තමා කළ කතාවක් සම්බන්ධයෙන් මේ දිනවල සිදුකෙරෙන දේශපාලන ප්‍රහාර මැද හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා තමා කළ සම්පූර්ණ කතාව සම්බන්ධයෙන් දීර්ඝ පැහැදිලි කිරීමක් කර තිබේ.
එහිදී හරීන් ප්‍රනාන්දු මහතා පෙන්වා දී ඇත්තේ තමා විනාඩි 45ක් තිස්සේ කළ කතාවකින් කොටස් කිහිපයක් ගෙන ඇතැම් මාධ්‍ය එම කතාව විකෘති කොට විනාඩියක වීඩියෝවක් නිර්මාණය කොට ඇති බවත්, ඒ හේතුවෙන් මෙම පැහැදිලි කිරීම සිදුකිරීමට කටයුතු කරන බවත්ය.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ කරුණු පැහැදිලි කිරීමක යෙදෙන හිටපු අමාත්‍යවරයා එය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සම්පූර්ණයෙන්ම වගකිවයුතු බව සදහන් කර තිබේ.










