• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

විජේවීරගේ හිස්වැසුම, කොණ්ඩය, රැවුල, කණ්ණාඩිය සිතුවම් කළ ‘විනිවිද’ මාධ්‍යවේදියාට වෙච්ච දේ! Sri Lanka Latest News

April 26, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
විජේවීරගේ හිස්වැසුම, කොණ්ඩය, රැවුල, කණ්ණාඩිය සිතුවම් කළ ‘විනිවිද’ මාධ්‍යවේදියාට වෙච්ච දේ! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ජවිපෙ දෙවැනි කැරලි සමයේදී ආරක්ෂක හමුදා මගින් ඝාතනයට ලක්කළ තවත් මාධ්‍යවේදියකු වූයේ මානව හිතවාදී භික්ෂු සංවිධානය 80 දශකයේදී ප්‍රකාශයට පත්කළ අතිශයින් ජනප්‍රිය මාසික සඟරාවක් වූ ‘විනිවිද’ සඟරාවේ මාණ්ඩලික චිත්‍ර ශිල්පී මහින්ද බණ්ඩාර විජේකෝන්ය. හම්බන්තොට හුංගම බටඅත කොනේවත්තේ 1958 මාර්තු 24 උපන් මහින්ද බණ්ඩාර අධ්‍යාපනය ලැබුවේ හම්බන්තොට රන්න මහා විද්‍යාලයෙනි. කිසිදු තොරතුරක් නොමැති මහින්ද බණ්ඩාරගේ තොරතුරු සොයා වසර 15කට පමණ පෙර මා මුලින්ම කතා කළේ ප්‍රංශයේ සිටින පූජ්‍ය මණ්ඩාවල පඤ්ඤාවංස හිමියන්ටය. පසුව හම්බන්තොට හුංගම බටඅත මහින්ද බණ්ඩාරගේ මහ ගෙදරට ගොස් ඔහුගේ වැඩිමහල් සොහොයුරියද, කුරුණෑගලට ගොස් මහින්ද බණ්ඩාරගේ බිරිය සහ පුතුද හමුවූයෙමි. (එම දෙපළගේ ඡායාරූප මා සතුව ඇතත් ඔවුන්ගේ ඉල්ලීම මත මෙහි පළ නොකෙරේ) මේ, ඒ පිළිබඳ කෙටි සටහනකි.Sri Lanka Latest News

මාතලේ උපන් මහින්ද බණ්ඩාර විජේකෝන්ගේ පියා ජේමිස් බණ්ඩාරය. මහින්දගේ පියාට ඔහු සමග සහෝදරියන් 05කි. සහෝදරයන් 4කි. පියා පවුලේ හතරවැන්නාය. මව මාතර හක්මන උපන් පොඩි නෝනාය. මවගේ පවුලේ මව සමග 04කි. මව තෙවැනියාය. මහින්ද බණ්ඩාර විජේකෝන්ට සොයුරු සොහොයුරියන් 8 දෙනකු වූ අතර, ඔහු පවුලේ හතර වැන්නාය. මහින්ද විවාහ වූයේ මානව හිතවාදී භික්ෂු සංවිධානයේ විදේශ ලේකම් පූජ්‍ය මණ්ඩාවල පඤ්ඤාවංස හිමියන්ගේ මව වන සිසිලින් කල්එළියගේ නැගණියගේ දියණියක් සමගය. ඇය පොල්ගහවෙල උපන්නෙකි. එම දෙපළගේ පුත්‍රයා වූ අඛිල උපන්නේ 1989 සැප්තැම්බර් 12 වැනිදාය.

‘විනිවිද’ සඟරාවට මාධ්‍යවේදියකු ලෙස සම්බන්ධ වීම නිසා ආරක්ෂක අංශ මහින්ද බණ්ඩාර සොයමින් පසුවූ බැවින් ඔහු බිරිඳ සහ දරුවා සමගින් ගොතටුව නව නගරයේ බටදොඹගහවත්තේ ඥාති නිවසක ජීවත් විය. මහින්ද සිය ගොතටුවේ නිවසට යෑමට කොටුව බස් නැවතුම්පළේ සිටියදී ආරක්ෂක අංශ මගින් 1989 නොවැම්බර් පළමු සතියේ ඔහු පැහැරගෙන යන ලදී. පැහැරගත් මහින්ද බණ්ඩාර පසුව ආරක්ෂක අංශවලට අයත් හැව්ලොක් ටවුමේ යටාරෝ වධකාගාරයේදී රඳවා තබාගන්නා ලදී. දක්ෂ චිත්‍ර ශිල්පියකු වූ ඔහුගෙන් බලහත්කාරයෙන් සේවය ලබාගෙන ඇත.

රෝහණ විජේවීර ඝාතනයෙන් පසු ආරක්ෂක අංශ නියෝග මත අවසන් වරට ගත් විජේවීරගේ ඡායාරූපය කලින් ඡායාරූපය සමග සසඳමින් හිස් වැස්ම සහ අනෙකුත් දෑ සිතුවම් කළේද මහින්ද බණ්ඩාර විසිනි. එම ඡායාරූපය 1989 නොවැම්බර් 13 වැනිදා මාධ්‍යවලටද නිකුත් විය. 1989 නොවැම්බර් 13 දා උදෑසන ‘රාවය’ මාසික සඟරාවේ කර්තෘ වික්ටර් අයිවන්ගේ උපදෙස් පරිදි ආරක්ෂක අංශ නියෝග, තර්ජන යටතේ මාධ්‍යවලට නිකුත් කිරීම සඳහා එවක යටාරෝ වධකාගාරයේ අත්අඩංගුවේ පසුවූ විනිවිද සඟරාවේ මාධ්‍යවේදී මහින්ද බණ්ඩාර විජේකෝන් විසින් රෝහණ විජේවීරගේ එම ජායාරූපයට විජේවීරගේ හිස්වැසුම, කොණ්ඩය, රැවුල සහ කණ්ණාඩිය 1982 ජනාධිපතිවරණයේදී මෙන් සිතුවමට නඟන ලදී.

මහින්ද බණ්ඩාරගේ කුරුණෑගල නිවසට වරක් පැමිණි ආරක්ෂක නිලධාරීන් ළඟදීම මහින්ද නිදහස් කරන බව දැනුම් දී ඇති අතර, ඔහු විසින් අඳින ලද චිත්‍රයක්ද පවුලේ අය වෙත භාරදී තිබිණි. එහෙත් පසුව මහින්ද බණ්ඩාර නිදහස් කළහොත් යටාරෝ වධ කඳවුරේ රහස් හෙළිවෙතැයි ඇති බිය නිසා 1990 පෙබරවාරියේදී ඔහු ඝාතනයට ලක්විය. යටාරෝ වධ කඳවුර භාරව සිටි අය අතර මුල් තැනක් ගත්තේ මේජර් මුතාලිෆ්ය.

එමෙන්ම මානව හිතවාදී භික්ෂු සංවිධානය අසූවේ දශකයේදී ප්‍රකාශයට පත්කළ අතිශයින් ජනප්‍රිය මාසික සඟරාවක් වූ ‘විනිවිද’ සඟරාවේ ලේඛකයකු වූ කේ.කේ. ප්‍රභාත් ජිනදාස සර්වපාක්ෂික සමුළුව ආරම්භවීමෙන් පසු 1989 සැප්තැම්බර් 17 බොරැල්ල ගෝතමී විහාරයේදී අතුරු හමුදා කණ්ඩායම් විසින් පැහැරගෙන යන ලදී. ඉන් දෙදිනකට පසු ඝාතනය කර පුලුස්සා දැමූ ප‍්‍රභාත් ජිනදාසගේ සිරුර බෙල්ලන්විල වැව පාරේ දමාගොස් තිබිණි. ඇසින් දුටු සාක්ෂි පදනම් කරගෙන ඔහු විසින් මිනිස් ඝාතන අළලා ලියන ලද විශේෂ ලිපියක්ද විනිවිද මාසික සඟරාවේ 1989 ජූලි කලාපයේ පළවිය.

(වසර 1986 සිට 1990 දක්වා පැවැති 60,000ක් ඝාතනය වූ ජවිපෙ දෙවැනි කැරැලි සමය පිළිබඳව ධර්මන් වික්‍රමරත්න විසින් රචිත ‘ජවිපෙ දෙවැනි කැරැල්ල’ ග්‍රන්ථ 03 පිළිබඳ වැඩි විස්තර අවශ්‍ය වන්නේ නම් 071 2733986 යන උය්එි්චච දුරකතන අංකයෙන් විමසිය හැකිය)

ධර්මන් වික්‍රමරත්න

SendShareShare
Previous Post

මේවට උත්තර දෙන්න කියාපිය! Sri Lanka Latest News

Next Post

ගෙදරට ඇවිත් වෙඩි තියලා මරන සංස්කෘතියක් අද රටේ බිහිවෙලා! නීතිය ජනතා පරමාධිපත්‍යය නෙමෙයි අද රජ කරන්නේ T56යි උණ්ඩයයි.. කැලෑ නීතියයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News

MORE NEWS

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

Load More
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

ඇහැලියගොඩ ‍පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ (3)  අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News මැණික් ගලක්...

Read more
වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.