• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

15 දෙනෙක් ඇවිත් අනුරාධපුර පූජා භූමිය ලේ විලක් කළ සිද්ධියේ ඇහින් දුටු සාක්ෂිය! ටවුමේ හතර වටේටම වෙඩි තිබ්බා! 215 දෙනෙක් මැරුවා! කොටි විල්පත්තුවට පැන්නේ මම හිටපු බස් එකෙන්! Sri Lanka Latest News

May 4, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
15 දෙනෙක් ඇවිත් අනුරාධපුර පූජා භූමිය ලේ විලක් කළ සිද්ධියේ ඇහින් දුටු සාක්ෂිය! ටවුමේ හතර වටේටම වෙඩි තිබ්බා! 215 දෙනෙක් මැරුවා! කොටි විල්පත්තුවට පැන්නේ මම හිටපු බස් එකෙන්! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

දිනය 1985 මැයි 14 වැනිදා. එදා අඟහරුවාදා දවසක්. මේ සිදුවීම ඇසින් දකින නන්දසිරි ජනප්‍රිය මහත්තයා අපිත් සමග සිටිනවා. මේ කතාව මුල සිට ඔබට කියන්නම්. එදා රුදුරු බව ඔබටද දැනේවි. අපි කතාව මුල ඉඳලම පටන්ගමු. Sri Lanka Latest News

‘මම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ තමයි ඒ වෙනකොට රාජකාරි කළේ. 1974 කාලේ මම ඒ දෙපාර්තමේන්තුවට සම්බන්ධ වෙලා පුහුණුවෙන් පස්සේ ත්‍රිකුණාමලයේ අවුරුදු 3ක් සේවය කරලා අනුරාධපුරයට මාරුවක් ආවා. එහේදී මම විවාහ වුණා. පස්සේ අපට දරුවෙක් ලැබුණා. ඒ අතර 1984දී මට කොළඹට ස්ථාන මාරුවක් ලැබුණා. ඒ වෙද්දී මගේ දුවට අවුරුදු දෙකහමාරක් විතර වුණා. කොළඹ ජාතික කාලගුණ විද්‍යා මධ්‍යස්ථානයේ මට වැඩකරන්න ලැබුණේ සේවා මුර ක්‍රමයට. ඒක නිසා පුළුවන් වෙනවා සේවා මුර මාරුකරගෙන දවස් දෙක තුනක් වැඩකරලා ආපහු ගෙදර ගිහිල්ලා දවස් 4ක් 5ක් ගෙදර ඉඳලා ආපහු එන්න. ඒ කාලේ කෝච්චිවල යන්න අමාරුයි. ඒ නිසා මම යන්නේ එන්නේ බස්වල. ඒ කාලේ තිබුණා පුත්තලම පැත්තෙන් කොළඹට එන රෝසා, සිවිලියන් වගේ බස්. සාමාන්‍යයෙන් මම දවල් 1ට වැඩට එන්න උදේ 7.30ට අනුරාධපුරෙයන් පිටත් වෙන්නේ. ඒ කාලේ අනුරාධපුරෙන් පිටත්වෙන බස් එකක් තිබුණා ඒකට අපි කිව්වේ කටුකැලියාව බස් එක කියලා. ඒ බස් එකේ වැඩකරන දෙන්නම මම දන්නවා. මම එන්නේ ඒ බස් එකේ තමයි. නමුත් මම ගෙරද ඉඳලා අනුරාධපුරයට බස් එකෙන් එනකොට පරක්කු වෙලා තිබුණු නිසා අර බස් එක ගිහින්. ආයෙත් උදේ 8 ට තියෙනවා බස් එකක්. ඒ බස් එකට අපි කියන්නේ කඳානේ බස් එක කියලා. ඒ බස් එකේ වැඩකරන්නේ තාත්තයි පුතයි. මට ඒ බස් එකේ නොම්මරෙත් මතකයි. 60-2955. ඒ බස් එක නතර කරලා තිබුණා. මම ඒකට නැගලා ඩ්‍රයිවින් සීට් එකට පිටිපස්සේ සීට් එකේ වාඩිවෙලා හිටියා. මගියො කීප දෙනෙකුත් බස් එකේ හිටියා. මගේ බෑග් එකත් පැත්තකින් තියලා සෙරෙප්පු දෙකත් ගලවලා, අයිනට හේත්තු වෙලා මම බෑග් එකේ තිබුණු පොතක් අරගෙන කියවන්න පටන් ගත්තා. පොත අතට ගන්නකොට මම දැක්කා සී.ටී.බී. බස් එකක් ඇවිල්ලා බස් ස්ටෑන්ඩ් එකට ඇතුළු කරනවා. ඒකේ මිනිස්සු නිදාගෙන ඉන්නවා වගෙත් මම දැක්කා. පොඩ්ඩක් වෙලා යනකොට එක පාරටම බස් ස්ටෑන්ඩ් එක පැත්තෙන් රතිඤ්ඤා පත්තු වෙන සද්දයක් ඇහුණා. ඇත්තටම ඒ වෙලාවේ මම හිතුවේ කඩයක් විවෘත කරනවා, ඒක නිසා රතිඤ්ඤා පත්තු කරනවා ඇති කියලා. ඒ නිසා මම ඒක ගණන් ගත්තේ නෑ. නමුත් මේ දිගටම ඇහෙන්න ගත්තා. ඒ නිසා මම නැගිටලා බැලුවා. බැලුවාම කවුරු හරි කට්ටියක් වෙඩිතිය තියා ඉස්සරහට එනවා මම දැක්කා. ඔවුන් එන්නේ අපේ බස් එක පැත්තට. එක වෙඩි පාරක් බස් එකේ කොහෙට හරි වැදිලා මගේ ඇහැටත් මොනවා හරි ගියා. ඒ එක්කම මම දැක්කා කොට කලිසම් ඇඳපු අය, සරම් ඇඳපු අය අර වෙඩිතියන පිරිස අතර ඉන්නවා. මම තේරුම් ගත්තා මේ කොටි තමයි කියලා. ඊට පස්සේ මම බස් එකෙන් බහින්න ඕනේ කියලා හිතලා දොර ළඟට ගියා. ඒ වෙලාවේ බස් එකේ හාමුදුරු නමක් හිටියා, ළමයෙක් වඩාගත්ත කාන්තාවක් හිටියා, තවත් කීප දෙනෙක්ම හිටියා. ඒ ඔක්කොම බස් එකෙන් බහින්න පොරකනවා. ඒ නිසා මට බැහැගන්න බැහැ. මම කරපු දේ ජනේලයකින් එළියට පැන්නා. පැනලා මම හදාගෙන යන කඩයක් අස්සෙන් දුවලා කම්බිවැටකිනුත් රිංගුවා. කම්බි වැටේ පැටලිලා මගේ ෂර්ට් එකත් ඉරුණා. එහෙම්මම මම නුවර වැවේ බන්ට් එක උඩට ගියා. මට පේනවා ඈතින් වෙඩි වැදිච්ච මිනිස්සු ලේ පෙරාගෙන දුවගෙන එන හැටි. ඒ අතර මට ඇහෙනවා වීදුරුවලට වෙඩි තිබ්බාම වීදුරු කඩාගෙන වැටෙන සද්දයක්. මම හිතුවේ කඩවල්වල ෂෝකේස්වලට වෙඩි තියනවා ඇති කියලා. ටිකක් වෙලා යනකොට ගෑනු කෙනෙක් මා ළඟට ආවා. එයාගේ අතට වෙඩි වැදිලා අත කැඩිලා තිබුණේ. ඒ ගෑනු කෙනා මට කිව්වා අනේ මාව ඉස්පිරිතාලෙකට ගෙනියන්න කියලා. මට හරිම දුකක් දැනුණා. ඒත් එක්කම මට මතක් වුණා මගේ නෝනයි ළමයයි දැන් ටවුන් එකට එන වෙලාව, ඒ දෙන්නත් මේ වෙඩි ප්‍රහාරයට අහුවෙයිද කියන එක. මම අර ගෑනු කෙනාට කිව්වා අනේ මගේ නෝනයි ළමයයි දැන් ටවුන් එකට එනවා කියලා තියෙනවා මම ඒ දෙන්නව බේරගන්න යන්න ඕනේ, ඔයා ඔතැනම වාඩිවෙලා ඉන්න, කවුරු හරි කෙනෙක් ඔයාව ඉස්පිරිතාලෙට අරගෙන යාවි කියලා. එහෙම කියලා බන්ට් එක දිගේ දුවගෙන ගියා අනුරාධපුර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු කාර්යාලයට. මම එතැනට ගිහින්න කිව්වා ටවුමට කොටි ගහනවා, මට අද වැඩට එන්න විදියක් නෑ, ඒ පණිවුඩේ කොළඹට දෙන්න කියලා. එහෙම කියලා මම පයින්ම මගේ ගෙදර තියෙන පැත්තට දුවගෙන ගියා. දුවගෙන යනකොට මම අඳුරන කෙනෙක් මගෙන් ඇහුවා ඇයි මහත්තයා දුවන්නේ කියලා. මම එයාට විස්තරේ කිව්වාම එයා මට බයිසිකලයක් දුන්නා, මේක අරගෙන ඉක්මනට යන්න කියලා. මම බයිසිකලේ පැදගෙන ගෙදර යනකොට නෝනයි ළමයයි පාර අයිනේ ඉන්නවා. මම ඒ දෙන්නව එක්කගෙන ආපහු ගෙදරට ගිහින් මගේ ඇහැට මොකද වෙලා තියෙන්නේ කියලා බැලුවා. මගේ ඇහැ උඩ ඇලුමිනියම් පතුරක් වැදිලා තුවාල වෙලා තිබුණේ. ඇහැ සම්පූර්ණයෙන්ම රතු වුණා.

ඊට පස්සේ මම බයිසිකලේ ආපහු දීලා ටවුන් එකේ මම හිටපු බස් එක තිබුණු තැනට ආවා. එතැන ලේ විලක් තිබුණේ. ඒ ලේ විල මැද්දේ මගේ එක සෙරෙප්පුවක් තිබුණා. බෑග් මොනවත් තිබුණේ නෑ. ආයෙත් මම ඉස්පිරිතාලෙට ගියා ඇහැට බේත් දාගන්න. බෙහෙත් දාගෙන මම ගියා ඉස්පිරිතාලේ මිනී කාමරේට. මිනී පෝලිමක් දාලා තිබුණා. මට හොඳට මතකයි 215 කියලා ගහලා තිබුණේ පොඩි ගෑනු ළමයෙක්ගේ සිරුරක්. මට දැනගන්න ලැබුණු විදියට නොච්චියාගමදී මැරිච්ච ළමයෙක්. ඊට අමතරව අපේ කාලගුණ විද්‍යා කාර්යාලයට පිටිපස්සේ ගෙදර හිටපු ඉස්කෝලෙ මහත්තයටත් වෙඩිතියලා තිබුණා. එයාට වෙඩිතියලා තිබුණේ උඩමළුවට ගිහින් ආපහු එනකොට. එයාගේ කොන්දට තමයි වෙඩි වැදිලා තිබුණේ. නමුත් මැරුණේ නෑ, කාලයක් ප්‍රතිකාර අරගෙන ටික ටික තමයි සුව වුණේ.

මට වැව් බන්ට් එකේ ඉන්නකොට ඇහුණා සද්දයක් වීදුරු කඩාගෙන වැටෙනවා වගේ. ඒ ඇහිලා තිබුණේ මම හිටපු බස් එකේ වීදුරුවලට වෙඩිතියන හඬ. ඒ වෙලාවේ මම බස් එකෙන් එළියට බහින්නේ නැතුව සීට් එකක් අස්සේ හැංගිලා හිටියා නම් කොටින් මට වෙඩි තියන්නේ නැතුව, මගේ බෙල්ල පාගලා හරි මරලා දාන්න තිබුණා. නමුත් මගේ වාසනාවට බස් එකේ ජනේලයෙන් පැනලා ගිහින් මම බේරුණා. ඒ බස් එක තමයි කොටි උඩමළුවට අරගෙන ගිහිල්ලා, එතැනින් විල්පත්තුවටම ගිහින් තිබුණේ. විල්පත්තුවේදී වනජීවී එකෙත් සෑහෙන පිරිසක් මරලා තිබුණා. මගේ බෑග් එකත් ඒ බස් එකේම තියෙන්න ඇති.

ඒ වෙලාවේ ශ්‍රී මහා බෝධියට එල්ලවුණු ප්‍රහාරය බලන්නත් ඔබ ගියාද?
අපි ගියේ ප්‍රහාරයෙන් දවස් කීපයකට පස්සේ. මොකද ලොකු බයක් තිබුණා. රතිඤ්ඤා හඬක් ඇහුණත් තිගැස්සෙන ගතිය කාලයක් යනතුරු තිබුණා. මම වැඩට ගියෙත් නෑ දවස් ගණනාවක් යනතුරු. මට රැකියා ස්ථානයෙන් අවස්ථාව දීලා තිබුණා ටික දවසක් නිවාඩු ගන්න.
මේ ප්‍රහාරය එල්ල වෙච්ච කාලේ හැමදාම හවස 4.30ට බීබීසී සේවයේ කොටි හඬ කියලා වැඩසටහනක් ප්‍රචාරය වෙනවා. අපි ඒක හැමදාම අහනවා. ඒකේ කිව්වෙත් හමුදාව සමග විතරයි ගැටුම තියෙන්නේ, සිවිල් වැසියන්ට ප්‍රහාර එල්ල කරන්නේ නෑ කියලා. ඒ නිසා මම හිතුවෙත් නෑ මේ ගහන්නේ කොටි කියලා.

ඔබට මතක විදියට එදා මේ ප්‍රහාරයට කොටි ත්‍රස්තවාදීන් කී දෙනෙක් විතර ආවද?
මම හිතන විදියට 15 දෙනෙක් විතර ඇවිල්ලා තියෙනවා. ඔවුන් ආපු සීටීබී බස් එක පැහැරගෙන අරගෙන ඇවිල්ලා තියෙන්නේ පුත්තලම ඩිපෝවෙන්.

83 කලබලයත් එක්ක, ඊට ප්‍රතිචාරයක් විදියට 85 දී සිවිල් වැසියන් ඉලක්ක කරපු ප්‍රහාරය අනුරාධපුරයේදී එල්ල කළා කියලා කියැවෙනවා නේද?
එහෙම වෙන්න පුළුවන්. 83 ඒ කලබලය වෙලාවෙදී කොළඹ ප්‍රදේශයේ දෙමළ සිවිල් වැසියන් විශාල පිරිසකට හානි සිද්ධ වුණා කියලා දැනගන්න ලැබුණා.

WANESA VLOG යූටියුබ් නාලිකාවෙනි
(සැකසුම – චානක ලියනගේ)

SendShareShare
Previous Post

කාවින්දිගේ ඉණෙන් පහළ පණ නෑ! රනුලි එකම අවුරුද්දේ O/L – A/L දෙකම කරලා ඉහළින්ම පාස්! මේත් උසස් දරුවෝ දෙන්නෙක්! Sri Lanka Latest News

Next Post

අල්විස් පරම්පරාවේ තාත්තාගෙන් පුතාට ආ අලි පිස්සුව! Sri Lanka Latest News

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.