• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඉන්දියානු භූ තැටිය දෙකට කැඩෙන්නයි යන්නේ! ලංකාවටත් විශාල භූමි කම්පාවක් එයිද? ඇමෙරිකානු භූ භෞතික සංගමයේ නවතම පර්යේෂණය කියයි! හිමාලයෙන් පටන් ගන්නා භූමිකම්පා ආසියානු කලාපයටම බලපායි! දැනටමත් ඉන්දියානු භූ තැටියේ කොටසක් කැඩී පෘථිවි ස්ථරය යටට වැටෙමින් තිබෙනවා! වසර මිලියන ගණනකින් සිදුවන මහා විනාශයක්ලු! Sri Lanka Latest News

April 27, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
ඉන්දියානු භූ තැටිය දෙකට කැඩෙන්නයි යන්නේ! ලංකාවටත් විශාල භූමි කම්පාවක් එයිද? ඇමෙරිකානු භූ භෞතික සංගමයේ නවතම පර්යේෂණය කියයි! හිමාලයෙන් පටන් ගන්නා භූමිකම්පා ආසියානු කලාපයටම බලපායි! දැනටමත් ඉන්දියානු භූ තැටියේ කොටසක් කැඩී පෘථිවි ස්ථරය යටට වැටෙමින් තිබෙනවා! වසර මිලියන ගණනකින් සිදුවන මහා විනාශයක්ලු! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

‘පෘථිවි පෘෂ්ඨයේ දැවැන්තම භූ තහඩු කිහිපයෙන් එකක් ලෙස සැලකෙන ඉන්දියානු භූ තහඩුව නොහොත් භූ තැටිය දෙකට බෙදී කැඩීයන තත්ත්වයක් පෙන්නුම් කර තිබෙනවා. මෙම භයානක, අනතුරුදායක තත්ත්වය දැනටමත් ආරම්භ වී ඇති අතර, යම් කොටසක් දෙකට පැළී එයින් ගැලවී ගිය ස්ථරයක් ගැඹුරට ගිලෙමින් පවතින බව නිරීක්ෂණය කර තිබෙනවා. මෙම තත්ත්වය ප්‍රධාන වශයෙන්ම ඉන්දියාවට විශාල විපත්තිදායක තත්ත්වයක් ඇතිකරන අතර, එසේම ඉන්දියාවට යාබද රටවල් ගණනාවකටම බලපෑ හැකියි. එනම් මුළුමහත් ග්‍රහලෝකයටම දුරදිග යන ප්‍රතිවිපාක ඇතිකළ හැකියි. හිමාලය සෑදූ යුරේසියානු භූ තහඩුව කඩාවැටීමේ අවස්ථාවලදී පවා මෙම ඉන්දියානු තහඩුව දිගු කාලයක් පුරා ප්‍රධාන කාර්යභාරයක් ඉටුකර තිබෙනවා. දැන් සිදුවෙමින් පවතින්නේ ඉන්දියානු භූ තැටියේ පහළ ඝන කොටස ගැළවෙමින් පෘථිවි ආවරණයට ගිලී යමින් තිබෙන භයානක තත්ත්වයක්. මෙම තත්ත්වය හේතුවෙන් ඉදිරියේදී ඉන්දියාව පමණක් නොව යාබද රටවල් ගණනාවකටම භයානක ස්වභාවික විපත්ති ගණනාවක්ම ඇතිකළ හැකියි. ඇමෙරිකානු භූ භෞතික සංගමයේ මෑතකාලීන පර්යේෂණවලින් මේ තත්ත්වය අනාවරණ කරගෙන තිබෙනවා…’ Sri Lanka Latest News

ඉතා බියකරු භූ විද්‍යාත්මක සහ පාරිසරික සිදුවීමක් ගැන මෙම ආන්දෝලනාත්මක කතාන්දරය කියා සිටින්නේ කවරකු විසින්ද? මෙම කතාව අපට අසන්නට ලැබුණේ මෙයට දින කීපයකට ඉහතදීය. එනම් විදෙස් මාධ්‍ය ආයතන වාර්තා රාශියක් හරහා මෙම පුවත අසන්නට ලැබිණි. එසේනම් මෙම තිගැස්සෙන පුවත කියා සිටින්නේ කවරකු විසින්ද? මෙම වතගොත ලොවට කියා සිටින්නේ ලොව තිබෙන ඉතා පැරැණි සහ මහත් ගෞරවයට හා ප්‍රකටත්වයට පත්ව තිබෙන ජාත්‍යන්තර සංවිධානයක් විසිනි. ලෝකයේ විවිධ භූ විද්‍යාත්මක පර්යේෂණයන්ට අදාළව කටයුතු කරන ඇමෙරිකාවේ ‘ඇමෙරිකානු භූ භෞතික සංගමය’ විසින් මෙම සුවිශේෂ ප්‍රකාශය සිදුකරන ලද පුළුල් පර්යේෂණයක ප්‍රතිඵල ප්‍රකාශයට පත්කරන වාර්තාවක් තුළින් මෙම කරුණු හෙළිවෙයි. 1919 වසරේදී ආරම්භ කරන ලද, එනම් දැනට වසර 106ක් පැරැණි මෙම විද්‍යා පර්යේෂණ සංවිධානයෙහි සාමාජිකත්වය 62,000ක් පමණ වෙති. එනම් ලෝකයේ සෑම රටකම පාහේ සිටින භූ විද්‍යා පර්යේෂකයන් මෙහි සාමාජිකත්වය ලබාගෙන සිටියි. එසේම මෙම ආයතනය තුළ ස්ථීර කාර්ය මණ්ඩලය 400ක් පමණ සේවය කරති. ඔවුන්ට ප්‍රවීණ භූ විද්‍යා පර්යේෂකයන් සහ විශේෂඥයන්ද රාශියක් අයත් වෙති. මෙම සංවිධානයේ වත්මන් සභාපතිත්වය දරන්නේ ලොව කීර්තිමත් භූ විද්‍යාඥයකු වන ආචාර්ය ලීසා ග්‍රැම්ලිච් මහත්මියයි.

භූ භෞතික විද්‍යා සහ පෘථිවි හා අභ්‍යවකාශ විද්‍යාවන්ට අදාළව පර්යේෂණ රැසක් සිදුකරන ඇමෙරිකානු භූ භෞතික සංගමයේ ඉහත නවතම පර්යේෂණ වාර්තාව කියා සිටින්නේ කුමක්දැයි තවදුරටත් සොයා බලමු. එහි තවදුරටත් මෙසේ සඳහන් වෙයි.

‘මෙසේ ඉන්දියානු භූ තැටිය දෙකට බෙදීයෑමකට ලක්ව ඇත්තේ එහි තහඩුව දිරාපත්වීම හේතුවෙනි. එහි ඝන පහළ ස්ථරය ගැළවී ගොස් පෘථිවි ආවරණයට ගිලී යන්නේ මෙම හේතුවෙනි. මෙම තත්ත්වය නිසා ප්‍රධාන වශයෙන්ම හිමාලය හරහා ප්‍රදේශය ප්‍රධාන කරගෙන, ඉන් ඔබ්බට ඉන්දියාවේ අනෙකුත් ප්‍රදේශ කරා භූමිකම්පා රටාවන් ඇතිකරනු ලබයි. එසේම එතැනින් නොනැවතී ඉන්දියානු සාගරය අවට ප්‍රදේශවලටද, එනම් අනෙකුත් රටවලටද එම අනතුරු බලපානු ඇතිය. භූ කම්පන අවදානමේ සිට භූ කම්පන න්‍යාය දක්වා මෙම ඇඟවුම් අතිවිශාල වන අතර, මෙම තත්ත්වය භූ විද්‍යාත්මකව සහ පෘථිවි විද්‍යාවන්හි නව යුගයක් සනිටුහන් කරනු ඇත. මේ අනුව දැනටමත් අතිශය භයානක තත්ත්වයක් අපගේ සංගමයේ පර්යේෂණයන් මගින් සොයාගෙන ඇත. එනම් මේ වනවිටත් භූ තැටියේ පහළ ස්ථරයේ එක් විශාල කොටසක් පුපුරා ගැලවී ගොස් පෘථිවි ආවරණයට ඇදවැටෙමින් තිබේ. මෙම තත්ත්වය දිනෙන් දින තව තවත් උත්සන්න වන ආකාරයක්ද දක්නට හැකිය. ඉන්දියානු ටිබෙට් සානුව යට තිබෙන ස්වභාවික උල්පත්වලින් පිටකෙරන භූ කම්පන තරංග සහ හීලියම් වායු විශ්ලේෂණය හරහා මෙම පර්යේෂණය සිදුකෙරිණි. මෙම ‘විස්තාරණය’ නමැති ක්‍රියාවලිය හරහා සිදුවන්නකි. මෙම ප්‍රතිඵල මගින් පෙනීයන්නේ වඩාත් ක්‍රියාකාරී භූ කම්පන කලාපවලින් එකක ස්ථායිතාව පිළිබඳ හදිසි විද්‍යාත්මක ප්‍රශ්න මතුකර තිබීමයි. වසර මිලියන 60ක් පමණ යුරේසියානු තහඩුව සමග ගැටෙමින් හිමාල කඳුවැටිය ඇතිවීමට හේතු විය. එහෙත් නව අධ්‍යයනයෙන් හෙළිවන්නේ ඊට වඩා බොහෝ අඩු කාලයකින් වඩා නාටකාකාර වෙනසක් සිදුවෙමින් පවතින බවයි….’

දැන් ඔබ මෙම කතාවේ යම් සන්ධිස්ථානයකට පැමිණ සිටින්නේය. එසේම මෙම වතගොත ගැන යම් පැහැදිලි අවබෝධයක් ලබාගෙන ඇත්තේය. ඒ කෙසේ වුවද මෙම කතාවේ ඇති බැරෑරුම්භාවය අවබෝධ කරගැනීම සඳහා තවත් කරුණු අවබෝධ කරගත යුතුය. ඉහත නවතම වාර්තාවට අනුව ඇඟවෙන්නේ භූගෝලීය ක්‍රියාවලීන් කලින් විශ්වාස කළ ප්‍රමාණයට වඩා බෙහෙවින් සංකීර්ණ බවයි. වර්තමානයේ මෙම සොයාගැනීම්වලට අනුව භූ තැටිවල හැසිරීම අපගේ සාම්ප්‍රදායික දෘෂ්ටියට අභියෝග කරයි. හිමාලයානු කලාපය යනු දැනටමත් ලෝකයේ වඩාත්ම භූමිකම්පා අවදානමක් ඇති ප්‍රදේශවලින් එකකි. ඒ නිසා භූ කම්පන ක්‍රියාකාරකම් කෙරෙහි ඇතිවිය හැකි බලපෑම ගැඹුරුය. මෙම පාරිසරික අනතුරු හැඟවීම් ඉන්දියාවෙන් ඔබ්බට යෑම අනෙක් තදබල ප්‍රශ්නයයි. මෙහිදී ඉන්දියානු සාගරයේ ඇති රටවල් ගණනාවකට මෙම බලපෑම් ඇතිවිය හැකි අතර, එහිදී ශ්‍රී ලංකාවද ප්‍රධාන ස්ථානයක් ගනු ඇතිය. ඉහත ඇමෙරිකානු භූ භෞතික සංගමයේ නවතම පර්යේෂණය සමග ප්‍රකාශයට පත්කර ඇති ඡායාරූප සටහන් අප අවධානයට ගත යුතුය. මෙම භූ තැටි පිහිටා ඇති කලාපයන් තුළ ශ්‍රී ලංකාවද පිහිටා ඇති ආකාරය එහිදී දක්නට හැකිය. බොහෝ විද්‍යාත්මක දත්ත අනුසාරයෙන් මෙම ග්‍රැෆික් ඡායාරූප සකසා තිබේ. මෙම ගැඹුරු භූ විද්‍යාත්මක ක්‍රියාවලිය පරිණාමය වන ආකාරය සිතියම්ගත කිරීම සඳහා සංකීර්ණ අධ්‍යයනයන් අත්‍යාවශ්‍ය වෙයි.

පර්යේෂකයන් කලාපය පුරා භූ කම්පන ක්‍රියාකාරකම් සහ හීලියම් මට්ටම් නිරීක්ෂණය කරමින්, අපගේ පෘථිවි පෘෂ්ඨයට සැතපුම් ගණනක් යටින් සිදුවන දේ පිළිබඳ පැහැදිලි චිත්‍රයක් ඇඳීමට නූතන විද්‍යාත්මක තාක්ෂණික මෙවලම් රැසක්ම භාවිත කරනු ලබයි. ශාස්ත්‍රීය න්‍යායෙන් ඔබ්බට ගොස් විඝටනයේ සහ විස්තාරණයේ සැබෑ ලෝක ප්‍රතිවිපාක අවබෝධ කරගත යුතුය. මෙම ක්‍රියාවලිය නිසි ලෙස අවබෝධ කරගතහොත් දිගුකාලීන භූ විද්‍යාත්මක ප්‍රහේළිකා පැහැදිලි කිරීමට සහ භූමි කම්පා පුරෝකථනය වැඩිදියුණු කිරීමට උපකාරී වේ. රට රටවල ජාතීන් අවදානමට ලක්විය හැකි කලාපවල යටිතල පහසුකම් සැලසුම් කරන ආකාරය සහ විද්‍යාඥයන් පෘථිවියේ අභ්‍යන්තර හැසිරීම් ආකෘතිගත කරන ආකාරයද වෙනස් කළ හැකිය.

‘ඇමෙරිකානු භූ භෞතික සංගමය’ මගින් මෙම නව පර්යේෂණය සිදුකර ඇත. භූමි කම්පා ක්‍රියාකාරකම්වලින් ඇතිවන භූ කම්පන තරංග සහ ටිබෙට් උණුදිය උල්පත්වල හීලියම් වායු සමස්ථානික මට්ටම් භාවිතයට ගනිමින් එම අධ්‍යයනය සිදුකර ඇත. ඒ මගින් මෙම විරූපණ සහ විස්තාරණ ක්‍රියාවලිය පිළිබඳ ප්‍රබල සාක්ෂි සපයා ඇත. මෙම පෘථිවි විභේදනය හේතුවෙන් ඉදිරියේදී ලෝකය පරිසර අර්බුද රැසකට මුහුණ දෙනු ඇත.

Sri Lanka Latest News

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

සමගි ජන බලවේගය මේ ඡන්දෙදි විශාල වෙනසක් කරනවා! අපි ඉන්නෙත් සජබෙ එක්ක! රවුෆ් හකීම් නාවලපිටියේදී ප්‍රකාශයක් කරයි! VIDEO I Sri Lanka Latest News

Next Post

මතකද මව්වරුන් වඳ කරනවා කියලා හිරේ විලංගුවේ දාපු දොස්තර ෂාෆි! එදා ෂාෆිගේ දියණියට ඉස්කෝලේ යන්නත් බැරිව අස්වෙලා ගෙවල්වලිනුත් ගිහින් හැංගිලා හිටියා! අද ඔක්කොම බාධක මැඩගෙන A 3ක් අරන් වෛද්‍ය පීඨයට ඉහළින්ම තේරිලා! I Sri Lanka Latest News

MORE NEWS

ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News
Exclusive

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News
Exclusive

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News
Exclusive

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

Load More
ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු (Benjamin Netanyahu) සහ එරට ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කට්ස් (Israel Katz) උතුරු ඊශ්‍රායලයේ ලෙබනන් දේශසීමාව ආසන්නයේ පිහිටි...

Read more
වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.