සැලසුම් කළ පරිදි ‘සිරි දළදා වන්දනාව’ එළැඹෙන අප්‍රේල් 27 වනදා දිනෙන් අවසන් කිරීමට තීරණය කළ බව දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසයි.Sri Lanka Latest News
දියවඩන නිලමේවරයා අද (25) පස්වරුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් මේ බව පවසා සිටියේය.
ලොව පුරා බෞද්ධයන්ගේ නොමඳ ගෞරවාදරයට පත්, මෙරට බෞද්ධයන්ගේ මුදුන්මල්කඩ වන අති පූජනීය ශ්‍රී දළදා වහන්සේ සියැසින් දැකබලා ගැනීමේ පින්සාර අවස්ථාව ශ්‍රී ලාංකිකයන්ට පසුගිය 18 වනදා උදාවුණි.
ඒ, 16 වසරකට පසුවය.










