• About us
  • Contact us
Monday, June 15, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජනාධිපති ධූරයේ වගකීම හරියට වගකීම ඉටු කරලා නෑ! සජිත්ගෙන් අනුරට ලොකු චෝදනාවක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

April 28, 2025
in Exclusive
Reading Time: 10 mins read
A A
ජනාධිපති ධූරයේ වගකීම හරියට වගකීම ඉටු කරලා නෑ! සජිත්ගෙන් අනුරට ලොකු චෝදනාවක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මේ වන විට මැතිවරණයක් පැමිණ ඇති මොහොතක ජනතාවට පැහැදිලි තීන්දුවක් ගමේ හා නගරයේ බලය ගැන ගැනීමට ඇති බවත් මේ තීන්දුව ගැනීමේ දී අතිශයින්ම වැදගත් දෙයක් ලෙස ජනාධිපතිවරණයේ දී සහ මහමැතිවරණයේ දී රටට ඉදිරිපත් කළ ප්‍රතිපත්ති මාලාවට පොරොන්දු මාලාවට වුණ දේ ගැන සොයා බැලිය යුතු බවත් මේ වන විට ජන සමාජය මිනිමරුවන්ගේ ග්‍රහණයට නතුව ඇති බවත් මිලේච්ඡත්වය, සංවිධානාත්මක අපරාධ, මැර ක්‍රියාකාරකම් ආදිය සමාජය යටපත් කර ගෙන ඇති බවත් නිවසේදී මහමගදී, වැඩ බිමේ දී උසාවියේ විනිසුරුවන් ඉදිරිපිට, දරුවන් දෙමාපියන් හා කාන්තාවන් ඉදිරිපිට පවා වෙඩි තැබීම් සිදුවන බවත් අප රට වෙඩි පිට වෙඩි වරුසා නිර්මාණය වන පාතාල කල්ලිවල ග්‍රහණයට ලක් වූ රටක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

රටේ නීතිය වල් බිහි වී කැලෑ නීතිය ක්‍රියාත්මක වී නීතියේ ආධිපත්‍ය නැති වී ඇති බවත් නීතිය හා සාමය ගැන රජයට ජාතික සැලසුමක් නොමැති බවත් මේ මිනිමැරුම් නිසා ජාතික ආරක්ෂාවට හානියක් නෑ කියලා රජය කියමින් යන බවත් ජාතික ආරක්ෂාව ගැන ටියුෂන් දෙන්න කතා කළ ආරක්ෂක නියෝජය ඇමතිවරයාට පවා ජාතික ආරක්ෂාව ගැන ටියුෂන් ගන්න සිදුව ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රාජ්‍ය නායකයාගේ වගකීම රටේ පුරවැසියන්ගේ ජිවත් වීමේ අයිතිය තහවුරු කර නීතිය ක්‍රියාත්මක කර ජනතාවගේ ආරක්ෂාව සැලසීම බවත් එය ජනාධිපතිවරයාගේ වගකීම බවත් එහෙත් මේ ජනාධිපතිවරයා අතින් නීතියේ ආධිපත්‍ය නැතිව ගොස් ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ හෝමාගම පැවැති ජන හමුවක් අමතමිනි.

පොලිසිය හා ආරක්ෂක අංශවලට අමතරව බිම්මට්ටමේ ගම් මට්ටමෙන් සිවිල් ආරක්ෂක කමිටු ප්‍රජා ආරක්ෂක කමිටු ඇති කර ජනතා සහභාගීත්වයෙන් සෑම වසමක්ම ආරක්ෂා කළ හැකි බවත් පළාත් පාලන ආයතන හරහා ජනතා කේන්ද්‍රීයව පොලිසිය හා ආරක්ෂක අංශ සමග කටයුතු කර නීතිය හා සාමය ආරක්ෂා කළ හැකි බවත් මේවා නව වැඩපිළිවෙළක් බවත් මේ හරහා පාතාල කල්ලි ජනතාවගේ නායකත්වයෙන් මැඩපැවැත්විය හැකි බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

මැර කණ්ඩායම් මැර කල්ලි කප්පම් කණ්ඩායම් ඝාතකයන් මර්ධනය කරන්නට නව ක්‍රමවෙද යොදා ගත යුතු බවත් සමාජයේ මේ කරන අපරාධ වළක්වන්න විධිමත් වැඩපිළිවෙළක් අවශ්‍ය බවත් සුපුරුදු ක්‍රමවේද පමණක් ක්‍රියාත්මක වීම ප්‍රමාණවත් නොවන නිසා අලුත් විදිහට සිතිය යුතු බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

මේක බොරු කියන රජයක් කියලා ලේබල් ගැහිලා ඉවරයි

මේ වන විට රජය බොරු රජයක් ලෙස ලේබල් වී ඇති බවත් බොරුව, ප්‍රේඩාව, මුලාව, පච මල්ලකට හිමිකම් ඇති රජයක් ලෙස ලේබල් වී ඇති බවත් සුබ නැකතින් රට අනුරට දීලා රටට වුණ දෙයක් නැති බවත් පොහොසත් රටක් ලස්සන ජිවිතයක් ඇති කරනවා කිව්වත් ප්‍රතිපත්ති මාලාවේ ඉදිරිපත් කළ එකදු පොරොන්දුවක්වත් ක්‍රියාත්මක නොකළ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

පැය 24ම බොරුව විතරයි

බඩු මිල අඩු කරනවා කිව්වත් හාල්, පොල්, කිරිපිටි පවා ඉහළ ගොස් ඇති බවත් අත්‍යාවශ්‍ය ආහාර හා පාසල් උපකරණවලට ගසා ඇති වැට් ඉවත් කරනවා කිව්වත් එය නොවූ බවත් විදුලි බිල 33%කින් මෙන්ම ඉන්දන මිල ද අඩු කරනවා කිව්වත් ඒ කිසිවක් නොවු බවත් ගොවියාට පොහොර සහනාධාරය නොලැබෙන බවත් 35000ක් රැකියා විරහිත උපාධිධාරින්ට පළමු අයවැයෙන්ම රැකියා දෙනවා කිව්වත් එය ද නොවූ බවත් ජනතාවගේ ප්‍රශ්න විසදීම එක පෑන් පාරින් කරනවා කිව්වත් කිසිදු ප්‍රශ්නයක් විසදා නොමැති වුවත් පැය 24ම බොරුව ඇන්දවීම රැවටීම මංමුලා කිරිම පමණක් කළ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

දැන් එළිපිට බොරු කියන්නේ මේ රජය

ඩොනල්ඩ් ට්‍රම්ප් පැනවූ ප්‍රතිචාරක බදු දින 90ට අත්හිටවූයේ රජය ප්‍රමුඛ මාලිමා ආණ්ඩුව ලියූ ලියුමක් නිසා යැයි නියෝජ්‍ය ඇමතිවරයෙකු කියන විට වෙනමම දූත කණ්ඩායමක් අපේ රටින් ගොස් සාකච්ඡා අවසන් කර ඇති බවත් ඒ සම්බන්ධ ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරනවා කිව්වත් අවසානයේ එවැනි නිවේදනයක්වත් නිකුත් නොවූ බවත් ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවට ඕන නිවේදනය නම් නිකුත් කර ඇති බවත් මොවුන් මහදවල් එළිපිට බොරු පිට බොරු කියමින් යන බවත් හැම තැනම කළේ බොරුව බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

රටට වැඩ කරන්න අපිට ජනාධිපතිගේ මුදල් ඕනි නෑ

බොරු පිට බොරු කියා ඒවා ජනතාව ඉදිරියේ අනාවරණය වීමෙන් පසු රජයේ අවසාන තුරුම්පුව ලෙස මාලිමාවේ පළාත් පාලන ආයතනවලට පමණක් ප්‍රතිපාදන ලබා දෙනවා කියා රටවන බවත් ජනාධිපතිවරයා මේ පනත් ගැනවත් අවබෝධයක් නැති බවත් ජනාධිපතිවරයා යනු රටේම නායකයා වුවත් මේ ජනාධිපතිවරයා මේ වන විට ජනතා විමුක්ති පෙරමුණට පමණක් නායකයා වී පක්ෂග්‍රාහී ප්‍රකාශ නිකුත් කරන බවත් සමගි ජන බලවේගය විපක්ෂයේ සිට වැඩ කළා සේ ජනාධිපතිවරයාගේ ප්‍රතිපාදන තිබුණත් නැතත් සමගි ජන බලවේගය ජය ගන්නා පළාත් පාලන ආයතනවලට වැඩකළ හැකි බවත් ජනතාව අපේක්ෂා කරන සේවාවට වඩා ඉහළ සේවාවක් කිරීමේ වගකිම බාර ගන්නා බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් අවධාරණය කළේය.

SendShareShare
Previous Post

පැය 3ක් තිස්සේ මොනවද කිව්වේ? අනුරගේ වීඩියෝවකුත් මාධ්‍යයට අරන් ඇවිත් අල්ලස් කොමිසම ඇතුළෙදි කියපු දේවල් රනිල්ම මෙන්න හෙළිකරනවා! VIDEO I Sri Lanka Latest News

Next Post

ආණ්ඩුව ජාතික වෙසක් කලාපය තියන්න හදපු තැන වතුරෙන් යටවෙලා යයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ඩෙංගු වසංගතය එන්න එන්නම දරුණු වෙයි! මාස 6ට මරණ 26ක්! රෝගීන් 45,269ක්! Sri Lanka Latest News
Exclusive

අවුරුදු 76කටම තිබ්බෙ නැති ඩෙංගුවක් තමයි මේ පාර තියෙන්නේ..! ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

Exclusive

ඔත්තෝබර්-නොවැම්බර් ලංකාවට ආයෙත් ගංවතුරක්! දෙසැම්බර්-ජනවාරි-පෙබරවාරියේ එල්-නිනෝ තත්ත්වය අතිප්‍රබලයි! I Sri Lanka Latest News

බය නැතිව කතා කරපු වැරදි දේවල් විවේචනය කරපු රාජාංගනේ හාමුදුරුවෝ පොලිසියෙන් අත්අඩංගුවට ගනී! ආගමික සහජීවනයට බාධා වන කතා කළාලු! I Sri Lanka Latest News
Exclusive

වීඩියෝ දාන එක නවත්තපන්..! නැත්නම් මරනවා! මහත එක්කෙනෙකුයි තරමක මහත එක්කෙනෙකුයි පන්සලට ඇවිත් රාජාංගණේ හිමිට හොඳටම ගහලා! VIDEO I Sri Lanka Latest News

ඊයේ කැම්බල් පිටියේ ඉඳන් හතර වටේටම නෙළපු චාමරගේ කතාව පාර්ලිමේන්තුවේ කරන කතාවලටත් එහා ගිය එකක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඇමැති කෙනෙක් හදපු ගෙවල් 3ක් ගැන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

ගිය සතියේ අමෙරිකානු ආණ්ඩුවේ කණ්ඩායමක් ඇවිත් විපක්ෂනායක සජිත් හමුවුණා! මේ සතියේ ඕස්ට්‍රේලියානු ජාත්‍යන්තර කටයුතු ආයතනයේ කණ්ඩායමක් ඇවිත් සජිත් හමුවෙලා අධ්‍යාපනය-ආයෝජන ගැන කතා කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

නාමල්ට මේ විදිහට ලනු දෙන්නේ කවුද අප්පා..? I Sri Lanka Latest News

Load More
ඩෙංගු වසංගතය එන්න එන්නම දරුණු වෙයි! මාස 6ට මරණ 26ක්! රෝගීන් 45,269ක්! Sri Lanka Latest News
Exclusive

අවුරුදු 76කටම තිබ්බෙ නැති ඩෙංගුවක් තමයි මේ පාර තියෙන්නේ..! ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

මෙරට දැනට ව්‍යාප්ත වෙමින් පවතින ඩෙංගු වෛරසය පෙර අවස්ථාවලට වඩා යම් වෙනස් ස්වභාවයක් ගන්නා බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි...

Read more

ඔත්තෝබර්-නොවැම්බර් ලංකාවට ආයෙත් ගංවතුරක්! දෙසැම්බර්-ජනවාරි-පෙබරවාරියේ එල්-නිනෝ තත්ත්වය අතිප්‍රබලයි! I Sri Lanka Latest News

බය නැතිව කතා කරපු වැරදි දේවල් විවේචනය කරපු රාජාංගනේ හාමුදුරුවෝ පොලිසියෙන් අත්අඩංගුවට ගනී! ආගමික සහජීවනයට බාධා වන කතා කළාලු! I Sri Lanka Latest News

වීඩියෝ දාන එක නවත්තපන්..! නැත්නම් මරනවා! මහත එක්කෙනෙකුයි තරමක මහත එක්කෙනෙකුයි පන්සලට ඇවිත් රාජාංගණේ හිමිට හොඳටම ගහලා! VIDEO I Sri Lanka Latest News

ඊයේ කැම්බල් පිටියේ ඉඳන් හතර වටේටම නෙළපු චාමරගේ කතාව පාර්ලිමේන්තුවේ කරන කතාවලටත් එහා ගිය එකක්! VIDEO I Sri Lanka Latest News

ඇමැති කෙනෙක් හදපු ගෙවල් 3ක් ගැන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

ගිය සතියේ අමෙරිකානු ආණ්ඩුවේ කණ්ඩායමක් ඇවිත් විපක්ෂනායක සජිත් හමුවුණා! මේ සතියේ ඕස්ට්‍රේලියානු ජාත්‍යන්තර කටයුතු ආයතනයේ කණ්ඩායමක් ඇවිත් සජිත් හමුවෙලා අධ්‍යාපනය-ආයෝජන ගැන කතා කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ගිය සතියේ අමෙරිකානු ආණ්ඩුවේ කණ්ඩායමක් ඇවිත් විපක්ෂනායක සජිත් හමුවුණා! මේ සතියේ ඕස්ට්‍රේලියානු ජාත්‍යන්තර කටයුතු ආයතනයේ කණ්ඩායමක් ඇවිත් සජිත් හමුවෙලා අධ්‍යාපනය-ආයෝජන ගැන කතා කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.