ලභ අවස්ථාව හිමිවීම තවද මතකයේ තිබේ.

මම පුද්ගලිකව අත්දකිමින් ලැබුණු දුර්ලභ අවස්ථාවක් මෙසේ සඳහන් කර තැබුවේ පසුගියදා පැවැති ශ්‍රී දළදා ප්‍රදර්ශනයේ දසුන් දකින විටදීය. වසර 16කට පසුව මෙවර පැවැත්වූ ප්‍රදර්ශනය සඳහා බැතිමතුන් ලක්ෂ 06ක් පැමිණියේ යැයි වාර්තා සඳහන් කර තිබිණි. මෙය අතිවිශාල ජන ගඟකි. ජනතාව තම පිරිසිදු භක්තියෙන් පැමිණි අතර, මුලින් ඉතා සංයමයකින් තිබුණු ජනතා සහභාගිත්වය පසුව යුද පිටියක ස්වරූපය ගත් ආකාරය දක්නට හැකි විය. ඕනෑම ස්ථානයකට මෙතරම් සුවිශාල ජනතාවක් දින 10ක් පුරා පැමිණි විට තත්ත්වය කෙතරම්ම සංකීර්ණ වන්නේදැයි සිතිය හැකිය. දින ගණන් නිදිවරමින් ජනතාව දළදා වන්දනාමාන කර ගත්තේය. මෙම සිදුවීමේ අනෙක් ශෝකීය කතාන්දර හෙළිවන්නට පටන්ගත්තේ පසුවය. එනම් දළදා ප්‍රදර්ශනයට සහභාගි වූ බැතිමතුන්ගෙන් හතර දෙනෙක් මරණයට පත්වී තවත් සිය දහස් ගණනක් රෝගී තත්ත්වයන්ට භාජනය වූ බැව් හෙළිවිය. මෙය ඉතා බැරෑරුම් තත්ත්වයක් ලෙස සැලකිය හැකිය. එනම් මෙහිදී අවසාන දින කීපයේ බලධාරීන්ට ජනතාව හසුරුවා ගැනීමට නොහැකිව දින දෙකකට පෙරදී නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ දළදා ප්‍රදර්ශනයට ජනතාවට පැමිණීමෙන් වැළකී සිටින ලෙසයි. ජනතාව දසදහස් ගණනකට දළදා ප්‍රදර්ශනය වැඳගැනීමටද නොහැකි විය. අනතුරුව ප්‍රදර්ශනය නිමවීමෙන් පසු මුළුමහත් මහනුවර ප්‍රදේශයම එකම කුණු කසළ සහ මළපහ පිරුණු තෝතැන්නක් බවටද පත්ව තිබිණි. කෙතරම් බැතිමතුන් වුවත් මෙය අපගේ මිනිසුන්ගේ සහ අපගේ රටේ හැටිය. ඒවාට දොසක් කියන්නට නොහැකිය. කුමන වටපිටාවක් තිබියදී හෝ මෙවර 2025 ශ්‍රී දළදා ප්‍රදර්ශනය නිමාවට පත්විය.

මෙයට වසර 43කට පෙර පැවැති ශ්‍රී දළදා ප්‍රදර්ශනයේ තතුවල සිට මෙම පසුගියදා ප්‍රදර්ශනය දක්වා යම් පැහැදිලි කිරීමක් කරමින් මෙම ලිපිය ලිවීම ආරම්භ කිරීමට හේතු වූයේ ඇයි? එය නම් අපගේ උතුම් වූ බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසු ලබාගත් විවිධ ධාතුන් වහන්සේලා ගැන තිබෙන දීර්ඝ කතාන්දරයකි. මෙම වතගොත අපට අසන්නට ලැබෙන්නේ විවිධ විදේශීය ග්‍රන්ථ සහ ලිපි ලේඛන හරහාය. දීඝ නිකායේ 16 වැනි සූත්‍රය වන මහාපරිනිබ්බාණ සූත්‍රයට අනුව බුදුරජාණන් වහන්සේ මහා පරිනිර්වාණයට පසු උන්වහන්සේගේ දේහය ආදාහනය කරන ලද්දේය. ඉන් පසුව ගෞතම බුදුන් වහන්සේගේ දේහයේ ධාතුන් වහන්සේලා (භෂ්මාවශේෂ) බෞද්ධ ප්‍රධාන අනුගාමිකයන් අතරේ බෙදාදෙන ලදී. ද්‍රෝණ නම් ප්‍රධාන බ්‍රාහ්මණයා විසින් බුදුන් වහන්සේගේ ධාතු බෙදීම සිදුකළේ යැයි ක්‍රි.ව. 2-3 සියවස්වල ගාන්ධාරයේ සටහන් කෙරුණු ශිලා ලේඛනවල ඇත. මුලින් ප්‍රකාශ වූයේ බුදුන් වහන්සේගේ භෂ්මාවශේෂ අයත් විය යුත්තේ උන්වහන්සේගේ ශාක්‍ය වංශයට පමණක් බවක්ය. එහෙත් පසුව එම මතයට ආරවුලක් ඇතිවී පසුව එය විසඳීමකට ලක්විය. කෙසේ වෙතත් මේ අනුව එකල තවත් වංශ හයක් සහ එක් රජෙකු බුදුන්ගේ භෂ්මාවේශේෂ ඉල්ලා සිටියේය. අවසානයේදී ප ්‍රශ්නය සමථයකට පත්කරමින් ද්‍රෝණ බ්‍රාහ්මණයා විසින් භෂ්මාවශේෂ කොටස් 8කට බෙදා වෙන්කරන ලදී. මහාවංශයට අනුව පසු කාලයේදී ගෞතම බුදුන් වහන්සේගේ මෙම ධාතුන් වහන්සේලා විවිධ රජවරුන්ගේ සහ රට රටවල පාලන තන්ත්‍රයන්ගේ ආරක්ෂාව සහ අනුග්‍රහය යටතේ ඉතා සුරක්ෂිතව රැකගනු ලැබුවේය. අපටත් ලෝකයටත් අද හිමිව ඇත්තේ එවැනි මිල කළ නොහැකි සම්පතකි.

දැන් අප මෙම කතාවේ සුවිශේෂ සන්ධිස්ථානයක් වෙත පැමිණ සිටින්නේය. එනම් බුදුරජාණන් වහන්සේගේ විවිධ ශාරීරික ධාතුන් වහන්සේලා මේ වනවිට ලෝකයේ රටවල් රාශියකදී ප්‍රදර්ශනයට සහ වන්දනාමාන කිරීම උදෙසා ආරක්ෂා සහිතව තැන්පත් කර ඇත. මේ අනුව නිල ලේඛනවලට අනුව පෙනීයන්නේ ලෝකයේ රටවල් 24ක මෙම ධාතුන් වහන්සේලා තැන්පත් කර ඇති ආකාරයයි. මෙම රටවල් ලැයිස්තුවෙන් ප්‍රධානතම රට වශයෙන් සැලකෙන්නේ අපගේ යාබද ඉන්දියාවයි. එසේම වැඩිපුරම ධාතුන් වහන්සේ ප්‍රමාණයක් ඇත්තේද ඉන්දියාවේය. මෙම සම්පූර්ණ රටවල් ලැයිස්තුව කුමක්දැයි සොයා බැලීම වැදගත්ය. එම රටවල් නම් ඉන්දියාව, තායිලන්තය, චීනය, කාම්බෝජය, ඇෆ්ගනිස්තානය, බංග්ලාදේශය, භූතානය, ඉන්දුනීසියාව, ජපානය, කොරියාව, ලාඕසය, මැලේසියාව, මොන්ගෝලියාව, නේපාලය, මියන්මාරය, පාකිස්තානය, රුසියාව, ටිබෙටය, සිංගප්පූරුව, වියට්නාමය, ඇමෙරිකාව සහ අපගේ ශ්‍රී ලංකාවයි. බුදු දහමට අමරණීය මහා මෙහෙවරක් ඉටුකළ ඉන්දියාවේ අශෝක මහාධිරාජ්‍යයා විසින් පසුකාලයකදී මෙම ධාතුන් වහන්සේලා රට රටවල ප්‍රදර්ශනයටත්, වන්දනාමාන කිරීමටත් සහ විවිධ ස්තූප සහ මාලිගා තැනීමටත් බෙදාහරිනු ලැබුවේය. මහාවංශය මෙම තතු කියා සිටියි.

ගෞතම බුදුරජාණන් වහන්සේගේ ඉන්දියාවේ තබා තිබෙන ධාතුන් වහන්සේලා ගැන අපගේ අවධානය යොමුකිරීම අත්‍යාවශ්‍ය වෙයි. එයට හේතු වන්නේ බුදුන් වහන්සේගේ උත්පත්තිය, බුදුවීම සහ පරිනිර්වාණය සිදුවූයේ නේපාලය හා ඉන්දියාව තුළ වීමය. උන්වහන්සේ නේපාලයේ ලුම්බිනියේදී උත්පත්තිය ලැබූ අතර, බුද්ධත්වයට පත්වූයේ ඉන්දියාවේ බුද්ධගයාවේදීය. අනතුරුව පිරිනිවන් පානු ලැබුවේ ඉන්දියාවේ කුශිනගර් නොහොත් කසිනාරා නුවරදීය. මේ අනුව බලන විට මේ වනවිට බුදුන් වහන්සේගේ වැඩිපුරම ධාතුන් වහන්සේලා ආරක්ෂා සහිතව ඇත්තේ ඉන්දියාවේය. එනම් නවදිල්ලි නගරයේ ජාතික කෞතුකාගාරයේ මේ වනවිට එම ධාතුන් වහන්සේලා 22ක් ඉතා ගෞරවාන්විතව තැන්පත් කර ඇත. මෙම ධාතුන් වහන්සේලාගෙන් දෙනමක් ඉන්දියාවේ කල්කටා ජාතික කෞතුකාගාරයේ ප්‍රදර්ශනය සඳහා පිරිනමා ඇත. එහෙත් ඉතිරි ධාතුන් වහන්සේලා 20 දැනටද වසර පුරාම නිත්‍ය ප්‍රදර්ශනය සඳහා තබා ඇත. මෙයට බුදුන් වහන්සේගේ ශාරීරික විවිධ අස්ථි කොටස් අයත් වන අතර එම කොටස් ඉතා පැහැදිලිව නිරීක්ෂණය කළ හැකිය. සමහර අස්ථි කොටස් ප්‍රමාණයෙන්ද විශාල ආකාරය දක්නට හැකිය. මෙහිදී සුවිශේෂ කතාවක් ලෙස හෙළිවන්නේ මෙතරම් ධාතුන් වහන්සේලා විශාල ප්‍රමාණයක් ප්‍රදර්ශනය සඳහා තබා තිබීම බොහෝ ජනතාව නොදැනුවත් වීමය. එයට හේතුව නම් නවදිල්ලියේ කෞතුකාගාරය තුළදී මෙම ධාතුන් වහන්සේ නිරීක්ෂණය සිදුකිරීම හැරෙන්නට ඒවා වන්දනාමාන කිරීමට අවස්ථාව නොලැබෙන හෙයිනි. එහෙත් කැමැති බැතිමතුන්ට එම ධාතුන් වහන්සේලා ඇති ශාලාවේ පසෙකට වී නිශ්ශබ්දව භාවනා කිරීමට අවස්ථාව සලසා ඇත. මල් පහන් හෝ සුවඳ දුම් පුදකිරීම් ආදිය කිසිවක් මෙහි තහනම්ය. එයට ප්‍රධාන හේතුව වන්නේ මෙම ස්ථානය ජාතික කෞතුකාගාරයක් වීමය.


සම්පූර්ණයෙන්ම කැරට් 24 රනින් නිම කරන ලද විශාල කරඬුවක් මත බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේ 20 නමක් තැන්පත් කර ඇති ආකාරය ඉන්දියාවේ නවදිල්ලියේ ජාතික කෞතුකාගාරයේදී දක්නට හැකිය. මෙම රන් කරඬුව ඉන්දියාවට පරිත්‍යාග කර ඇත්තේ තායිලන්තයේ රජතුමා විසිනි. යම් හෙයකින් ඔබට ඉන්දියාවට යෑමට අවස්ථාවක් ලැබේ නම් මෙම අතිගෞරවනීය ධාතුන් වහන්සේලා කිසිදු බාහිර අවහිරතාවකින් තොරව ඉතා පහසුවෙන් දැකිය හැකි අතර, වන්දනාමාන කිරීමටද අවස්ථාව ලැබෙයි. එය වාසනාවකි.

Sri Lanka Latest News

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

විශේෂයෙන් දළදා වන්දපු විශේෂ පෝලිමට සැලියුට්! Sri Lanka Latest News

Next Post

කටවල් වහගෙන ඉන්න සජබෙ ජ්‍යෙෂ්ඨ කුමන්ත්‍රණකාරයන්ට වතුකරයේ කම්කරු නායක රාධක්‍රිෂ්ණන් මැයි දිනය ගැන හොඳවයින් දෙකක් කියයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

අමෙරිකාව දැනට ගහලා තියෙන බද්දට ට්‍රම්ප් ගහපු අලුත් 30%ක බද්දත් එකතු වෙනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂගේ ගෙදරට යවපු භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන දෙකහමාරේ වාර්තාව මුදල් කමිටුවට යවයි! හර්ෂණ සූරියප්පෙරුමට හෙට මුදල් කමිටුවට එන්න කියයි!  I Sri Lanka Latest News

ආපදාවෙන් පස්සේ පේන්නවත් හිටපු නැති ටිල්වින් මෙන්න පන්සලේ තිබ්බ පිංකමකින් එළියට එයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥයන් එක්ක ටිල්වින් ගල් අඟුරු කොමිසමට ඇවිත් මැයි රැලියේදී කරපු කතාවට සමාව ඉල්ලයි! කොමිසම ටිල්වින්ට අනතුරු අඟවයි! I Sri Lanka Latest News

වයසට ගිහින් ඉන්න ජී.එල්. පීරිස්ට ඊළඟ ආත්මෙට කරගන්න වැඩක් ගැන ඩඩ්ලි කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වයසට ගිහින් ඉන්න ජී.එල්. පීරිස්ට ඊළඟ ආත්මෙට කරගන්න වැඩක් ගැන ඩඩ්ලි කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල-විදුලි බිල තවත් වැඩිවෙනවද? සෝලා පවර්වලට මොකද වෙන්නේ? බලශක්ති අර්බුදයෙන් ගොඩඑන්න පුළුවන්ද? බලශක්ති නියෝජ්‍ය ඇමැති ඉල්ලියාස් කතාකරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල-විදුලි බිල තවත් වැඩිවෙනවද? සෝලා පවර්වලට මොකද වෙන්නේ? බලශක්ති අර්බුදයෙන් ගොඩඑන්න පුළුවන්ද? බලශක්ති නියෝජ්‍ය ඇමැති ඉල්ලියාස් කතාකරයි! VIDEO I Sri Lanka Latest News

ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

Load More
රනිල් කියුබාවේ සංචාරයක! අමෙරිකාවට යන්නේ ඊට පස්සේ! I Sri Lanka Latest News
Exclusive

CIDය මෛත්‍රීව අතහරියි!  I Sri Lanka Latest News

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට Wolverhampton විශ්වවිද්‍යාලයෙන් පිරිනැමූ ගෞරව මහාචාර්ය උපාධි ප්‍රදානෝත්සවයට සහභාගි වීම සඳහා බ්‍රිතාන්‍යය බලා යෑමට රුපියල් මිලියන 16.6ක...

Read more
අමෙරිකාව දැනට ගහලා තියෙන බද්දට ට්‍රම්ප් ගහපු අලුත් 30%ක බද්දත් එකතු වෙනවා! VIDEO I Sri Lanka Latest News

හර්ෂගේ ගෙදරට යවපු භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන දෙකහමාරේ වාර්තාව මුදල් කමිටුවට යවයි! හර්ෂණ සූරියප්පෙරුමට හෙට මුදල් කමිටුවට එන්න කියයි!  I Sri Lanka Latest News

ආපදාවෙන් පස්සේ පේන්නවත් හිටපු නැති ටිල්වින් මෙන්න පන්සලේ තිබ්බ පිංකමකින් එළියට එයි! VIDEO I Sri Lanka Latest News

නීතීඥයන් එක්ක ටිල්වින් ගල් අඟුරු කොමිසමට ඇවිත් මැයි රැලියේදී කරපු කතාවට සමාව ඉල්ලයි! කොමිසම ටිල්වින්ට අනතුරු අඟවයි! I Sri Lanka Latest News

වයසට ගිහින් ඉන්න ජී.එල්. පීරිස්ට ඊළඟ ආත්මෙට කරගන්න වැඩක් ගැන ඩඩ්ලි කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

වයසට ගිහින් ඉන්න ජී.එල්. පීරිස්ට ඊළඟ ආත්මෙට කරගන්න වැඩක් ගැන ඩඩ්ලි කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල-විදුලි බිල තවත් වැඩිවෙනවද? සෝලා පවර්වලට මොකද වෙන්නේ? බලශක්ති අර්බුදයෙන් ගොඩඑන්න පුළුවන්ද? බලශක්ති නියෝජ්‍ය ඇමැති ඉල්ලියාස් කතාකරයි! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල-විදුලි බිල තවත් වැඩිවෙනවද? සෝලා පවර්වලට මොකද වෙන්නේ? බලශක්ති අර්බුදයෙන් ගොඩඑන්න පුළුවන්ද? බලශක්ති නියෝජ්‍ය ඇමැති ඉල්ලියාස් කතාකරයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.