• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පැලවත්තෙන් මාලිමාවට නියෝගයක්! I Sri Lanka Latest News

April 20, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
බේරුවලත් මාලිමාව පරාදයි! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මේ දිනවල මැයි 06 වැනිදා පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය මුල්කරගෙන පැලවත්තේ ඉතා උණුසුම් තත්ත්වයක් මතුව ඇති ආකාරයක් දැකගන්නට තිබේ. මුලින් නම් මෙවර පළාත් පාලන මැතිවරණය අත උඩින් ජයගත හැකි බවට ජවිපෙ පැලවත්තේ පිහිටි ප්‍රධාන කාර්යාලය සිතා සිටියද, ගෙවුණු මාස කීපයේ සිදුවූ යම් යම් සිදුවීම් හේතුකොට ගෙන ඔවුන්ද නොසිතූ පරිදි ඡන්ද සටන මේ වනවිට උණුසුම් වී ඇති බවක් ඔවුන්ටද වැටහී ඇත. ඒ අනුව ජවිපෙ මේ වනවිට තීන්දු කොට ඇත්තේ ජනාධිපතිවරණයක්, මහ මැතිවරණයක් ලෙස සලකා ජාතික තලයේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයක් පළාත් පාලන මැතිවරණය ඉලක්ක කොට අවසන් සති කීපයේදී දියත් කිරීමටය. විශේෂයෙන්ම මේ වනවිට සමාජ මාධ්‍ය ජාලවලින් ආණ්ඩුව සහ ජවිපෙ ඉලක්ක කොට ගෙන විශාල ප්‍රහාරයක් එල්ල වෙමින් පැවැතීම නිසා ගමේ සිය ජාලය හරහා දිනපතා මැතිවරණය සම්බන්ධයෙන් මත විමසුම් ප්‍රතිඵල ලබාගැනීමට ජවිපෙ කටයුතු කරමින් සිටින ආකාරයක් දැකගන්නට ඇත. ලැබිය හැකි ප්‍රතිඵල සම්බන්ධයෙන් සහ වාසිදායක පළාත් පාලන ආයතන සහ අවාසිදායක පළාත් පාලන ආයතන පිළිබඳ සියලු විස්තර පක්ෂ මූලස්ථානයට ලබාගැනීමටද ඔවුන් කටයුතු කර ඇති බවක් වාර්තා වේ.Sri Lanka Latest News

මීට අමතරව මෙම පළාත් පාලන මැතිවරණය කෙසේ හෝ 50%ක ඡන්ද ප්‍රතිශතයකට යෑම ජවිපෙ ආරම්භයේ සිටම තිබූ විශාල ඉලක්කයකි. ඉකුත් ජනාධිපතිවරණයේදී ජවිපෙට ලබාගත හැකි වූයේ 43%ක ඡන්ද ප්‍රතිශතයක් පමණි. නමුත් ඔවුන් මහ මැතිවරණයේදී තුනෙන් දෙකේ බලයක් ලබාගැනීමට සමත් විය. නමුත් මේ වනවිට ආණ්ඩුවට මාස හයක කාලයක් ගතව ඇති නිසා රට ඇතුළේ ගොඩනැගුණු මතයකින් කියැවුණේ ආණ්ඩුව තවදුරටත් සිය පැවැත්ම තහවුරු කරගැනීම සඳහා මෙවර පළාත් පාලන මැතිවරණයේදී 50% ඉක්මවූ ඡන්ද ප්‍රතිශතයක් ලබාගත යුතුව ඇතැයි කියාය. ජවිපෙද මුල් කාලයේදී එය අභියෝගයක් ලෙස භාරගත් ආකාරයක් දැකගන්නට තිබිණි.

කෙසේ වෙතත් එය පහසු ඉලක්කයක් ලෙස මුල් අවධියේදී පෙනීගිය නිසා ජනාධිපතිවරයා මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයට එක්කර ගැනීමට ජවිපෙ සැලසුම් කර තිබුණේ නැත. නමුත් දැන් දැන් එය අසීරු ඉලක්කයක් බවට පත්වෙමින් ඇති නිසා ජනාධිපතිවරයාද ප්‍රචාරක ව්‍යාපාරයට එක්කර ගැනීමට ජවිපෙ කටයුතු කර තිබේ. ඒ අනුව ජනාධිපතිවරයා මේ දිනවල සිය සුපුරුදු භාෂා ශෛලිය උපයෝගී කරගනිමින් දිස්ත්‍රික්කයක් පාසා යමින් ජාතික මැතිවරණයකදී මෙන් ජනතාව ආමන්ත්‍රණය කරන ආකාරයක් දැකගත හැකිය.

කෝ තරුණයෝ කාන්තාවෝ?

මීට අමතරව මෙවර ජවිපෙ ප්‍රචාරක ව්‍යාපාරයේදී තවත් විශේෂ සිදුවීමක්ද දැකගන්නට තිබේ. ඒ, ගමේ ජවිපෙ සාමාජිකයන් පමණක්ම ගෙයින් ගෙට ගොස් ප්‍රචාරක කටයුතුවල නිරත වීමය. ඉකුත් ජනාධිපතිවරණයේදී පමණක් නොව මහ මැතිවරණයේදී පවා කාන්තාවන්, තරුණයන් විශාල වශයෙන් ගෙයින් ගෙට ගොස් ප්‍රචාරක කටයුතුවල නිරත වූ ආකාරයක් දැකගත හැකි විය. ඒ, ඔවුන් මාලිමාව වශයෙන් එක්ව කටයුතු කිරීම නිසාය. නමුත් මේ වනවිට ජවිපෙ සහ මාලිමාව අතර බරපතළ දේශපාලන මතගැටුම් මතුව තිබීම හේතුවෙන් මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේදී මාලිමා මුහුණු කිසිවක් දැකගැනීමට නැත. සිටින්නේ ගමේ සිටින උග්‍ර ජේ.වී.පී. කිහිප දෙනා පමණි.

එසේ නම් මීට මාස හයකට පෙර ජවිපෙත් සමග සිටි මාලිමා කාන්තාවන්ට, තරුණයන්ට සිදුවූයේ කුමක්ද?

මේ ආකාරයට ජවිපෙ සහ මාලිමාව අතර මත ගැටුමක් මතුවෙමින් තිබෙන බවක් මුලින්ම රටට හෙළි කළේ ‘රාජ්‍ය රහස්’ තීරයය. ජනාධිපතිවරයා බලයට පත්වී සති තුනක් යද්දී ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ අප කළ විශේෂ අනාවරණයකින් කියැවුණේ යම් යම් සිදුවීම් මුල්කරගෙන මාලිමාව සහ ජවිපෙ අතර ගැටුම් ඇතිවීම ආරම්භ වී ඇතැයි කියාය. මාලිමාව හලා ජවිපෙ බලය අතට ගැනීමට කටයුතු කරමින් සිටිනවා යැයි කියාය. එහි කූටප්‍රාප්තිය ලෙස අප සඳහන් කළේ මෙවර කොළඹ මහ නගර සභාවට මාලිමා නගරාධිපති අපේක්ෂකයා නම්කරන සිදුවීමය. මෙහිදී කොළඹ මාලිමා ප්‍රධානියා වශයෙන් අගමැති හරිනි ඊට උගත් බුද්ධිමත් රටම පිළිගත් චරිතයක් ගෙන ඒම සඳහා සාකච්ඡා පවත්වමින් සිටියදී ජවිපෙ හිටි හැටියේම කිසිදු දේශපාලන පසුබිමක් නොමැති සහ ඉකුත් මහමැතිවරණයෙන් පරාජයට පත්වූ ව්‍රායි කැලී බල්තසාර් පත්කිරීමට පියවර ගත්තේය. මේ හේතුවෙන් හරිනි කොළඹ මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට හෝ කොළඹ නගර සභාවේ මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට සක්‍රීයව සහභාගි වී සිටින ආකාරයක් වැඩිපුර දැකගන්නට ලැබුණේ නැත.

ජවිපෙන් ආ නියෝගය

එමෙන්ම වරක් මාධ්‍ය හරිනිගෙන් ජවිපෙ සහ මාලිමාව පිළිබඳ ප්‍රශ්න කරද්දී ඇය කෙළින්ම කියා සිටියේ තමන් මාලිමා සාමාජිකයෙක් මිස ජවිපෙ සාමාජිකයෙක් නොවේ යැයි කියාය. හරිනි මෙන්ම අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාරද වරක් ප්‍රසිද්ධියේම කියා සිටියේ අප ජවිපෙ සාමාජිකයන් නොව, මාලිමා සාමාජිකයන් යැයි කියාය. මේ නිසාම වරක් පැලවත්තෙන් සියලුම මැති ඇමැතිවරුන්ට ලැබුණු නියෝගයකින් කියැවුණේ මෙවැනි ආකාරයේ ප්‍රකාශ සිදු නොකරන ලෙසත්, ජවිපෙ සාමාජිකයන් යැයි කීමට නොහැකි නම් වෙනත් පිළිතුරක් ඊට ලබාදෙන ලෙසත්ය. නමුත් පැලවත්තෙන් ලැබුණු එම නියෝගය ඔවුන් පිළිගත් ආකාරයක් හෝ ඊට අනුගත වී ඇති ආකාරයක් තවමත් දැකගන්නට නැත. මාලිමාවේ නියෝජිතයන් කියන්නේ ජවිපෙට ආණ්ඩු බලය ලබාගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිරූපය සකස් වූයේ මාලිමාවෙන් නිසා වැඩි අයිතියක් හිමිවිය යුත්තේ මාලිමාවට යැයි කියාය. මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් සොයා බලද්දී පවා පාර්ලිමේන්තුවේ 159 දෙනාගෙන් ජවිපෙ මන්ත්‍රීවරුන් සිටින්නේ 60ක් පමණි. අනෙක් සියලු මන්ත්‍රීවරුන් මාලිමාව නියෝජනය කරමින් පැමිණි අයය. මේ නිසා මාලිමා මන්ත්‍රීවරුන් මේ වනවිට පළාත් පාලන මැතිවරණයේ ප්‍රචාරක කටයුතුවල සක්‍රීය ලෙස නිරතව සිටින්නේද යන්න පිළිබඳ විශාල සැකයක් බොහෝ දෙනා තුළ මතුව තිබේ. පැලවත්තේ නියෝජිතයන් කලබල වී වහ වහා ජනාධිපතිවරයා එළියට දැමීමට පියවර ගත්තේ මේ නිසා විය යුතුය.

රාජ්‍ය රහස්

SendShareShare
Previous Post

චීනය අනුරට අලුත් යෝජනාවලියක් එවයි! ගත්තත් අමාරුවේ..! නොගත්තත් අමාරුවේ..! අනුර ගනියිද-නොගනියිද? I Sri Lanka Latest News

Next Post

වෘකයන්ට පණ දුන්නා! මැමොත්ලාට පණ දෙන්න යනවා! ඩයිනෝසර්ලාත් ආපහු ඒවි! මිනිස්සු ආපහු නැති වෙයිද? Sri Lanka Latest News

MORE NEWS

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Exclusive

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

Load More
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

“ගම් දහසක වැඩ දහසක්” ජාතික වැඩසටහන යටතේ, කිරිඇල්ල, දොඩම්පේ නාගොඩ – බෝගහවිල කෘෂි මාර්ගය ඉදිකිරීම් ආරම්භක උත්සවය පැවැත්වුණා.Sri Lanka Latest...

Read more
බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.