ප්‍රකාශයක් ලබා දීම සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස අද (23) දිනයේ දැනුම් දී තිබියදී කරුණා අම්මාන් හෙවත් විනයාගමූර්ති මුරලිදරන් මහතා හදිසියේම අසනීප වී තිබේ.
ඒ අනුව තමන්ට අද දිනයේ පැමිණිය නොහැකි බව විනයාගමුර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් සිය නිතීඥයින් මාර්ගයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට වෙත දන්වා තිබේ.
අම්පාර ප්‍රදේශයේ දී සිදු කළ ආන්දෝලනාත්මක ප්‍රකාශයට අදාළව විනයාගමුර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන්ගෙන් ප්‍රකාශයක් ලබාගැනිම සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනි සිටින ලෙස ඊයේ (22) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුට දැනුම් දි තිබුණි.
ඒ එම ප්‍රකාශය සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පතිවරයාගේ උපදෙස් මත ආරම්භ කළ පරික්ෂණයට අදාළවය.










