• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ද්‍රවිඩ මිනිසුන් වෙනුවෙන් අදටත් වැළපෙන මාතර සිංහල උපනගරාධිපති! මාතර හිටපු නාගරාජාලාට සෝමසුන්දරම්ලාට ඇත්තටම මොකද වුණේ? Sri Lanka Latest News

April 27, 2025
in Exclusive
Reading Time: 5 mins read
A A
ද්‍රවිඩ මිනිසුන් වෙනුවෙන් අදටත් වැළපෙන මාතර සිංහල උපනගරාධිපති! මාතර හිටපු නාගරාජාලාට සෝමසුන්දරම්ලාට ඇත්තටම මොකද වුණේ? Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අවුරුදු ගණනාවකට පසු මම මගේ කිඹුල්වතට, එසේ නොමැති නම් මා උපන් මාතරට පැමිණියෙමි. ඒ පැමිණීම මගේ හිතට 50%ක සතුටක්ද, ඉතිරි 50% මට යම් රික්තයක් ද තිළිණ කරන්නට විය. ඒ, මා කොලොම්පුර සිටිද්දී පහසුවෙන් ළඟාවිය හැකි ආශ්‍රය කළහැකි මහා පවුරක් මා හට අහිමි වීම, මගෙන් දුරස් වීම හේතුවෙනි. ඔවුන්ගෙන් ඇතැමුන් ආදරය කර දැරූ යෝධයන්ය. කරුණාව පිරුණු අඩවියකට අරක්ගත් මකරුන්ය. මට වටිනාකම නමැති ආභරණ තිළිණ කොට මගේ යුතුකම් සිහිකොට දුන් මිනිසුන් මෙන්ම, මට හුස්ම දුන් ප්‍රාණ පෙවූ තවත් අජීවී වස්තූන් රැසක් අත්හැර මාතර ඒමේ දුක මට තුනී කරගැනීමට මාස අටක් ගිය පසුද පහසුවක් නොවේ. ඉතින් බර හුස්මක් අහසට මුදාහැර දරාගැනීම හැර වෙන යමක් මට නොවුණි. Sri Lanka Latest News

එහෙත් පහුගියදා ඒ දුක තුනීකළ හැකි මිනිස් තෑග්ගක් මට හමුවිය. රික්තයෙන් යම් කොටසක් පිරුණා නොවේදැයි මට සිතුණි. ඒ මේ සිංහල දෙමළ අලුත් අවුරුද්දට මට ලැබුණු ආදරණීයම මිනිස් ත්‍යාගය විය. මා මේ ආලවට්ටම් දාන්නේ ඒ අපූරු මිනිස් තෑග්ග ගැන සාධාරණ දූත වර්ණනාවක නියැළීමටය.
එදවස මා කුඩා දැරියක අවධියේ මා පාසල් යන එන විට තාප්පවල, බැනර්වල එල්ලී උන් රුවක් විය. ඔහු නමින් ‘චතුර කරුණාරත්න’ යන මිනිසාය. මට රුව ගැන මතකයක් නැතත් නම හොඳින් මා මතකයේ ඉඩක් අල්ලාගෙන තිබිණි. පහුගියදා මා පර්යේෂණ කටයුත්තක් සඳහා ඔහු හමුවීමට ගියෙමි. ඒ ඔහුගේ ප්‍රධානත්වයෙන් සිංහල අවුරුද්දට පැවැත්වෙන ඓතිහාසික පෙරහැර පිළිබඳ තොරතුරු සොයන්නට ගිය අවස්ථාවේදීය. අවසානයේදී මා ඔහුගෙන් ඊට වඩා වටිනා මතක නිධානයක් පාදා ගතිමි.

දශක කීපයක් මාතර මහනගර සභාවේ විවිධ ධුර හෙබවූ ඔහු මාතර නගරයේ දෙවැනි පුරවැසියා වෙමින් කාලයක් මේ නගරයට සේවය කළේය. ඔහු හමුවී කතාකිරීමෙන් පසු මා ඔහුගෙන් ඇසුවේ ‘ඔබට මේ මාතර සේවය කළ නාගරාජා නම් ද්‍රවිඩ දොස්තර මහතා ගැන මතකයක් ඇද්දැ’යි යන්නය. ඒ, කළු ජූලිය අවස්ථාවේ මාතරින් පමණක් නොව රටෙන්ද නික්ම ගිය ඒ මිනිසා පිළිබඳ මම සොයමින් සිටින නිසාය.

‘ඔවු, ඒ මිනිස්සු අමතක වෙන්නේ කොහොමද දුවේ? එයාට මේ මාතර හැමෝම ආදරෙයි. එයාගේ සාප්පුව තිබුණේ දැන් බ්‍රෝඩ්වේ ගොඩනැගිල්ලට ඉදිරිපස පාරෙන් එහා පැත්තේ. ඉස්සරම ඒ ගොඩනැගිල්ල අයිති වෙලා තිබුණේ වෛද්‍ය එස්.ඒ. වික්‍රමසිංහට. පස්සේ කාලෙක එතැන දොස්තර නාගරාජාගේ වාට්ටුව වුණා.’ ඔහු එසේ කියා නතර වූයේ නැත.

‘මේ රටේ දෙමළ මිනිස්සුන්ටත් මේ පොළොවේ අයිතියක් තියනවා. ඒ මිනිස්සුන්ට මේ මහජාතිය කියන සිංහල මිනිස්සුන්ගෙන් වුණේ ලොකු අසාධාරණයක්.’ එසේ කියූ ඔහු ඩඩ්ලි – චෙල්වනායගම් ගිවිසුම, බණ්ඩාරනායක – චෙල්වනායගම් ගිවිසුම මේ සියල්ල ගැන කතාකරන්නට විය. ඒ මහා ව්‍යසනයක් කළ දශක තුනක යුද්ධයට පාර තැනුණු තැන් කතාකළ ඔහු යුද්ධයක් ඇතිවන්නට අවශ්‍ය හේතු සකසා පසුව එම යුද්ධයේ සාධාරණත්වයක් සොයන මිනිසුන් ගැන කතා කළේය. මම කවදාවත් මෙවන් දැක්මක් ඇති මිනිස්සු මේ ආකාරයට ජාතිවාදී යුද්ධය ගැන මාතරදී කතාකරනු ඇතැයි බලාපොරොත්තු නොවුණි. අපි මංගල සමරවීරලා දෙස පමණක් දෑස් දල්වද්දී මෙවන් මිනිසුන් අපිට මගහැරී තිබිණි. මංගල ගැන මෙන්ම චතුරලා ගැනද තවත් මිනිසුන් දැනුවත් විය යුතුය.
‘ඔබට තව මොනවද මේ මාතර හිටපු දෙමළ මිනිස්සු ගැන මතක?’ මම ඔහුගේ මතකය හාරා අවුස්සන්නට තණ්හා වීමි.

‘සුරුට්ටු කඩේ මුදලාලි, මෝතා කියල අරක්කු බාර් එකක් තිබුණු කෙනෙක් හිටියා. කොයිල් පිල්ලේ කියල යකඩ බඩු එකතුකරන. ඒ වගේම මාතර එස්.කේ. චිත්‍රපට ශාලාවේ කළමනාකරු හිටපු සෝමසුන්දරම් මහත්තයා, අපේ අල්ලපු වැටේ හිටපු වේලායුදන් මේ ඔක්කොම මට අමතක නෑ.’

මේ සියල්ලන් පිළිබඳ ඔහුට කතාවක් ඇත. මාතර අහස දන්නා බොහෝ කතා අතර, නිල්වලා ගඟ සැඟවූ බොහෝ කතා අතර චතුර කරුණාරත්නගේ මතක වටිනාකමින් අනූනය. ඔහුගේ අදහස් විමසන විට ඒවා මෙරට දේශපාලකයන්ට ඔරොත්තු නොදෙන තරම් ඉහළය. ඔහුවන් මිනිසුන් මේ නගරය තුළින් පිටට නොගිය හේතුව තවමත් මා කල්පනා කරමි. පක්ෂය, පාට කවරක් වුවද ඔහු සතු මිනිස් පක්ෂයේ, මනුස්ස පාට අනෙක් සියලු දේ අමතක කරන්නට බලකරන්නකි.

‘කළු ජූලිය වෙලාවේ මාතර සුරුට්ටු කඩේ මුදලාලි මාතර සර්වේෂස් විද්‍යාලයට අරන් ගිහින් පොලිස් ආරක්ෂාව දීලා හිටියේ. මගේ තාත්තා එක්ක එයාට තිබුණු හිතවත්කම නිසා තාත්තා මට කිව්වා ගිහින් මුදලාලිලා ගැන හොයන්න කියල. එතකොට තාත්තා අසනීප වෙලා. එයා මට රුපියල් පනහක් දුන්නා මුදලාලිට දෙන්න කියලා. මම හොයද්දී සර්වේෂස් එකේ ඉන්නවා කියල දැනගෙන එයා හොයාගෙන ගියා. මුදලාලි මාව අඳුන ගත්තා. මම ඒ සල්ලි අතේ ගුළි කළා. එයා කිව්වා ‘තාත්තට කියන්න මට මේ මුදල මේ වෙලාවේ හුඟාක් වටිනවා. අපි හෙට මෙහෙන් යාපනේට අරන් යනවා’ කියලා. ඊට පස්සේ ඒ මුදලාලි ආයේ මාතරට ආවා අවුරුදු පහ හයකට පස්සේ. මැරෙනකම්ම මෙහෙ හිටියා. ඒ මිනිස්සු මෙහෙ එක්ක බැඳිලා හිටියා.’

‘එස්.කේ. චිත්‍රපට ශාලාවේ මැනේජර් සෝමසුන්දරම් හිටියේ මේ වල්පල. ඒ කලබල දවසේ එතැන හන්දියේදී එයාගේ නෝනයි දූලා දෙන්නයි එතැන හිටියා. අනේ කවුරුහරි ගහපු ගලක් ඒ දුවගේ පපුවට වැදුණා. පස්සේ ආරංචි වුණා ඒකෙන් ඒ දුව මැරුණා කියලා. කොහොමද මේ දේවල්වලට උත්තර දෙන්නේ?’ ඔහු හීන් හඬින් මුමුණයි.

‘අපේ වේරගම්පිට අල්ලපු ගෙදර හිටියේ වේලායුදන්. එයා මාතර රෝහලේ සේවය කරේ, එයාගේ ලොකු දුව ගෞරි, පොඩි දුව අනුරාධා, පුතා ශ්‍රී. ඒ අවුරුදු දෙකක තුනක පොඩි ළමයා උදේම එනවා අපේ ගෙදරට. එයා තමයි අපි ගාවට ඇවිත් අපිව අවදි කළේ. අපේ ගෙදර රේඩියෝ එක කැඩිලා තිබුණා එක කාලයක්. ඒ කාලේ වේලායුදන්ගේ නෝනා අපේ ගෙදරට වැටට උඩින් යුනික් රේඩියෝ එක දෙනවා හැමදාම. අපිට බෙහෙතක් ගන්න ඕනෙ වුණාම වේලායුදන් තමයි අපිව එක්ක ගියේ. දැන් ඒ හැමදේම මතක විතරයි.

‘මම කවදාවත් දෙමළ මිනිස්සුන්ට චෝදනා කරන්නේ නෑ. වෛර කරන්නෙත් නෑ. අපේ මිනිස්සුන්ගේ හැසිරීම්වල ප්‍රතිඵල අපි අත්වින්දා. ඒ යුද්ධ කාලේ අපිට අපේ දරුවන්ගේ පාසල් ගාව මුරකරන්න එන්න කියද්දීවත් මම තරහා ගත්තේ නෑ. මම ඒ ඇත්ත තේරුම් අරන් හිටියා.’

ඔහු මිනිස්කම් ගැන හිතන අයුරු බොහෝ ගරුකටයුතුය. ඔහු කුලය, ජාතිය, සමාජ තරාතිරම ගැන නොතැකුවේය. ඒ ගැන ඔහු කියූ කතාවකි.
‘මම උපනගරාධිපති වෙලා ඉන්න කාලේ, ඉස්සර මෙහෙ වැසිකිළි සුද්ධ කරන්න හිටියා දෙමළ මිනිස්සු වගයක්. ඒ මිනිස්සු නගර සභාවේ වැඩ කළේ. ඒ කාලේ වැඩ කළා ගනේෂන් කියල මනුස්සයෙක්. ඒ දවස්වල ඒ මනුස්සයාගේ දුවෙක් කොටහළු වුණා. අපිට ආරධනා කළා ඒ මඟුල් ගෙදරට. මම ඇහුවා දැන් නගරාධිපතිටත් කිව්වද කියලා. ඒ මනුස්සය කිව්වා නගරාධිපතිතුමා එන්නේ නැතිවෙයි කියලා. මම කිව්වා නෑ, ඉස්සෙල්ල ආරාධනා කරන්න කියලා. මනුස්සයා ආරාධනා කළා. ඒත් නගරධිපතිතුමා අදිමදි කළා. මම එතුමාට වගේම එතුමාගේ නෝනටත් පැහැදිලි කළා. ඒ මනුස්සය අපිට ආරාධනා කළේ ගෞරවයට වගේම ආදරේට. ඉතින් අපි ඒ මිනිස්සුන්ව පහතට දාලා නොගිහින් ඉන්නේ කොහොමද? ඔබතුමා එහෙම තැනකට නොගියොත් අපි කොහොමද ඒ මිනිස්සු එක්ක වැඩක් කරගන්නේ? මම දිගටම කිව්වම කිව්වා අපි තේ බීල එමු කියලා. මම ඒකට විරුද්ධ වුණා. මම කිව්වා අපි බීම එකක් බීලා එන එක හරි නෑ කියලා. අන්තිමට නගරාධිපතිතුමා කැමැති වුණා.’

‘අපි යද්දී ඒ ගනේෂන්ගේ නෝනයි, දුවයි එක්ක ඇවිත් අපිට දොරකොඩදීම වැන්දා. අපිට මත්පැන් සංග්‍රහයකුත් බොහොම ආදරෙන් සූදානම් කරලා. කෑම මෙසේත් එහෙමයි. අපි බත් කටක් කන්න ආපු එක ඒ මනුස්සයාට බොහොම ආඩම්බරයක් වුණා. පස්සේ කාලෙක නගරාධිපතිතුමා මට කිව්වා ‘චතුර මම ඔයාගෙන් ගොඩක් දේවල් ඉගන ගත්තා’ කියල.’

‘මම ආඩම්බර වෙනවා. මම දේශපාලනය වෙනුවෙන් අවංක වීම. එක වතාවක් මම පැරැදුණා. ඒ වෙලාවේ මම පොල් වෙළෙඳාම් කළා. මට ලැජ්ජාවක් ආවේ නෑ මම හොරකම් නොකරපු නිසා. මම 2018 දී ඡන්දෙ ඉල්ලුවේ මේ අන්තිම පාර කියල. ආයේ හැමෝම කිව්වා ඡන්දෙ ඉල්ලන්න කියලා. මම කිව්ව වචනේ වෙනස් කළේ නෑ…’

ඔහු බොහෝ දේ කියන්නට විය. මම ඔහුට ඇහුම්කන් දුන්නේ මේ විස්තර ලියන්නට සිතා නොවේ. දේශපාලකයන් ගැන ලිවීම මම අකැමැතිම දෙයකි. එහෙත් ඔහුගේ මතවාද ආකල්ප මට ඔහු පිළිබඳ ගරුත්වයක් ඇති කළේය.

චතුර කරුණාරත්න කියන තවත් සැඟවුණු කතාවකි. අද මාතර බෝධිය මෙලෙස බබළමින් තිබුණද අතීතයේදී එසේ එය නොවීය. එවක මාතර තැපැල් කන්තෝරුව තිබී ඇත්තේ වර්තමාන මාතර පොලීසිය පිහිටා තිබෙන ස්ථානයට යාබදවය. එදවස එහි සේවය කළ පුද්ගලයන් අතර චතුර කරුණාරත්නගේ පියාද රාජකාරි කළේය. දිනක් රාත්‍රී රාජකාරී කරමින් සිටිද්දී ඔහු දුටුවේ මාතර නගරය මැද තිබූ බෝධියට විශාල එළි පතිතවන බවකි. ඔහු මිතුරන් අමතා කීවේ මේ බෝධියේ යම් නොපෙනෙන යමක් ඇති බවය. ඒ නිසාම ඔහු තවත් මිතුරන් දෙතුන් දෙනකු සමග එකතු වී රාත්‍රී කාලයේදී තාප්පයක් බඳින්නට විය. බෝධිය පාමුල බුද්ධ ප්‍රතිමාවක්ද තැන්පත් කරන්නට විය. එවක වූ ඉංග්‍රීසි ආණ්ඩුවට වසන්වී එය කිරීම අතිශය අමාරු කර්යයක් වී ඇත. කෙසේ වුවද අවසානයේ දින දෙක තුනකින් බැ`ඳී මේ තාප්පය කඩන්නට කිසිවකුටත් නොහැකි විය. අද අප දකින මාතර බෝධිය සම්බන්ධ ඓතිහාසික මතකය එසේය.
ඔහු ප්‍රධාන වී සිදුකරන පෙරහැරේ අයවැය වාර්තාවක් මේසය උඩ වේ.

‘හැම අවුරුද්දෙම මම මේ විදියට අයවැය වාර්තා හදලා ගෙවල් ගානේ ගිහින් ඒ මිනිස්සුන්ට බෙදල දෙනවා. මේ පෙරහැර පාරම්පරිකව කරන්නක් මිස හම්බකරන්න කරන වැඩ නෙවෙයි. දේශපාලනයත් එහෙමයි…’

මෙවන් නගරාධිපතිවරු ලද මාතර සැබැවින්ම වාසනාවන්ත නොවන්නේද? මගේ හිත කියයි. මා ඔහුගේ දේශපාලන භූමිකාව ගැන නොව ඔහු දෙමළ මිනිසුන් ගැනත් සමස්ත මනුෂ්‍ය වර්ගයා ගැනත් දරන ආකල්පය ගැන බොහෝ පැහැදුණෙමි. ආත්මාර්ථකාමී, කෛරාටික තක්කඩි දේශපාලුවන්ගේ ජාතිවාදී අදහස් හා බලන විට චතුර කරුණාරත්න යනු ගරුකටයුතු මිනිසෙකි.

එසේම චතුර කරුණාරත්න මුණගැසීමෙන් පසු මට මගේ ඉපදීමේ වසර ගැන කනගාටුවක් විය. මට ටිකක් කලින් ඉපදෙන්නට තිබිණි. එහෙනම් දෙමළ නෑදෑයන් සොයා මට යාපනේ කරක්ගහන්නට සිදුනොවනු ඇත. මට මාතරින්ම නෑයන් සොයාගන්නට හැකියාව විය. එහෙත්, අවාසනාවට මා ඉපදුණේ ඒ මහා අඳුරු කළු ජූලියෙන් පසුය. මට ඔවුන් ඉතිරි කොට ගොස් තිබුණේ මෙවන් මිනිසුන්ගේ හදවත් තුළ තැන්පත් කළ ආදරණීය මතක කුට්ටි පමණකි. ඒ මතකවල තැවරුණු තද කළු රිදුම් සුසුම් ඒ වචන සමග එළියට එන්නේ පැල්ලම් වැදුණු සුදු රෙදිකඩක් ලෙසය.

සඳරැසී සුදුසිංහ

SendShareShare
Previous Post

මතකද මව්වරුන් වඳ කරනවා කියලා හිරේ විලංගුවේ දාපු දොස්තර ෂාෆි! එදා ෂාෆිගේ දියණියට ඉස්කෝලේ යන්නත් බැරිව අස්වෙලා ගෙවල්වලිනුත් ගිහින් හැංගිලා හිටියා! අද ඔක්කොම බාධක මැඩගෙන A 3ක් අරන් වෛද්‍ය පීඨයට ඉහළින්ම තේරිලා! I Sri Lanka Latest News

Next Post

අන්තරේ කැඳවුම්කරුටයි රවී කුමුදේශ්ලාටයි එරෙහිව පොලිසිය අළුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ආඥාවක් අරන්! Sri Lanka Latest News

MORE NEWS

2005 සහ 2007 වගේ ජවිපෙ ආණ්ඩුවෙන් ගැලවෙයිද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

2005 සහ 2007 වගේ ජවිපෙ ආණ්ඩුවෙන් ගැලවෙයිද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

වෙස් මුහුණු බැඳන් ආවට අපි නෑ රැවටෙන්නේ…! බොරුවට හිනාවෙන දේශපාලකයන් හඳුනගන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News
Exclusive

වෙස් මුහුණු බැඳන් ආවට අපි නෑ රැවටෙන්නේ…! බොරුවට හිනාවෙන දේශපාලකයන් හඳුනගන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News
Exclusive

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News
Astrology

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

අහුවෙන්න එපා…! රට පුරා මහා ගස් පැල වංචාවක්! Sri Lanka Latest News

දාහත් දාහෙන් මාසයක් ඉන්න එකද අලුත් ආණ්ඩුවකින් ඉල්ලුව වෙනස…? Sri Lanka Latest News
Exclusive

දාහත් දාහෙන් මාසයක් ඉන්න එකද අලුත් ආණ්ඩුවකින් ඉල්ලුව වෙනස…? Sri Lanka Latest News

Load More
2005 සහ 2007 වගේ ජවිපෙ ආණ්ඩුවෙන් ගැලවෙයිද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

2005 සහ 2007 වගේ ජවිපෙ ආණ්ඩුවෙන් ගැලවෙයිද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

‘ජේ.වී.පී. එකත් එක්ක ආණ්ඩු හදන්න යන්න එපා මැඩම්. ආණ්ඩුවයි රටයි දෙකම ස්වභාවික ව්‍යසනයකට යනවා…’Sri Lanka Latest News මේ, 2004 එවක...

Read more
වෙස් මුහුණු බැඳන් ආවට අපි නෑ රැවටෙන්නේ…! බොරුවට හිනාවෙන දේශපාලකයන් හඳුනගන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

වෙස් මුහුණු බැඳන් ආවට අපි නෑ රැවටෙන්නේ…! බොරුවට හිනාවෙන දේශපාලකයන් හඳුනගන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News

හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News

හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.