• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දළදා දැක්මෙ VIP කතාව ඇත්තටම නරකද? ‘මව්රට’ හොයාගත්ත ඇත්ත මෙන්න! Sri Lanka Latest News

April 27, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
දළදා දැක්මෙ VIP කතාව ඇත්තටම නරකද? ‘මව්රට’ හොයාගත්ත ඇත්ත මෙන්න! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook


ශ්‍රී දළදා මාලිගාවේ දන්ත ධාතුන් වහන්සේ ප්‍රදර්ශනය කිරීමේ අවස්ථාව ගැන අපි බොහෝ තැන්වල ලිපි පළවෙනවා දැක්කා. සමාජ මාධ්‍යවල කයිකතන්දර ලියැවෙන හැටි දැක්කා. ඒ ස්ථානයට ගියපු කෙනකුට දැකගන්න පුළුවන් වෙනවා ලක්ෂසංඛ්‍යාත පිරිසක් පෝලිමේ ඇවිත් දන්ත ධාතුන් වහන්සේ වැඳපුදා ගන්න උත්සාහ කරන ආකාරය. ඇත්තටම මේකට මම උත්සාහ කරන ආකාරය කියන වචනය දැම්මේ මේ උත්සාහය අතරතුරේ බොහෝ දෙනෙක් ආපහු හැරිලා යන නිසා. සමහරු රෝගී වෙනවා. සමහරු රෝහල්ගත කරන්න සිද්ධ වෙනවා. සමහරුන්ට ඇත්තටම එපා වෙනවා. කාලයත් එක්ක ඔට්ටු වෙලා සමහරු මේ තරගය අතහරිනවා. එහෙම නැතිව තරගය ජයග්‍රහණය කරලා, මේ වැඩේට 100%ක් මුහුණ දීලා දන්ත ධාතුන් වහන්සේ දක්වාම ගිහිල්ලා දන්ත ධාතුන් වහන්සේ වන්දනා කිරීමේ හැකියාව ලැබෙන්නේ අතිශය සීමිත පිරිසකට විතරයි. මේ කීපදෙනා කියන වචනයෙන් මම අරුත් ගැන්නුවේ සම්භාවිතාමය අගයක් විදියට ගත්තම 10 දෙනෙක්ගෙන් 5 දෙනකුට, 4 දෙනකුට, 3 දෙනකුට විතරක් වෙන්න පුළුවන්.
ඒ අතරතුරේ අපි දැක්කා මේ දවස්වල කතන්දරයක් කියැවෙනවා වී.අයි.පී. පෝලිමක් ගැන. දළදා මාලිගාවේ රාජකාරි කරන අයට, දළදා මාලිගාවට සම්බන්ධ ප්‍රධානීන්ට, දළදා මාලිගාවට සම්බන්ධ භික්ෂුන් වහන්සේලාට, උන්වහන්සේලාගේ ඥාති හිතමිත්‍රාදීන්ට, දන්නා කියන අයට, හිතවතුන්ට දන්ත ධාතුන් වහන්සේ වන්දනා කරන්න විශේෂ පෝලිමක් තියෙනවා, ඒ පෝලිමට කියන්නේ වී.අයි.පී. පෝලිම කියලා කතන්දරයක් අපි දැක්කා කියැවෙනවා. මේ වී.අයි.පී. පෝලිම කියලා එකක් කවදාවත් දළදා මාලිගාවේ හෝ වෙන තැනක තිබිලා නෑ. වී.වී.අයි.පී. පාස් එකක් කියලා එකක් දළදා පෙරහැර නරඹන කාලේ සමහරුන්ට ලැබුණා. ඒක ඇත්තටම වී.වී.අයි.පී. පාස් එකක් නෙවෙයි ආරාධනා පත්‍රයක්. ඒ ආරාධනා පත්‍රය ලබාදුන්නේ දන්ත ධාතුන් වහන්සේ නරඹන්න පෝලිමේ ඉඳලා, පෙරහැර බලන්න අවස්ථාව ලැබුණොත් පෙරහැර බලන්න කැමැත්තෙන් ඉන්න බොහෝ දෙනකුට පෙරහැර බැලීමේ අවස්ථාව උදාකරගන්න දළදා මාලිගාවෙන් එවපු ආරාධනා පත්‍රයක්. මේ ආරාධනා පත්‍රය බොහෝ දෙනකුට ලැබුණා. අපටත් ලැබිලා තියෙනවා. අපිත් මේ ආරාධනා පත්‍රයෙන් දළදා පෙරහැර බලන්න ගිහිල්ලා තියෙනවා. එතකොට ඒ අයට විශේෂ ආසනවල වාඩිවෙලා දළදා පෙරහැර නැරඹීමේ හැකියාව ලබාදීලා තිබුණා. මේක පසුකාලීනව නැතිවෙලා ගියා. ඒ වෙනුවට වෙනත් සම්ප්‍රදායක් නිර්මාණය වුණේ නැහැ. දැන් මෙන්න මේකත් එක්ක දන්ත ධාතුන් වහන්සේ නැරැඹීමේ කතන්දරේ බද්ධ කරලා ගළපලා අරගෙන තියෙනවා වගේ එකක් තමයි අපිට සමහර දේවල් දකිද්දී පේන්නේ.Sri Lanka Latest News

මේ වැඩේට වී.වී.අයි.පී. පෝලිම කියලා නම දාලා, ඒකට අභියෝගාත්මකව ඒ වැඩේ නරකයි කියලා කියන තැනට කවුද පත්කළේ කියලා අපිට හොයන්න හිතුණා. මොකද ඇත්තම කතාව තමයි අවුරුදු ගානක් තිස්සේ දළදා මාලිගාවේ රාජකාරි කරන, දළදා මාලිගාවේ සේවයේ නියුතුව ඉන්න අය ඉන්නවා. සමහර අය ඉන්නවා තමන්ගේ ජීවිතයෙන් හරි අඩකටත් වඩා දළදා මාලිගාව වෙනුවෙන් කැපකරපු උදවිය. ඒ අයට තමන්ගේ ඥාතියෙක්ව, හිතවතෙක්ව, දන්න කෙනෙක්ව දන්ත ධාතුන් වහන්සේ වඳින්න වෙන පැත්තකින් එක්ක යන්න බැරි නම් ඇත්තටම ඒ රාජකාරියේ තියෙන වටිනාකම මොකක්ද? මොකද අපි දන්නවා ලංකාවේ රෝහල් ක්ෂේත්‍රය ඇතුළේ ස්ටාෆ් කියලා වෙනම පහසුකම් ටිකක් තියෙනවා. ලංකාවේ ගොඩක් ආයතනවල මේ ස්ටාෆ් අයට වෙනම සලකනවා. එතකොට අපි දන්නවා ලංකාවේ තියෙන ගොඩක් තැන්වල පවුලේ අයට, ඥාතීන්ට, හිතවතුන්ට වෙන විදියකට සලකන්න අවස්ථාව ලබාදීලා තියෙනවා.

එතකොට ඇයි මේ දළදා මාලිගාවේ රාජකාරි කරන අයට විතරක් එහෙම අවස්ථාවක් ලබා නොදෙන්නේ? අපි කියන්නේ එහෙම නෙවෙයි, මේ දළදා මාලිගාවේ පෙරහැරේ රාජකාරියේ නිරත වෙලා ඉන්න පොලිස් නිලධාරීන්ට, හමුදාවේ උදවියට, ආරක්ෂකයන්ට, වෙනත් සේවා සපයන අයටත් මේ දන්ත ධාතුන් වහන්සේ නරඹන්න අවස්ථාවක් ලබාදිය යුතුයි තමන්ගේ පවුලේ අයත් එක්ක යන්න. උදාහරණයක් විදියට මෙහෙම පැහැදිලි කරන්නම්. පවුලේ දරුවෝ දෙන්නයි අම්මයි එක්ක පෝලිමේ ඇවිල්ලා දන්ත ධාතුන් වහන්සේ වන්දනා කරනවා. හැබැයි තාත්තා රාජකාරියේ. ඔහුට මේ පෝලිමේ එන්න විදියක් නෑ. තාත්තා රාජකාරි කරන්නේ දන්ත ධාතුන් වහන්සේ ආරක්ෂා කිරීම සඳහා හෝ දන්ත ධාතුන් වහන්සේ වන්දනා කිරීමේ කාරණාවට අවශ්‍ය පහසුකම් සලසන්න. මහජනතාවට දන්ත ධාතුන් වහන්සේ වෙනුවෙන් දළදා මාලිගාවට සේවය කරන්න. එතකොට ඔහු නැති නිසා ගෙදර මිනිස්සුන්ට පෝලිමේ ඉන්න විදියක් නෑ. මොකද ඒකට හේතුව මේ මනුස්සයා මෙතැන රාජකාරියට හිරවෙලා ඉන්නවා. දරුවෝ පෝලිමේ හිරවෙලා ඉන්නවා. ඒ මිනිස්සුන්ට මුණගැහෙන්නවත්, කතාකරන්නවත් විදියක් නෑ. වෙන මනුස්සයෙකුට නම් තමන්ගේ රස්සාවෙන් නිවාඩුවක් දාලා හරි එන්න පුළුවන්. දන්ත ධාතුන් වහන්සේ වෙනුවෙන් රාජකාරි කරන අයට මේ කාලේ නිවාඩු දාන්න බෑ. ඒ නිසා මේවා සමහර සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෝ තමන් හොඳ බව පෙන්වන්න සිස්ටම් චේන්ජ් එක ගැන පුරසාරම් දොඩන්න පාවිච්චි කරන උපක්‍රම කියලයි අපිට හිතෙන්නේ. අපි නම් විශ්වාස කරනවා දන්ත ධාතුන් වහන්සේ වන්දනා කිරීමට, නැරැඹීමට දළදා මාලිගාවේ සේවය කරන අයට තමන්ගේ පවුලේ අයව, දරු මුණුබුරන්ව පෝලිමෙන් පිට එක්කගෙන යන්න බැරිනම් ඒකෙන් ඇති වැඩක් නෑ කියලා. රජ කාලේ ඉඳන්ම මහ රජ්ජුරුවන්ගේ සහ රජ මාලිගාවේ ඉන්න අයට මේ සඳහා වරප්‍රසාද ලැබෙන්න ඇති.

අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාගේ අම්මයි, එයාගේ බිරියයි පෝලිමේ ඇවිල්ලා වැන්දාය කියලා කතාවක් අපි දැක්කා සමාජ මාධ්‍ය තුළ කතාබහ කෙරෙනවා. එහෙම වැන්දා නම් ඒක ඇත්තටම ගෞරවනීයයි. හැබැයි ඉතින් ඇයි අම්මව පෝලිමේ රස්තියාදු කෙරෙව්වේ. ඒ වයසක මනුස්සයා පවුනේ. මේ වයසක මනුස්සයන්ව පෝලිම්වල රස්තියාදු කරලා ඒගොල්ලන්ට අසනීප වුණාම, ප්‍රශ්නයක් වුණාම ඒකට උදව් කරන එකත් ඇත්තටම අසීරු කාරණයක්. ඒ නිසා මේ පෝලිමේ ඉන්න රෝගී අය, මහලු අය, පහසුවෙන් රෝගී විය හැකි අය, සායනික කාඩ්පත් තියෙන අයට වෙනම ක්‍රමවේදයක් යටතේ පහසුවෙන් ගිහිල්ලා වන්දනා කරන්න පුළුවන් වුණා නම් අපි හිතනවා ඒකට රටේ මිනිස්සු විරුද්ධ වෙන එකක් නෑ කියලා. මේ රටේ මිනිස්සු දළදා වහන්සේ දැකබලා ගන්න දවස් තුන හතර පෝලිමේ ඉන්නවා. ඒක අපි දන්නවා. නමුත් එහෙම පෝලිමේ හිටියා කියලා තවත් කෙනකුට ලැබෙන වරප්‍රසාදය දිහා බලලා ඉරිසියා කරන්න එපා. ඒකට හේතුව, දන්ත ධාතුන් වහන්සේ වෙනුවෙන් සේවය කරන අය එයා අවුරුද්දේ දවස් තුන්සිය හැටපහම දන්ත ධාතුන් වහන්සේ වෙනුවෙන් තමන්ගේ රාජකාරිය කරලා තියෙනවා. සමහර අය රාජකාරියට එන්නේ පාන්දර 3ට. ගෙදර යන්නේ රෑ 7.30ට. නිවාඩුවක් නෑ. දානෙකට මානෙකට මළ ගෙදරකට යන්න ලැබෙන්නේ නෑ. පවුලේ අය වෙනුවෙන් තමන්ගේ යුතුකම් ඉෂ්ට කරන්න ලැබෙන්නේ නෑ. සමහර මිනිස්සු නිවාඩුවක් දාලා නෑ. එහෙම රාජකාරි කරන මිනිස්සුන්ට මේ වෙලාවේ වරප්‍රසාදයක් ලැබෙන්නේ නැත්නම් සාමාන්‍ය මහජනතාව වෙච්ච අපට, දන්ත ධාතුන් වහන්සේ වෙනුවෙන් කිසිම දෙයක් නොකරපු අපිට ඒ ගැන ප්‍රශ්න කරන්න අයිතියක් තියෙනවා කියලා මම විශ්වාස කරන්නේ නෑ.

ඒ නිසා මේ මොහොත අපි තේරුම් අරගන්න ඕනේ දන්ත ධාතුන් වහන්සේ වන්දනා කිරීමේ අවස්ථාව සියලු දෙනාට සමව ලැබෙන්න ඕනේ. ඒක අපි පිළිගන්නවා. සිස්ටම් චේන්ජ් එකේ තියෙන ඉතාම සුන්දර අවස්ථාවක් තමයි තමන්ගේ අයට අවස්ථාව ලබා නොදීම. හැබැයි අපි දන්නවා ජනාධිපතිතුමා සහ කැබිනට් මණ්ඩලය සහ ඒ අයට හෝ යම්කිසි කෙනකුට මේ සමාරම්භක අවස්ථාවේදී යම් අවස්ථාවක් ලැබෙන්න ඇති. ඒ ධාතු වන්දනාව ආරම්භ වූ දවසේ 12.30 සිට 3.30 දක්වා පැය 3ක කාලයක්. ඉන් පස්සේ තමයි මහජනතාවට දන්ත ධාතුන් වහන්සේ වන්දනා කිරීමේ අවස්ථාව විවෘත වුණේ.

අපි දැක්කා පහුගිය දවස්වල ඒ ගැන ආරාධනා පත්‍රයකුත් සමාජ මාධ්‍යවල එහෙට මෙහෙට යනවා. ඒක බොරු ආරාධනාවක් බව පසුව සමාජ මාධ්‍ය තුළම පළවෙලා තිබුණා. අපි විශ්වාස කරනවා එහෙම ආරාධනා පත්‍රයක් යවලා, අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා තමන් සන්තකයේ තියෙන දන්ත ධාතුන් වහන්සේ, තමන්ගේ හිතවතුන්ට, ඥාතීන්ට, පක්ෂයේ හිතවතුන්ට පෙන්නුවට වරදක් නෑ කියලා. ඔහු ශ්‍රී ලංකාවේ ජනාධිපති. ජනාධිපතිවරයා ලෙස භුක්ති විඳින්න තියෙන වරප්‍රසාද ටික ඔහු භුක්ති විඳින්නේ නැතුව ඉඳලා ඉන් පස්සේ ඔහුට කියන්න බෑ මම ජනාධිපතිවරයා විදියට මුකුත් භුක්ති වින්දේ නෑ, ඒ නිසා මම කරපු නැති දේවලට චෝදනා කරන්න එපා කියලා. ජනාධිපතිවරයෙක්ට, රටක නායකයෙක්ට ලබාදෙන වරප්‍රසාද තියෙනවා. ඒ වරප්‍රසාද භුක්ති විඳිය යුතුයි. එහෙම නැතුව මේ විදියට වී.වී.අයි.පී. පෝලිම් නෑ, වී.අයි.පී. පෝලිම් නෑ, අර පැත්තෙන් එන්න දෙන්නේ නෑ, මේ පැත්තෙන් එන්න දෙන්නේ නෑ, එන අයට ආයේ යන්න දෙන්නේ නෑ, මේ ක්‍රමය අපි වෙනස් කරනවා කියලා වහසිබස් දෙඩීමට වඩා නිශ්චිත ක්‍රමවේදයක් හදලා සුදුසු අයට සුදුසු අවස්ථාව ලබාදෙන්න කටයුතු කළා නම් කියලා අපි විශ්වාස කරනවා.

මේ මොහොතේ මේ වැඩේ සම්බන්ධයෙන් දළදා මාලිගාවට හෝ දියවඩන නිලමේට හෝ එම පරිශ්‍රයට අදාළ කිසිවෙක්ට චෝදනා කිරීම සම්බන්ධයෙන් අපි නම් එකඟ නෑ. දියවඩන නිලමේට බැරිනම් දන්ත ධාතුන් වහන්සේ වන්දනා කරන්න තමන්ගේ ඥාතියෙක් පෝලිමෙන් පිට එක්කගෙන යන්න, මහානායක හාමුදුරුවන්ට බැරිනම් තමන්ගේ දායකයන්ට දන්ත ධාතුන් වහන්සේ වැඳපුදා ගන්න අවස්ථාව ලබාදෙන්න, තේවාව භාර හාමුදුරුවන්ට බැරිනම් මේ වැඩේ කරන්න, වට්ටෝරු රාළට බැරිනම්, කාරියකරවන රාළට බැරිනම්, දළදා මාලිගාවේ පල්ලේමාලේ රාළට බැරිනම්, දළදා මාලිගාවේ මාධ්‍ය ඒකකයේ සේවය කරන අයට බැරිනම්, දළදා මාලිගාවේ තේවාව කරන අයට බැරිනම්, දළදා මාලිගාවේ මුළුතැන්ගෙයි රාජකාරි කරන අයට බැරිනම්, දළදා මාලිගාවේ ආරක්ෂක නිලධාරීන්ට බැරිනම් තමන්ගේ අම්මා, තාත්තා, හිතවතෙක් පෝලිමෙන් පිට එක්කගෙන යන්න, ඒ මිනිස්සු රාජකාරි කරයිද ඉදිරි කාලෙදී තෘප්තිමත්ව? රෝහල් කාර්යමණ්ඩලයෙන් පිටස්තරව රෝහලේ ස්ටාෆ් එකට වෙනම පහසුකම් ටිකක් සලසලා දෙනවා. ඇයි දළදා මාලිගාවට විතරක් එහෙම එකක් නැත්තේ? ආරක්ෂක අංශයේ ඉන්න සමහර නිලධාරීන්ගේ දරුවන්ට මවුපියන්ට රෝහලේ ප්‍රතිකාර කරනවා, සමහර වෙලාවට ඔවුන් සේවයෙන් අයින් වෙලා ගියාටත් පස්සේ.

රැකියාව නිසා, වෘත්තිය නිසා වෘත්තිකයෝ විදියට වෘත්තිය නිසා ලැබෙන වරප්‍රසාද තියෙනවා. පොලිසියේ නිලධාරීන්ට තමන්ගේ දරුවෝ පාසල්වලට දාගන්න පුළුවන්. ඒ වගේම අපි දන්නවා සමහර වෙලාවට ඉස්කෝලේ ඉන්න ටීචර්ට තමන්ගේ දරුවාව ඒ ඉස්කෝලෙට දාගන්න වරප්‍රසාදය ලැබෙනවා. මේ සියලු වරප්‍රසාද අතර දළදා මාලිගාවේ සේවය කරන මිනිස්සුන්ට දළදා මාලිගාවෙන් වරප්‍රසාද නොලැබෙන්නත්, එහෙම වරප්‍රසාද වින්දා නම් ඒකට චෝදනා කරන්නත් මේ වැඩේ වැරැදියි කියන්නත් පටන් අරගෙන. ඒ නිසා මේ වරද අපි නිවැරැදි කරගන්න ඕනේ. මට නැති නිසා තොට දෙන්න බෑ කියන තැනින් මිදිලා ඒ මිනිස්සු මේ වෙනුවෙන් කරපු රාජකාරියට කෘතගුණ සැලකීමක් විදියට යම් අවස්ථාවක් ලබාදෙන එකට අපි විරුද්ධ නොවී ඉමු. වී.අයි.පී. පෝලිම් නෑ කියලා හදාගත්තු දේශපාලන කාරණාව ඇත්තටම විහිළුවක්. ඡන්දෙට කිට්ටු කරලා, ඡන්දෙන් වරප්‍රසාද ටිකක් ලබාගන්න, ඡන්දෙට කලින් අපි හෙන හොඳයි කියලා කියන්න පාවිච්චි කරන මේ උපක්‍රම ඇත්තටම සාර්ථක නෑ. අපි හිතන්නේ ඒ විදියේ දේවලට දන්ත ධාතුන් වහන්සේ පාවිච්චි කරන එක හොර පාරෙන් ඇවිල්ලා දළදා වඳිනවාටත් වඩා වැරැදි දෙයක් කියලා.

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

ලෝකෙම හොල්ලන්න යන සුසන්තිකා – දර්ශා මොඩ්ල් ගලේවෙල පුංචි තරුෂි! අතේ සතේ නැතිව ලෝකට ගිය ගමනක්! Sri Lanka Latest News

Next Post

ආණ්ඩුවට තරු පෙන්වන්න විපක්ෂය ලෑස්ති වෙයි! උපන්දින සාදයේදී ප්‍රබලයන් රැසක් එකඟතාවකට ඇවිත්! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

MORE NEWS

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Uncategorized

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වසරින් වසර ප්‍රධාන උද්ධමනය ජන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවට අනුව මැයි මාසයේ 5.5% සිට ජුනි මාසයේ 6.8% දක්වා වැඩිව ඇති බවත්...

Read more
වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.