• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පුංචි නොවන පුංචි ආණ්ඩු! Sri Lanka Latest News

May 4, 2025
in Exclusive
Reading Time: 8 mins read
A A
පාර්ලිමේන්තුවේ නොගැළපෙන ඇඳුම් නිසා වෙච්ච අලකලංචි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මැයි 06 වැනිදා මෙරට ප්‍රාදේශීය ආණ්ඩුවල බලය හිමිවන්නේ කාටදැයි කියා උරගා බැලෙන ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතය. Sri Lanka Latest News

මෙය පළාත් පාලන මැතිවරණය යනුවෙන් හැඳින්වුවත් එය ඉංග්‍රීසි භාෂාවෙන් හඳුන්වනු ලබන්නේ Local Government Election යනුවෙනි.
Local Government Election යන ඉංග්‍රීසි වචනවල නියම සිංහල පරිවර්තනය ගත් විට එය හැඳින්විය යුත්තේ ප්‍රාදේශීය ආණ්ඩු වශයෙනි.
නමුත් 1931 ඩොනමෝර් කොමිෂන් සභා වාර්තාවට අනුව කාරකසභාවක් පිහිටුවනු ලැබීය. පළාත් පාලන විධායක කාරකසභාවක් මගින් පත්කළේ ප්‍රාදේශීය පරිපාලන කමිටුයි. එතැන් සිට මෙය පළාත් පාලන ආයතන වශයෙන් හඳින්වුවද ඇත්තෙන්ම මෙය හැඳින්විය යුත්තේ ප්‍රාදේශීය ආණ්ඩු වශයෙනි.
ඉංග්‍රීසි භාෂාවෙන් හඳුන්වනු ලබන Local Government සිංහලයට පරිවර්තනය කළද එහි අර්ථය වන්නේ ප්‍රාදේශීය ආණ්ඩු වශයෙනි.
වචනයෙන් නම් කිරීම පමණක් නොව මෙරට පොදු මහජනතාවට ප්‍රායෝගිකවද ඉතා සමීප සහ ඔවුන්ගේ ගැටලු බොහොමයකට විසඳුම් ලබාගත හැකි වන්නේද මෙම ප්‍රාදේශීය ආණ්ඩුවලිනි.

නමුත් මේ පුංචි ඡන්දය යනුවෙන් මෙම මැතිවරණය බොහෝ අවස්ථාවල (ජනමාධ්‍ය ඇතුළුවද) හැඳින්වීම හරහා මෙම ප්‍රාදේශීය ආණ්ඩුවල තිබෙන ජනතා අවධානය යම් අවතක්සේරුවකට ලක්වීමට පුළුවන.

ජනාධිපතිවරණය, පාර්ලිමේන්තු මහ මැතිවරණය, පළාත් සභා මැතිවරණය, පළාත් පාලන මැතිවරණය මෙම ඡන්ද වර්ග 4 මෙරට ප්‍රධානතම ඡන්ද 4යි.
මෙම ඡන්ද 4ම රටට, රටේ පොදු මහජනතාවට ඉතා වැදගත් වන බව අමුතුවෙන් කිවයුතු නොවේ. නමුත් ජනතාවගේ එදිනෙදා ගැටලුවලට තමන් ජීවත් වෙන පරිසරය ඇතුළු උපතේ සිට මරණය දක්වා ජනතාවට බලපාන බොහෝ කරුණුවලට ඉතා සමීප වන්නේ පළාත් පාලන ආයතන නොහොත් ප්‍රාදේශීය ආණ්ඩු බව මතක තබාගත යුතුයි.

ජනතාවට බලපාන එවැනි කාරණාවලට විසඳුම් ලබාගැනීම සඳහා මුලින්ම ජනාධිපති ළඟට, අගමැති ප්‍රමුඛ පාර්ලිමේන්තුවට, පළාත් සභාවලට යෑම ප්‍රායෝගික නැත.

ඒ සඳහා ඔවුන් ප්‍රථමයෙන්ම යායුත්තේ පළාත් පාලන ආයතන නොහොත් ප්‍රාදේශීය ආණ්ඩු වෙතටය. එම නිසා ප්‍රාදේශීය ආණ්ඩු තෝරාගැනීමේ මැතිවරණය ඉතා වැදගත් වනු ඇත.

මෙම ප්‍රාදේශීය ආණ්ඩුවල වැදගත්කම දියුණු රටවල නම් ඉතා හොඳින් ප්‍රායෝගිකවම දැකබලාගත හැකිවනු ඇත.
ඇමෙරිකාව, එංගලන්තය, ප්‍රංශය, ජපානය, ඔස්ටේ්‍රලියාව, කැනඩාව ඇතුළු රටවල ඕනෑම ස්ථානයක යම් හදිසි තත්ත්වයක් ඇතිවුවහොත් එම ස්ථානයට මුලින්ම බොහෝ විට පැමිණෙන්නේ එම අදාළ ප්‍රදේශයේ නගරාධිපතිවරයාය. නැතහොත් උපනගරාධිපතිවරයාය.
එම රටවල යම් ස්ථානයක හදිසි තත්ත්වයක් ඇතිවූ විට ඒ ගැන සොයාබැලීමට සහ ඊට අවශ්‍ය විසඳුම් ලබාදීමට අදාළ නගරාධිපතිවරයා පැමිණ මාධ්‍යවලට ප්‍රකාශ ලබාදෙන බව විදෙස් ප්‍රවෘත්ති නරඹන විට දැකිය හැකිය.

එම නිසා පළාත් පාලන ඡන්දය, පුංචි ඡන්දය ඔය කුමන ආකාරයකට හැඳින්වුවද ප්‍රාදේශීය ආණ්ඩු බලයේ තිබෙන වැදගත්කම එමගින් රටේ පොදු මහජනතාවට බලපාන ගැටලුවලට ලැබෙන විසඳුම් ගැන ජනතාව වැඩි අවධානයක් අනිවාර්යයෙන්ම යොමුකළ යුතුය.
‘ගම හදා රට හදමු’ යන සංකල්පය පැමිණියේ අහම්බයක් අනුව නොවන බවද ඔබට පැහැදිලි වනු ඇත.

මෙය පුංචි ඡන්දයක් නම් මේ රටේ දේශපාලන නායකයන්, දේශපාලන පක්ෂ කෙතරම් ප්‍රාදේශීය ආණ්ඩු බලය ලබාගැනීමට දැඩි උනන්දුවක් දක්වන්නේ ඇයි? එය එක්තරා පුංචි ඡන්දයක් පමණක් නම් මෙතරම් අවධානයක් කාගෙන්වත් යොමුවන්නේ නොමැති බවද අප මතක තබාගත යුතුය.
ඕනෑම රටක මහ ආණ්ඩුවෙන් අහිමි වූ ප්‍රජාතන්ත්‍රවාදය රටේ පොදු මහජනතාවට ලබාගත හැක්කේ ප්‍රාදේශීය ආණ්ඩුවලිනි.
එංගලන්තයේ හිටපු අග්‍රාමාත්‍යවරයකු වූ ටෝනි බ්ලෙයාර් වරක් මෙසේ ප්‍රකාශ කළේය.

‘එංගලන්තයේ ප්‍රජාතන්ත්‍රවාදයේ ජීව රුධිරය රට පුරා ගලාගෙන යන්නේ මෙම ප්‍රාදේශීය ආණ්ඩු හරහායි’ යනුවෙන් ටෝනි බ්ලෙයාර් එංගලන්ත හිටපු අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රකාශයෙන්ම ප්‍රාදේශීය ආණ්ඩුවලට තිබෙන බලය ගැන හොඳින්ම පැහැදිලි වනු ඇත.
දියුණු රටවල දියුණුවට විශාල වැඩකොටසක් සිදුකර තිබෙන්නේ එම රටවල ප්‍රාදේශීය ආණ්ඩු මගිනි.

ඒ ඒ ප්‍රාදේශීය ආණ්ඩුවලින් ජනතාවට උපරිම සේවයක් ලබාදෙන අතර, උපායශීලීව එම ආයතන ආදායම් වැඩිකර ගැනීමටද ඉතා හොඳින් කටයුතු කරයි.
ඒ ලබන ආදායමෙන් එම ප්‍රාදේශීය ආණ්ඩු නඩත්තු වන අතරම ඒවායේ ප්‍රතිලාභ පෙරළා නැවත එම ජනතාවට ලබාදීමටද එම රටවල ප්‍රාදේශීය ආණ්ඩු කටයුතු කරයි.

ඒ ඒ ප්‍රාදේශීය ආණ්ඩු මගින් ඒ ඒ ප්‍රදේශ අනුව උපායමාර්ගික සැලසුම් ඔස්සේ ආදායම් වැඩිකරගත හැකිය. බොහෝ දියුණු රටවල එය ක්‍රියාත්මක වේ.
මහජන සේවා, පොදු සේවා නියාමනය කිරීම, එම සේවාවන්වල දත්ත එක්රැස් කිරීම වැනි කටයුතුවලින් සේවා සැපයීමට අමතරව උපායමාර්ගිකව ආදායම් ඉපැයීමටද හැකිය.

උපකාරක පන්ති, දුරකතන සන්නිවේදන මධ්‍යස්ථාන, රූපලාවණ්‍ය ආයතන මේ වනවිට හතු පිපෙන්නාක් මෙන් සෑම ගමකම හැම අස්සක් මුල්ලක් නෑරම පවතී.

මෙම ආයතන නියමාකාරයෙන් නියාමනය කිරීමෙන් ඉහළ ප්‍රමිතියකින් යුත් සේවයක් රටේ පොදු මහජනතාවට ලබාදෙන අතරතුරම උපායමාර්ගික ආදායමක්ද ප්‍රාදේශීය ආණ්ඩුවලට ලබාගත හැකිය.

ඉහත සඳහන් කළේ උදාහරණ 3ක් පමණි. එවැනි ඕනෑ තරම් තවත් සේවා ඇති අතර, එය ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වේ.
සංචාරක ව්‍යාපාරය ප්‍රබලව පවතින ප්‍රාදේශීය ආණ්ඩුවලට සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කරමින් විශාල ආදායමක් රටට ලබාදෙමින් තමන්ටද උපායමාර්ගික ආදායමක් ලබාගැනීමට හැකිය.

මීගමුව, බේරුවල, හික්කඩුව, අම්බලන්ගොඩ, වැලිගම, මිරිස්ස, මාතර, දෙවිනුවර, තංගල්ල, කිරින්ද, ඇල්ල, බණ්ඩාරවෙල, නුවරඑළිය, මහනුවර, මාතලේ, අනුරාධපුර, පොළොන්නරුව, මඩකළපුව, ආරුගම්බේ, පාසිකුඩා, දඹුල්ල, සීගිරිය, කල්පිටිය ඇතුළු සංචාරක කර්මාන්තය වැඩිපුර ක්‍රියාත්මක වන ප්‍රාදේශීය ආණ්ඩුවලට සේවා වඩාත් විධිමත් කරමින් රටට විශාල ආදායමක් හිමිකර දීමට අවස්ථාව උදාකරගත හැකිය.

සංචාරක කර්මාන්තයෙන් මෙරට ජාතික ආර්ථිකයට විශාල ආදායමක් උපයාගත හැකිය. අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා නිතරම ප්‍රකාශ කරන්නේ සංචාරක කර්මාන්තයෙන් විශාල ආදායමක් රටට ලබාගත හැකි බවයි. මේ වසර තුළදී වැඩිම විදේශීය සංචාරකයන් පිරිසක් මෙරටට පැමිණෙනු ඇතැයි කියා අපේක්ෂා කරන බවද ජනාධිපතිවරයා පසුගියදා පැවැසීය.

මුදල් වැඩිපුර වියදම් කළ හැකි ධනවත් සංචාරකයන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා අවධානය යොමුකළ යුතු බවත්, ඒ සඳහා යටිතල පහසුකම් වැඩිකිරීමට ක්‍රියාකළ බවත් ජනාධිපතිවරයා විසින් ලංකා සංචාරක මණ්ඩලයේ නිලධාරීන් පිරිසකටද පසුගියදා උපදෙස් ලබාදෙන ලදී.

එසේනම් කළ යුතු දේ ජනාධිපතිවරයාද ප්‍රකාශ කර ඇත. වඩාත් යහපත් සංචාරක ගමනාන්තයක් ඇතිකිරීමේ අරමුණෙන් ප්‍රාදේශීය ආණ්ඩු කටයුතු කිරීම අත්‍යාවශ්‍යව තිබේ.

ජනාධිපතිවරයා පමණක් නොව සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයාද රැස්වීම් කිහිපයකදීම ප්‍රකාශ කළේ පළාත් පාලන ආයතනවල ආදායම් වැඩිකර ගැනීමට ඕනෑ තරම් අවස්ථා පවතින බවයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ කියා සිටියේ ක්‍රීඩාව මුල්කරගත් සංචාරක කර්මාන්තයක්ද මෙරට තුළ ක්‍රියාත්මක කිරීමට හැකි බවයි.

සර්වජන බලයේ නායක දිලිත් ජයවීර ප්‍රකාශ කළේ හික්කඩුව, අම්බලන්ගොඩ වැනි නගර සභා පදක්කමට ලබාදෙන්නේ නම් ඒ මුළු ප්‍රදේශයම වඩාත් යහපත් සංචාරක ගමනාන්තයක් බවට පත්කොට එමගින් විශාල ආදායමක් රටට ලබාදීමට තමන් කටයුතු කරන බවයි.

සංචාරක කර්මාන්තය තුළින් විශාල දෙයක් රටට සිදුකිරීමට හැකි බව ප්‍රාදේශීය ආණ්ඩුවල බලය ලබාගන්නා පිරිස් ඉතා හොඳින් තේරුම්ගත යුතුව ඇත.
සංචාරක කර්මාන්තය පමණක් නොවෙයි. මේ ආකාරයෙන් කටයුතු කළ හැකි තවත් ක්ෂේත්‍ර රැසක් තිබේ.

කෘෂිකර්මාන්තය, ධීවර කර්මාන්තය, වැවිලි කර්මාන්තය ඇතුළු කර්මාන්ත හා ක්ෂේත්‍ර රැසක් ගැනද උපායශීලීව ප්‍රාදේශීය ආණ්ඩුවලට සැලසුම් කළ හැකිය.
රටේ අනාගතය භාරගැනීමට සිටින දරු පරම්පරාවේ පළමු අධ්‍යාපන ආයතනය වන්නේ ළදරු පාසලයි. ළදරු පාසල් නිසි ප්‍රමිතියක් යටතේ පවත්වාගෙන යනවාදැයි කියා සොයාබලමින් රට වෙනුවෙන් විශාල වැඩකොටසක් කිරීමේ හැකියාවද ප්‍රාදේශීය ආණ්ඩුවලට හැකිය.
ප්‍රාදේශීය ආණ්ඩුවලට තම බලප්‍රදේශයට ගැළපෙන ලෙස අදාළ ක්‍රියාමාර්ග ගැනීම සඳහා යෝජනා සම්මත කළ හැකිය. අවශ්‍ය නම් පවතින අණ පනත් සංශෝධනය කිරීමට, යාවත්කාලීන කිරීමටද හැකිය.

මෙම ප්‍රාදේශීය ආණ්ඩුවල ඉතිහාසය, ගම්සභා ක්‍රමය පණ්ඩුකාභය රජ සමය දක්වාම දිවයයි.
ශ්‍රී ලංකාවේ පළාත් පාලන ඉතිහාසය ආරම්භ වන්නේ ක්‍රි.පූ. 377දීය. ඒ, පණ්ඩුකාභය රජ සමයේදී රට පාලනය කිරීමේ පහසුව සඳහා පළමු වරට රට පුරා ගම්, නගර වශයෙන් සීමා වෙන් කිරීමට කටයුතු කිරීම හරහාය.

එහිදී ගම්සභා පිහිටුවා ගමේ ජ්‍යෙෂ්ඨයන්ගෙන් සමන්විත කමිටුවක ප්‍රධානියා තෝරාගෙන ගම්සභා ක්‍රමය ක්‍රියාත්මක විය.
ගමේ පාරවල් ඇළ වේලි සෑදීම පමණක් නොව ගමේ පොදු වැඩවලදී ජනතා සේවාවන් වෙනුවෙන් ඕනෑම අවස්ථාවක ගම්සභා ක්‍රමය මගින් රටේ පොදු මහජනතාවට සේවය සිදුවිය.

ශ්‍රී ලංකාවේ දැනට පවතින්නේ මහනගර සභා 24ක්, නගර සභා 41ක් සහ ප්‍රාදේශීය සභා 276කි. මුළු පළාත් පාලන ආයතන සංඛ්‍යාව 341කි.
ඒ අනුව තවත් දින දෙකකින් පැවැත්වෙන ප්‍රාදේශීය ආණ්ඩුවල බලය ලබාගැනීම පුංචි ඡන්දයක් නොවනු ඇත.

ඩබ්ලිව්.කේ. ප්‍රසාද් මංජු

SendShareShare
Previous Post

මුදල් අමාත්‍යංශ ලේකම් මහින්ද සිරිවර්ධන ඉන්නේ මේ මාසෙ ඉවර වෙනකම් විතරයි! ලොකු තනතුරක් ලැබිලා පිලිපීනෙට යනවා! Sri Lanka Latest News

Next Post

තීරු බදු අඩු කරගන්න ආණ්ඩුවේ නියෝජිතයන් වොෂින්ටන් ගිහින් කරපු සාකච්ඡා අවසන් තීන්දුවක් නැතිවම අවසන්! මෙන්න වෙච්ච දේ! Sri Lanka Latest News

MORE NEWS

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

Load More
ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

විවිධ වගාවන් පෙන්වමින් කිසිදු ආයතනයකට මහජනතාවගෙන් මුදල් එකතු කිරීම කළ නොහැකි බවත්, එය නීති විරෝධී බවත් මහබැංකුව පවසයි.Sri Lanka Latest...

Read more
පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.